Sunday 2 October 2016

Confused breakfast


උදේ ආහාර වේලක්...මිනිත්තු හතරේ බාගෙට තැම්බූ බිත්තර දෙකක් සහ පාන් ටෝස්ට් පෙති දෙකක පින්තූරයක්


කටු අනෝදා වගේද
මුරුසි අන්නාසි වගේද
වැලි ආතා වගේද
පැණි වරකා


තම්බපු මුං ඇට
තම්බපු කව්පි
තම්බපු බතල
වගේද බාගෙට තම්බපු බිත්තර හැන්දෙන් කනකොට...උදේට..


පොල් සම්බල්
සුදුබත්
කිරිහොදි එතුනු
හාල් පිටි ඉඳි ආප්ප
වගේද ටෝස්ට් පාන් එක්ක මාමයිට්

ඔය ඔක්කෝටම වඩා
නරක නැද්ද හැබෑට
කිඹුලා බනිස් එක්ක
ආනමාලු....


66 comments:

  1. අලිපේර ක්‍රීම තැවරී
    මී පැණි ටිකක් ඉහිරුණු
    පරළු පාන් පෙති තුන
    ටිප් ටොප් පාතරාසය

    ReplyDelete
    Replies
    1. උඹ කියයි..උදේට ඔෆිස් එකට යනකොට කොළඹ ඉටිකිරිස් කෑලි අලි බත් ගෙඩියක් ලිහාගෙන කනකොට මුලු පලාතම හරි සුවඳයි...සැක්...!

      Delete
    2. යකෝ මට කියුවේ ඔපිස් එකම ගන්දස්කාරයි කියලනේ

      Delete
    3. ගඳත් එක්තරා සුවඳක්මය....නැද්ද හා...?

      Delete
    4. බත්මුල් ලෙහෙනකොට මුලින්ම එන සුවඳ නම් අප්පිරියයි

      Delete
  2. පිටරටින් තිරිඟු පිටි ගෙනල්ලා හදන දේශීය ඉදිආප්ප, ආප්ප, රොටි වලට තමයි අපි නම් කැමති. ඔය ලංකාවේ කිකිළියො දාන බිත්තර, ලංකාවේ හදන බටර් එහෙම තියෙන විදේශීය කෑම ජාති වලට අපි විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මම නං උදේම ගියා කුකුල් කොටුවට...එකතු කරන බිත්තර වලින් දෙකක් විනාඩි හතරක් තැම්බුවා...වත්සිගේ උදේම දෝපු උනු කිරි කෝප්පයක් බිබී ..පතබෑවා බිත්තර දෙක...වෙන මොන සැපක්ද අනේ ඔයිට එහා..කොහෙද ඉයන්තුමා කිලෝමීටර විස්සෙන් එහා යන්නේ නෑනේ..නැත්තං දෙන්න ඇහැකි හොඳ සැපක්...!

      Delete
    2. මල ජරා එලකිරි , ඊට හොදයි උඹ හදන කහට නැති , සීනී නැති ටී එක

      Delete
    3. ඕක තමයි අපේ රටේ කරුමේ..නෙස්ටමෝල්ට්, ඇන්කර්, රත්තී අරක මේක ඇදලා අරිනවා සුරුස් සුරුස් ගගා..මගේ ආදරණීය වත්සිගේ කිරි අරහං...අරව හදන්නේ මොකීගෙන් දොවලද බොල...!

      Delete
    4. අපේ රටේ කියුවෙි ඕමාන් වලද ඩෙන්මාර්ක් වලද

      Delete
    5. එලදෙනගේ නම වත්සලා?

      Delete
    6. @ප්‍රා ජේ නෑ වත්සි...ඇයි...?

      Delete
    7. ඒ පෙට් නේම් එකනෙ වත්සලාට

      Delete
    8. ඉතින් වත්සි මගේ පෙට්නේ..!!!

      Delete
    9. අඩෝ ශෙෆාකි.....හුරතලේට මාව හදාගනින්කෝ.

      Delete
    10. This is getting disgusting. You all are filthy.
      I'm going to talk to some dead people for a change.
      Bye.

