Tuesday 11 October 2016

ආදරණීය පරිප්පු....!

බැදපු තුනපහ මුහුවුන
හතර පාරක් හෝදපු පරිප්පු
ඔලිව් ඔයිල් වලින් තෙම්පරාදු කරපු

නැත්‍තං....

දෙපාරක් හෝදපු පෙඟවපු පරිප්පු
එවෙලේ කොටපු තුනපහ සමගින්
මිරිස් කුඩු යහමින් මුසු උන
අම්මා කෙසෙල් කොලේ ඔතන බත් එකට
හදපු පරිප්පු තෙම්පරාදුව
අමතක නැති රස නිසාම
යල් පැනගිය මගේ රස නහර


ඔයාගේ ආලවට්ටම් ඉහුම් පිහුම්
මගේ යල් පැනගිය කෑම වට්ටෝරු
කොහොමද අපි
කවදා කොහේ හරි
බෙදාගෙන රස කරමින්
වේලක් දෙකක් වත් තලු මරමින්
රස විඳින්නේ..

අපි එතරම් දුරස් නම්
අපි එතරම් වෙනස් නම්
කොහොමද ඉරේ එලියෙන් හඳ බැබලෙන බැව්
ඔබ මා පිලිගන්නේ......!











58 comments:

  1. පරිප්පුවට හාල්මැස්සන් එකතු කරලා උයලා තෙම්පරාදු කළාම තමයි චෝයි!

    ReplyDelete
    Replies
    1. හාල්මැස්සන් කෙසේ වෙතත්, තලන බටු, නිවිති, සාරණ, කොහිල දළු වලට නම් පරිප්පු දාලා ඉව්වම යස අගෙයි...!
      මගේ නම් ෆේවරිට් එක පරිප්පු වඩේ...වැඩේ කියන්නේ වඩේ හදන්නේ කඩල පියලි කරලනේ...කඩල පරිප්පු වලින්නේ..!

      Delete
    2. ඕන්නං මසුර් පරිප්පු ඔලිනුත් වඩේ හැදියැකි. ඉන්නවකො ඔහෙට මං හදල පෙන්නන්ට.

      Delete
    3. @හැලපේ...ඒවා යුතුකම්....!

      Delete
    4. පරිප්පුයි හාල් මැස්සොයි එකට උයල කවදාවත් කාල නැහැ. ඒකෙත් හැටි. නිවිති දාල තමා අපේ ගෙවල් වල හදන්නේ.

      Delete
  2. පරිප්පු නම් මක්කද අප්පා. සුද්දා ගිය දා පටන් අඩුවක් නැතිව කන එකනේ...

    මොකෝ පරිප්පු වඩේ එක අමතක උනාය....

    ReplyDelete
    Replies
    1. පරිප්පු නැතුව කිසි ගතියක් නෑනේ මාතේ අර කස්ටියකට යුද්ධේ නැතුව වගේ....
      පරිප්පු වඩේ සමග ටී බනිස් මේ සංසාරෙදි අමතක කරතෑකි දෙයියනේ...!

      Delete
  3. රසික ගේ කොමෙන්ටුව පිටුපස මාතලන්....

    මේකනම් කුමන්ත්‍රනයක් අෆ්ෆා!

    මීට,

    ගිනි තියන කස්ටිය!

    ReplyDelete
    Replies
    1. ගෝලයයි ගුරයිලුනේ....ඔහේලා අපි මරා ගත්තට, ඔය ලොක්කෝ එක මේසේ මගුල් කන්නේ..අර මේ ලඟදි පොටෝ එහෙමත් දාලා තිබුනේ එක මේසේ ඉඳන් පරිප්පු කන හැටි....!

      Delete
    2. ඔය ඉදල හිටල වලියක් ගියාට රසික මාතයගේ ලව් එකනෙ

      Delete
    3. // ඔය ඉදල හිටල වලියක් ගියාට රසික මාතයගේ ලව් එකනෙ //

      භීබත්ස රසය කියා දේකුත් තියෙනවා නේ....

      Delete
  4. යසට කහයි සුදු ළුෑනුයි දමාලා
    කිරට ලුනුයි උම්බලකඩ තලාලා
    රසට පිසෙන මැටි ඇතිලියෙ උයාලා
    කටට කෙළ උනයි මතකයෙ මැවීලා

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද කවදද කවි පොතක් ගහන්නේ

      Delete
  5. පරිප්පුයි නිවිතියි පෑහේන්නේ නැද්ද අයියන්ඩි..

