Tuesday 10 April 2018

සකුන්තලා






හෙට
නෑ
අනිද්දාවත්....

මං හිටියත්
නැතත්
එන්න..

මං නැතත්
මේ රෝස ඉත්ත
පර නොවේවි
ඔබ වෙනුවෙන්...

28 comments:

  1. අඩා යෙන්ඩ ෂකුන්තලා යෙන්ඩ , අතුල අයියා බලා ඉන්නවා ෂකුන්තලා

    ReplyDelete
    Replies
    1. නෙතුව නෙතුව..ආඬවනේ මුරුගා..පපුව යෙක පෙලෙන්න යෙනවා ශකූ..යෙන්ඩකෝ...!
      වයි දිස් කොලවරි යප්පා...!..වයි....!

      Delete
  2. රෝස කුසුමක් පිපී
    නො විඳි සුවඳක් දැනේ....
    නො ලද සුවයක් සදා පුබුදුවා
    සුවහසක් පැතුමන්
    රෝස කුසුමක් පිපී.....

    මා අවදි කර යහනින්
    ඔබ එබී හිනැහී කවුළුවෙන් .....
    කියා රහසක් සැලෙන දෙතොලින්
    නො නැඟෙනා වදනින් නො හැ‍ඟෙනා අරුතින්....

    ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන් .....
    මගේ තනිකම හඬයි ඉකිබිඳ දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින්.....

    ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. ගියදේ ගියාවේ...දැන් ඉතිං නාඩා හිටිං නගේ....😂
      👍

      Delete
    2. සිනහවෙනු මැන වේදනා පිසදා ....
      වේදනා පිසදා ....
      වෙරළ රළ හා තරහ වී නැත
      මියුරු සර වෙණ හා බිඳී නැත
      අහස සඳු හා උරණ වී නැත
      අතීතය මගෙ හදවතේ නැත

      සිනහවෙනු මැන වේදනා පිසදා ....
      වේදනා පිසදා ....

      කඳුළ දොම්නස නසන්නට නම්
      බමර ගුම් නද අසන්නට නම්
      මියුරු ගී කවි ගයන්නට නම්
      වසන්තය ගැන සිතන්නට නම්

      සිනහවෙනු මැන වේදනා පිසදා ....
      වේදනා පිසදා ....

      ගී පද :- කේ. ඩී. කේ. ධර්මවර්ධන
      ගී තනුව :- වික්ටර් රත්නායක
      ගායනය :- සුනිල් එදිරිසිංහ

      :D :D

      Delete
    3. අහස සඳු හා උරණවී ඇත...!
      අතීතය මගේ හදවතේ නැත...!
      සිනහවෙමි මම වේදනා අතරින්...!

      Delete
    4. උරණ වී නම් කරන්න තියෙන්නේ කවි ලියන එකවත් හිනා වෙවි ඉන්න එකවත් නෙමේ පොළට ගිහින් කොහිල ටිකක් ගෙනත් උයලා දෙන්න.. :D

      Delete
  3. හුදෙකලා හිත තාම ඉපැරණි ආලෙ සොයන බවනම් ඇත්ත
    වෙන්වෙලා ගිය දුර පුරාවට සුවඳ හොයනවා මල් පෙත්ත
    ළංවෙලා නිති වින්ද උණුහුම නිර්මලයි මා සිත් ගත්ත
    හිනැහිලා එමි නුඹ බලන්නට ඉතින් සැනසෙනු දුෂ්මන්ත.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට සකූ ආවේ නෑ දුමී...කොච්චරක් කල්නං බලා හිටියද...!

      Delete
  4. බලං ඉඳලම වයසට ගිහිං අප්පා. පව් ෂකු...!

    ReplyDelete
    Replies
    1. කිව්වනේ මං ඔය ටික ඔහේට වෙයි කියලා...ඇද්ද...?

      Delete
  5. කොහෙද අනේ එයා ගියේ...

    ReplyDelete
    Replies
    1. එහා ගෙදෙට්ට මෙයා...!!!

      Delete
  6. රෝස මලේ නටුවෙ කටූ.... ඇනෙයි අප්පා....

    ReplyDelete
    Replies
    1. නටුවෙනේ කටු...ග්ලවුස් දාගෙන මල සිඹිමි..ඒත් ඉතිං ආවොත් තමා...😂

      Delete
  7. ෂකුන්තලා ඔය ප්ලාස්ටික් රෝස මල්වලට කැමති නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මේ බයෝ ඩීග්‍රේඩබල් වර්ශන් එකක් බොස්...සෝ නෝ වොරීස්...!

      Delete
  8. සකුන්තලාගාමී මාර්ගපලයට පෙරුම් පුරන චෙෆ් ආර්කි ස්වාමීතුමාට අපේ උපහාරය

    ReplyDelete
    Replies
    1. ස්වස්ථි සිධ්දම් ඔබට....!

      Delete
  9. දුෂ්මන්ත ඔබනම් ,

    ආයේ කවදාවත්ම
    යලි එන්න යැයි
    නොකියමි...

    මඟ බලන බවද
    හිත රිදෙන බවද
    නොකියමි...

    අඩක් සිපගත් කම්මුලේ
    සුවඳ පමණක්
    සිහිවටනයක් ලෙස
    තබාගමි...

    කාලිදාසට අමතක වූ
    අපේ කතාවේ
    හිස්ම හිස් තැන්
    දෛවයට බාරදෙමි...

    අතීතයේ දිනක
    ඔබම හැර ගිය
    ඔබම තනිකල
    සකුන්තලා මා වෙමි...

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ..කෙතරම් නිර්මානශීලී උනත්, ගැහැනියකට පිරිමි හිතක් කියවන්න බෑමය කියලා...😂

      Delete
    2. හෑ... එහෙමත් එකක්ද.... කොහොම කියවන්නද අප්පා එකක් කියලද... වෙලාවකට මල්ලිකා වෙලාවකට මානි තව ටොඩී ඊළඟට බින්දි... නේරංජනා...දැන් ඒ පාර සකුන්තලා ... ඔහොම හොදද ඉතින් මම අහන්නේ....

      Delete
    3. හී... ටොඩී නෙවෙයි ඩොටී හොදේ

      Delete
    4. ඇත්ත නේන්නං...ඒකෙත් හැටි...!
      ටොඩි මහ ගඳයි...ඩොටී නං චෝයි...!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දුෂ්මන්ත අහෝ මේ කිමදෝ ...........
      විචාරක දියණිය

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....