Monday 23 February 2015

"ජීවිතෙන් දින හතක්"







අපේ කඩි බාප්පා ( එයාගේ යාළුවන්ට චන්දරේ )  මට උරුම වෙච්ච සොඳුරුම නෑදෑයැයි කීම අතිෂයෝක්තියෙන් තොරයි.

ඔහුගේ 70 වෙනි ජන්මෝත්සවයට සහභාගීවීමේ සොඳුරු අවස්ථාව මට ඊයේ හැන්දෑවේ උදා උනා.
මීවිතයි, මියැසියයි, සොඳුරු සමාගමයයි යහමින් පිරුන තරු ඇතිරුන ඊයේ සැඳැවේ හෝමාගම පොල් රුප්පාවක අපි පැය හත අටක් සමාධිගත උනා.

අවුරුදු 23ක් තමන්ගේ මිනිසුන්ගෙන් ඈත්ව දුරු රටක විසූ මට, මෙවන් දේවල් එතරම්ම නොහුරු ඌවත්, වියපත් ඔහු සහ ඔහුගේ පාසැල් හිතමිතුරන් ඔහු හා මේ සැන්ඳෑව විඳගනු පිනිස එහි පැමින සිටීමත්, යහමින් එම සැන්ඳෑව තමන්ටම අයිති කර ගැනීමත් මා ඇත්තටම මවිතයට පත් කලා.

මධු බඳුනක් පුරවා ගන්නයැයි ඔහු ගෙන් ලැබූ ආරාධනාවෙන් මද අඳුරේ සකසා තිබූ මීවිත සොයා ගිය අතර, මා අත හිස් වීදුරුව පුරවා නොගෙනම මා සතුටු සාමීචියේ යෙදී ඇති බැව් හැගුනේ අතරින් කෙනෙක් මට කී දෙයින්...

...එක වේව් ලෙන්ත් එකේ අය කොහොමත් එකට සෙට් වෙන්න ඕනි.....

මේ තවත් සොඳුරු මිනිසෙකු යන්න අවබෝධ වෙන්න මට වෙන කාරනා අනවශ්‍යයි. එතැන් පටන්, මාගේ කඩි බාප්පාගේ පාසැල් මිතුරෙකු වූ ඔහු මා සමග ඉතාමත් සංවේදී සංවාදයකට මුල පිරුවා..

කිත්සිරිගේ පැදුරු සංගීතයත්, කොත්තු මල්ලිගේ ටක ටකයත් අතරින් අපි ස්වීඩනයටත්, එංගලන්තයටත්, ඕමානයටත් අපේ පුරුදු රත්නපුරටත් සැරිසැරූ බැව් මත මතකයි.

ඔහු ආර්ථික විශේෂඥයෙක්, මා ගෘහනිර්මාන ශිල්පියෙක් යන්න අපිට බාධාවක් නම් නොවුනේමැයි...

ඔහුත් මා මෙන්ම රත්නපුර සීවලි විදුහල් මෑනියන්ගේ පහසින් හැදුන වැඩුන අයෙක්. මා ඉපදුන අවුරුද්දේ රත්නපුර සීවලියෙන් විශ්වවිද්‍යාලයට ගියත් ඊයේ රෑ නම් මට වයස් පරතරයක් නොදැනුනේ ඔහු කී පරිදි වේව් ලෙන්ත් එකේ තියෙන ගුනයක් නිසාම වියයුතුය.

මහ  රෑ ඔහු සමුගෙන තම රථයට ගොස් නැවත මා සොයාගෙන් පැමින කීවේ, ඔබ සාහිත්‍යයට ලැදි නේද, පොත් කියවනවා නේද, එනිසා මෙන්න මේ  පොත මම ඔබටත් පිලිගන්නෙමි යන්නැයි....


මාගේ එකම ඉල්ලීම වූයේ කරුනාකර පොතේ සටහනක් දා දෙන්න සහ මම මගේ බ්ලොග් පිටුවේ එම පොත ගැන ලිව්වාට කමක් නැද්ද යන්නයි.

අහිංසක ලෙස මා දිහා බලා..හා ලියන්න කියා නික්ම ගියා..

