Sunday 7 May 2017

පාලු සිත...!


 Chrys Roboras

වියැලුන මා
කවි සිත
තෙමනු බැරිය
සොඳුරියෙ
ඔබැ
ආදරණීය
මුරුගසං වරුසාවට....!

එයනම්
මේ කවිසිත
කල නොවැරැද්දක් බැව්
කෙසේ පසක් කරමුද
අප....!!!




40 comments:

  1. හප්පේ මොකක්ද මේ කොරලා තියෙන්නෙ අලුත් ඇඳුම් අන්දලා නේද මට නිකන් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. හෑ මෙන්න දැන් ආයෙත් කලින් තිබුනා වගේ

      Delete
    2. ඈත් වෙලා හිටිය තරම නේ ඉතින්...මොකක්ද කේස් එකක් උනා..යංතං අටව ගත්තා ආයෙත්...හම්මෝ ඔයින් ගියා මදැයි..."

      Delete
  2. වියලුනත්
    ඔය කවිහිත
    මෙපදවැලේ
    රසයනම්
    අඩුවී නැත....

    චෙෆ්..
    දීර්ඝ නිහැඩියාවකට පස්සෙ නේද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ මා
      යා කල
      කවි හිත
      ගොළුව යා නම්
      තනි රැක්ක කවි හිතක
      සුවඳ
      ඉල්ලා හිත හඬයි නම්...
      ලොවට දෙස් දෙමී
      ඔබ නිහඬ නම්......

      දන්නේ නෑ මං... මතක් වෙන හැමවෙලාවෙම කතා නොකලට බැරිම උනාමයී ලියන්නේ........!!

      ඉතිං කොහොමෙයි නිහඬව හතිලන්නේ දුමී....!

      Delete
    2. මේ නිහඬ බව
      කෙටි කලයි
      ඉරි ඇඳී වියළී ගියාවූ
      මතක අතුරෙන්
      එනු ඇතිය නුදුරේම
      හහා අස්වැසිල්ලක්
      කවිකම් හැඩවී
      දළු මල් ඉතිරී...

      Delete
    3. දුමී ගේ කවිය දැක්කා ම මට මතක් උනේ මේ සින්ඳුව
      " මේ නිහඬ බව බිඳෙන්න" - ක්‍රිෂාන්ත එරන්දක

      Delete
    4. ඔව් එරන්දී. හවසට තේ එකක් බිබී පාඩුවේ ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් ලස්සන සින්දුවක්නෙ ඒක.

      Delete
  3. Replies
    1. ආ උඹ තාමත් අවදියෙන්....!
      සතුටුයි ඉතිං මට...ඇත්තටම...!!

      Delete
    2. ඔය නාකි අරු නෙමෙයි බං කෙල්ල අරු

      Delete
    3. සොරි වෙන්න ඕනා දරුවෝ...ටැපලුනා...!

      Delete
  4. එහෙනං ඉතිං මුරුංග වරුසාවට තෙමෙමු...

    ReplyDelete
    Replies
    1. මෙතන චැනල් ෆෝ ලැන්ග්වේජ් එකෙන් උත්තර දෙන්න නොවටිනා නිසා උඹ බේරුනා මනින්නෝ...!!

      Delete
  5. ඔහ්.. ඔය කියුවට වැහි දෙක තුනක් වැටෙනකොට... :)))

    ReplyDelete
    Replies
    1. නියඟින් දා ගිය සිරුර වාරුකර
      බලා සිටිද්දී මා...
      අහක බලාගෙන යන්න ගියා ඔබ
      නෑ නේද ඉතින් යළි
      අහක බලන් යන්නේ

      පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
      දියපොද රහිත ව අකලට මහලු ව
      හඬා වැටෙද්දී මා...
      පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
      නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ

      Delete
  6. මලක සුවඳ විඳ එන පද

    ReplyDelete
    Replies
    1. සති කීපයක හිටං වේලි වේලී...
      ඇහෙන් පමණක් සුවඳ විඳි...
      ලොකු මල් පොකුරක් රිය ඇතුළේ ඇති බැව්...
      පසක් උනෙමි මෙය දුටු සඳ...

      Delete
    2. අපිත් අහල පහල ඉන්නවා කියලත් මතක් කර ගත්තනං..

      Delete
    3. අනිද්ද වෙසක් පෝය..අපි සිල් සමාදන්වෙන්න ඉන්නේ ඉන් අනිද්දාට....!!!

      Delete
    4. අපි වෙසක් පෙරහැර බලන්න මුතියංගනේ යනවා.. දික්කැල්ල පැත්තෙන් ගියොත් අපිටත් සමාදං වෙන්ට පුලුවං වෙයි වගේ..

      Delete
  7. පාළුවේ
    ගිනි කාෂ්ටකේ
    ඉරිතැළුම් අතරින්
    සොයා කවි කඳුලක්
    මඟ බලයී
    මානස විල මත
    පූදින්න සිනා මල්
    කුමුදිනියක්....
    සොයා කවි කඳුලක්...

    Chef Archi... කොහෙද ගිහින් හිටියේ....

    ReplyDelete
    Replies
    1. කොහෙද නොගියේ ....?

      Delete
    2. කෙනෙක් කවි ලියයි

      සමහර උත්තර වල, කවි තියෙයි.

      මේකත් එහෙම කවි සංවාදයක් වගෙයි... හ්ම්ම්...

      Delete
    3. ආ ..ඔය ඉන්නේ කොන් අල්ලන ඇනෝ...!
      මේවත් කවිද අප්පා...!

      Delete
  8. ඤාණකතා කනකොට කවි සිතුවිලි පහල වෙනවයි කියල මම දැනගෙන හිටියෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. විස්කිරිඤ්ඤා පෝස්ට් එකත් මරු...!

      Delete
  9. වියලුනු ඒව තෙමන්න දැල් කඩෙන් බඩු ගේමු.

    ReplyDelete
    Replies
    1. දැල් කඩේ වහන්න කලියෙන් ගනිමු නේ...!

      Delete
  10. කවි හිතකට බොහොමයක් දේ කොරන්න ඇහැකි ලු.

    ReplyDelete
  11. නියමයි

    ජය වේවා ..!!!

    ReplyDelete
  12. කුඩයක් නැත්නං කැප් එකක් දාගන්න

    ReplyDelete
    Replies
    1. කුඩ කැප් රේන්කෝට් අරහං...තෙමෙනවනං ඇඟේ වදින්න තෙමෙන්න ඕනි...ඉලීගල් නෑ නේද..?

      Delete
  13. එල ද බ්‍රා
    කවි නොතේරුනාට ලියන එක

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....