Tuesday 12 June 2018

ගම් බිත්තර





- කහ කුඩු
-  ඇන්කර් කිරිපිටි
- මිරිස්කුඩු
- විනාකිරි
- සීනි කිලෝ එකක්
- කීරිසම්බා කිලෝ එකක්...

හත්දෙයියනේ දවසෙම
පිටේ එල්ලන් පුටුපුටු මැසිම
කරපු දස සුරක්කම
නොදනීද මේ සක්කර වට්ටම

වැස්සිගේ කිරි බිව්වොත් සෙම
ඒ හින්දයි ලැයිස්තුවේ එහෙම
රතු කිකිලිගේ මස් මෙලකයි විනාකිරි දැම්මම
කීරී සම්බා ඔහේ ආසම කෑම


යෝදියේ පොලේ රතුහාල් හැටපහයි කිලෝවම
එනගමන් අඩුක්කුවෙ දාගත්තා පොල් ගෙඩියක් හොරෙන්ම
ගාගෙන ඕක හදහන් පොල්සම්බල මං ආසම
බෙරි නොකර උයලා බෙදහන් පිරෙන්න පිගානම


පොඩි එකී පස්සෙන් රතු කිකිළි නිතරම
ඔන්න ඔහේ ඉඩදීහන් රකින්න දිගටම
සති පහකින් ඕකි දාවි ආයෙත් රතු බිජුම
පැටව් ලොකු වෙලා දේවි නේ බිජු අපි ඔක්කොටම




35 comments:

  1. Replies
    1. තවත් වැටක්...හ්ම්....!
      තැන්කූ....!

      Delete
  2. අපුරුයි තමයි ඒත් කරකැවිල්ල හැදෙනවා ..

    ReplyDelete
    Replies
    1. ගමේ ආර්ථිකේ කරකෝල අතෑරලා තමා තියෙන්නේ තිලකේ...!

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_57.html

    ReplyDelete
  4. මරුනෙ ඕයි! කරකෝල අතැරිය වගේ. කවි ටිකයි රතු කිකිළියි ලස්සනයි ඈ.

    ReplyDelete
    Replies
    1. රතු කිකිලිගේ මස් හාල් පොල් අඹරලා උයලා කෑවම ඔය කැරකිලි ගතිය මගෑරිලා යාවි...ලස්සන බල බල හිටියොත් ප්‍රෝටීන් මගෑරෙනව හැලපේ ....!

      Delete
  5. මදෑ චිකං කන්න හිටිය.

    ඒ උනාට,
    දාන්නෙපා අමු මිරිස් හෙම
    නොකපා බෝංචි හදනකොට.

    හැක්..

    ReplyDelete
    Replies
    1. බටර් බෝංචි ඉව්වම මිරිස් වෙනම පේනවා..ගානත් වැඩියි..😂😂😂

      Delete
  6. චෙෆාකිඋන්නාන්සෙගේ අප්‍රතිහත කාව්‍යකරණය හිංද මගේ කාව්‍යාභාධිත ගතිය අඩුවෙලා මට දැන් ගැඹුරු අර්ථ අවබෝධවෙමිං පවතිනව.

    මේකට සම්බන්දයි නේද?
    https://www.tbdress.com/Little-Red-Hen-Costumes/

    ReplyDelete
    Replies
    1. නත්තල් දෙසම්බරේ නොව....!
      😂

      Delete
    2. මටත් දහ පාරක් විතර කියෙව්වම තමා යාන්තම් තේරුමක් කියලා එකක් වැටහුනේ ඕන්...

      චෙෆාකිගේ කවිවල හරි අමුත්තක් තියනවා...

      Delete
    3. /// චෙෆාකිඋන්නාන්සෙගේ අප්‍රතිහත කාව්‍යකරණය හිංද මගේ කාව්‍යාභාධිත ගතිය අඩුවෙලා මට දැන් ගැඹුරු අර්ථ අවබෝධවෙමිං පවතිනව. ///

      මට තාම ධර්මය නිවැරදිව අවබෝධ වෙන්නේ නැහැ...

