Thursday 3 August 2017

පේළි වැහි





එන පසළොස්වක පෝදා
රෑ අහසේ
මක්කටෙයි
දේවතා එළි

දෙවිනුවරට පේළි වැහි වහිනදා
නොතෙමී ඉන්නෙ
කොහොමෙයි
යහළු යෙහෙළි




මොණර පිහාටු මිටි බැඳන්
එල්ලල තෙල් කිරි ගේ වටේ
පච්ච සරම ඉන බැඳගෙන
නාගසලමේ තාලෙට 
එන්න නටන්න
මිහිඳු පෙරහරේ




30 comments:

  1. Replies
    1. නෑ ඒ ලඟින් ගියා...ඊටත් වඩා කෝඳුරු කරදරේ අයියේ...

      Delete
  2. වෙනස්ම විදිහේ නිර්මාණයක් Archi..... තව කියවන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හයියෝ....මීගොමුවේ අය කොහොමෙයි දෙවුන්දර කේස් දන්නේ...කියෙව්වට වැඩක් වෙන්නේ නෑ..එක්ස්ක්ලූසිව්ලි ෆොර් සදර්නර්ස් මේක නං....:)

      Delete
  3. හෙට එනවා ගාල්ලේ.. එන්නෝනි ඩොන්ඩ්‍රා පැත්තේ පොඩි උනුත් අරං බලන්න .. 😊😊

    ReplyDelete
    Replies
    1. හයියෝ....බොස්..මාතර වාහනේ පාක් කරල පයින් මංගච්චන්න..නෝ පාකින්ග්..පොඩ්ඩොන්ට මරු හැබැයි...මාර සෙල්ලං බඩු පොලක් හෑව්..මම නං ඇතිවෙන්න සෙල්ලං බඩු ගත්තා....!!

      Delete
    2. උබ සෙල්ලං කරලා ඉවර වෙලා පොඩි මෙන්ඩ ට දියන්
      (උබ තුල ඉන්න සරල සුන්දර මිනිහට මම ආදරෙයි )

      Delete
    3. දැන්ද සෙල්ලං කරන්න මතක් වෙලා තියෙන්නෙ. හැක්..

      Delete
    4. නෑ නෑ...එදා ඉඳන්ම සෙල්ලං කරනවා...ඒකට සෙල්ලං බඩුවක් දැක්කාම දාල යන්නේ නෑ දැන්නං ඉස්සරවගේ..අරන් තියාගන්නවා...පස්සෙ සෙල්ලං කරන්න..!

      Delete
  4. පුරා අහසේ නැගෙන පෝය හඳ
    ඇස් දෙකින්
    දැක්කමයි
    මට සැනසිලි

    ඉරා ගෙන පාට කඩදහි
    සරසනවා දැං
    ඇත්තමයි
    මේ සැරසිලි

    හොරා ගෙන පද නැටුම්
    නටන නුඹ
    දැක්කමයි
    මට සිතුවිලි

    සිරා වට තෙමිලා නටන්නට
    දෙවිනුවර එනවා
    මක්කටැයි
    මේ මැසිවිලි.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තෙමෙමු අපි
      පේළි වැස්සෙ
      නොහිතාම කෙනෙහිළි

      කරදහි දියවෙවී
      කීයවාවි මැසිවිලි

      පිළීගඳ නොහදුනනා
      දනන් හා ගැටි ගැටි
      නටමු අපි
      හොඳ හැටි...!!!!

      Delete
  5. හැමදාමත් අපිට නොතේරෙන කවි

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ ස්වාමිනි...!

