Wednesday 28 December 2016

මුල්ගල් තැබීම - මිල්ලගස් ආර -02


සපරගමු මහ සමන් දේවාලයේ බුදුගෙය 


ගුනසේනයි ඩැනීයි හම්බවෙලා මාසදෙකක් යන්නත් කලියෙන් මාස්ටර් ප්ලෑන් එකයි අනිකුත් ප්ලෑන් ආදියයි ඉවරකරගෙන බුදුමැදුරයි ධර්ම ශාලාවයි පලමුවෙනි අදියර හැටියට හදමුය කියලා මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාව කැමති කරගන්න කරදරයක් උනේම නෑ...ඒකට එක හේතුවක් මගේ ජීවිතේ ඉස් ඉස්සෙල්ලම වාඩිඋන දායක සභාවේ මීටිම.

දායක සභාව රැස් කරනව කිව්වම මම හිතුවෙ වෑසක ඩෑල් ජනරාශියක් කියලා..මොන...! එක එක මාදිලියෙන් විසිපහක් විතර අලුතෙන් සුද්ධ කරල තිබුන යෝජිත වැඩබිමේ රැස්වෙලා හිටියා...කෝකටත් මම සරා එක්ක බොහෝම සොබර් විදියටයි සහභාගී උනේ...වාඩිවෙන්න පුටු අරව මේවා තිබුනාට පොඩි පස්කන්ඩියක් උඩට නැගලා පටන්ගත්තා වැඩේ...කොහොමත් ලොකු මහත්තයා මහත්තයාව ඒ වෙනකොට කස්ටිය දැනගෙන අහවරයි.

මම මුලින්ම තේරුම් කරලා දුන්නා හාමුදුරුගොල්ලෝ සහභාගී නොකරගැනීමට හේතු කාරනා. ඊලඟට බුදුසාදූ ශෝරූම් කන්සෙප්ට් එකෙන් ට්‍රැඩිෂනල් පන්සල් ආරට යන්න හේතු කාරනා. එතනදි මම වැඩිපුරම හුවා දැක්කුවේ, ඒ වෙලාවේ ගමට අවශ්‍යවෙලා තිබුන තරුන අයට පොදුවේ එකතුවෙලා යමක් කරන්න තැනක් නැති කම. මීයට පිම්බා වගේ අහගෙන ඉඳලා කවුරුත් කැමතිද කියලා ඇහුවාම එහෙමයි කිව්වේ කියපු දේවල් තේරිලාද නැත්තං වෙන කාරනයක් නිසාද කියලනං මම හොයලා බැලුවේ නෑ.

කොහොමත් මට තේරුනා ගුනසේනට හාමුදුරුවෝ නැති පාඩුව නං හොඳහැටි දැනෙනවා කියලයි. බහුතරයේ කැමැත්තට ඔහු හිස නමන්න ඇති.

