Saturday 17 June 2017

ඈ ලියූ කව - 2




Leidenschaft in der Kunst: Bilder von Küssen

නිර්මානයකට හිත් දෙන්නී..
ඈ...
සැඟවී සිට වලාකුළු අතර...
නොහිතූ සේ මතුවී කරනා දඟද මේ...!



හැන්දෑ අහස
ගතු කියනා අයුරු
ඉර බිමට දාගෙන
පාට බිම හලාගෙන
ගම ගියපු නුඹම
මට සිහි කැඳෝන

කේලම් කියන ඉඳ හිට
උඹ කියනවද ⁣ඔහුට
ඉර ඉහිරවපු පාට කඳම්බ
මට වැඩක් නැතිම වග

ඔච්චර කේ⁣ලමෙක් නම්
හිත හිත ඉන්නෙ බැරැවද?
සුදුපාට ඇතිරිල්ල යට
හංගන්න පුලුවන්ද
පණිවිඩ?

26 comments:

  1. පන්කාදු පහ හමාරයි

    ReplyDelete
    Replies
    1. ඉතිරි ලකුණු බාගේ කාටදැයි අප්පා....!

      Delete
  2. මොනවා උනත් මේ ඇය ලියන කවි මාර රොමැන්ටික්

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් ....ඈ සෑහෙන්න රොමෑන්ටික් නේන්නං....!

      Delete
  3. ඈ අම්මප... ඈ තමයි ඈ.

    ReplyDelete
  4. ඉයන්..ඔබගේ මේ නොමසුරු ඇගයීම මා වැනි පුඟුලෙකු හට මහමෙරක් මෙනි...!
    මා තව තවත් දිරිමත් කරනු මැන...!

    ReplyDelete
  5. හෑ පුඟුලා කියන්නෙ ආකිටෙක්ට්ටද?
    අදයි දැනගත්තෙ.

    ReplyDelete
  6. අනේ මන්දා. ඇතිරිල්ල සුදු පාට හින්දා ඔය කියන පණිවිඩ හංගගන්න පුලුවන් වෙයිද කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී දැන් අපිලට කවි ලියන්නේ නෑ වගේ...දුකාආආආයියියි අප්පා....!

      Delete
    2. හිතක් ඇතිනම් කියවගන්නට කවි කමෙන්ටුව සතුටකින්
      ඉඩක් ලදවිට චෙෆ්ගෙ බ්ලොගයට පනිමි අරගෙන කවියකින්
      කවක් වෙත ලැදි මිතුර මාගේ කඳුල පිසගනු දෙනෙතකින්
      දුකක් නොමගනු ඉදිරියේ යළි එන්නෙ කවි මල් පොකුරකින්....

      ජයවේවා!!!

      Delete
  7. හැබෑ නේන්නං..මේ පුඟුලා ඇතුලේ ආකිටෙක්ට් කෙනෙක් කියල හිතා ඉන්න එහෙකුත් ඉන්නවනේ...තැන්කූ ඇනෝ මතක් කරාට....:)

    ReplyDelete
  8. මං ආසම විදියේ පදවැල් , ඇයගේ කවි මෙන්ම නුඹගේ ඇල්කොහොල් කවිද රසය

    ReplyDelete
    Replies
    1. ක්‍රෙඩිට් ඇයට....ඇල්කොහොල් මට...:)
      ඇල්කොහොලුත් රසයි කවි බයිට් වලට....!

      Delete
  9. ටොප් හැට අට හමාරයි මල් කලං හතයි තව ටිකයි
    හෙහ් පස්ටයි ඈ

    ReplyDelete
  10. අර පන්නරය සීරීස් එක ලියන්නෙ නැද්ද හැබෑට ..??

    ReplyDelete
  11. කොලේ ඉරාගෙන වත්ද මංදා.. හෙහ්..හෙහ්..

    ReplyDelete
    Replies
    1. කොලේ ඉරාගෙන, කුඩුකරගෙන ගොඩාරියක් කල්නේ කමියෝ...!

      Delete
  12. මේවට කමෙන්ට් කරන්න මම තාම නිසි වයසට එලඹිලා නෑලු

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි මේක ලිව්වේ..මමත් තවම නිසි වයසට එළඹිලා නැහැ තමා ඉතින්..!
      :)

      Delete
  13. Archi... ඔය බිව්වයි කිව්ව බීම එකෙන් ටිකක් මටත් දෙන්ටකෝ...

    ReplyDelete
  14. උබ නිසා දවසක මටත් පිස්සු හැදෙනවා

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....