Saturday, 4 October 2014

බුරන බල්ලන්ට - ThunderShirt අපට - Hug Machines





photo from www.thundershirt.com
 හිරු මගේ කොටියා (ඉත්තෑවා) කාපිය පෝස්ට් එකට දාපු කමෙන්ටුවකට උත්තර ලියන්න ගියාම ඒක පෝස්ට් එකක් උනා... මෙන්න මෙහෙමයි ඒ පෝස්ට් එක පටන් ගත්තේ.....

ඊයේ රෑ එලිවෙන ජාමේ ඉඳන් චූටි (මගේ බලු හාමි ) බුරනවා මට නිදාගන්නවත් විදියක් නැති විදියට

මම හිතුවේ විදුලි කොට කොටා වැස්ස නිසා වෙන්නැති කියලා.
මොකෝ, චූටි ඉපදුනේ සහ අවුරුදු 10ක් විතර හැදුනේ ලේසියෙන් වහින්නේ නැති ඕමාන් වල. අපි දෙමහල්ලෝත් එක්ක මේ මනුස්සයෙක් වගේ ඉන්න බලුගැත්තරයාත් ප්ලේන් එහෙක් නැගී මෙහේ ආවත් හරි වැස්ස නම් පායන්නේ නැහැ. එතකොටයි අපි දැන ගත්තේ චූටි විදුලි කෙටීම සහ ඒත් එක්කම එන හෙන පුපුරන ගිගිරුම් හඬට පුදුමාකාර විදියට බයය කියලා…..

මම හිතන්නේ අපේ චූටිට තියෙන්නේ Dog Thunderstorm Anxiety කියන කන්ඩිෂන් එක...මට තේරෙන විදියටනම් එයා පොඩිම කාලේ වෙච්ච සිද්ධි දෙකක් (trumatized events) හේතු කාරනා කරගෙන එයා මෙහෙම හැසිරෙනවාය කියලා.

අපි ඕමාන් ඉන්න කාලේ මම චූටිව ගෙනාවෙ ලමයි දෙන්නා වැඩිදුර අධ්‍යාපනය සඳහා අපිව දාලා දුරු රට ගියාම ඇතිවෙච්ච පාලුව තනිකම මග හරවා ගන්න, ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක් ඒක, ඒ කිව්වේ චූටිව ගෙනාපු එක, නැතුව ලමයි ගෙදරින් ගිය එක එහෙම නෙවෙයි ඕන්..(උනුත් මේවා කියවනවාද දන්නේ නැහැනේ)... නැත්නම් අපි දෙන්නා වගේ වැඩ අධික වෘතිකයන් දෙදෙනකුට පිටරටක ජීවත්වෙන ගමන්, බල්ලෙක්ගේ වගකීම ගන්නතරම් ශක්තියක් නැහැ, ඒ වගේම බිරින්දෑ සත්තුන්ට එච්චරම කැමැති නැහැ (කියලායි මම හිතා හිටියේ චූටි ගෙදර එක්ක එන්න ඉස්සර වෙලා).

කොල්ලයි කෙල්ලයි එක ලඟම වගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන්න අපිව දාලා ගියාම අපි දෙන්නා හොඳටම අතරමං උනා. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ, අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුරම තමයි ඒ දෙන්නාත් අප අතරට ආවේ, ඒ නිසා අප අතර වයස පරතරය අවුරුදු 21යි 22යි. ඉතින් කියන්න ඕනි නැහැනේ කොච්චර අමාරු වෙන්න ඇතිද  කියලා හිත හදාගන්න. 