      Delete
    4. @සෙන්නා...එහෙම අමුත්තක් නෑ..කවි ලියන්න දැනුමක් නෑ..අහන්නකෝ සත්ගුනවත් ප්‍රා ගෙන්...

      Delete
    5. @ලොකූ...තොට මං කියන්නේ නෑ..ධර්මේ එක්ක ඊයේ රෑත් සෙට් උනානේ..ඇයි ඌව අවබෝධ කරගන්න ට්‍රයි කරන්නේ..අවබෝධය කියන්නේ සෙට් වීමට තිත යකෝ...😂

      Delete
  7. කිරණක් හිරුගෙ වැද සිරියයි ගැමි දවස
    තරමක් දුශ්කරයි එනමුත් සුව ඇත නිවස
    ගුණයක් පිරෙන ගැමි කෑමක ඇත රහස
    බිරියක් නොදන්නේ කිම සැමියගෙ වෙහෙස .....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ඒ උනාට අරපිරිමැස්මෙන් වැඩකරන්න ඕනි නේද ගෘහනියන් ....!

      Delete
  8. ඔන්නොහෙ ඉඩ දෙමු රකින්න දිගටම.. කවද හරි අපිටත් ගම් බිත්තරයක්වත් ලැබේවිනේ..

    ReplyDelete
    Replies
    1. අපිට කෙසේ වෙතත් කිකිලිගේ අයිතිකාරයාට නම් ගම් බිත්තර ලැබේවි රැකලා ඉවර උනාම...ගාල්ලෙ ඇතිකරන්නකෝ ෆ්‍රී රේන්ජ් කිකිලියො ටිකක්...."

      Delete
    2. හපොයි.. මොනම විදියක්වත් කිකිලියෝ ඇති කරන එක ආශ්‍රය කරන එක මම සම්පුර්ණයෙන්ම නතර කරලා ඉන්නේ.. :D :)))))))))))))

      Delete
    3. මමත් කුකුල් පට්ටිම තුනක් අතෑරියානේ..කුකුල් කෑම හරි ගනන් මෙයා..ඒ මදිවට ලෙඩ බෝවෙනවා..ඒකයි කිව්වෙ ෆ්‍රී රේන්ජ් ඇතිකරන්න කියලා..අහුලන්නේ කන්නේ..නෝ එක්ස්පෙන්සස්....😂

      Delete
  9. මම මේ කල්පනා කලේ විනාකිරි මොකටද කියල ඕං...තාම කම්පනාවට ආවෙ නෑ...

    ReplyDelete
    Replies
    1. සියඹලා ඉවර ඇති කියල තමා මට නං හිතුනේ...😂

      Delete
  10. පොල් හොරකම හොද නෑ අප්පා.....

    ReplyDelete
    Replies
    1. හේතුවක් ඇතුව පොඩි එකෙක්ගේ ගින්න නිවන්න උනත් සොරකම හොඳ නෑ නේන්නං...!

      Delete
  11. ෂා නියමෙට ලියල තියෙනවා චෙෆ්ආකී

    ගං බිත්තර ගුණයි

    ReplyDelete
    Replies
    1. ගං කුකුළු මස් ඊට වඩා සහයි ගුනයි....😂

      Delete
  12. විනාකිරි අහක නං
    සියඹලාවත් දාමු!

    ReplyDelete
    Replies
    1. අවාරේ නොව....සියඹලා ඉවරලු....!

      Delete
    2. දානවා නං ඕං
      තියෙනවා තව ජාති
      කාමරන්ගත් ඇඹුල්
      දන්නවද ගැට දිවුල්?
      ගං තුලානෙන් ආපු
      අපට නං නෑ අවුල්!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....