සොඳුරු මිනිසා නමින් උපාලි උබයසේකර. "ජීවිතෙන් දින හතක්" උපාලිගේ හතර වෙනි නවකථාව උනාට ඔහු පරිවර්තන කෘති පහලොවකුත් අපනයන අලෙවිකරනය සම්බන්ධ කෘතියකුත් ලමා කාව් සංග්‍රහයක් යනාදි වශයෙන් ග්රන්ථ කතුවරයෙකු ලෙස අප අතර සිටිනා වියතෙක්.

මා පොත කියවන්න පටන්ගත්තා පමනයි.










ඔබත් සරසවි පොත් හලට ගොඩ වැදුනොත්
උපාලිගේ
ජීවිතෙන් දින හතක්
විඳ ගතහැකි වේවි....


50 comments:

  1. චෙෆාකි,
    මටත් පොතක්.

    ReplyDelete
    Replies
    1. එවන්නම් නම් මචෝ...ඔමාන් එන එකෙක් හම්බ වෙච්ච ගමන් ඒවන්නම්...

      Delete
  2. ගල හොඳ නම් අඹරන කහ මක් වේද...

    හොඳ මිනිස්සුන්ට, හොඳ මිනිස්සු කොහේ උනත් හම්බ වෙනවා.. මේ අර අපි ආපු දවසෙ හිටපු සයිකල් හැඬල් එකක් ගිලපු කොලු පැටියගෙ තාත්තද...?

    පොත් කියවලම ගුණ අගුණ කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....

      ඔව් මචං උගේ තාත්තා තමයි කඩි බාප්පා....
      බොට ඌව මතක බොලෑ ඉස්කෝලෙ එකෙක් නිසාද නැත්නම් උගේ මද කිපුන සර්වාංගෙටද හෑ..?

      Delete
    2. පට්ට හැන්ඩියා මචෝ... අපි තරුන කාළේවත් තිබුනේ නෑ එහෙම ඇඟක්.. එහෙනම් මම හතර වටේම කෙලිනවා.. සුද්දියෝ මාර කැමතියි ඔය ඇඟට...

      අපේ නැෂනල් ගයිඩෙකුත් ඉන්නවා.. බස් ටුවර් ආවම් සුද්දියෝ මරා ගන්නවලු.. ඌව කාමරේට ගන්න..

      Delete
    3. මම ඌට කියන්නෙ ජිගලෝ කියලා නිකන් නෙවෙයිනේ මචෝ..

      Delete
    4. ඇත්තටම ඌ හෙන ආකර්ෂණිය පොරක් , බඩ තිබ්බට ඔහෙත් එහෙම තමා

      Delete
    5. මමත් ඒ වයසේ ඌ වගේම තමයි හරිය...!!

      Delete
  3. බොහෝම වටින දින හතක් කියල හිතෙනවා.. බලමු හොයා ගන්න.. (ඊට පස්සෙ බලමු කියවන්න )

    මගේ ලොකු අයියගේ කොල්ලත් මට වඩා අවුරුදු දහයයි බාල.. ඌ මට කියන්නේ 'කළු බාප්පි' කියල.. නිකමට හිතුනා දවසක ඌත් මං ගැන මෙහෙමවත් ලියුවොත් කියල.. දැන් ඉඳල හොඳට හැදෙන්න ඕනි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මම නම් මචං සෑහෙන්න පරක්කු වැඩියි හැදෙන්න..ඕ යේස්..ඊලඟ ආත්මේට මාස්ටර් ප්ලෑන් ගහන්න පටන් ගන්නත් සේම් කේස්..වට් ටු ඩූ..

      Delete
  4. හොයාගෙන කියවල බලන්නම්... හෝඩුවාවට තුති...

    ReplyDelete
    Replies
    1. නෝ වොර්‍රීස් සන්...හුටා මේකා අපි වගේ නාකියෙක්ද දන්නෙත් නෑ..