පලමුවෙනි සිද්ධිය...
එතකොට අපි හිටියේ ඕමාන්වල මදිනා ඛබූස්  (Madinat Al Qaboos) කියන මස්කට් අගනගරය ආශ්‍රිත උපනගරයක. මගේ කාර්‍යාලය පිහිටලා තිබුනේත් මේ උපනගරයේමයි. චූටිට දැන් අවුරුදු 11ක් වෙන නිසා අවුරුද්ද 2003 වෙන්න ඕනි. චූටි පොඩිකාලේ පුලුන් බෝලයක් වගේ හරි ලස්සනයි හුරතල්. සත්තුන්ට කැමති නැති කෙනා චූටිව ගෙදර ගෙනල්ල පැය දෙකක් යනකොට වඩාගෙන හුරතල් කරන්නයි කිරි පොවන්නයි තුවා දමාගෙන ඌට ඉන්න ගෙවල් හදන්නයි පටන් ගත්ත නිසා මටත් හරිම සන්තෝසයි. අපේ ගෙදර තිබුනේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය තිබුන වීදියේ ම ඊට ගෙවල් හතරක් පහක් මෙහාට වෙන්න. අපේ ගෙදර නැවතී සිටින ගෘහ සේවිකාවක් නොහිටි නිසා ඒ වගේ කෙනෙකුට වෙන් වෙලා තිබුන කාමරය සහ වැසිකිලිය චූටිගේ නිවහන උනා,මොකද ඒක පිහිටලා තිබුනේ අපේ මුලුතැන්ගෙයින්ම ඇතුල්වෙන්න පුලුවන් වෙච්ච කාමරයක් හැටියට පොඩි ලොබියකින් වෙන් වෙච්ච.

මට තාම මතකයි ඉස්සරවෙලා චූටිව ගෙදර ගෙනත් ඒ කාමරයට දාලා සුදු බත් වලට මැකරල් මාලු ටිකක් කටු ඇරලා දුන්නාම රස කර කර කාපු හැටි. ඒ එක්කම මම චූටිව තොරගත්තාද චූටි මාව තෝරගත්තාද කියලා හිතෙනෙවා. මොකද, මගේ යාලුවා, සරත් ගේ ගෙදර හිටපු බැල්ල පැටව් දාලා තිබුනා හය දෙනෙක් විතර, චූටියි එයාගේ සහෝදර සහෝදරියො සෙට් එක මම යනකොට හිටියේ ගෙදර ඉස්සරහා වැරෙන්ඩාවේ අම්මා එක්ක...ලස්සන සුදු පුලුන් බෝලයක් වගේ කෙනාට තමයි මගේ හිත ගියේ දැක්ක හැටියේම, ඒකට මම ගැන හිත ගිහින් තිබුනේ බේයිජ් කලර් පුලුන් බෝලෙට..මිනිහා දුවගෙන ආවා මල් පෝච්චියක් පිටිපස්සේ ඉඳලා මගේ සද්දේටද කොහෙද...

එහෙමම වඩාගෙන මම වාහනේට නැගලා ආවේ ඔෆීස් එකට..එදා බ්‍රහස්පතින්දා හැන්දෑවක් වෙන්න ඕනි මොකෝ මගේ ඩෙන්මාර්ක් පාර්ට්නර් විතරයි ඔෆ්ෆිස් එකේ හිටියේ...එයා ගාවට ගිහින් කථා කරලා චූටිව පෙන්නුවාම තමයි චූටිට ඇහැරුනේ...එයත් එක්ක සෙල්ලම් කර කර ඉඳලා ගෙදර එක්කන් ගිහින් තමයි මැකරල් මාලුයි බතුයි දුන්නේ...ඒ මතකය කොච්චර කියනවද නම්, ගැටයා කාලේ හිටපු ගමන්, වැරදිලා හරි ගේට්ටුව එහෙම ඇරලා තිබුනොත්, චූටි කෙලින්ම දුවන්නේ අල්ලපු බිල්ඩිමේ තිබ්ච්ච අපේ ඔෆිස් එකට, එතනිනුත් කෙලින්ම යන්නේ ඩෙන්මාර්ක් කාමරයට, එයා නැත්නම් කාමරේ කෙලින්ම උඩ තට්ටුවේ තිබුන අනුරගේ මේසේ හොයා ගෙන තමයි දුවන්නේ.