බහිරව පූජාව-පහන් පැල

කොහොමෙන් කොහොමහරි, නැකත් බලලා, බහිරව පූජා තියලා මම තුමාට කියලා නා පැලයක් එහෙම හිටෝලා ඔන්න මුල්ගල් තිබ්බා බුදුගෙට. මුල්ගල් තිබ්බ දා මට තේරුනා අතගැහුවේ මම හිතුවාටත් වඩා බාරදූර කාරියකට කියලා. හේතුව, මම කිසිම දිනක සමාජසේවය කියන සබ්ජෙක්ට් එකට අත තියලා තිබුනේ නෑ. දායක සභාව මේ කටයුත්ත කිසිම තේරුමක් නැතුව මහා උත්සවයක් විදියට සංවිධානය කරගෙන ලැයිස්කීපර බැඳගෙන, මඩුගහගෙන, ගොක් කොල සැරසිලි, පොල් තොරන් බැඳගෙන ලෑස්තිවෙලා තමයි මට එන්න කියලා තියෙන්නේ මුල්ගල් තියන්න. හතර විලි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි මූලාසනේ කතා, මගේ මංවත් නොදන්න ගුනකථන අරවා මේවා ඉවරවෙනකන්  අර පෝරුවේ ඉන්න මනමාල ජෝඩුව වගේ මමයි ශෙෆීයී දාඩිය මුගුරු වැක්කෙරුවේ අනේ අපොයි කියලා මුලු ඇඟෙන්ම හිතාන.
මට හිනාම ගියේ ගුනසේන විසින් කල ආරාධනාවෙන් ගුනකථනය කරපු පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාගේ එක කථාවකට. පලිහක්කාර මහත්තයා කියපි මම ඒ ගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ගමටත් රත්නපුරෙන් පහලවෙච්ච නිල් මැනිකක්ය කියලා. කොහොමහරි නා පැලේ රෝපනය කරලා, බොහෝම ආරුවෙන් දණකිඩ ගහලා මුල්ගලත් තියාගත්තා සාධුකාර මැද්දේ. ඊට පස්සේ පලිහක්කාර මහත්තයා මගේ දෑතම අල්ලගෙන අනේ පුතේ වත්තට යනඑනකොට මාවත් බලලා යන්න අමතක කරන්න එපාය කියලා කිව්වේ බොහෝම භක්තියකින්, ඒ ඇස්වල සෙනෙහස පිරිලා තිබුන හැටි තාමත් මට මතක් වෙනවා..ඒකට හේතුව, ඊට මාසෙකට පස්සේ මම ආපහු මගේ ගොවිපොලට යනකොට, රත්මලේ හංදිය පහුකරලා දෙවෙනි වංගුව පහුකරනකොට පාර හරහා ඇදලා තිබුන බැනරයක තිබුනේ සත්ගුනවත් විශ්‍රාමලත් පලිහක්කාර විදුහල්පතිතුමාට නිවන් සැප ලැබේවා යන්නයි. අදටත් මම ඒ ගේ පහුකරගෙන යනකොට හිතෙන් පලිහක්කාර මහත්තයව මුන ගැහෙනවා.

ආපහු මිල්ලගස් ආරට....වසන්ත බාසුන්නැහේව හොයලා දුන්නේ සරා. තරුණ උනාට වසන්තට හොඳ දැනීමක් තිබුනා පුරාන විහාරවල ගෘහනිර්මාණය ගැන. අපිට ඒ දක්ෂකම සෑහෙන තල්ලුවක් උනා. හිතුවටත් වඩා ඉක්මනට වැඩ කෙරීගෙන ගියේ වසන්තගේ දක්ෂකමත් උනන්දුවත් නිසා.

මගේ හිතමිත්‍ර ටිකිරි බන්ඩා තිලකරත්න මහත්තයා එයාගේ මවට පිංපිණිසය කියලා ධර්මශාලාවේ බැරපැනට කරගැහුවා.

රත්නසිරි ජයසිංහ මහත්තයා සැදැහැවතුන්ට පාවිච්චිය සඳහා වැසිකිලි පද්ධතියකට බැරපැන දැරුවා. ඒ කිසිම දෙයක් ඉල්ලපුවා නෙවෙයි, මම මෙහෙම දෙයක් කරනවාය කීවාම ඒ ඇත්තන්ටම හිත්දීලා වෙච්ච දේවල්.

ශෙෆීගේ මම්මා නැතිඋනේ අපේ ගෙදර ලංකාවෙන් පිට. ඒ ඇත්ති තාමත් මගේ දිහා කොහේදෝ  ඉඳන් බලා ඉන්න බව මම දන්නවා..ඒ ඇත්ති නිසා නොවෙන්න මම දකුනුපලාතේ තැග් ගැහෙන්නෙත් නෑ..ඒක ටිකාක් වෙන්න දිග කතාවක් නිසා පස්සෙ කියන්නං. ඒ ඇත්තිට පින් අනුමෝදන් වෙන්න මේ ආරාමය හදමු කියල තමා ශෙෆී හිත් හදාගත්තේ මොකෝ අපි පින් අතේ වැඩ කරන ජෝඩුවක් නොවෙන නිසා....

