Tuesday 21 November 2017

මොනෝක්‍රෝම්



Photo credit SSDS













වර්ණයෙන් අන්ධ
මොනෝක්‍රෝම් ජීවියෙකුට
නොපෙනනා ඒ මිරිඟුව තෙක්
දේවදාර රුක් අතරේ
රතුකුඩයට මුවාවී
යන්න...
යන්න...

39 comments:

  1. රතු කුඩය තමයි පොඩ්ඩක් අවුල්.. මං කියුවේ ෆොටෝ එකේ.. ;)

    ReplyDelete
    Replies
    1. මේක පොඩි ටෙස්ට් එකක්...කලර් බ්ලයින්ඩ් ටයිප්ස් ගොඩාක් තියෙනවනේ..ඉතිං තමාගේ මට්ටං තම්මට්ටං තමා....:)

      Delete
  2. අයියේ මේ කොහෙද බන්ඩාරවෙලද ?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ..බම්බලපිටියේ.. !
      ;)

      Delete
  3. රතු කියලා ෂුවර්ද ළොකු අයියේ...

    ReplyDelete
    Replies
    1. මට නං ඉතිං මොනෝ ක්‍රෝම්...මාතෙට කොහොමෙයි පේන්නේ....?

      Delete
    2. Fun fact: Facebook’s logo and notorious blue color scheme was specifically chosen because Mark Zuckerberg is red-green color blind and sees blue the best.

      Delete
    3. /// Fun fact: Facebook’s logo and notorious blue color scheme was specifically chosen because Mark Zuckerberg is red-green color blind and sees blue the best. ///

      යකඩෝ, ඒකත් එහෙමද...

      Delete
  4. හරියට මොනොක්‍රොම් කවි කියන්නෙ දුකටද? හැක්

    ReplyDelete
  5. රතු කු‍‍ඩේ යටින් ලෑලි පාරේ පියවර තැබුවා ඒ ළමයා....

    ReplyDelete
  6. දේවදාර රුක් අතරේ ???

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑද....ඈ...!!!

      Delete
  7. https://www.livescience.com/33700-bulls-charge-red.html

    ReplyDelete
    Replies
    1. ගොනා කිව්වනං ඉවරනේ ලමයෝ...!

      Delete
    2. කොහි යනවද
      මටත් හොරා...

      ජයවේවා!!!

      Delete
    3. ජීවිතයේ කෙළවරට සන්සුන්ව පියමනින දෝණියේ
      විචාරක දියණිය

      Delete
  8. අයියේ ඔයා මොනොක්‍රෝම් කියන එකේ තේරුම දන්නවද?
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම දන්නෙ ඒකයි ඇහුවෙ

    ReplyDelete
  9. දේවදාර ගස් අතරේ පිපී වැනෙන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ.
    අදින් පස්සෙ මං විතරයි ඈ එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රසිඩන්ට්ගේ හස්බන්ඩ් කියන සිංදුවක්නේ...මරු...!

      Delete
  10. ඔහොම යන්න යන්න කියනකොට කවුද අප්ප ඉන්නෙ ඔය යන කෙනා මෙහෙම කිය කිය යනවා ඇති,

    මම යන්නම් ඔබ කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
    මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
    ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...

    ReplyDelete
    Replies
    1. නෑනේ..යනවා යනවා කියන කෙනාට මෙහෙමත් කියලා තියෙනව නේද දිවුල් ගහක ඉඳන්....!

      ඔබ යන්නම යන්නම යනවානම්
      මට ඉන්න කියන්නට බෑනෙ ඉතින්
      යලි එන්නම එන්නම හිතුනෝතින්
      යලි එන්න එපා මහෙ හිත තහනම්

      :)
      :)

      Delete
    2. ඇයි එච්චරද යන අය මෙහෙමත් කියනෝ..

      මා ඉතින් යන්න යනවා
      මට යන්න අවසරයි....
      මට අරන් යන්න ඇත්තේ
      මේ මතකය විතරයි

      Delete
    3. මතකය ගෙනියනවට චාර්ජ් කරනව කිව්වොත් තියල යයිද..නැත්තං පාඩුයිනේ...!
      :)

      Delete
    4. ඔබට යන්නම ඕනෑනම්
      ඔබ යන්න ඉතිං නික්මී
      මේ කාමරයේ පුරා ‍රැඳුනු සුවඳත් අරගෙන
      ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි..

      පුරහඳ දියවෙනවාසේ කලුවරටත් නොකියා
      ඔබ යන්න කලා සොලසම සපුරා
      හෙට මලගම දා දියවක වී
      හිඳින්න සුදු ඇඳලා
      (ඔන්නං රතු (තැඹිලි) කුඩෙත් ඉහලං හිටහං)

      Delete
    5. කවුරුත් මෙහෙම කියන්නේ නැද්ද?

      ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න..
      සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා..
      සන්සුන් ගමනේ රූසිරි බෝමා
      ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා...
      මගෙ රන්කඳට මම ආදරෙයි...

      ඔබ නොදැක බැරුවා..
      ඔබ නැතිව බැරුවා..
      මඟ සොය සොයා - මුව සල සලා
      සත්තකයි මං ඔබ එතැයි සිතුවා

      මම පෙරුම් පිරුවා..
      ඔබ එතැයි සිතුවා..
      මඟ බල බලා - නෙතු දව දවා
      රත්තරන් මං මග බලා සිටියා...

      ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න....

      Delete
    6. අප්පා මෙහෙ ගීතයෙන් ගීතය වගේනේ ඒකත් මරු වැඩේ

      Delete
    7. කොහේ හෝ නුඹ නතර වී
      කාට හෝ ජීවිතය දී
      තුටින් නම් මට ඒ ඇතී
      මගේ නොවුනට කම් නැතී
      නුඹ
      මගේ නොවුනට කම් නැතී...



      එහෙම කියන්නත් ඇහැකි ඇනෝ....!

      Delete
  11. මොනොක්‍රෝම් කියනකොට මතක් වුණේ පරණ කොම්පියුටර් මොනිටරේ...

    ReplyDelete
    Replies
    1. හිතාගතෑකිනේ මගේ විශොන් එක ඉතිං....!
      :)

      Delete
  12. වර්ණයෙන් අන්ධ
    මොනෝක්‍රෝම් ජීවියාට
    නොපෙනෙන්නේ මිරිඟුව
    විතරක් නොවන හැඩයි..
    ඇයි ගැහැණු හිත?

    ReplyDelete
    Replies
    1. ගැහැණු හිත
      RAL කලර් ස්පෙක්ට්‍රම් එකෙනුත් එහා නේද...?
      :)

      Delete
  13. කලර් බ්ලයින්ඩ් කියන්නෙ 100% මොනෝක්‍රෝම් කියන එක නෙමේ නේද ..??
    එක්කො මේකෙ වෙන මොකක් හරි කුනුහරුපයක් ඇත්තෙ නේ ...???

    ReplyDelete
    Replies
    1. මොනාද අනේ ලෝකේ 100% ක් ටක්කෙටම තියෙන්නේ...!
      මං හිතුවෙ බොටවත් කුණුහරුපේ අහුවේය කියලා..සක්...! :(

      Delete
  14. පින්තුරේ නම් පට්ට. කවිය තේරුනේ නෑ.. මොනෝක්‍රෝම් වලට මම හරි ආසයි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....