හා කොහොමහරි චූටි ගෙනල්ලා මාස දෙක තුනකට පස්සේ, ඒකියන්නේ චූටිව ගෙනාව අගොස්තු මාසෙක, එහෙනම් ඔක්තොබර් හරි නොවැම්බර් හරි වෙන්න ඕනෑ...අපි ඔෆිස් ගියාට පස්සේ අවුරුද්දට එක පාරක් වහින මහා මේඝ වර්ෂාව ඕමාන් වලට කඩා හැලුනා...හොඳටම විදුලි කොට කොටා ගෙරෙව්වා...මතක් හැටියට අපේ ඔෆිස් එකේ ඉස්සරහා තිබ්ච්ච මාර ගහකුත් කඩාගෙන වැටුනා... අපි ගෙදර යනකොට චූටි හොඳටම බයවෙලා, තනියම කාමරය ඇතුලේනේ හිටියේ, බුරනවා නවත්තන්නේම නැතුව..මාර කරදරයක් වෙලා තමයි නලවා ගත්තේ...එදා ඉඳං චූටිව කවදාවත් අර කාමරය ඇතුලේ තියන්න බැරි උනා. එදාට පස්සේ චූටිගේ නවාතැන උනේ අපේ වැරෙන්ඩා එක. ඒත් අපි හිතුවා සමර් එකට සෙල්සියස් 50ට විතර රත් වෙන නිසා ගෙට ගන්නම වෙයි කියලා...මාස හයක් යනවනේ ආයෙත් ඉතින් රත් වෙන්න..මිනිහා හොඳට පුරුදු උනා අවුට්ඩොර් ලිවින් වලට. 2013 ලංකාවට එනකන් එහෙම තමයි හිටීයෙ.... ඒ පලමුවෙනි හේතුව මේ කන්ඩිෂන් එක මතුවෙන්න...

ඔය අතරතුර තමයි දෙවෙනි සිද්ධිය උනේ.. 2007 ජූනි 6 වෙනිදා...එතකොට මල්ලි (පුතා) ආපහු ඕමාන් වලට ඇවිත් අපේ ඒයාර්පොර්ට් ප්‍රොජෙක්ට් එකේ ජූනියර් ආකියෙක් හැටියට වැඩකරනවා. කවද්දවත් අහලා නැති "ගෝනු" (GONU) කියලා සුපර් සයික්ලෝන් එකක් ඕමාන් වල නොර්ත් ඊස්ටර්න් ටිප් එක හරහා ගියා එදා...ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකක් තිබ්බට කවදාවත් සුළි සුළං ගං වතුර වගේ ආපදා වලට මැද පෙරදිග රටක් වන ඕමානය ලෑස්තිවෙලා නොතිබුනාට, යහ පාලනය නිසා ඉතාමත් අඩු මනුස්ස ජීවිත ගානක් අහිමිවෙච්ච අභාග්‍යයක් හැටියට ඒ දවස ඉතිහාස ගත උනා.

රූපවාහිනිය, රේඩියෝව, සමාජ ජාල, දුරකතන කෙටි පනිවිඩ යන මෙකී නොකී හැම ආකාරයකින්ම දැනුවත් වෙච්ච ජනතාව එකිනෙකාට සහයෝගයෙන් ජාති ජම්ම නොසලකා මේ අභාග්‍යයෙන් ගොඩ එන්න මනුස්සයෝ හැටියට මුහුන දුන්නා. 420ක් වෙච්ච් අපේ ඔෆිස් ජනගහනයත් මුහුදු මට්ටමින් මීටර් 20ක් වත් උඩ පිහිටි අපේ වාසස්ථාන වලට ඉවැකුවේට් කරලා සියලු දෙනාගේම විරුද්ධත්වය මැද මම තුමා, හාමිනේ, මල්ලි සහ චූටි මුහුදු මට්ටමෙන් මීටර් 5ක් වත් නොමැති අපේ ගෙදරම ඉන්න තීරනය කලා.මුලු ඔෆිස් ජනතාවම දන්න තරමින් තල්ලු කලත් මම නම් ගියේ නෑ..මම නිසා උන්ට මුකුත් කියන්නත් බෑ..හැබැයි යන්න බෑ කිව්වේ මොකද කියලා තාම මමවත් දන්නේනම් නැත.

ජූනි 6 වෙනිදා උදේ සිට පටන් ගත් ගස් ඇඹෙරෙන හුළඟත්, ධාරිනපාත වැස්සත් මාව ගත් තීරණයෙන් ආපහු අදින්න තැත් කළත් දැන් වෙලාව පැන්නා නේදයයි සිතමින් පැද්දෙන පුටුවකට වී සුළි සුළං නැරැඹූ හැටි මට තාම මතකයි. කෙසේ හෝ ගෝනු සිතූ තරම් මුහුද ඉස්සීමක් (sea surge) කලේ නැහැ, එනිසා මා ගත් තීරණය ඒච්චරම ගොං නැහැ.

