Friday 12 August 2016

වර්ණ


වර්ණ
නොපෙනෙන
නිසාම
නොදැනෙන

නොදැනුනත්
දැනෙන
සංකීර්ණ
වර්ණ

පාට පාට
හීන
ගෙනෙනා ඔබ
දන්නා
සත්‍යයෙන්
එපිට සත්‍යය
වර්ණ

ජයගතිමි
ජයගනිමි
මා
වර්ණ

වර්ණාන්දභාවය ...මගේ ශක්තිය...



25 comments:

  1. මට නොපනනෙන
    ඔබ‍ට පෙනෙන
    මාන සොයමි
    සිතට එබෙමි...
    සොදුරු බවෙකි
    ඔබ අරුමැති පුදුම සිතෙකි.... :)

    ReplyDelete
  2. ලොවේ විසිරි පැතිරි සිටින
    නේක රටා නිතර මවන
    නොදකින ලොව පාට කරන
    වයිවාරණ වර්ණ


    චෙෆ්ගෙ පද පෙළ අපූරුයි... ලස්සනයි..

    ReplyDelete
  3. එතකොට පොලිටිකලි බ්ලයින්ඩ් භාවය??? කෝ මේ ප්‍රා??

    ReplyDelete
    Replies
    1. ආබාධිතයින්ට ගැරහීම නාක වැඩකි..නෝටි වැඩ නොකරන්න...!

      Delete
    2. ලස්සන දම් හා රතු මල් වලඳක්

      Delete
  4. තවත් එක් ගමන් සගයෙකි
    වෙනස් ලෙස පාට දකින මා හට....
    ඔබත් මමත් එක්වී...
    නරඹමු ඉශිහාරා!

    ReplyDelete
  5. නොයෙකුත් වර්ණ වල තාරකා නරඹමින්... :(

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්..අපිලට ඉතින් එහෙම පේන්නේ නෑනේ....ඉරිසියා නැත...!

      Delete
    2. තරු විසික්ක වෙන එක වාසනාවක් වෙන්නේ කොහොමද අෆ්ෆා...

      Delete
    3. මම කිව්වේ පාට පාට තරු....!

      Delete
  6. අර අටම දාල තිබ්බ ගොරක ෆොටෝ එක තමයි මේකට ගැලපෙන පින්තුරේ.. අන්න වර්ණ..

    ReplyDelete
    Replies
    1. කලර් බ්ල්යින්ඩ් ටෙස්ට් එකට එන්නේ ඔය වගේ පාට පාට තිත් වලින් ලියපු ඉලක්කං නේද????

      Delete
  7. මම දැන ගතිමි
    මම සැක කළෙමි
    දැනගත් බව ඔබ
    වරණ.

    හැක්..

    යට ලේ පැල්ලමක් ද කොහෙදත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. වතුර..ඔයාට ඉතින් වතුරත් ලේ වෙලා නේ පේන්නේ..කලර් බ්ල්යින්ඩ් කියන්නේ අන්න එහෙම අයට...!

      Delete
  8. තිබුනද වර්ණයන් බොහෝ
    අවසන පෙනෙනු ඇත්තේ
    වර්ණයන් තුනකි
    සුදු, කළු හා අළු...

    ReplyDelete
  9. 'බ්ලූ' පෙනුනහම ඇති, අනික්ව වැඩිය වැදගත් නෑ. 'ඔරේන්ජ් ' නොපෙනුනත් රැවටිලා වැඩිම උනොත් තැඹිලි කියල කුරුම්බයක් බොයි, නැත්නම් දොඩම් කියල ජම්බෝල ගැටයක් හපයි.

    ReplyDelete
    Replies
    1. උඹ කියයි....අර ප්‍රසන්නයා වතුරවලට ලේ ලු...!

      නිකමට සිග්නල් ලයිට් එකක් ගාව නවත්තගෙන ඉන්න අපිවගේ එකෙක් ගැන හිතහං..!

      Delete
    2. වැඩිය බ්ලූ බලන්න එපා අර වෙනිවැල්පිටිය අයියට වගේ ලෙඩක් හැදෙයි. හැක්..

      Delete
  10. කපුටා
    කළුපාට ලු
    කියනකොට
    පෙනෙන අය
    ලස්සන පාට එකතුවක්
    කියනවා
    දැනෙන
    උදවිය..

    ජයවේවා..!!

    ReplyDelete
  11. වර්ණ දෙකයි නේද?

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....