කොහෙමෙන් කොහොමහරි, ශෙෆීගේ මම්මාගේ මරණ සංවත්සරය තිබුන මාසේ පාලොස්වක දා මිල්ලගස් ආර ධර්මායතනය විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවයට සහභාගී වීමට එනු මැනය කියා එවූ ආරාධනා පත්‍රයේ, ගිහි අනුශාසක මණ්ඩලයේ මගේ නම උඩින්ම ප්‍රින්ට් කරලා තියෙනව දැක්කම හිනාගියාට ඇඬෙන සයිස් එකට බය උනේ, මගේ නමට පල්ලෙහායින් ඩලස් අලහප්පෙරුමගෙයි, යාපා අබේවර්ධන දෙබෑයොන්ගෙයි නම් ප්‍රින්ට් වෙලා තියෙනව දැක්කමයි. ඒ වැටිච්ච රතු සිග්නල් එක හරියටම තේරුම් ගියේ උත්සවයට යන්න කොළඹ ඉඳන් ඊට ඉස්සර දවසේ යනකොට රත්මලේ හංදිය පහුකරනකොට....

දැන් මේක දිග වැඩියි. ලියල තියන්නම ඕනි නිසා ලිව්වේ...

උත්සවය දවසේ අනාගත් හැටි තව එක කොටසකින් කියල මිල්ලගස් ආරට තිත තියන්නං....!

ප.ලි.: අදම මේ ටික ලිව්වේ, ඔබ පියාණන්ගේ අවසන් කටයුතු අද සිදුවෙන බැව් දැනගෙන මගේ තියෙන කාලකන්නිකම නිසාම අවසන් බුහුමන් දක්වන්න බැරිවීමේ පාපකර්මයෙන් මිදෙත්වා යන සිතුවිල්ලෙනි...ඔහුට නිවන්සුව.

65 comments:

  1. අර දෙන්නත් සෑහෙන දායකත්වයක් දරන්න ඇති...

    මෙයා මේ මෙයාගේ වැඩක් වගේ කිව්වට...

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා තමයි කලේ..මම හැමදාම වගේ මගේ නම දාගත්තා...2020 ඉල්ලන එක ඉල්ලනවමයි..ඔහේ සපෝට් කරනවනේ..දැන්ම කැම්පේන් එක පටන්ගත්තේ ඒකයි....:)

      Delete
    2. ජයවේවා. අපි චෙෆාකිට

      Delete
  2. හ්ම්ම්. අනිත් කොටසත් ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔහේ කියවි...පේනවනේ වෙන වැඩ....:)

      Delete
  3. Replies
    1. වැරදිලා එහෙම වැඩත් කෙරෙනවා අපි අතින්..:)

      Delete
  4. අර දෙන්නගෙ නං වලට යටින් නැතුව උඩිං තමංගෙ නම තිබ්බ එක සතුටු වෙන්න ඕන කාරනයක් හිටං.

    ReplyDelete
  5. හොඳ වැඩක් චෙෆාකි. සමාජ සත්කාරක වැඩ වලට සහභාගී වෙනකොට මල් වගේම ගල් එහෙමත් පිළිගන්න වෙනවා. පොඩි කවියක් දීලම යන්නම්.
    මුල් ගල් තබා ඇරඹුණි වැඩ පිං බිමක
    මින් පෙර නොවූ ගැස්මක් ඇතිවිය හිතක
    ගම්මුන් අතර ජය හඬ පැතිරෙන විටෙක
    මෙන්න සුභ පැතුම් පිළිගණු නිල් මැණික....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ මූනට ආව හිනාව දුමී දැක්කනං මේ කවිය කියෙව්වම....:) :)
      ජයම වේවා...!!

      Delete
    2. කවියකින් හිතක් සතුටු වෙනවනම් ඒකයි මගෙ සතුට, චෙෆාකි.

      ජයවේවා!!!

