Friday 16 March 2018

යශෝධරා වැලපේ නම්....!




ගොම්මනේ අඳුර මැදුරේ දොර ළඟම වෙලී
මේ තනි හිතට සීතල දැන් බෝම වැඩී
වෙලි වෙලී එතෙන සෙනෙහස් ගින්දරට වැදී
ඇවිලෙන්නට නුඹ  උන්නානම් බෝම වටී

කාලය එක්ක පොරබැඳ හති වැටෙනකොට
පාලුව කර වටක් ගැඹුරේ ගිලෙනකොට
රාවය නැගෙන පෙම් ගී ළය නිවනකොට
හීතල මතක  ඇවිදින් හිත ඉඹිනකොට

හීන් සිරුවට වෙලි වෙලි  දැවටීලා
පපුවේ ඇබිත්තක් හිමිහිට වැතිරීලා
බුරගා නැගෙන හැඟුමට තව ඉඩදීලා
ඉන්නට එනවාද රහසෙම සැඟවීලා

ගිනිගෙන දැවෙන හිත යට ගිනි පුපුරක්ව
වැද වැද සිහිල් සුළඟට අළු අහුරක්ව
අවරට ගියත් රෑ සැන්දෑ අහසක්ව
ප්‍රේමය පරනොවන අසෙනිය කුසුමක්ය



මසිත කියවූ ඇය එසැන්නි ලියූ කවක්.......

23 comments:

  1. දුවන හිතක නැවතුම කොහෙ තියෙනවද
    දවන හැඟුම් හැම සතුටක් ගෙනෙනවද
    මවන සතුට කෙළවර හර දකිනවද
    නිවන සොයන්නට අවසර ලැබෙනවද......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක් දුමී

      Delete
    2. ලස්සන කවියක් දුමී +1.....!

      Delete
    3. කෝ අපිල සප්තපාදිය පැත්තෙ එද්දි චෙෆාකිලා එහෙ නැහැනේ.

      Delete
  2. Replies
    1. කීයක් හරි දෙනවද අපිලටත් .....!

      Delete
  3. අප්පොච්චියේ... නාකි මගේ පපුවත් මක්කද උනා..

    ReplyDelete
    Replies
    1. අප්පොච්චි විතර නාකි නෑ නේද ඔහේ...ඉතිං මක්කවත් වෙන එකක් නෑ...!

      Delete
  4. Replies
    1. කියන්නං එහෙම කිව්වය කියලා...!

      Delete
  5. හප්පා, හිත ගිනිගන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක ලෙඩක් මචං...බෙහෙත් ඕනි නෑ...වැඩිය ගනන් ගන්න එපා..ඉබේ හරි යනවා...:)

      Delete
  6. ඈ ලියූ කවියකින් හරි බ්ලොග් එක අප්ඩේට් වීම සතුටක්....කොහෙද මෙච්චර දවස් හිටියේ...?

    ReplyDelete
    Replies
    1. දුෂ්කරක්‍රියා කලා...පස්වග මහනුන්ගෙන් බැනුම් අහ අහ ඉගෙනගන්න ට්‍රයි කොලා...නයෙක් යට තපස් රැක්කා...ඕන් ඔය වගේ දේවල් කර කර තමා හිටියේ...ආ මාර දුතියෝ මෙල්ල කරන්න උනා...මතකත් නෑ අප්පා කරපු දේවල්...ඔය දරුවා කොහේද හිටියේ...?

      Delete
    2. මමත් ඔය අහල පහලම තමා උන්නේ ඇයි මතක නැද්ද කිරිපිඬු ගෙනත් දුන්නේ හි.හි.හි

      Delete
  7. දැන් මේක ඔහේගෙද...? එහෙම නැහ්නන් වෙන කාගෙවක්ද...?

    ReplyDelete
    Replies
    1. ඔහේ දන්නවනේ මට කවි ලියවෙන්නේ නෑමයි කියලා..ඉතිං ඇයි අප්පා ඔහොම අහන්නේ...!

      Delete
  8. චෙෆාත් ඉතිං ගිනි අවුලවන්නමයි හදන්නෙ නේද.

    ReplyDelete
    Replies
    1. පිදුරු නොදා හිටිං...කටුස්සත් මල එකේ....😂

      Delete
  9. ලදක සනහස කරන උත්තම පිදුම් නේකයි නිමකරනු බැහැ
    හදක ගිගිරුම නොම හැගෙනවා නොවෙයි සොදුරිය ඉවසගනු බැහැ
    පිනක මහිමෙන් නුබව ලද්දෙමි එහෙත් නුබ හා දිවිගෙවනු බැහැ
    කොනක සිට මා පෙරූ පිරුමන් සසර දනහට සහවගනු බැහැ

    Nelliප්‍රින්ස්

    ReplyDelete
    Replies
    1. මතුදා ඔබත් ඔහුත් ඔවුනොත්
      සසරෙන් එතෙර කරන හදින් මිස
      කලකිරීමකින් රහසේම වෙන්වූවා නොව
      ළඳක සනහස උව විඳදරා ගත නොහැකිය හෙට ගැන සිතනා මට...!


      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....