Wednesday 6 December 2017

බින්දි...!



Bindhi by skamal nath


හිරු
හෙට උදෑනැක්කේ
කොට්ටං ගහ අහලින්
එබිකං කොරාවි
 මට

ගිය පාලොස්වකේ ඔච්චං කර පැනගිය
 හඳ
හීං බෝවිටියා පඳුරු අස්සෙන් නියපොත්තක් මෙන් එබේවි ඊලඟ
පෝයට

අව්කූටෙන් බැට කෑ පොල් රුප්පාවෙන් මතුවෙන
රෑ තරු
කඩාවි ඇඟමැලි අහසේ හැම රෑකම

එනමුදු 
අද හැන්දෑකරේ 
කඩමන්ඩියේදී 
ඇස ගැටුනු ඒ නලලේ ඇඳි
රතු තිලකය

හිමි නැති බැව්
දැනුනේ ඇයි 
මට...!!



27 comments:

  1. බින්දි..... හරි අපූරු නම... මේ නම දැක්ක ගමන් මට මතක් වෙන්නේ අර අභිමාන් එකේ සින්දුව... තෙරේ බින්දියාරේ....

    https://www.youtube.com/watch?v=hEyu3-V2qLc

    ReplyDelete
  2. මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...

    -බන්දු-

    ReplyDelete
    Replies
    1. සමරසිංහ නෙවීනේ...ඉඳපිය ..හම්බෙයන්කෝ...!!
      :)

      Delete
  3. තුරුළේ වෙලී ඔහු හා යන අතර තුරේ
    නළලේ තිලකෙ ඇගෙ ආඩම්බරෙන් පිරේ
    ඇඟලේ වතුර වී දෙදෙනා දුටු අතරේ
    කඳුලේ කතාවක් නොකියනු මා මිතුරේ......:)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවි කං හිරවෙලා කිව්වට ඔය තියෙන්නෙ දුමී...:)

      Delete
  4. බින්දි නං බ්ලොග් පැත්තෙ එන්නෙම නෑ. චාන්දි නං පෝයට එනවා... හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි තරු..එයාත් මේ දවස්වල වැහි නිසා නෑ...!!

      Delete
  5. මගේ පුංචි රෝස මලේ .... මමයි නුඹේ වියපත් බඹරා...නුඹ හීනෙන් වත් නොපතන කුමරා.....නුඹ හීනෙන් වත් නොපතන කුමරා.....!!!!
    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනං
      ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න..
      තරහක් නෑ නෑවිත් ඉන්න...!!!

      Delete
  6. "හිමි" නැති නම් ඩේන්ජර් එක 50% කින් අඩුයිනෙ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ෆුලි ඉන්ශුවර්ඩ් නේ...සෝ නෝ ඩේන්ජර්...!
      :)

      Delete
    2. එයාට හිමියෙක් නැතිවුනාට ඉතින් ......
      කමක් නෑ, කන්ඩෙම් වුනත්.

      Delete
  7. තිලකෙ රතු හින්ද.
    මීට පස්සෙ තිලකෙට කලු වෙන්න කියන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. තිලකේ කලුනේ බං...පව් ඌ...!

      Delete
  8. අයියේ ඔය කමල් නාත්ගෙ පේන්ටින් එකක් නේද.
    අයියා බීලද හිටියෙ නම ලියනකොට.
    ඇයි අර skamal nath කියල ලියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. Skamal nath නේද නම පේන්ටර්ගේ...මමත් හිතුව ඇයි මේ කියලා...ආයෙත් බලන්නං...!

      Delete
    2. https://fineartamerica.com/featured/bindi-skamal-nath.html
      මෙන්න මෙතනින් ගත්තේ...SKamal Nath තමයි වෙබ්පේජ් එකේ හැටියට...😂😂😂
      සමහරවිට වෙබ්පේජ් එකට ඩෝප් වෙන්නැති...😂😂

      Delete
    3. සොරි අයියා .
      මම හිතුවෙ මෙන්න මූ කියල.
      https://www.artflute.com/artists/view/kamal-nath

      Delete
    4. කමල් නාත් තමයි.. s සයිලන්ට්.. හැක්. ;)

      Delete
    5. නෝ වොරීස් ඇනෝ....!!
      @කමී...ඒව නං අපි නොදනී...!!!

      Delete
  9. බින්දී කියුවම මං හිතුවේ අර බ්ලොග් එක ලියපු ළමයායි කියල.. බැලින්නම් මේ තව පටලැවිල්ලක් නේ.. :)))))

    මුලින්ම පර්දාව හිමි නැති උනා.. දැන් රතු තිලකයත් හිමි නැද්ද? (ඒ අර්ථයෙන්) අපොයි අපේ කොල්ලොන්ට ඔප්ෂන් ඇත්තෙම නැති වෙනවා ඉස්සරහට..

    ඒ උනාට මේ අංකල් ට නම් මේ වෙන ප්‍රශ්ණයක් වෙන්ටෝනි.. හැක්.

    ReplyDelete
    Replies
    1. කවිය මිස කවියා නොකියවන්න....!!
      එහෙම හොඳයි නේද අංකල්...!

      Delete
  10. අන්තිම පේළි දෙක තුනට එනකල් තේරුනා...

    ReplyDelete
    Replies
    1. ඒ මදැයි..!!
      ඔහොම යං...!

      Delete
  11. තිලකෙ ඇයි රතු

    ReplyDelete
    Replies
    1. හොයල බලන්න ඕනි....!
      හොයාගත්තොත් කියන්නං..!!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....