    ReplyDelete
    Replies
    1. මොකෝ පෑහෙන්නේ නැත්තේ..බලන්නකෝ අර රසිකට දාලා තියෙන රිප්ලයි එක..යස අගේට පෑහෙනවා..හැබැයි නිවිති නම් ඉතින් කොස් ඇට දාලා ගත්තාමත් මරු..ඊටත් මාරයි දෙල් උයනකොට, ඉදීගෙන එන බොරේට නිවිත් කොළ පිටින් අහුරක් දාලා ගත්තම...ඔහේ කාලා ඇති එහෙම...!

      Delete
  6. ලෝකෙ දෙකොනක හිටියත්
    දවසට එක වේලක් වත්
    පරිප්පු නොකන බව
    කියන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. සිංහලයා මෝඩයා
      පරිප්පු කන්න සූරයා කියල එපැයි කියන්න හිටං...!

      Delete
  7. මට අපේ කුකා පරිප්පු එපා කරවලා තියෙන්නේ...
    ඌ හදන ජරා පරිප්පු හොද්ද වගේ එකක් මම අඩු ගානේ කැම්පස් එකේ කැන්ටින් වලින්වත් කාල නැහැ...
    ඒ මදිවට දෙහි ගම්මිරිස් නැති, මිරිස් කුඩු සහ ලුණු විතරක් දාල අනල ගන්න සම්බෝලෙකුත් එවනවා බත් මුලට...
    ඒක දැක්කම ඉතින් උදේ පාන්දර බඩ පපුව දඟලනවා...

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ නෝනට උයන්න ඇහැකිය කියලා...ඔහොමත් අවලාද කියනවද අප්පා...!

      Delete
    2. අද උදෙත් රස විංදා සම්බෝලේනං.. ඌ පරිප්පු උයන්නේ බැදල.. මමනං ගෑවිච්චි බත් ටිකක්වත් කන්නේ නෑ.. වාසනාවං..

      Delete
    3. චෙෆ්,
      නෝනට උයන්න පුළුවන් උනාට අපිලට උදේ දවල් වේල් දෙක කන්න වෙන්නේ මෙස් එකෙන් නොවැ...
      ඔය තව එකෙක් ඇවිත් අපේ කුකා ගැන සහතිකයක් දීල ගිහින් තියෙන්නේ...

      රෑට නම් ඔන්න ගෙදරින් කෑම...

      Delete
    4. එහෙම කියන්න එපැයි ලොකූ....!

      Delete
  8. කවියෙන් පරිප්පුය
    රතුහාල් සහ මැල්ලුමය
    බඩේ බේකන්ය
    ස්කැම්බල්ඩ් එග් සමඟ

    ReplyDelete
    Replies
    1. @ ඉයන්-
      ඒ බොරුය..
      ඒ උදේටය...
      අපි හරිම වර්සටයිල් සංහිදියාවාදීන්‍ ය..
      තෝසේ මසාල වඩේද කමුය...!


      @Pra Jay..
      මදිය....හැක්...!
      එතරම්ම ප්‍රජාතන්ත්‍රවාදීය...
      කන ඇත්තෝ ඇති පදම් බෙදාගෙන ලුණු යහමින් දමාගෙන බුදින්නෝය...!


      Delete
  9. chef-Architect, බොහොම ස්තුතී රෙසිපි වලට. හැමදාම වගේ ලස්සන නිර්මාණශීලි නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඔහොමත් අපහාස කරනවද මේ අහිංසක ඇල් බෝඩ් කාරයොන්ට...ඔහේලාට වගේ ගැට්ට තියලා බරසාර වචන ගලපන්න අපට නම් බෑ තමයි...
      රෙසිපී..මයි ෆුට්..හුහ්...!

      Delete
    2. ඔහ් සමාවෙන්න... ඔබේ කවි බොහොම බර සාරයි. කවිය අතරේ ලියවුනු රෙසිපිත් බොහොම රසවත් නිසා ඒ ගැනත් සදහන් කළා. මගේ කවි නම් ඉතිං...... :) හා හරි හරි ඉතිං මෙලොරහක් නැ..

      Delete
  10. මාර පරිප්පුවක්නේ.. මං කියුවේ ඉරයි හඳයි වගේ ඈතක ඉන්නවනං එකට කෑම වේලක් කන්න මාර පරිප්පුවක්නේ කන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි හදමු ඉරයි හඳයි යාවෙන ඉසව්වේ පොඩි මුලුතැන්ගෙයක්..එතකොට ඇහැකි ඕන පදං පරිප්පු උයාගෙන කන්න දෙන්නා එක්ක...!