      Delete
  5. //""...එක වේව් ලෙන්ත් එකේ අය කොහොමත් එකට සෙට් වෙන්න ඕනි.....""// චෙෆාකි ඕක කියනකොට අතෙන් ක්වොට් කලේ නැද්ද ? :D

    පොත ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. මම නෙමේනේ කිව්වෙ..මට ඇහුන එකනේ ලිව්වේ..
      අඩෝ කින්ඩිය දාන්න එපා හරිය..

      Delete
  6. අවශ්‍යතාවය විසින් සියලු නොගැලපීම් යටපත් කරනු ඇත.ඕනෙම කෙනෙක් තුල අපි කැමති කෙනා ඉන්නවා.සමහරුන්ගෙ හොයාගන්න ලේසියි.සමහරුන්ගෙ හරි අමාරුයි.එයාව හොයා ගන්න මධු සාද වලදි හරිම පහසුයි...හේතුව තමයි දන්නෙ නැත්තෙ.. හැක් හැක්...
    පොත හොයන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. සරසවි පොත්හලෙන් හොයගන්න පුලුවන් වෙයි..
      තැන්කූ ආවාට..

      Delete
  7. //.එක වේව් ලෙන්ත් එකේ අය කොහොමත් එකට සෙට් වෙන්න ඕනි.....
    // yes,, ස්තුතී තොරතුරට

    ReplyDelete
    Replies
    1. Thank you ආවාට...ආයේත් ලියන්න පටන් ගත්ත එකත් මරු..

      Delete
  8. Vasantha Gunawardena23 February 2015 at 21:53

    wowzzz . i used to read Sinhala Blogs since 5 years ..! but i never came across your blogs. this is the first tiem. Great Macho great.. no words to say. I dd this to my fav. go ahead and write about our fun time @ Ruwi

    ReplyDelete
    Replies
    1. Thanks bro..will record what we did on narrow streets of ruwi soon..

      Delete
  9. දින හතක් ජීවිතේට මොන තරම් දේවල් එකතු කරන්න පුළුවන්ද.. ලංකාවට ඕඩර් එක දාලා තියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. සරසවි පොත් හල ඔන්ලයින් පොත් විකුනන ක්‍රමයක් පහල ලින්ක් එකෙන් හොයා ගත්තා. ට්‍රයි එකක් දාලා බලන්න..
      http://www.sarasavi.lk/Author/UPALI%20UBAYASEKARA/1

      Delete
  10. කාලෙකින් ආවේ .. මටත් ඉන්නවා ඔහොම එක වේව් ලෙන්ත් එකෙට සෙට් වෙන කට්ටියක් .. හෙහ් හෙහ් හැබැයි මට වඩා දෙගුණයක් විතර වයසක අය .. හැබැයි ඒ මිනිස්සුත් එක්ක ඉන්න කොට කාලේ යනවා දැනෙන්නේ නෑ ..

    ඔය පොත් ඔන්ලයින් ගන්න පුළුවන් විදියට ඔය කප්රුක වගේ තැන් වලට දාන්න කියල ලියන අයව දැනුවත් කළා නම් හරි .. මෙහෙ ඉන්න අය නම් තමන් පොතක් ලියපු ගමන් amazon වලට දානවා ... පොත හොයා ගන්න බලමු ..

    ReplyDelete
    Replies
    1. සරසවි පොත් හල ඔන්ලයින් පොත් විකුනන ක්‍රමයක් පහල ලින්ක් එකෙන් හොයා ගත්තා. ට්‍රයි එකක් දාලා බලන්න..
      http://www.sarasavi.lk/Author/UPALI%20UBAYASEKARA/1
      කාලෙකින්නේ මේක ඇරියේ..ඒකයි කාලෙකින් එන්න ඇත්තේ..

      Delete
  11. Replies
    1. මමත් කියවන්න පටන් ගත්තා...

      Delete
    2. මචං..දේශා එහනම් උඔ කියවලා මට එවපන්...

      Delete
  12. කියවල බලන්න ආසයි අළුත් පොත් වැඩේ කියන්නෙ කුරුණැගලට ඕව ගෙන්න ගන්න වෙන එක මොකද අපි කියන කං සමහරක් දන්නෙ නැ ඒම පොතක් තියේද කියල...
    මං සමුද්‍ර එකෙන් ඇහුව අසමජ්ජාති ආදරේ තියෙද කියල ඌ ඒ මොකද්ද ඒ කියල ඇහුව...