      Delete
  3. උදේම තම්බපු බිත්තර
    දෙකක් හොදටම ඇති
    එහෙම නැත්තං
    අයියාගේ කඩයේ
    අාප්ප හතරක්
    ඇඹුල්කෙහෙල් එක්ක

    ReplyDelete
    Replies
    1. සිරිල් අයියා ලෙස නිවැරැදි විය යුතුය

      Delete
    2. සුනිල් අයියාගකඩේ
      ඉස්සරහ බංකුවේ
      බයිසිමොටෝ එක තියාගෙන
      මුලු රදම්පොලටම පේන්න
      හිමිදිරියේ කන
      රතුහාල් පිටි ආප්ප දෙක තුනේ රහ
      කොහෙද බං රාජගිරියේ..!

      Delete
    3. හුටා...සිරිල් අයියා ලෙසම නිවැරිදි විය යුතුය....

      Delete
    4. සිරිල් මල්ලී නේද චිත්‍රපටයේ නම?

      Delete
  4. Replies
    1. හම්මේ ඇතියංතං උත්තරයක් හම්බඋනා..."

      Delete
    2. මං හිතන්නෙ උඹ වැරදියට ගත්තා උත්තරේ

      1. (ක‍ටු) අනෝදා තමයි හොඳම

      2. තම්බපු කව්පි තමයි හොඳම

      3. පොල් සම්බල් කිරිහොදි සමග හාල්පිටි ඉඳි ආප්ප තමයි හොඳම (තුන්වෙනි දවසෙ ටෝස්ට් පාන් එක්ක වෙජිමයිට්)

      4. හොඳයි. නමුත් ඉහත කිව්ව තේරීම් එක්ක තරඟ කරන්න බෑ.

      Delete
  5. නඩේ ගුරා හා සෙස්සන් කළබලයෙන්
    බඩේ ගින්න වැඩි වීදෝ නිමේෂයෙන්
    අඩේ සගයිනේ මොක කෑවත් උදයෙන්
    බඩේ තරමකට කාහං වැඩි වැඩියෙන්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගුරෙක් නොමැත නඩයකි මේ සිටින්නේ
      බඩේ ගින්න උදයෙන්මයි නැගෙන්නේ
      පාතරසයේ ඇති වෙනසින්නේ
      බඩේ තරම අපහට කියලා දෙන්නේ...

      Delete
  6. මට නම් උදේට බත්, මස් අප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. මට නං, බඩගිනි නං, ඕනි දෙයක්....
      අපේ ගෙදරත් ඉන්නවා උදේට ස්පයිසි ස්ටෆ් අප්‍රිය කෙනෙක්...ඉතින් උදේට නානාප්‍රකාර කෑම මේසයක් හැදෙනවා අර උඩින් කියල තියෙන ආකාරයේ....!

      Delete
  7. දෙලුයි පොල් සම්බලුයි...මිරිසට උයපු බලමාළුයි !!!

    ReplyDelete
    Replies
    1. ඒ උදේට...ඒ උනාට ත්‍රස්තවාදියා වැඩියෙන්ම ආසා පුහුල් ව්‍යාංජනයට බව නං අපි දන්නවා....!

      Delete
    2. දුවන පුහුල් මිරිසට වඩා හොඳයි!

      Delete
    3. ඇයි සා රස ඒකේ ඩෙවල් එකත් මරු...ක්‍රැක්ලින් කර කරස් ගානට ගත්තමත් බියර් වලට චෝයි...!

      Delete
  8. හීල් බත් පිඟානයි
    පොල් සම්බෝලෙයි,
    බල මාළු හොද්දයි.
    කියල වැඩක් නෑ බන්.

    ReplyDelete
    Replies
    1. හීල් බතට සුදු හාලේ බත මරු..උනු උනුවෙන්නං රතු කැකුළු....!

      Delete
  9. මාතලන්ට නම් කැමති ඕනම දෙයක් අත ළඟ ඇත.. මුදලද බොහෝ සාධාරණය....

    ප්‍රියතම කීපයක්ද ඇත..