      Delete
    2. ඔයාල දෙන්න මොකෝ මෙයා මේ ....එක් වෙන්න යන්නේ

      Delete
    3. අපි දෙන්නා විතරක් නෙවෙයි මෙයා..ඉවානුත් එනවා කිව්වා අපිලා එක්ක ඉර හඳ යාවෙන ඉසව්වෙ..."

      Delete
  11. පරිප්පු මැල්ලුම තමයි ආතල්....මසුයි,බතුයි එක්ක.

    ReplyDelete
    Replies
    1. මේ දැන් වග කිව්වා ඒවැයින් පිඟානකට....හහ් හහ් හා...!

      Delete
    2. ශෙෆා....උඹ කියන කොළ ජාතිය අතපත ගානවද...ලංකාවෙදි මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. මෙහෙනම් වර්ග කීපයක් තියෙනවා. අපි ඒක පරිප්පු වලට දානවා, තෙල් දානවා. රස එලවලුවක්. ගෝවා කුළකයේ වෙන්න ඕන.

      Delete
    3. මොනාද බන් උඹ කියන කොළ කියන්නෙ? ඇහුවමයි

      Delete
    4. අප්පට කේල් !!!!ඒක ටයිප් වෙලා නැහැනේ . kale,,curly kale, green kale, red kale etc;

      Delete
    5. එංගලන්තේ ඈයෝන්ට කේල්..අපිලට කොලගෝවා වෙච්චි..ඒකත් ඉමේජ් සර්ච් කල නිසා දැනගත්තේ...මැල්ලුම නම් ආතල්...ගෝවා පරිප්පු අමතකම උනා නෙව...ග්‍රීන් කේල් විතරයි මෙහේ මම දැකලා තියෙන්නේ..ගස් ගෝවා කියලත් කියනවා මයේ හිතේ..."

      Delete
    6. එංගලන්තේ ඈයෝන්ට කේල්..අපිලට කොලගෝවා වෙච්චි..ඒකත් ඉමේජ් සර්ච් කල නිසා දැනගත්තේ...මැල්ලුම නම් ආතල්...ගෝවා පරිප්පු අමතකම උනා නෙව...ග්‍රීන් කේල් විතරයි මෙහේ මම දැකලා තියෙන්නේ..ගස් ගෝවා කියලත් කියනවා මයේ හිතේ..."

      Delete
  12. මේ අර දියවැඩියා ජාන එක්ක එවන ඉංදියන් පරිප්පු නෙමෙයි මම හිතන්නෙ..
    (ඊස් ඇට් කල්පනා ලොව අතරමංව.)
    සාරණ + පරිප්පු
    නිවිති + පරිප්පු
    සුදුළුෑණු යහමින් යොදා පොල් කිරෙන් සාදාගත යුතුය.කහපාටට තිබිය යුතුය.බත් නොතිබුනත් මට නම් කම් නැතිය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් එනවනං දියවැඩියාව උනත් කමක් නෑ..බුද්ධාගම වැඩියෙත් එහෙන්නේ..ඉන්නකෝ අපි එක්ටා සයින් කරනකන්..හොඳවෑං පරිප්පු ගෙනත් දෙන්න ඉන්දියාවෙන්...!

      Delete
  13. මොකෝ ඉටිපංදං පත්තු කරලා .. කරන්ට් එක නැතෙයි ..??
    පරිප්පු තෙම්පරාදු කරද්දි සැමන් ටිකක් දාල දෙහි ටිකක් දාල ගත්තමත් මරු ...

    ReplyDelete
    Replies
    1. ලයිට් ගියා නේන්නං..ඉඩෝරෙට වෙන්නැති...!
      දෙහි බින්දු කීපයක් කොහොමත් දානවමයි ලිපෙන් බාන්න කලියෙන්...ඒත් සැමන් කේස් එක නං ඇහුවෙත් අදයි...ඇයි හාල්මැස්සොත් දානව කියන්නේ...බයේ බෑ ඕවා කරන්න..කිලෝ එකක්ම 165/-ක් නේ පරිප්පු..!

      Delete
  14. ආයෙත් අහලා, මොනා තිබ්බත් වැඩක් නෑ පරිප්පු නැතුව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ....උයන්න දන්නවද පරිප්පු...බැරිවෙන්න විදියක් නෑ...!

      Delete
  15. ආතල් පරිප්පු කවියක්මැය. හබරල වලින් පරිප්පු වලට පැන ඇති සෙයකි.

    ReplyDelete
  16. මේ සංසාරේදී පරිප්පු නැති ලෝකෙක උපදින එක තරම් භයානක දෙයක් ගැන හිතා ගන්නත් බැරි තරම්.. හෙහ් හෙහ්..