    ගහට ගහක් හොරණ පොත් වතු වල හම්බෙනව කියල කියන්නෙ ඕකනෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. ආදරී කොහොමත් අසමජ්ජාතියි නේද මහේෂ් ?

      \\ගහට ගහක් හොරණ පොත් වතු වල හම්බෙනව කියල කියන්නෙ ඕකනෙ\\\
      +++++

      Delete
    2. ඇයි මහේෂ් කුරුණෑගලට අලුත් පොත් එනවා. සරසවි, ගුණසේන, ගිහින් බලන්න.

      Delete
  13. ඔබේ මනුසත් කමත් එක්කම මේ කතාව හොදට ඇගට දැනුණා. පොත අනිවාර්යෙන්ම අරගන්නවා....

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියාපන් මොනා හරි....රන්පත් (වචනේ අයිතිය රෙඩ්ලේඩි ලබ්බා ) බිබී ඉඳලා විතරක් මදි හොඳේ ඕන්...!

      Delete
  14. අපි පොඩි ළමයි නිසා සෙට් වෙයිද මන්දා? කමක් නෑ අරගෙන කියවනවා..ඊලග පාර සැට්වුනාම ගුනඅගුන කියන්නම්..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹේ කොයි හරියද පොඩි මචං....

      ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං...

      Delete
    2. /ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං.../

      හරියන කෙනෙක් බලලා දුන්නනං හරිනේ....

      Delete
    3. /ඇත්තටම උඹේ කොයි හරියද පොඩි මචං..../

      පොඩි තල්ල

      Delete
    4. ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං..//
      ගනන් ගන්න එපා අයියන්ඩි මටත් තවම සදුට ඇදුමක් අරන් එන්න බෑ සයිස් එක වරද්දන්නෙ නැතුව..
      ආදාල කෙනාටම කැමති එකක් කැමති ප්‍රමාන වලින් තෝර ගන්න දෙමු හමුවුන දවසක.
      අනේ පලයන් විදානයා උඔයි මමයි නිවුන් සහෝරයෝ වගේ මේ අලි පැටව් එක්ක බලද්දි.

      Delete
  15. චඃ..............පොල්වත්තේ සමාගම මරුවට තියෙන්නේ ඇති. නෑ නෑ කොහොමටත් මට එදා පත්තර ගෙදරදී හිතුනා පානයට වඩා දේශනයට කැමතියි කියලා.

    අර පොත හොයාගෙන බලන්නම්.

    ReplyDelete
    Replies
    1. දේශනය නිසා තමයි ජීවත්වෙලා ඉන්නේ..පානය නිසා තමයි කවදහරි ඒකත් ඉවරවෙන්නේ...

      Delete
    2. අරක්කු අප එක් කලේය ...
      අරක්කු අප වෙන් කලේය..
      කියලා බැනර් එකක් ගහනවා

      Delete
  16. අර හෙන්රි මෙහෙට ආවයින් ගොඩ ගියා මිසක් නැත්තන් මම පොත් කියන සබ්ජෙක්ට් එක අත ඇරල තිබ්බෙ. ගෙදර ගිහින් එනකොට මගේ බැගේජ් එලවන්ස් විතරක් නෙමෙයි කාගො පෑන්ට් එකේ සාක්කුත් හාමිනේගෙ ලිස්ට් එකේ ඒවයින් පුරෝල, ප්ලේන් එකේ කියවන්න ගේන පොත විතරයි. අනික් පැත්තෙන් මේ පාලු දූවට පොතක් කුරියර් කරන ගානට තව ටිකක් දාල මිහින් එයාර් ටිකට් එකක් ගන්න පුලුවන්.

    ඒ හින්ද උඹෙ මූණට ඕක ගෙන්නගෙන බලන්න ඕන කියල කිය්නවට වඩා, ලංකාවෙදි අපි හම්බුන දාක ඔය ගැන බලමු කියල කියන එක වැඩිය සාධාරණයි.

