Sunday 24 June 2018

මාතර මංකොල්ලය






රඹුටන් ගස් දෙක බදු දීල ගත්ත
රුපියල් හත් දාස්ම පන්සීය

ගොඩැල්ලෙන් ගලෝපු
මයියොක්කා කිලෝ තිහ
ගුනේගේ කඩේට දාල ගත්ත
එකදාස් පන්සීය

ඉනේ ගැටගහගෙන ආවේ මාතරට
ගන්නයි මේ පංචායුධේ ලොකු කොලූට

මාල වළලු පෙන්ඩන්‍ට් කබොඩ් පුරොලා තියෙනකොට
අහිංසක මගේ අතේ තියෙන පංචායුධේ මොකට

හත්මාසයයි මහත්තයෝ බඩට
ඒ නිසාවත් තියන්නෙපා
 වෙඩි මට......!







33 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අනේ විචා හිටියනං

    ReplyDelete
    Replies
    1. මේක 1970 ගණන් වල ජර්මනියේ නිෂ්පාදිත mp5 එකක් නෑ, මේකේ බටේ දිග නෑ මේක Uzi එකක්. 9 mm බුලට්ස් දාන වගේ කමෙන්ට් එකක් දාන එකක් නෑ.

      Delete
  3. ළමයි ටික හාමතින්
    ගිනි බිඳල හරි ඉතින්
    අපිත් ගොඩ නොගියොතින්
    කොහොමදැයි මට කියන්

    මංකොල්ලකාරයන්
    හැම තැනම පිරිල බං
    උන් එක්ක වැජඹෙන්න
    පංචායුධේ දියන්!

    ReplyDelete
    Replies
    1. අපි ගේමු හිට්ලර්ව....😂

      Delete
  4. ප...ව්.... අනේ... හ....රී...ම අහිංසක හොරූ
    ගෙනියනව එහෙම නෙවෙයි ඕං
    පෙන්නන්න නඩු - බඩූ....

    ReplyDelete
    Replies
    1. මංගල චින්තනයට අනුව ඔබතුමිය නිවැරදයි....😂

      Delete
  5. මේ ඔයාට පිස්සුද
    අර පොලීසියෙන් ගේම දීපූ උපාසක මහත්තයා වෙනුවෙන් එකක් ලියලා
    මානවවාදියෙක් වෙන්න

    ReplyDelete
    Replies
    1. පොලෝසියේ උපාසකලානේ ඉන්නේ..ඒ නිසා තමා ගේම ඒම දුන්නේ හරිය...එයැයිලා භාවනා පන්තියේ ඉන්නකොටලු 119 කෝල් එක ආවේ.. ඉතින් බොඩි ආමර්, බූට්ස්, හෙල්මට් එහෙම දාගෙන නෑ.ඒක දැනගනී කියලා තමා කිරල කැලේ ගියේ...😂
      මචෝ ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්නත් බඩ පිරිලා තියෙන්නෙපැයි..අන්න එහෙම කාලෙකනං මංගල චින්තනය හා...!
      කේස් එක තියෙන්නේ අපි ආපහු ආයුධ, සොරි සොරි ඇඳිම් බෑග් පෙන්නන්න ගෙනියන සංස්කෘතියට ලඟා වෙච්ච එක තුන් අවුරුදු කාලෙකදි...සැක්...!

      Delete
  6. කබඩ්වල පුරෝල තියෙන්නෙ ඉමිටේසං
    ඒ වගේද අතේ තියෙන රත්තරං

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය මල්ලේ මොනාද ...පොල්ද...ආ ඒවත් ගිනි ගනන්...හෙට අනිද්දා එලොලු කඩවලටත් රොබරි හරිය...😂

      Delete
  7. වෙඩි කන්නේ මොකට
    දීලා පලයන් පංචායුදේ
    ඒත් මදිනං තව ඉල්ලන දෙයක්
    තිබ්බොතින් ජීවිතේ
    හම්බ කර ගත්තැකි
    නැතිවුන එකට
    දහයක්

    ReplyDelete
    Replies
    1. ඒකනං හොඳටම පෙනුනා cctv ටේප්ස් වල..මාර නරඹන්නෝ ටිකක් හිටියා ඒ වෙලාවේ...ජීවිතේ වගේද ඕපදූපේ/නිව්ස්...!

      Delete
  8. හෙක්ලර් සහ කුකුලා හොඳයිද? උසී හොඳයිද? එහෙම නැත්නම් CZ ගෝනුස්සා?