    කොළ කැඳ, පොල් රොටි හා කට්ට සම්බල, ඇඹුල් තියාල් සමඟ ආප්ප, කිරිහොදි පොල්සම්බල් තම්බපු බිත්තර සමඟ ඉඳි ආප්ප. රෝස්පාන් හා කළුවට හැදූ නැට්ට කොට හෝ කරත්ත ඇන්ජින්, හාෆ් බොයිල් එක් බටර් විත් අමු පාන්, රෝස්පාන් හා ටෙම්පර්ඩ් පරිප්පු. කිරිබත් ඇඹුල් තියාල් හා කට්ට සම්බෝලය සමඟ.. බිටිස් බෙක්පස්ට්.. ඉන් කීප්යකි...

    ReplyDelete
    Replies
    1. කරත්ත ඇන්ජින් දැන් කැලේ නැට්ට කොට හොයනවටත් වඩා දුලබයි මාතේ...තලේබාන් කේස්නේ....!

      Delete
    2. කරත්ත ඇන්ජින් නම් මාත් කනවා. ඒත් මේ වේසිගේ පුතලා මරන්නේ ගොඩක් විට අහිංසක මිනිස්සුන්‍ේග හරක් හොරෙන් පන්නන් ඇවිත්

      Delete
  10. ඕවා වගේද ටිකිරි මාරි පැකට් එකකට කිරි වක්කරලා කන එක....

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා මූනූපොතේ ඔහේට හුඟකාලෙකින් මාරිව මුනගැහිච්ච වග...!

      Delete
    2. ඒ උනාට වැඩක් නෑ අප්පා. ඒවා ලොකු මාරි. ටිකිරි මාරි තරම් රහ නෑ

      Delete
  11. කිරිබත්, සීනිසම්බෝල, කට්ට සම්බෝල සමග මිරිසට හැදූ තලපත් මාලු.....යහපාලනේට පින්සිද්දවෙන්න!

    ReplyDelete
    Replies
    1. ඒ කොම්බනේෂන් එකටනම් හකුරු කෑල්ලකුත් ඕනිමයි මටනං....!

      Delete
  12. මේ දවස්වල උදේට කන ජැමෙයිකා සිටි හෝටලේ පෙපර් බීෆ් සමගින් දුවන් පුහුල් ඇත රාලේ

    ReplyDelete
    Replies
    1. රස්ටාමෑන් කෙනෙක්ද ඒ හෝටලේ ශෙෆා...!

      Delete
    2. දෙයියන්ගෙ පිහිටෙන් නැත..

      Delete
  13. "දුවන පුහුල් දැක නොදමන් නෙලූ පළා" කිව්වලු. අපට කොයින්ද දුවන පුහුල්!

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ අර දුවන පුහුල් රූම් එකක්ම තියෙන්නේ අල්ෆෙයාර් එකේ...කම්මැලියා...!

      Delete
  14. අනේ ඉතිං
    අපිට කොහෙද
    බාගෙට තම්බපු බිත්තර
    හැන්දෙන් කන්න

    කඩේට ගොහිං
    ඉඳිආප්ප එක්ක
    පරිප්පු මස් හොදි
    වඩේ එක්ක ප්ලේන්ටියක්

    ReplyDelete
    Replies
    1. නෝනාගෙන් ණයට බිත්තර දෙකක් ඉල්ලගන් උදේට..තම්බන හැටි මාරයා කියාදුන්නානේ..මතක නෑද දැන්...?

      Delete
  15. කන්න නැති අපිට මක්ක දුන්නත් රජ බොජුන්.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අපිල නම් හොයාගෙන කන්නේ..අපිට ඉතින් කව්ද කන්න දෙන්නේ...!

      Delete
    2. ඇත්තටම මේ ජීර්ණය වන ආහාර ගැනද අපි කතා කරන්නේ.. හෑ..

      Delete
    3. නැතුව නැතුව....:)....!

      Delete
  16. ෆුල් ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට්......බොරු බං.... පළවෙනි ආහාර වේල දවල් කන දෙයක් තමයි.ජූස් එකෙන්, ප්ලේන්ටීයෙන්, කෝපි එකෙන් ඇදගෙන යන්න පුලුවන්. උදේට කාලා නැතුව ඇති මතක ඇති කාලෙක.