    උඹෙ එළවළු වගාවට මොකද වෙන්නෙ? ඒ ගැන ලියන්නෙ නැද්ද? තව ඉල්ලීමක්. රට ඉඳල ඇවිත් පහුගිය ආන්ඩුවෙ යම් ඉදිකිරීම් වලට සම්බන්ද උන මිනිහෙක් විදිහට, ඒ සංවර්ධන කටයුතු වල අද සහ හෙට ගැන මැද ඉඳන් ලියන්න හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එලවලු වගාව සරුවට යනවා මචො. ලියන්න තරම් දෙයක් ඒකෙ නැහැ මයෙහිතේ.
      තාම ඉදිකිරීම් ගැන ලියන එක හොඳ මදි මොකද ගොසිප් ගොයියන්ට තව ටිකක් දුර බඩගාන්න දෙන්න ඕනි. තනිකරම අමු බොරුවක් මේ අපේ ඉදිරියේ රඟ දක්වන්නෙ කියන එක විතරක් දැනට කියන්නං.
      මම දවස පුරා කරනා දේවල් සහ කරපු දේවල් මේ ආන්ඩු දෙකම එක්ක ලිව්වොත් කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ ඉන්දික.
      හිතලා බලන්නම් කෝකටත්..

      Delete
  17. පොත් කියන්නේ මොනවද??

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. බයිට් ජාතියක්...පුදුමයි උඹට මිස් උනා කියලා හිතෙනකොට..

      Delete
  18. පොත කියවා සති කිහිපයකට පසුවයි මේ සටහන දැක්කෙ. පොතේ ආකෘතිය The Help කියන පොතට සමානයි. The Help කියන පොතේ කළු domestic helpers ලා කීප දෙනෙක් තමන් සේවය කරන සුදු පවුල් සහ ඔවුන්ගේ වර්ගවාදී සමාජ ආකල්ප ගැන විස්තර කරනව. උපාලිගෙ පොතේ එක domestic helper කෙනෙක් විසින් ඇය සේවයකරන පවුල්වල සමාජ ආකල්ප දකින ආකාරය විස්තර කරනව. ආකෘතිය හොඳ වුනාට helper වන ප්‍රධාන චරිතය පැත්තකට කරල වෙනත් කතා කියන්නට යාමෙන් පොත දියාරු වෙලා ගිහින් තියෙනව කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. කොහොමද LSR සැප සනීප...දකින්න ලැබීමත් සතුටක්..
      මටත් කතාවේ ගලාගෙන යාමේ යම් යම් ප්‍රශ්න තිබුනා කියවනකොට..
      ගොඩාක් දේවල් කවර් කරන්න හදනවා වගෙ හැඟීමක් ආවේ....
      මම The Help ෆිල්ම් එක බැලුවා හැබැයි පොතනම් කියෙව්වෙ නැහැ..

      Delete
    2. උපාලි මේකට පිලිතුරු දේවි..!

