Tuesday 30 June 2020

ඇත්තටම ...!




ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම

සුවඳද
ඉස්සර වගේම

කම්මුල් වල ගැහෙනවද
ඉස්සර වගේම

ඔලුව ඇල කරන්
හිනහෙනවද
ඉස්සර වගේම

වැස්සෙ පිස්සියෙක් වගේ
මිදුලේ නටනවද
ඉස්සර වගේම

නුඹ මගේ නෙවෙයිද
ඇත්තටම....!!!

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම
ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම..!!

10 comments:

  1. අැස් දෙක දුර සිටම මා වෙත රඳවාපූ
    තිස්සෙම පසු පසින් විත් ඉඟි බිඟි පාපූ
    වැස්සට උණුහුමක් නිතරම සඟවාපූ
    ඉස්සර වගෙම ආදරෙ ඇත දන් දීපූ......

    ජයවේවා !!!

    ReplyDelete
  2. කවදද හැබෑ පෙම වියැකීලා යන්නේ
    එය හද තුලයි නිධන්ව හැංගී ඉන්නේ
    යන්තම් කොණහුවත් යළි මතුවී එන්නේ
    එනිසයි ලොවම මෙතරම් විසිතුරු වන්නේ!

    ReplyDelete
  3. කම්මුල් වල ගැහෙන පූසෙක් ,වැස්සෙ නටන පූසෙක් ....?මං මේ ඇහුවමයි.කෝම උනත් එයා හරි ලකී.

    ReplyDelete
    Replies
    1. පොටෝ එක ගැනනේ ඒ....පොටෝ එකේ තියෙන්නේ ආදරේ...!
      එයා කොහොමත් ලකී...ඒත් මේ දවස්වල දකින්නත් නෑ...කොළඹට වෙලානේ..

      Delete
  4. චෙෆාගෙ ප්‍රශ්නාවලිය...

    ReplyDelete
    Replies
    1. 😜....උත්තර නැති.....🙂

      Delete
  5. සුවඳත් වියැකිලා නෑ..
    කම්මුලුත් වල ගැහෙනවා තවම..
    හිනා වෙනකොට ඔලුවත් ඇල වෙනෝ..
    වැස්සේ නටන පිස්සුවත් හොඳටෝම..
    .
    .
    .
    .
    .
    .
    .
    කොච්චර කාලෙකින් දෙස වත් බලලා නැද්ද..
    එත්... අහක බලාගෙන කවි ලියන ගමන්..
    ආදරෙයි ලු තවම..
    කාට කියන්නද මේ අවනඩුව..

    ReplyDelete
    Replies
    1. බලන්න නැත්තං ලඟ...
      ගියානං නොපෙනී ඉන්න...
      බලාගෙන අහක...
      ලියනව මිසක් දුක කවියක..
      කරන්නද වෙන මොනා මම...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....