 නමුත්…. කවදාවත් නැතිව චූටිගේ බිරීම ප්‍රශ්නයක්...වැරෙන්ඩා එකේ ඉන්න බය ඇතියයි සිතාත්, සුළි සුළඟකදී එයත් සමග එන මිසයිල වැනි පාවෙන දේවල් වලින් ආරක්ෂාවටත් යයි සිතා අපි චූටිව ගේ ඇතුලේ ඇති එයාගේ පරන කාමරයට දැම්මාම යයි සිතා, සාලයෙන් තියා ගත්තාත්, මගේ පස්සේන් බුර බුරා මේකා ගේ දේවනත් කරයි. එලියේ වහින නිසා කං කරච්චලය බලෙන් හෝ ඉවසීමට සිදුවිය.

නමුත්.....රාත්‍රී දහය පමන වන විට අප දෙදෙනා සීතලේ ගුලිවී නිදා සිටි කාමර‍යට පැමිනි මල්ලී....අම්මි...අම්මි..චූටි නැහැ..යයි සෙමින් කොඳුරනු මට ඇසුනේ ඇයටත් පෙර...
විදුලි පන්දමක් පමනක් අතට ගත් අපි දෙදෙනා ගෙදරින් එලියට ආවිට තමා දැනගත්තේ පාරේ වතුර මට්ටම...අපේ දනක් පමන උසට වතුර...

චූටී..චුටී..කියමින් අපි එම්බසිය දෙසට දිව්වේ ඔෆීස් එකේ චූටී නැති බව පෙරේරාගෙන් තහවුරු කරගෙනයි. එම්බසිය පසුකොට බ්‍රිටිෂ් කව්න්සිල් එක පාරට හැරී එතනින් උඩට ඇති මාර්ගය දෙස විදුලි පන්දම විදහූ සැනින් පාර මුදුනේ, අද තානාපති නිල නිවස පිහිටා ඇති ඉසව්වේ සිට චූටි අප දෙස බලා සිටී..හප්පා කොහෙද මනුස්සයෝ (බල්ලෝ) මහ රෑ දුවන්නේ යයි කියමින් අප ඒ දෙසට යද්දී, චූටි තව තවත් පාර උඩට දුව යයි... මට එවෙලේ තමයි තේරුනේ චූටි අපව මුහුදු මට්ටමින් පුල්වන් තරම් උඩට ගෙනියන්න තැත්කරන බව....
"මල්ලි ඔයා ආපහු දුවලා ගිහින් චේන් එක අරන් එන්න...මම හිමීට චූටිට කිට්ටු කරන්නම්..."

හෙමින් සීරුවේ බොහොම ආදරයෙන් කථා කරමින් මල්ලි චේන් එක ගෙනෙන තුරු සිටි මා කලබලයක් නොමැතිව චූටිව ගැටගසාගෙන, නැවත එම්බසි‍යට උඩින් ඇති අනිත් පාරෙන් ගෙදරට එන විටත් ඇය මග බලමින්....
චූටි හොඳටම බයවෙලා අම්මී....

එදා සිට අද වෙනතුරාවට විදුලියක් කෙටුවොත්, අහස් ගුගුරන හැමවෙලාවකමත්, රතිඤ්ඤා පත්තුකරන විටත්, මා දෙස බල බලා මොනවාදෝ කියනා අයුරින් චූටි බුරයි..

ඇත්තටම මේ රටේ මේ තරමටම රතිඤ්ඤා පත්තුකරන බව මමවත් දැනගෙන හිටියේ නැහැ..ඕමාන් වල රතිඤ්ඤා තහනම්...චූටිට ඒකත් එක හේතුවක්..ඒ කියන්නේ මගේ ගෝනු වලදි ගත් ගොන් තීරණයට අමතරව තවත් හේතුවක් තියෙනවා චූටිගේ කන්ඩිෂන් එකට...

 
photo from www.thundershirt.com
ලස්සන වැඩේ කියන්නේ ඔය කන්ඩිෂන් එකට බෙහෙතක් හැටියට ඔන්න ඔය පින්තුරේ තියෙන තන්ඩර් ෂර්ට් කියන ඇඳුම ඇන්දාම හීනියට හග් එකක් දෙනවා වගේ හැඟීමකින් බල්ලන්ව බළළුන්ව සනසන්න පුලුවන්ලු....ඔටාරට කිව්වානම් මේවයින් ෂර්ට් ටිකක් එම්බාර්ක් ලේබලෙන් විකුනන්න කියලා මට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි වහින වෙලාවට...