    ReplyDelete
    Replies
    1. ඊට හොඳා අපිලටනං නිකම්ම නිකං එයාර් ගන් එකක්...මොණරු එලවන්න...😂😂😂😂

      Delete
  9. මැරිච්ච පොලිස් රාළහාමි හොරා පොලිස් සෙල්ලම කරනවා වගේ වෙඩි වදින වෙලාවේ හිටියේ...
    හොරා උනත් ඌ හොඳටම කුජීත හොරෙක්. පිටිපස්සෙන් ඇවිත් වෙඩි තිබ්බේ, උන් වගේ එවුන්ව ආයුධ පෙන්නන්න ගෙනියන්නමයි වටින්නේ...

    පොලිසියට බොඩි ආමර් දෙන්නේ නැද්ද අප්පා, ලංකාවේ ඕව හදන කම්පැණි එකකුත් තියෙනෝ, කොලිටිය අතින් ඒවා රටින් ගේන ඒවටත් වඩා හොඳයි...
    තමන් අතින් වියදන් කරලා හරි ඒවා ගත්තනම් මොකද වෙන්නේ. සල්ලි වගේද, නැති වෙන්නේ තමන්ගේ ජිවිතේනේ...

    ReplyDelete
    Replies
    1. කෝමද අර වෙඩි වැදිච්ච බුවා නැගිටලා දුවන හැටි..හොරු සෙට් එක පොලීසියට අන්තයි..චුට්ටක්වත් ට්‍රේන් වෙලා නෙවෙයි ඇවිත් තියෙන්නේ..කෝමද 119 කෝල් එකෙන් පස්සේ පාර වහලා ඇම්බුශ් කලානම්..හොස්ටේජ් නෙගෝශීයේශන්ස්, හයි ස්පීඩ් චේස්, හෙලිකොප්ටර් චේස් අරවා මේවා එක්ක ෆුල් ඇක්ශන් පැක් ඩ්‍රාමා එකක් අපිට ලයිව් ටීවී එකේ බලන්න තිබුනනේ..අපරාදේ...😂

      Delete
  10. නිකමට හිතන්ඩ මේ කතාව. අම්මයි පුතාලා දෙන්නයි මන්කොල්ල කල්ලියක් හදනවා. පොලිසියේ කෙනෙක් මැරෙනවා. වෙන කෙනෙක් වගේද පොලිසියට ගහලා බේරිලා ඉන්න එක පොලිසියේ හොද නමට කැලලක්. ඉතින් පොලිසිය වෙඩි තියපු එකාව රෙදි බෑග් පෙන්නන්ඩ එක්ක යනවා.....නීතියට දෙයියන්ගේම පිහිටය....

    ReplyDelete
    Replies
    1. අම්මලා පුතාලට බයික් අරන්දෙන්නේ නැතුව හිටියනං ලොකුමල්ලි ස්ක්‍රිප්ට් එක තව වෙනස්වෙනවා...නීතිය ගැන කුමන කතාද, වොඩ්කා බෝතල්වල දාපු වතුර වගේ අප්පා...කිසි ගතියක් නෑ..අපිට හිරකමක්වත් කරන්න දන්නේ නෑනේ...😂

      Delete
    2. හොරකමක් අනේ..හිරකමක් නෙවී.....😂

      Delete
  11. කමෙන්ට් කියෝගෙන එද්දී පෝස්ට් එක කියෝලා උනපු කඳුල උගුරේ හිර උනා වගේ.. :'(

    ReplyDelete
    Replies
    1. දෙමුද අපිත් රොබරියක් ඩෙව්රා එකකින් ගිහින්....😂...හැබැයි එලෝලූ කඩේකට....😂😂😂

      Delete
  12. ආයුද = ඇඳුම් බෑග්...

    හෙහ්... වටම ගිහින් ගෙටම ඇවිත් නේහ්... :P

    ReplyDelete
    Replies
    1. බැක් ටු ස්ක්වෙයාර් වන්....😂

      Delete
  13. කමෙන්ට් කරන්නත් බයයි වගේ... හැක්...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොඩි ආමර් දාගෙන කමෙන්ට් කරමු....😂

      Delete
  14. මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ පැටියා
    රෙදි පෙන්නන්න එන හොරු බල බල සිටියා
    ගේන කොටත් වැඩ හරි බව දත් පැටියා
    මරපු මිනී නොගිලිමි යයි කී සැටියා

    ReplyDelete
  15. වෙඩි වැදුනේ අසරණ දරු පවුලකට
    ස්වාමියෙක් නැතිවුණා සෙනෙහේබර බිරිඳකට
    තාත්තා නැතිවුණා අසරණ දරු දෙදෙනාට
    පුතෙක් නැතිවූණා අපෙ ලක් මවට
    විචාරක දියණිය

    ReplyDelete
  16. නීතියක් නැති රටක
    හිනාවෙන්නට
    මට .......

    ඇහැකි නම්
    මට දියන්
    ලොකු පුකක්
    හිනාවෙන්න....

    මංගලගේ කතාව ඇත්ත වෙන්නේ සියලු දේට වග කියන රටක පමනයි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....