      Delete
  6. මේ කවියෙන් උන එකම සෙත නොදන්න වචන දෙකක් ඉගෙන ගත්තා

    පේළි වැහි
    තෙල්කිරි

    මටත් ආසයි පෙරහැරක් බලන්න යන්ට ඕනෙ හොයාගෙන

    ReplyDelete
    Replies
    1. ඒ මදෑ....!
      ඕන් එකපාරට මුලු අහසම කළු කරලා...
      දංදෙනියට වහිනවා..
      ඒ වැස්ස තුරල් වෙනකොටම රත්මලේට වහිනව...
      ඊලඟට පේලියට ඉන්නේ හුන්නදෙනියනේ..එතැනට වහිනව..
      ඊලඟට කෝට්ටෙගොඩට වහිනව..
      ඊලඟට තලල්ලට හෝගාලා වහිනවා..
      දෙවුන්දර දේවාලේට වැහලා පායනකොට ආයෙත් දංදෙනියට වහිනවා..
      මෝසමේ ඔහොම වහින නිසා අපි
      පේළි වැහි කියනවා....!
      7වෙනිදා 8 වෙනිදා වෙනකොට දෙවුන්දර මහ පෙරහැර...
      ඉතින් ආවානං බූන්දි කන්නත් ඇහැකි...

      Delete
  7. ඔහෙලට පේළි වැහි, මේ පැත්ත වේලෙනව අප්පා.

    ReplyDelete
    Replies
    1. ඉතිං එන්න..පේළි වැස්සේ තෙමෙමු අපි...!

      Delete
  8. නොතෙමි ඉන්නෙ මක්කටෙයි
    නාගසලං වෙන්න ගහල
    නටන එකනෙ ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම හැමෝටම නටන්න දේන්නේ නෑ මේ පෙරහැරේ...මූදු රස්සාව කරන ඈයොන්ට පමණයි....හරිය...!

      Delete
  9. දේවතා එළි දැක්කද?

    ReplyDelete
    Replies
    1. තාම නං නෑ..ලඟදිම පෙනෙයිවගේ නේ.....?
      :(

      Delete
  10. කෑම කඩේ සුදු මල්ලි කාවඩි ඩාන්ස් එවරි ඉයර්

    ReplyDelete
    Replies
    1. පොර මිසින්ග්නේ මචෝ...මේ දිගටම අපිට නෝ බයිට්ස්....!!

      Delete
  11. AnonymousAugust 5, 2017 at 5:25 PM
    AnonymousAugust 5, 2017 at 12:59 AM
    සාරස හෙවත් දොස්තර ලිංගික අතවරආරච්චි තුමා ට හේතු රහිතව අන් අයට චෝදනා සහ අපහාස කිරීමට පසුපසින් ඉඳගෙන උල්පන්දම් දෙන චෙෆාකි නම් අය දොස්තර අතවරආරච්චි ගැන දාන පෝස්ට් ඩිලීට් කරන්නේ උන්ගේ රැල රැකගැනීමටයි. එහෙත් ඒවා ඔබ ඩිලීට් කරන්නේ ඇති.

    Reply

    AnonymousAugust 5, 2017 at 7:50 AM
    අම්මට හුඩු දැන් මේ වැඩේට ඔය චෙපාකියත් ඉන්නවද දන්නේ දෑන්නේ මරු ඈ

    ReplyDelete
  12. ‍රත්තරං ටික..

    ReplyDelete
  13. වර්තමානයේ නැතිඋනත් පෙරහැරක් කියන්නේ එක්තරා විදියක සැණකෙළියක්. අතීත ජන සමාජයේ තොවිල් කාර්ම ශාන්තිකර්ම සොකරි කෝලම් නාඩගම් ටිටර් තමයි මිනිසුන්ගේ සෞන්දර්යාත්මක ජීවිතය ගොඩනැගුවේ . විද්‍යුත් මාධ්‍යයේ ආගමනයත් එක්ක මිනිසුන් එයින් ඇත් වූනා වගේම ඔවුන්ගේ සෞන්දර්යාත්මක ජීවිතයත් බිඳ වැටුනා . මේ කවිපෙළ ඒ අතීතයට මිනිසුන් රැගෙන යනවා

    ReplyDelete
    Replies
    1. පෙරහැරක් කියන්නේ එක්තරා විදියක සැණකෙළියක්... දලදා පෙරහරත්?

      තොවිල් කාර්ම ශාන්තිකර්ම තමයි මිනිසුන්ගේ සෞන්දර්යාත්මක ජීවිතය ගොඩනැගුවේ ...... මිනුස්සු මේවා කරලා තියෙන්න
      සෞන්දර්යාත්මක ජීවිතය ගොඩනගා ගන්න ...අපුරුයි ඔබේ දැනුම කුජිතයි!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....