Saturday 11 November 2017

ලතා - ඈ ලියූ කව - 4







ලතාවක්ව එතෙමි
වෙලෙමි
සියුම් සිප ගැනුමක්
කෙලවර
ඉසියුම් ප්‍රහර්ශයට
ඉඩදෙමි
එකී හිරිවැටුමෙන්ම
නැවතත් එතෙමි 
වෙලෙමි !





31 comments:

  1. දකින්නට සියුම්
    සියුමැලි වෙළුමක
    ප්‍රහර්ශය
    උවමනාය
    හරි සියුම්
    මනසක්

    හරිම ලස්සනයි Archi

    ReplyDelete
    Replies
    1. මේකෙ තේරුම ඇය ගෙන් අහගන්න ඕනි...තාම කීවේ නෑ නොව....!

      Delete
    2. ඇය ගෙන් අහලා අපිට කියන්න Archi, මට දැනුනේ මේ විදිහට :)

      Delete
  2. මේ කිනම් ලතාද කුසුම ලතාද සෝමලතාද , සෙනෙහෙ ලතාද නාරිලතා ද...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රටාවේ ලතා ව වෙන්න ඕනි...!

      Delete
    2. ඔය මොන ලතෙක්වත් නෙවෙයි අනේ...සඳලතා....😜..!

      Delete
    3. හො හො හෝ..එහෙනම් මේ ඈය...

      https://www.youtube.com/watch?v=tFiSFNTQZws

      Delete
  3. ඉංග්ලිෂ් ෆිල්ම් වල තියෙන අර බූවල්ලංගෙ අඬු වගේ ඒව තියෙන ගස් ජාතියක්ද කොහෙද මෙහෙම වෙලෙන්න. හැක්..

    ReplyDelete
  4. අයියේ මටත් ළඟදි ඉඳල සමහර වෙලාවට හිරිවැටෙනවා

    ReplyDelete
    Replies
    1. හුටා..ඉක්මනට ගෙදර පලයන් මචෝ....!

      Delete
  5. ඈ ලියූ කවි ලතා රසෙන් පිරිලා ඇතේ
    ඈ ලියූ කවිය තුළ නොතේරුණු බව ඇතේ
    ඈ ඔබේ ගෝලයෙකු කියා සැකයක් වෙතේ
    ඈ කවුද කාගේද කිව්වොතින් හොඳ වෙතේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගෝලයෙකු නොවේ මගේ ගුරුතුමිය ඈ...!
      ගෝලයා මම වෙමි...!

      Delete
    2. මට වැටහෙන්නෙම මාරු වෙලා..):)

      Delete
  6. ලතා තාම සිරා කරනවද බං?

    ReplyDelete
    Replies
    1. මොනාද සෑම්....?
      :0

      Delete
    2. සිරාවට ඒක තාම කරනවද ..... සිරාවටද කරන්නෙ

      Delete
  7. ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ වැළඳගන්නෙමු හදවතින් ... හදවතින්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හුටා..එහෙම හිතාගෙනවත් ලිව්වද දන්නේ නෑ......:)

      Delete
  8. ලතා ඔයා පතා ආවෙ ඔතා ගෙන ඉන්න තමා නේ?

    ReplyDelete
    Replies
    1. ලතා මොනා පතා ආවත් ඔතා ගත්තා නොලිහෙන්නම...!

      Delete
  9. Replies
    1. තඩි මෑන්ස් වැටවල් ගහන්න දස්සයා...!!

      Delete
  10. ලතාවකින් කවයක් ගහන්න ලේසියි

    ReplyDelete
    Replies
    1. කව වලින් ලතාවන් ගොතන්න ඊටත් ලේසියි....!

      Delete
  11. ලතා උනත් ලැජ්ජාවෙන් ඇඹරෙනවා ඇති මේ කවි කතා වලට.. :))))

    ReplyDelete
    Replies
    1. ඇඹරී ඇඹරී වෙන්නැති ලියන්න ඇත්තේ ලතා....!

      Delete
  12. චෙෆා ගේ ලතා...
    සංයුක්ත ලතා

    ReplyDelete
    Replies
    1. කොච්චිගේ ලතා
      විවෘත ලතා...!
      :)

      Delete
  13. අම්මට හුඩු සිංහල , ඔයාද අර කුදලාගම ශූරීන්

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ...හෙඩිම නොබලා කොමෙන්ට් නොදමනු කියලා...
      අපි ලියයි මෙහෙම සිංහල....!
      :)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....