      Delete
  6. ඒ මිනිස්සු අඩු ගානේ අරුන් දෙන්නගේ නමට උඩින් චෙෆ්ගේ නම දාපු එකම කොච්චර දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික ලියනකං ඉඳහන් යක්සයෝ...!

      Delete
  7. Chef..mail ekak dannako...... mama lihiniyawe


    Kawuda qyalawath balanna

    ReplyDelete
    Replies
    1. ලිහිනියාව කොහේද පුතේ තියෙන්නේ..ඕනිමනං දංදෙනිය හංදියේ ගුනසිරි හාඩ්වෙයාර් එකෙන් අහන්නකෝ ලක්මාල් අයියා ගැන...ගුටි කන්නත් වේවි හැබැයි...!
      ඒ මම නෙවෙයි හොඳේ...අර පහුරේ යන එකා හොඳේ..!

      Delete
    2. Kala waren qwalu....man hithuwa paralage gama kittuwa qyala.....rathmale qwama....sorry wenna ona................

      Delete
  8. // හතර විලි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි මූලාසනේ කතා,මගේ මංවත් නොදන්න ගුනකථන අරවා මේවා ඉවරවෙනකන් අර පෝරුවේ ඉන්න මනමාල ජෝඩුව වගේ මමයි ශෙෆීයී දාඩිය මුගුරු වැක්කෙරුවේ අනේ අපොයි කියලා මුලු ඇඟෙන්ම හිතාන. //

    අන්නේකයි පින්වතුනි සරස තුමා කොල්ලටයි බල්ලටයි බල්ලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ටයි තුමා තුමා කියලා ආමන්ත්‍රනේ කොරලා ඔයි ගරු නම්බු ලබාගැනීමට තියෙන සබකෝලේ නැතිකොරන්නෙ හිටන්!!!

    ReplyDelete
    Replies
    1. සබකෝලේ අම්මගෙ රෙද්ද..යකෝ මූන බලාගෙන අන්දන කොට මලේ හොඳ එකෙන් පනින්නේ..වෑසක ඩෑල් නිසා ඉවසුවා එදා..හැබැයි ඉතිරි ටික කියවහන්කෝ...එතකොට හැඟේවි මෙතුමා ගැන ටිකක්....!

      Delete
  9. හොඳම හරිය ඉතුරු ටික වෙන්න ඕනෙ.බලමු ඒ හරියත්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩෝ ඔහොමත් අපහාස කරනවද ඈ...?

      Delete
  10. අයියෝ හිනා මේකේ සමහර තැන් කියවද්දි කෝ ඒත් හොදම හරිය කියවන්න බලනකොට ඉවරයි . ඉක්මනට දෙන්න ඉතුරු ටිකත්.

    ReplyDelete
    Replies
    1. සොඳුරු..අද හරිම දුක දවසක්..ඒත් මේකේ ඩෙඩිකේශන් එක ඇයට...ප.ලි. කියවන්නකෝ...!
      ඊලඟට ලියන්නං මම මටම හිනාවෙන හැටි...අදනං මාර සංයමයකින් ලිව්වේ..ඇත්තටම...!

      Delete
    2. පලිය පොඩියි කියවන්ඩ බැ

      Delete
    3. @atam...මම කිව්ව ඔහේට කන්නාඩි දෙක ගන්නකොට....!

      Delete
  11. කමක් නැ පන්සලක් හරි බුදු සාදුට showroom එකක් හරි හදලා Chef-Archi කරන්නේ කොච්චර හොඳ වැඩද , වැව්රුකන්නල ලඟින් යනගමන් "ඔන්න ඔන්න වැඳගන්න එහෙ නම් මගේ ගානේ" කියලා පාරේ යනගමන් වන්දවන අයට වඩා නේද Chef-Archi?? :)

    ReplyDelete
    Replies
    1. මේකත් ගීතාංජන ඒජන්සි ටයිප් කොමෙන්ට් එකක්නේ....!
      :)

      Delete
  12. හොඳ වැඩක්.

    මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම..

    ReplyDelete
    Replies
    1. මමත් නොකරමි..මේක උනා ඉබේම...!

      Delete
  13. කුළුදුල් සමාජ සේවකයාගේ ඉතිරි කොටස ඉක්මනට දාපියව්. පින්තුරත් එක්ක ඕන

    ReplyDelete
    Replies
    1. පින්තූර දාන එක හොඳ මදි කියල හිතුනානේ....!!

      Delete
    2. I P චෙක් කොරල C I D එකට බාර දෙනව හිටං. අපි බ්ලොග් හැකර්ල කියන උදවිය හොඳෙයි 😜

      Delete
    3. හම්මෝ දාඤ්ඤං දාඤ්ඤං..FCID එකට නං කියන්න එපා...!

      Delete
  14. නිල් කැටේට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. යමුද මැනික් ගරන්න....?

      Delete
  15. "හතර විලි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි මූලාසනේ කතා, මගේ මංවත් නොදන්න ගුනකථන අරවා මේවා ඉවරවෙනකන් අර පෝරුවේ ඉන්න මනමාල ජෝඩුව වගේ මමයි ශෙෆීයී දාඩිය මුගුරු වැක්කෙරුවේ අනේ අපොයි කියලා මුලු ඇඟෙන්ම හිතාන"

    ඒකනම් මරු

    ReplyDelete
    Replies
    1. කසාද බැන්දෙත් නැත්තේ ඔහොම මගුල් කොරන්න බැරි නිසා...අන්තිමට නහින දෙහින කාලේ උනා කියන්නකො ඔහොම..හපොයි...!

      Delete
  16. මෙච්චර හොඳට කරගෙනගිය වැඩේ අවුල් වෙන්න ද මන්ද යන්නෙ... මොකද දේශපාලඥයෝ ගෑවෙන්නනේ යන්නේ.... මට පොඩි අනුමානයක් නම් තියනවා.. ඊලඟ කොටසින්ම බලමුකොා් ඒක හරිද කියලා....

    කැම්පේන් එක ගෙනියන්න පුලුවන් නිල් මැණික කියලම. :D

    ReplyDelete
    Replies
    1. අවුල් උනේ මගේ ඔලුව...ඉවසන්න...තව ටික දොහකින් ඔක්කොම විස්තරේ දාන්නං පිංතූර එක්කලාම..!

      Delete
  17. "උයන අඳින මහන කෙනෙක්,
    අපේ ගමට නිල් මැණිකක්"


    ඒක කොහොමද කැම්පේන් එකට තේමා පාඨයක් විදිහට? ඈ?

    ReplyDelete
    Replies
    1. මහන කෙනෙක් කිව්වම බුජ්ජාගං කාරයො චන්දේ දෙයිද ? ඈ.....?

      Delete
    2. දෙනව දෙනව එකෙන්ම දෙනව.

      Delete
  18. උබ කියන විදිහට දැන්නම් ගිහිල්ලම බලන්නම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතිං වරකෝ..මම හෙට උදැහැනෙක්කේ ඉඳන් වන වදිමි...!

      Delete
    2. ඇත්තටම යන්න ආසයි මචෝ

      Delete
  19. ලොක්කා .... මන්ද නාව කාරනාව ....යන්න යමුකෝ වන්දනාව....මට හරි පාලුයි ලමයෝ....
    ලියපන් මේ සීරිස් එක නැගලා යනවා. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොස් එක්කෙනා..මෙව්වා වෙලා බොහෝ කල්...අපිලට මාර අමාරුයි මතක් කොරගන්න..මොකෝ මගේ සිස්ටම් එක ඕනෑ නැති මල ඉලව් හුටාස් ගාලා ඉරේස් කොරනෙක...අහපංකෝ අර අටම් අයියගෙන්....!

      Delete
  20. ම්...., ඉන්සුවරන් කොම්පැනි වල ලියුං වගේ ඉස්මෝල් ප්‍රින්ට් එහෙකුත් තියෙනවා අන්තිමට....
    තේරුං කරලා කිව්වනං ආයිබෝං.