ලඟදි තුන්වෙනි වතාවටත් බලපු ක්ලෙයාර් ඩේන්ස් (Claire Danes) (හෝම්ලන්ඩ් සීරිස් ) රංගනයෙන් අතිෂය සාර්ථක දායකත්වයක් දෙන Dr. ටෙම්පල් ග්‍රැන්ඩින් ගේ ජීවිත කථාව ඇතුලත් ෆිල්ම් එකෙත්, ඕටිසම් ආතතියෙන් මිදෙන්න ඇය තනාගන්නා ලද හග් මැෂින් (Hug Machine) එක ගැන කියවෙනවා..මේ තන්ඩර් ෂර්ට් එකට මුල වෙන්නත් පුලුවන් එම සංකල්පයම...

 තව එකක් කියන්න ඕනි..මම ඕන කමින්ම චූටිගේ පින්තූරයක් දැම්මේ නැහැ..එයාගේ පෞද්ගලිකත්වය රකින්න ඕනි නිසා..අනික මිනිහා මේ දවස් වල ඔය ආතතිය පිටින් ඉන්නේ...ගොරව ගොරවා වහිනවා මදිවට ඉත්තෑවන් පස්සේ දුවන්නත් ඕනි නේ...

32 comments:

  1. වහින වැහිල්ලට මටත් තන්ඩර්ෂර්ට් එකකුයි හග් මැසිමකුයි තියෙනව වත් නං කියල හිතුන.. ගෙදර ඉන්න මැසිමට නොසෑහෙන්න වැඩනේ... මොන හග් ද ඉතින්? :P

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා...හග් මැෂිමට වඩා හොඳ නැද්ද දෙකක් දාගත්තම..පත්තර මල්ලි නම් ගල් බ්‍රෑන්ඩ්..අටම් නම් හැනපියර් බ්‍රෑන්ඩ්...මම නම් VX....මේ වහින දවස් වලට කියාපු බාන්ඩේ...ජින්ජර් ඒල් සහ සෝඩා එක්ක....

      Delete
    2. එළ කිරි.. මාත් VX.. දාන්ඩ 5ක්.. නෑ 50ක් .. සෝඩ ටිකක් එක්ක... ආයේ මොකද පස්සට අහ්!

      Delete
    3. මචංස්ලා.....මම දංකොටුව අහේනියකින් පසුවෙනවා. මහවැව ස්පෙෂල් මසුරං බං. මටම හදලා දීපු කොත්තමල්ලි ස්පෙෂල් එක අමතක වෙන්නේ නැහැ. මම ලඟදි OLD SALT DISTELLERY කියන ඩිස්ටලරි එකට ගියා. මම පොරත් එක්ක මහවැව සහ ඒ පලාතේ අපිට ඕන විදිහට හදන ස්පෙෂල් ෆ්ලේවර්ස් ගැන කතා කරා. ඒකේ අයිති බුවා කියනවා...ඩොමෙස්ටික් බෲවින් තමයි හොඳම කියලා. හැබැයි ඒ නියමිත ස්ටෑන්ඩඩ් අනුව. බොරු නෙමේ. ඌ වොඩ්කා ස්පිරිට් එක නොයෙකුත් ෆ්ලේවර්ස් වලට ගේන හැටි හරි ඉහළයි. මේ වෙනුවෙන් රෙගියුලේටර් බොඩි එකක් තියෙනවානම් කාටවත් විස බොන්න ඕන නැහැ. මම කසිප්පු ප්‍රවර්ධකයෙක් නෙමේ. පොර කෙමිස්ට්‍රි උපාධ්දාරියෙක්. ඩිස්ටිලරි එකෙන් බකින්ංහැම් පැලස් එකටත් එක වර්ගයක් සප්ලයි කරනව. මම එතන තිබුනු වර්ග 20 කට වඩ ප්‍රමාණයක් ටේස්ට් කරා. මෙහෙම ලිව්වේ මම ඔය සබ්ජෙක්ට් එකට කැමති නිසා. විස්තර පසුව ලියමි.

