Wednesday 25 May 2016

සෙනෙහස


වම දකුණ
වම දකුණ

තෙත පිඟන් ගඩොලේ සිනිඳු
මතුපිට හා ගැටුන මා දෙකකුල්
වම... නෑ.. දකුණ පෙරට
සැනෙකින් නිල් තෙත පිඟන් ගඩොල්
සිප ගත් මා .....කෝ ඇය....ඈතයි...
කෝ මා පුතු....ඈතයි...
ජීවිතයම අඳුරු සෙවනැලි මෙන්
මා ඉදිරියේ දිග හැරෙමින්
කෙසේද මා නැගිටින්නේ මා දිරියෙන්ම
වම් දණ ඇයි මේ තරම් උණුසුම්

පියවි සිහිය
ඔහුගේ දයාබර මුහුණ

තෙල් එඬරු කොළ
සොයමින් ඈ...

තෙල් එඬරු කොළ
 ගෙන ආ ඔහු...

සෙනෙහස කුසගිනි නිවූ ඈ..
නිදිබර දෙනෙත් තෙත් කල ඔහු..
රෑ දවල් ඔවුන් දෙදෙනාගේ රැකවලේ මා..
අසරණ නෑ මා ඔවුන් ගේ සරණේ...


වම දකුණ
වම දකුණ

කවදාද ඒ නිදහස.....
පිය ගැට පෙලක

සිත්සේ පිය මැන යන්නට
මා හට

එනමුදු වම් දණහිස
මා හට ගෙන ආ
ඒ සෙනෙහසේ ගංගාව
ගැලූ ගංවතුරට මා යටවීදෝ...!





පිදුම ඔහුට සහ ඇයට...


38 comments:

  1. හෑ... කරණමක් ගහල නේද?
    //වම දකුණ
    වම දකුණ

    කවදාද ඒ නිදහස.....
    පිය ගැට පෙලක

    සිත්සේ පිය මැන යන්නට
    මා හට//

    එහෙම උනාට ඉතින්

    //එනමුදු වම් දණහිස
    මා හට ගෙන ආ
    ඒ සෙනෙහසේ ගංගාව
    ගැලූ ගංවතුරට මා යටවීදෝ...!//

    තියෙනවානෙ...

    ජයවේවා..!!

    ReplyDelete
  2. වැටුණය? වැටුන එකත් ගතියට ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වැටුනේ නෑ බං..දා ගත්තා...!

      Delete
  3. මේක නම් නියමයි චෙෆා

    ReplyDelete
    Replies
    1. උඹ නියමයි කිව්වම නිකං රනිල් මහත්තයා නියමයි කිව් ගානයි...
      තැන්කූ....හබරල ලු නේ...!

      Delete
  4. මම පට්ට කැමතියි උඹගෙ මේ කවි රසය උතුරා යන රචනා සයිලියට.. පට්ට රසයි.. අපි නම් මේවට කියන්නේ හබරල කවි කියලා....

    ReplyDelete
    Replies
    1. හිහ්...හිහ්....!

      Delete
    2. කැළණි ගඟ උතුරා ගියා වගේ නොවේවා

      Delete
  5. ගිය පාර කවියත් මේකට සම්බන්දයි නේද?
    අන්න එහම කියන්න එපැයි..නැත්නම් අපිට වෙන වෙන මගුල් ඔලුවට එනවා .
    බලලා යන්න එන්නද ?
    අපෙන් මොනවා හරි දෙයක් කෙරෙන්න තියනවද?

    ReplyDelete
    Replies
    1. හැමදේම සම්බන්ධයි මෙන්ඩෝ..හැමදේම...!

      දැන් ආපහු දෙපයින් ගාටනවා...
      ඇවිල්ලා ගියාට කාරි නෑ...දකින්නත් ආසයි...

      Delete
    2. හෙට හවස උබව බලන්න මමයි සඳුයි පොඩි මෙන්ඩායි එනවා

      Delete
    3. මාමේ අම්මා මාව දාලා එන්න හදනවා ඔයාව බලන්න මාව එක්කරගෙන එන්න කියලා තාත්තට කියන්න.
      මේක මම කිව්වේ තාත්තට... ඔයාට කියන්න කියලා. මාව එක්කරගෙන එන්න කිව්වොත් ඔයාට මම සමනලයෙක් අරගෙන එනවා

      Delete
  6. බොක්කෙන්ම සමාවෙන්න ලොකු සර් ..
    ගිය පාර කවිය ආයමත් ගිහින් කියෙව්වා .
    ඒකට කොටපු කෙමෙන්ටුවට බොක්කෙන්ම සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. ගනන් කරන්න එපා බං...!