    ReplyDelete
    Replies
    1. හැට්ටර්...කමක් නෑනේ එහෙම කීවාට...ඔය ඉස්මෝල් ප්‍රින්ට් එක නොකියවන එක තමයි සිරිලංකාකික කේස් එක...හේතුව ඒක වෙස්ටර්න් ආකල්පයක් නිසා..අපිලා නං කියවන්නෙම ඉස්මෝල්ම ඉස්මෝල් ප්‍රින්ට් එක ඉතරයි...
      මෙහමයි විට්ටර්..එහෙම කීවට කාරි නෑනේ...මේක ලියන්න හිත්දුන්නේ මගේ හිත් පොජ්ජ ඇන්න ගිය ඇත්තිගේ අප්පොච්චාගේ මළගේ අමතක කොරපු ආනිසංසේ නිසා නොව..ඕව කොම්ප්ලිකේටඩ් සබ්ජෙක්ට්ස් වෙච්චි ඔහේලට තේරුන් යන්නේ නෑ මා දෙයියෝ...!

      Delete
  21. ඔහේගේ දායකත්වය වගේම ගමේ ඈයන්ගෙත් අර හිතවතුන් ගෙත් දායකත්වය ට වඩා අර දෙබෑයො උඩ යන්න ඇති.
    ඔය දෙබෑයන්ගෙ දරුවො නම් කොච්චියාගේ ළඟ හිතවත්තු... අද වෙද්දි මට හිතාගන්න බැරි මට්ටමට උන් ආත්මාර්ථකාමියො වෙලා..

    ReplyDelete
    Replies
    1. ඩලස් ගොයියට ඉන්නවද අපේ වයසෙ ලමයි

      Delete
    2. යාපා දෙබෑයොන්ට බං අටම් කරදඬු උස ගිය දරුවො ඉන්නේ...ඩලස්ට නෙවි...

      Delete
    3. අටං.. කියෝපන් හරියට..දෙබෑයො

      Delete
    4. ඔය කයි ගැහුවට ඕකට හිංගල බෑ බං...ඒකයි....:)

      Delete
  22. යන තැනකට පිනක් දහමක්....

    ReplyDelete
  23. නිල් මැණිකට වැඩි වැඩියෙන් පිං අතේ වැඩ කර පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි වේවා කියා පතමි...

    ඒ වගේම ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරමි...

    ReplyDelete
    Replies
    1. සෞභාග්‍යය පොකුරු පිටින් වැසි සේ ලැබේවා 2017 දීත්....!!!!

      Delete
  24. මාළු බාල අපායෙ යන්ඩ තිබ්බ චාන්ස් එක පන්සලක් හදල නැතිකරගත්ත නේද ? අපරාදෙ අපිට එහෙදිත් හම්බවෙන්න තිබ්බ චාන්ස් එක.
    නිල්මැණික හෙක්....ඒක කියන්ඩ ඇත්තෙනම් ඔහේට නෙමේ චෙෆීට

    ReplyDelete
    Replies
    1. හම්බෙමු එහෙදි ලඟදිම.....!

      ෂෙෆී දොඩම්පහල ගංකාරයෝ...අපිලට තමා නිල් මැනික කිව්වේ...පව්නේ අප්පා අපි...!

      Delete
  25. අර පලිය නං තේරුනේ නෑ ඉතිං..

    ReplyDelete
  26. ඒ කියන්නේ කාලෙක ඉඳන් නිවන් යන්න ලෑස්ති වෙනවා වගේ

    ReplyDelete
  27. මට හිතෙන්න්නෙ ඕක උන්ඩ්දෙන්නගෙ බත් ගොට්ටො හරි නැත්තන් උන්ගෙන් බේරෙන්න ඕන නිසා ගමේ උන් අහින්සක කමට කල දෙයක් හරි කියල. බලමු ඊලඟ එක.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....