      Delete
    4. එකඟයි අරූ.. ඩොමෙස්ටික් බෲවින් ඉස් දී බෙස්ට් හරියට කරනවනම්. මගේත් බොක්කක් ඉන්නව කුලියාපිටියෙං අතුලට වෙන්න. උගේ ගෙදර ගිය වෙලාවක ගහපු කසිය බෝතලේ තමයි මටත් වැඩියෙන්ම හිතට අල්ලල ගියේ මේ තාක්.. විස්කි, වොඩ්ක, කොඥැක් ඔක්කොම කැලේ.. ප්‍රස්නේ තියෙන්නේ අර රෙගියුලේටර් බොඩියක් නැති එක තමයි..හරිහමන්.. නැත්නම් ඉතින් සියරට දේ සිරි සැප දේ...

      Delete
    5. මොන බෲ එක, මොන බ්‍රැන්ඩ් එක, මොන බයිට් එක තිබුනත් වැඩක් නෑ මචෝ හරියන මිත්‍ර සමාගම නැත්නම් ෂොට් එකකට..නැද්ද මං අහන්නේ...????

      Delete
    6. සහතික ඇත්ත!!!!!

      Delete
  2. ඇත්තටම චූටිගේ පොටෝ එකක් නොදැම්ම එක හොඳයි...
    අපිට නොදැනෙන ස්වභාවධර්මයේ සමහර දේවල් සතුන්ට තේරේනවා...


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හිතලමයි දැම්මේ නැත්තේ...
      පව්නේ ඌ...
      හොඳ එකා...
      මේ දැනුත් මගේ දිහා බලාගෙන... මොනාද ඕයි කරන්නේ... වගේ මූනක් දාගෙන ඉන්නවා...

      Delete
    2. මං නං කැමතියි යාලුවගේ පොටෝ කෑල්ලක් දැම්මා නං

      ඔයා දැක්කද මේක

      http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html;

      Delete
    3. @ අටම්..සොරි මචෝ..චූටියා හරි ප්‍රයිවට් පොර (බල්ලෙ )ක්....පොටෝ නොදා ඉඳිමු නේ..?

      Delete
  3. හෙන වලට බය අපි චූටිලා තමයි.. මහ උන් ඔය එක හෙණයකටවත් බය නෑ..

    කළබලේ ලියන්න එපා.. මොකෝ අපේ ලියවිලි වගේ නෙමේ.. මේවා පට්ට රහ නිසා..

    ReplyDelete
    Replies
    1. හැබැයි මචෝ හෙනේට ලොකු පොඩි කියලා බේදයක් නැහැ...ස්වභාව ධර්මේනේ...එනකොට හිටියොත් කෙලියා...බයනැති එක වෙනම දෙයක්...

      ඔබතුමාගේ පෝස්ට් දෙක තුනක මැසිවිලි කියලා තිබුනානේ බොලොග් ලියවෙනවා අඩුය කියලා..ඉතින් දුව දුව මේවා ලියන්නේ...වැරදි ඇති ලෙසට...සොරි බොස්...මෙහෙම හරි ලියන්නේ බොස්ගේ පුෂ් එක නිසා....ඊලඟ පෝස්ට් එක ටිකක් රිසර්ච් කරලා කල් අරන් ලියඤ්ඤං...

      Delete
    2. බොස් නෙමෙයි මං ජබොස්.. ලැජ්ජා හිතෙන වැඩ කරන්න එපා මචෝ...

      Delete
  4. Replies
    1. ඉස්සෙල්ලා කමෙන්ට් එකට පෝස්ට් එකක් ලියන්න උනා..මේ කමෙන්ට් එකට පෝස්ට් දෙකක් කියවන්න උනා...අපෙත් ඉන්නවා බුලට් වගේ නහර මාරු වෙච්ච ජර්මන් ෂෙපර්ඩ් කොල්ලෙක් අවුරුදු දෙකයි පිස්සු කෝටියයි..ඒ මදිවට මල්ලියා ඌට දාලා තියෙන නම XERXS...කියවන්නකො පුලුවන්නම්..මම නම් ඌට කියන්නේ සෙක්සි කියලා...

      Delete
  5. මම නිකන් මේ වගේ බල්ලන්ට ආසයි බයයි වගේ . කවදාවත් ඇති කරලා නෑ ... ඉස්සරහට හිතෙයි ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇති කරලා බලහංකෝ මලේ..ලමයි හැදුවට වඩා එහා කේස් එකක්..නිකං ඉඩං නඩුවක් වගේ...