      Delete
    3. රංජිත්, ඔබේ සටහන දැක්කේ දින ගණනකට උඩදී වුවත් මම මේ ලියපු පිලිතුර මට වෙබ් එකට දාගන්න ම බැරි වුණා. ඒ නිසා මම අතුලගෙක් ඉල්ලා සිටියා මා වෙනුවෙන් මගේ පිලිතුර දාලා දෙන්න කියලා. මගේ නිර්මාණය කියවා බලන්නට කාලය මිඩංගු කිරීම මම ඉතා අගය කරනවා. අපේ රටේ ‘කියවන්නා‘ හා ‘රචකයා‘ නැත්නම් ‘නිර්මාණ කරුවා‘ අතර දෙබසක් ඇති නොවීම මම දකින්නේ බරපතල ඛේදවාචයක් හැටියට. අපි ඒක වෙනස් කරමු. එතකොට ලේඛකයාට ඉගෙන ගන්න, හැදෙන්න පුළුවන් වෙනවා. මම මේ කරන්නෙ ලංකාවෙ මහා සාහිත්ය අපරාධයක් හැටියට සළකන්නත් පුළුවන් දෙයක්. ඒ කියන්නෙ කතුවරයා තමන් ගේ නිර්මාණය ගැන කතා කිරීම. අන්තර් ජාලයෙන් වෙනත් රසිකයෙක් මට දන්වන තුරු මම ඔබ කියන The Help පොත හෝ චිත්රපටිය ගැන අහලා තිබුණේ නැහැ. ඊයේ මම ඒ චිත්රපටිය බලලා ඉවර කළා. ඉතාම සංවේදී චිත්රපටියක්. මම ඒක රසවින්දා. නමුත් මගේ නිර්මාණය ඊට හාත්පසින් වෙනස් පරමාර්ථයක් ඇතිව ගොඩ නැගූ දෙයක් කියලයි මට හිතෙන්නෙ. ඒ චිත්රපටියත් ඊට පාදක වූ නවකතාවත් ඇමරිකාවේ වර්ණ භේදය ගැන පමනක් කෙරුනු විග්රහයක් කියලයි මට තේරෙන්නෙ. මම උත්සාහ කළේ අපේ මිනිසුන් අතර පැලපදියම් වී ඇති දුර්මත ගැන, දේශපාලන අවිචාරය ගැන, විවිධ සමාජ ප්රශ්න ගැන අතාර්කික විග්රහ සහ හැසිරීම් උලුප්පමින් ඒවා සමච්චලයට ලක් කරන්නට, කියවන්නා ඒවා ගැන හිතන්නට පොළඹවන්නට බියට්රිස් කියන ධෛර්ය්යමත් ගැහැණිය ගේ චරිතය පාවිච්චි කරන්න. මම සියළු චරිත සහ සිද්ධීන් ගොඩ නගා ඇත්තේ සත්ය චරිත සහ සිද්ධි මත. ඒ නිසාම සමහර දේවල් අභව්ය යැයි සිතෙන්නටත් පුළුවන්. ඔබේ සටහනින් මට පැහැදිළිව පෙණෙන දේ තමයි මට වැරැද්දක් වෙලා තියෙනවා. මම හිතපු දේ පාඨකයා ට ‘සංනිවේදනය‘ වෙලා නැහැ. මට ඕනෑ වුණේ ‘ප්රධාන චරිතය‘ ලෙස අපේ පාඨකයන් සළකන්න ට හැකි බියට්රිස් ගේ කතාව කියන්නට නෙවෙයි. මම බියට්රිස් ගේ චරිතය අත් වැළක් කරගත්තා විතරයි. මම හිතන්නේ අපේ ‘කියවන්නන්‘ ඇබ්බැහි වී තියෙනවා එක එක මති මතාන්තර වලට සහ තේමා වලට. හැම වෙලේම ‘ප්රධාන චරිතය‘ සොයනවා. ඒකේ එකා කාර ගලා යාමක් බලාපොරොත්තු වෙනවා. මට ඕනැ කළා ඒක කඩන්න. මගේ කතා වේ ‘ප්රධාන චරිතය‘ වරින්වර කියවන්නට ලැබෙන තොරතුරු වලින් ගොඩ නගාගන්නට ඕනැ. මම අදහස් කළ ප්රධාන චරිතය තමයි ‘අපේ සමාජය‘. මට කියන්නට ඕනැ වුණේ අපේ මිනිස්සු හිතන පතන, හැසිරෙන හැටි සහ එහෙම හිතන්නෙ පතන්නෙ ඇයි කියලා හිතලා බලන්න මගේ නිර්මාණය කියවන අය ගේ හිතන්න පොළඹවන්න. මට ඔබේ සටහනින් තේරෙන්නේ මගේ පරමාර්ථය ඉටුවෙලා නැහැ කියන එකයි. ඒක මගේ වැරැද්ද, දුර්වලකම. එය පෙන්නා දුන්නා ට ඔබට ස්තුතියි.
      උපාලි

      Delete
    4. මාත් නොටිෆිකේශන් එක කියෝලා යමක් ගත්තා කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නේ නෑ.. ස්ථුථී

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....