      Delete
  7. හපොයි ටයිල් පොළොවේ වැටිලා දණ ඇණුනම වේදනාව එමටයි.

    තෙල් එඬරු අගනා ඖෂධයකි.

    ReplyDelete
    Replies
    1. පිච්චුද ..එහෙම දණ ගහනවද අපි...වාඩි උනා විතරයි...!

      Delete
  8. සුවපත්වේවා!

    ReplyDelete
  9. තාම හොද නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මොකෝ අනිකත් කඩන්නද...?

      දැන් හොඳයි බං...හැරමිට්ට නැතුව යතෑකි දැන්..හැබැයි නෝ පඩි...!

      Delete
  10. අප්පොචචියේ වැටුනයි බොලේ..

    ReplyDelete
    Replies
    1. වැටුනා නේන්නං....පව් කරල තියෙන නිසා බේරුනා..පංසල්ම කීයක් හදලා දීලා තියෙනවද..?

      Delete
    2. පව් කරපු එක පල දීලා එහෙනං බේරිලා.. යථා තත්වයට පත්වීම ඉක්මන් වේවා..

      Delete
  11. මේකනම් පට්ටයි චෙෆ්...
    මගෙත් උපහාරය ඔහුට සහ ඇයට...
    තාම හොඳ නැතෙයි...

    ඔහු එදා කීයටද ගියේ, මමනම් එදා පොලෝසියට අහු නොවී දිවි බේරගෙන ගෙදරට මංගැච්චුවා...

    කහ පාට කාර් කන සත්තු ගැනත් මොනාහරි ලියමුද... ;)

    ReplyDelete
    Replies
    1. ඔහු නං රෑ වෙලා ගියා..ඇය තාම එතන..ඇහුනානේ....!

      කහපාට කාර් කෑම ලඟදීම බලාපොරොත්තුවන්න...!

      Delete
  12. ඇක්සිඩන්ට් එකක් වාගෙ නේද චෙෆාකි.දැන් හොඳද.

    ReplyDelete
    Replies
    1. පොඩි පහේ එකක්..අටමා නං කියන්නේ බොරු කරනවාය කියලා....මංනේ දන්නේ ඒකේ අමාරුව...

      Delete
  13. හැක්.. හැක්.. හරිම අර්ථාන්විතයි.
    ටයිල් එක උඩ ඩාන්ස් දාන්න ගියාද.

    ReplyDelete
    Replies
    1. අපි ඇවිදිනකොටත් නිකන් ඩාන්ස් දානවා වගේ වෙන්ටැති ලිස්සලා ගියේ...!

      Delete
    2. හේහ් හෙහ් අමාලිත් කියුවා

      Delete
  14. මම කියුව.. කකුල ඉක්මනට හොඳ කරගත්තේ නැත්නම් ඕකේ අමාරුව මොලේටත් ගහනවා කියල.. කෝ ඇහුවයි? හැක්..

    ReplyDelete
    Replies
    1. කියන එක අහන වයසක නෙවියිනේ ඉන්නේ..ඔහේ කිව්වේ මෝලේට ගැහුවොත් කියලනේ..ලෙඩේ මොලේට නෙවෙයිනේ ගහලා තියෙන්නේ..වෙන තැනකට..කොහෙද හරිහමන් අවවාදයක් වත් දෙන්න දන්නව‍යැ...!

      Delete
  15. ලිස්සන තැන්වල ඕන නැති වැඩ කරන්න යන්න එපා :D

    ReplyDelete
    Replies
    1. ඕන නැති වැඩ කරල ලිස්සල යන්න එපා

      Delete
    2. ඕන නැති වැඩ කරල බිම දාන්නත් එපා , කවුරුහරි ලිස්සලා වැටෙන්න පුලුවන් ( මේක අරූටවත් ෂෙපාකිටවත් නෙවෙයි )

      Delete
    3. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! අටමෝ....ඔය ප්‍රීතිය නොහොත් සතුට තියෙන තැන කිසි කෙනෙක් බිම වැටෙන්නෙ නැහැ. ඒ නිසා තමයි සයන්ටිස්ට්ලා ප්‍රීතියට නව සොයාගැනීම් හොයලා දුන්නේ :

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....