      Delete
  6. තන්ඩර් ෂර්ට් එකක් ගන්න හිතෙනවා තමා මේ දවස්වල නම්. හැබැයි අපිට නොදැනෙන දේවල් සත්තුන්ට පුදුමාකාර විදිහට දැනෙනවා . සත්තුන්ට කොච්චර ආදරේ නැතුව වගේ හිටියත් සත්තුන්ට ආදරේ නොකරන මනුස්සයෙක් මේ ලෝකේ නෑ. සතෙක් එක්ක ටික දවසක් ගත කරනකොට අර මනුස්සයා ඉබේම වෙනස් වෙනවා .

    ReplyDelete
    Replies
    1. මොකෝ ඉවාන්..ඇන්ක්ෂැයිටිද?..දෙකක් දා ගනින් මචෝ..කේස් ඔක්කොම ගෝන්....

      ඇත්තටම සත්තු අපිට වඩා හරි ඇඩ්වාන්ස් ඒ අතින්...චූටි මගේ මූඩ් ඔක්කොම දන්නවා..අප්සෙට් ගිය වෙලාවට ලඟට ඇවිත් මූන තියෙනවා උකුලෙන්..ඔක්කොම කේස් ගෝන්...

      Delete
  7. උඹ මේව ලියනවා ලොකු අයියා ..

    ඊයෙ අපේ ෂයිනි ඇහැ පියාගෙන !! නින්දෙන්ම …

    ReplyDelete
    Replies
    1. අය් අය්යෝ මලේ... සොරි...ෂයිනිට නිවන්සැප..එහෙම කියන්න පුලුවන් නේද...සෑහෙන කල් යනවා මලේ ඔය දුකින් මිදෙන්න..

      සත්තු හදන්න එපා වෙන්නේ ඔහොම උනාම තමයි..හේතුව උන්ගේ එක අවුරුද්දක් අපේ අවුරුදු 7ක් නිසා අපිට කලින් උන යනවා දෙතුන් වතාවක්..

      දරාගන්න බැහැ මේ දුක පාලුව කෙසේද මා.......!!!!!

      Delete
  8. අපේ චූටි (චූටි දුව ඈ...) නිදන්නෙත් hug machine එකක තමා. මෙට්ට දෙකක් එක උඩ එක දාලා අස්සට රිංගලා නිදාගන්නවා. එලියට ගන්නවා බොරු ඉතිං.

    ReplyDelete
    Replies
    1. අනේ හරි හුරතල්..මට මැවිලා පේනවා..මචෝ please give her little more attention and affection than you do now..she must be looking for something like that from that behavior...give my love to her...

      Delete
    2. Thanks a lot for the advise! She is someone special among others. Really she needs spacial care. Thanks again.

      Delete
  9. තාමාටත් වැඩිය තම හිතවතුන්ට පන ඇරලා ආදරේ කරන සතෙක්නෙ බල්ලා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හප්පා ඇත්තටම ඇත්ත..එහෙම කරන මිනිස්සුත් නැතිවම නෙමෙයි සොමියා...

      Delete
  10. ශෙෆාකි.......මට උඹලාගේ පහුගිය දේවල් කියවන්න වෙලාවක් නැතිවුනා. කියවමින් ඉන්නවා. මම උඹේ චූටි ගැන උඹට සහ ගෙදර අයට ඇති ලැබඳියාව ඉහලින් අගය කරනවා. ඒ ආදරය මට හොඳින් තේරෙනවා. බල්ලන්ට ඕමානියො සලකපු විදිහ මම දැකලා තියෙන නිසා. මම ඉතා ලොකු තනතුරක් දරපු සුදු කෙනෙකුගේ බල්ලන් 12 දෙනෙකුත් ඕමානයේදී බලාගත්තා. ඒකත් ලොකු කතාවක්.

    මචං....මම මදින කබූස්වල, ඔය කිට්ටුවම තිබුන මත්‍රා කෝල්ඩ් ස්ටෝර්ස්වලට නිතරම එනවා. අපේ එම්බසිය ඔය කිට්ටුව තමයි තිබුනේ. ඒ කාලේ හිටිය ෆාරූක් කියලා ඉතාම වැදගත් මහත්මයෙක් තානාපති හැටියට. ඇත්තටම මහත්මයෙක්. ඒ මගේ වයිෆ්ගේ තාත්තාගෙන් ගුරුහරුකම් ගත් කෙනෙක්. ඊට පස්සේ මඩුවෙගෙදර වගේ අයත් හිටිය. මේ ලිව්වේ ඒ අතීතය මතක් කරන්නයි. දැන් එම්බසිය තියෙන්නේ වෙන තැනකද කොහෙද.