    ReplyDelete
    Replies
    1. නරක පුරුද්දක් නේද උදේ වේල අතපසු කරනෙක....?
      බිත්තරයක් දෙකක්, ස්ට්‍රීකි බේකන් ඉරුදෙකතුනක්, ලාඩ් වලඉන් ග්‍රිල් කරගත්ත තක්කාලි පලුදෙකක් එක්ක පාන් පෙත්තක් ඇදබාන එක උඹට මහ අරුමයක් නෙවෙයි නේද අරූ..කෝපි මග් එකක් ඕනිමයි ඒකටනම් නැද්ද...!!!!

      Delete
    2. ඔව් බං හැමෝම කියන්නේ උදේට කාපන් හොඳට කියලා. ඒත් මට දවල් පහුවෙනකම් කෑම දැකීමත් වාතයක්. පුරුද්දට ගිය නරක වැඩක්. අපි කොහොමත් නරකයිනේ බං :D

      Delete
  17. හෙහ් හෙහ් ...ඒකට අපි.

    උදේට නොකන්නෙ මොනද? එකම අවුල රෑට ඉතුරුවෙන ජාති කලවන් කරල ගෙදරම හදන එක විතරයි. ඔක්කොම අවුල් වැහෙන්න කලිම්ම දිය බත් කෝප්පයක් ගහනව.

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා...ඔහේට නෝනා කන්න දෙන හැටි......හුහ් දියබත්...බොරු කියන්නෙපා පව් සිද්ධ වෙනෝ....!

      Delete
  18. බත්මුලක් බැඳගෙන ගිහින් කාපු කාලයක් මතක නෑ. මේක කියෙව්වම ආසා හිතුනා. කොලපත් පට්ටේ බැඳපු බත්මුල් මතකද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න විචා, කොලපත් පට්ටේ බැඳපු බත්මුලක් නං කාලා නෑ..හැබැයි, ගොයම්පාගනකොට ගොඩපර කොලේ තියපු ඇතුල්පතේ නං ඇඹුල කාලා තියෙනවා පොඩි සංදියෙදි...!

      Delete
  19. පොල් කට්ටට වතුර අරන්
    මූණ සෝදලා විගහට
    හීල් බත් මිටෙන් සෑහි කහට උගුර බී හනිකට
    පස්ස ඉරුණ කලිසම ඇඳ අකුරු කරන්නට යන විට
    මල් නො පිපුණු බව සැබෑය මගේ පුංචි පා සිඹින්න

    තනි ලන්දේ තනි ගමනේ හිතට බියක් නො එනාගල් උල් වී පුංචි පතුල් එක විදියට රිදුණා
    පය හීරී ගලක කඳුළු හිත අස්සෙම මිදුණා
    ඉගෙන ගන්න පුංචි හිතට තව දයිරිය ලැබුණා

    පොල් කට්ටට වතුර...
    දුක දැනෙන්නෙ නෑ අක්කේ මගෙ හිත පුරවා තියන්න
    කර රිදෙන්නේ නෑ කුඩේට මට පුළුවනි වැලි අදින්න
    අපේ අම්මගෙ සොහොන පුරා ඇගේ පැතුම් මල් පිපෙන්න
    පියා කියලා දුන්නු පාරෙ යමු අක්කේ දුක නිවන්න

    ගායනය: රන්ජන් ජයතිලක
    පද රචනය: නෙල්සන් දේමුණි
    සංගීතය: නාමල් ගුණසේකර

    ReplyDelete
  20. පෝස්ට් මකා දමන බ්ලොග් මකා දමන සංවිධානයට බැඳුනද?

    ReplyDelete
    Replies
    1. බැඳුනේ නෑ...මැකුව විතරයි...එහෙම කලාට කමක් නෑ නේද ඉයන් තුමා...!

      Delete
  21. මෝඩයා කෝ ...........හැක්

    ReplyDelete
    Replies
    1. ගැලෙව්වා මල්ලී...මෝඩ වැඩියි ඒ පෝස්ට් එක....සමාවෙන්ඩ ඕනි..."

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....