Tuesday 28 October 2014

මව් බිසවුනි....! Queen Bee



www.reddit.com

               
ඇයි ඇය මෙතරම්ම නපුරු උනේ මා හට ?


පල වැල නෙලා, උහා පිහා බඩ ගින්දර නැසූ වරදටද
සලු පිළි ආභරණ යාන වාහන හිසට සෙවනක් දුන් වරදටද

ඇයි ඇය මෙතරම්ම නපුරු උනේ මා හට ?

මා සක්විති රජ කරවා
ඔබ මව් බිසව් තනතුරද පැතුවේ

අග මෙහෙසියක් කිරුළට හිමි කුමරෙක් එක්ටැම් ගෙයි කුමරියක්
ඉවසන්න බැරිවද, සැබෑ නොවෙන්නේද සිහිනේ

ඔහුගේ ලෙයින් කලලය
දස මස කුස දරා
ඔබගේ ලෙයින් ඉනූ
කුස පිරූ සෙනෙහස

සල්ලිය බාගයටම
තීන්දු කලේ
හෑල්ලු කලේ
ඔබමයි
                


















මව් බිසවුනි

නිමිත්ත:
මගේ නිර්මාන ශක්තියේ තියෙන දුර්වලතාවය කොපමනද යත්, මටවත් තේරෙන්නේ නැහැ ආයිබොවං මේකේ තේරුම...
අම්මලා ගැන ගුන ගායනා විතරද කරන්න පුලුවන් කියලයි මේ බැලුවේ...
සමාවෙන්න ඕන හිත් රිදුනානම්...


15 comments:

  1. මොකද්ද මේ ..... කියන්නේ...
    (ඊ්ස් ඇට් නොතේරුම් කමට ඔළුව කසන ගමන්)
    තෝරා දෙනුමැන හිතවත චෙප්...

    ReplyDelete
  2. ලමයි දරුකමට විකුණන එකද?

    ReplyDelete
  3. කියවලා.. කියවලා.. කියවලා..
    බැරිම තැන..බලා ඉන්නවා
    කවුරු හරි තේරුම කියා දෙනකං..
    පිය රජ චෙෆාකී තුමණි.. :)

    ReplyDelete
  4. අග,මුල ගලපගැනීමට නොහැකිව විස්සෝපයට පත් මා -

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මී මැසි රැජිනියේ
    උඹට කල වාල් කම්
    මදි වෙලාදෝ
    නිදි යහනටත්
    මා වැද්ද ගත්තේ

    සයනයේ නුඹගේ රති රඟා
    මා ළඟ නැහැනේ තන්හා
    කිමදී වී මේ නුඹ මරඟනා
    තවම නැහැනේ අප රඟා

    මරපන් ඉතින් මා
    දුකක් නැහැ ඉතින්
    උඹමයි රැජින සදා
    අපි නුඹේ වාලුන්

    මරණය පෙනී පෙනී
    රති කෙලියේ
    නැත සැපක්
    කමක් නැහැ
    මරාපන් ඉතින්

    අනේ
    මොහොතක් ඉඳින් තව
    සුව උපරිමය
    ලබන්නන්ට
    මියැදෙන්නට
    මොහොතකට පෙර

    මේ කතාව හරි නේද චෙෆාකි?

    ReplyDelete
  7. අනේ විසි විදියකින් විතර හිතල බැලුවා ගැලපෙන එකක් සෙට් උන් නෑ....

    හිතන්න ලියපු කවිය මනරම් චෙෆ්

    ජ ය වේ වා !!!

    ReplyDelete
  8. අවුලක් නෑ... මේකත් කියවහන් මචෝ.. කාළෙකට් ක්ලින් ලීවක්...

    http://maathalan.blogspot.com/2011/12/mom.html

    ReplyDelete
  9. දිගටම උත්සහ කරන්න මචන්.....
    වෙලාවට පදම එයි......
    මම සිතුවෙ සේරම කරල ...මව් තුමිය පුතුට සල්ලිකාර තැනකින් බන්දල දෙන අදහසක්....

    ReplyDelete
  10. කාලයත් එක්ක අවුලක් නැහැ පද පේලියේ ... මව් පදවියත් සල්ලි වලට යටවෙන කාලේ

    ReplyDelete
  11. ඔන්න ඔාහොම නේ එන්න ඕන.. එන්න එන්න.. කෝ මේ සොමියා..

    ReplyDelete
  12. මේ පෝස්ට් එක අමතක කරපන්.
    සීටී ප්‍රනාන්දුගේ මේ ගීතය සිසිර සේනාරතන්ගේ සංගීතය. චිත්‍රපටය' කවුද හරි' බවත් මෙතන කියවෙනවා. පද...කරුණරත්න අබේසේකරගේ. එකෝඩියන් එක ගහන්නේ වික්ටර් දළුගම (සංගීත අධ්‍යක්ෂකවරයෙක්ව සිටි. මොහු අමිතා වැදිසිංහගේ හස්බන්ඩ් ) බවත්, සහය ගායනය පුන්සිරි සොයිසා සහ රොම්ලස් පෙරේරා බවත් කියනවා. රඟපාන්නේ ඩොමී ජයවර්ධන, මාලණි ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු. බලපන් රොබින්ගේ ලස්සන. පොර තාමත් හැන්ඩියා.

    මේ තියෙන්නේ උත්තරය!!!

    ReplyDelete
  13. කියපු එක තේරුනේ නැ. එත් මොකක්හරි ඇතුලේ ලොකු අර්ථයක් තියාගෙන ලිවුව එකක් කියල තේරුණා :)

    ReplyDelete
  14. කවිය සංකීර්ණයි...නමුත් කියවන් කියවන කියවන යද්දී ඔලුවට හිතට දැනෙන දෙයක් තියනව එක ඇතුලේ...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....