Saturday 16 December 2017

කඳුළු


















හෙලන්නෙපා ඔය කුළුඳුලේ කඳුළු මේ මා වෙනුවෙන් නං
වැව අද්දර කුඹුක් ගහට තරං හුරු නැහැ මගේ හිතට කඳුළු නං





කජු ගස් ලන්දේ අවාරෙට සැරිසරනා සුදු රෙදි හොරාවත්
උඩවත්තේ කොස් ගස් මන්ඩියේ ලගින දඟකාර මොණරාවත්
නොදන්නා
මට මගහැරුන මා
ඔබට හමුවූයේ අවාරෙට බැව්
නොකී නිසාමද
මේ දරාගනු නොහැකි කඳුලු හෙලන්නේ
අපට හොරෙන්....!

30 comments:

  1. දන්දෙනි කේස්.. හැක්

    ReplyDelete
  2. කඳුල පිරුණු මේ ඇස් දෙක තවම බරයි
    වදුල පුරාවට ගස්වැල් දුකින් හඬයි
    මිදුල දිගේ ඔබෙ මතකය පවන් සලයි
    කඳුල පුරා ඔබෙ රුව හැමදාම සොයයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies

    1. සඳ කිණිති නැමී විල් දියට එබී
      සොයයි සේයාව සඳේ
      ඔබ නෙතට එබී මගේ නෙතද සදා
      සොයයි සේයාව මගේ...!

      -යමුනා මාලිනී පෙරේරා -

      Delete
  3. අලේ මල්ලල්ලෑ.

    ReplyDelete
    Replies
    1. මල්ලල්ලෙත් ලෑ අලේ...!

      Delete
  4. සිත ඔබ පාමුල රඳවා
    බිඳී සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සොතවුල් නොම වේවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
      දුන් සතුට එපමනද මට පවසන්....





      Delete
    2. ඔබ යන්නම යන්නම යනවා නම්..
      මට ඉන්න කියන්නට බෑ නෙ ඉතිං

      Delete
  5. කදුලු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඩෙන හන්දා
    හීන කවදත් මැකෙන හන්දා
    හදේ ගැබුරුම තැනක රන්දා
    කදුලු දුක රහසේම වින්දා...

    ReplyDelete
  6. කඳුළු.. අම්මෝ.. මම බයයි.
    ජයවේවා..!!

    ReplyDelete
  7. මේ මේ බ්ලොග් එකේ ඇනෝ වහලද ඇරලද

    ReplyDelete
    Replies
    1. ඇනොලා අරිනකම් ඇරලා තියයි

      Delete
    2. ඇනෝලා අරිනකං ඇරලා තියමි...😂😂😂

      Delete

  8. අවාරේ උනත් පියාඹා ඇවිත්
    හිත මත්තෙ හිමිහිට වැහුව්වම
    උණු උණුවෙ වැටෙන කඳුළක තෙත
    මේ හැටිම ඝනකම් බව
    සුදුරෙදි හොරෝ
    උඹ දන්නේම නැතිද !

    හිතකට හිතක් ඇලුනම
    ඒ තරම් ඉක්මනට
    ගලවන්න බැරිව බව
    අර දඟ කරන මොනර පැටික්කිට
    කියා දෙන්නට කවුරුත්ම
    නැද්ද හැබෑටම !

    ReplyDelete
    Replies
    1. ලස්සනයි මේ කමෙන්ට් එක...!

      පුංචි දේටත් ඇඬෙන හංදා කඳුළු එක්කම තමා ඉතිං ජීවිතේ..😂

      මොණර පැටික්කියො නෙවෙයි නේද දඟ කරන්නේ.. පිල් විදහා ගත්ත මොණරු නේද....?

      Delete
    2. එහෙනම් මොනර එපා බඹර පැටික්කී කරගන්න අනේ... මොනර මොකෝ බඹර මොකෝ

      Delete
  9. කඳුළු දෙන්න මට හඩන්න.. :'(

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ මාසේ පෝය කියලා ඔහේට...😂

      Delete
  10. හ්ම් හ්ම් හ්ම්....

    ReplyDelete
  11. කජු පුහුලන් හරි රසයි , ලුණු කුඩුයි , ගම්මිරිසුයි එක්ක කාපු කාලයක් මතක නෑ.
    බඩවැටි අස්සෙ රිංගන වෙලාවක පුහුලං ටිකක් කඩන් එන්න . අපිට තේරෙන කවි 😌 😑

    ReplyDelete
  12. මට මතක් උනේ කිතුල් සා...

    ReplyDelete
  13. Replies
    1. එහෙමලු එහෙමලු....!

      😂

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....