    මචෝ....මටත් ඉවසිල්ලක් නැහැ ඔමාන් ගැන ලියන්න. ඒත් පහුගිය ටිකේ වැඩ අධික වීම නිසා මම තාමත් 1981 වැලිගම. හෙට ඉඳන් 81-82 ගැන ලියන්නම්. මම 87 ඔමාන් එනවා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියපං මචෝ..මම හැම තැනම ලිය ලිය යනවා උඹ හෙට අනිද්දාම පෝස්ට් කරනවා කියලා...උඹව පුෂ් කිරීම තමයි අරමුන...

      දැන් මචං මත්‍රා කෝල්ඩ් ස්ටොර්ස් තිබ්ච්ච තැන ගොඩාක් වෙනස් වෙලා...දැන් අල් ෆෙයාර් සුපර්මාකට් එකයි තව ෂොපින් මෝල් එකකුයි එක්ක ලොකු හවුසින් ස්කීම් එකක් ඇවිත් එතනට...KFC, SubWay, StarBuck... ඔය ඔක්කොමත් එතන ....උඹට පුදුම හිතෙයි ආපහු ගියොත්..

      මට ෆාරුක් මහතා මුන ගැහිලා තියෙනවා. හිටපු තානාපති වරුන්ගෙන් බොහොම නිහතමානි මනුස්සයෙක්..එම්බසිය තාම තියෙන්නේ 2118 වීදියේමයි, ඒ බිල්ඩිම දැන් සල්ලි වලටම අරගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන්..ඒකේ හිටපු අයිතිකරු, අහ්මඩ් මම හොඳට දන්න වැදගත් මනුස්සයෙක්. ඊට ටිකක් උඩින් තියෙන වීදියේ ලොකු තානාපති නිල නිවසකුත් දැන් තියෙනවා..හැලපකඩෙන් අහපන් ඌ මීට වඩා ඔය ගැන දන්නවා මචෝ...

      මමත් ඕමාන් ගැන කෙලින්ම පෝස්ට් දාන්නේ නැතුව, පුලුවන් සහ තෙරුමක් ඇති වෙලාවට ලියනවා.. මේ දවස් වල එහේ බකිරි ඊඩ් නිසා ගොඩාක් අය ලංකාවට ඇවිත් ඉන්නවා නිවාඩුවට..
      ඉක්මනටම ලියපං මචෝ...

      Delete
  11. බව්වෝ... පිස්සු ඩයල් නේ. අපේ එකත් අකුණු ගහද්දි බය වුනාම මලවදේ. පස්සෙ අපි ඕක කියල හිනාවෙද්දි ඌට මාර ලැජ්ජයි.
    දවසක් ගෙදෙට්ට ඉබ්බෙක් ගෙනල්ල තමයි පොර එකසිය ගානට බය වුනේ. ඉබ්බා ඌ බුරද්දි දිවුවෙ නැති නිසාද මන්දා.

    අනික බවුවො මාර ලෙන්ගතුයි ගෙදර අයට. තාත්ත හොප්පිටල් හිටපු දවස් ටිකේ සාංකාවට පොරගෙ මවිල් ටික ලා පාට වුනා කියන්නකො. (ලෝම ගිහින්. දුකට නොකා ඉඳල.)

    ReplyDelete
  12. අයිතිකාරයෙක් නොවුනත්, සුනඛ සහෘදයින්ගේ බැඳීම මම ආසම ඒ වගේම බයම බැඳීමක්. උන් අපිව අපෙන් හොරකම් කරගනවා. ඔයා හරි ලකී... ඒ වගේම මේ අදහස මගේ හිතට උණුහුමක් එක්කලා. චුටිට මගෙන් ආදරය එවමි...

    ReplyDelete
  13. උන් බය උන වෙලාවට පපුවට පොඩ්ඩක් අත තියල බලන්නකො චෙෆාකි අයියෙ.. අන්න එතකොට තමයි අපි බයවෙන්නෙ ..හෙහ් හෙ...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....