    මට නම් පරිප්පු තෙල් දාල , හාල්මැස්සෝ හරි තොන්ඩයෝ හරි බැදුමක් තමයි දිව්‍ය ලෝක රස දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මටත් හැම වේලටම උනත් පරිප්පු නම් ඕනමයි....!

      Delete
  17. දකුණු ආසියානු ජනජීවිතය පරිප්පු ආශ්‍රිතයි.

    දකුණු ආසියානු ප්‍රේමය ජලාශ්‍රිතයි. (සිංහල/දෙමල/හින්දි/බෙංගාලි/පාකිස්ථාන්/ චිත්‍රපටිවල තියන බොහොමයක් ප්‍රේම ගීත, ගංගා/වැව්/මුහුදු/දිය ඇලි/වැස්ස/ ආශ්‍රිතව තමයි සැකසෙන්නේ)

    ReplyDelete
    Replies
    1. විචා එක සැරයක් මම දැක්කා එක වෙස්ට් බැංගෝල් ජාතිකයෙක් පරිප්පු හදන කොට, මැනුවල් බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනවා හොද්ද ලිපේ තියෙද්දි දිගටම...එතකොට පරිප්පු සුප් එකක් වගේ ඒක හැදෙන්නේ..චපාති කන්න නම් නියමයි...
      ඇත්තට බැලුවාම අපේ ජීවිත බත් පරිප්පු ගංගා ඇල දොල නැත්තං මුහුද, මාලු දෙල් පොල් වගේ නේ දිගඇරිලා තියෙන්නේ...? මම කිව්වේ පිහිටීම අනුව...!

      Delete
  18. ලෝකෙන් පරිප්පු තුරන් කරොත් ජීවත් වෙන්නේ කොහොමද කියල මටනම් හිතාගන්න බැහැ චෙෆාකි..

    ඉස්සර අපි පුංචිකාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට කුස්සියේ ඉදෙන පරුප්පු හොද්දේ සුවඳ වත්තට ඇතුල් වෙන්නත් කලින් නහයට දැනෙනව. ඒත් දැන් පරිප්පුවල ඒ සුවඳ දැනෙන්නේ නැත්තේ ඇයි කියන එක මට හරිම ප්‍රශ්නයක්. මිනිස්සු අධාර්මික වෙන්න වෙන්න පොළොවේ රස ඕජාව පහල ගිහින් ආහාර වල රසය නැතිවෙලා යනවා කියල බුදුරජානන් වහන්සේ අග්ගඥ්ඥ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා.. ඒක වෙන්න ඇති හේතුව..

    ReplyDelete
    Replies
    1. මටත් ඇත්තටම ප්‍රහෙලිකාවක් ඇයි අපි උයන පරිප්පු වලින් ඒ සුවඳ එන්නෙ නැත්තෙත් සමහර වෙලාවට විතරක් එන්නෙත් කියලා..හේතුව අපි හෝදනවා වැඩියි දේවල් දැන් වස විස තියෙන නිසා...ඊයේ මම BBC එකේ දැක්කා අපට ඇලජීස් වැඩි වෙන්න හේතුවත් අපි හයිජනික් වැඩි නිසාලු...අපි දියුණුවෙන කොට නේචර් එකෙන් පිරට දුවන නිසා වෙන වැඩ හැබෑට...!

      Delete
  19. සුද්දො ඉන්දියාවෙන් දෙමළු ගෙනල්ල වැව්ව තේයි, ඒ දෙමළුන්ට කන්න ගෙනා පරිප්පුයි නොතිබ්බනන් අද සින්හලු කොහොම ජීවත් වෙයිද මන්ද.

    මගෙත් පරිප්පු හොද්ද ෆේවරිඋට් කෑමක්. ඒත් අපේ නෝන හදන පරිප්පු හොද්ද තරම් හොඳ එකක් තාම අහුවෙලා නෑ

    ReplyDelete
    Replies
    1. ඩෙයියෝ ෂාක්කි පරිප්පුත් ශුද්දද ගෙනාවේ. කෝ ඔය ලොකු පුතා හෙම අහළ පහළ ඉන්නවැයි ?

      Delete
    2. මොකා ගෙනාවත් අදත් ගේන්නේ පිටරටින්නේ...කමක් නෑ නේ...ලංකාවෙන් ගන්න පුලුවන් දේවලුත් සමහරු ගන්නේ පිටරටින් නොව..නැද්ද ගමයෝ...!

      Delete
    3. he he ඔව් ඔව් හැබෑටම පරිප්පු ඒ කියන්නා ඔය ධ්‍යාන ජාතිය ලංකාවේ හදන්න බැරිද? ඉන්දියාවේ ඕක හැදෙනවා නම්.

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....