Wednesday 4 May 2016

සංස්කෘතික මිනිසා සොයා යෑම.....


ඇය මට හමුවුනේ සොඳුරු සැඳැවක, සොඳුරු මිනිසුන් ගැහුනුන් ගෙන් පිරුන රූපවාහිනී පටිගත කිරීමකදී....දිනය මැයි මස තුන් වෙනිදා...ඇත්තටම ඊයේ....!

ස්වභාවිත ගීතයේ වියමනට දර දිය ඇද්දවුන්, 70 දශකයටත් එහා යන, එහෙමත් නැත්නම් සිංහල ස්වභාවිත ගීතයේ ස්වර්නමය යුගයේ බිහිවූ ඒ සොඳුරු මිනිසුන්ගේ අද දවස දීප්තිමත් කිරීමට නොපිරිහෙලා දර දිය අදින ඇය, ඇයගේ ගෝල බාලයන් සමගින්, රාජ්‍ය අනුග්‍රහයෙන් වසර 2010 සිට කරගෙන එන්නාවූ ඒ සධ් කාර්යයට ඈ කරන්නාවූ කැපවීම මා දෙඇසින් දුටුවෙමි...

රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි


ඇයගේ එකම අරමුණ, සංස්කෘතික මිනිසා සොයා යෑමයි....නිදා සිටි මාගේ ඇස් ඇරවන්නට ඈ සමත් උනා කිව්වොත් නිවැරදියි...අප හිටංගේ පත්තරෙන් රාජ්‍ය කිරීම, මාරාගේ ගැහිලි, අයවැය පරතරය අරක මේක පටලවාගෙන අපහට කිරීමට තියා සිතාගන්නවත් නොහැකි මිරිඟු පසුපස හඹා යද්දී,
ඈ සංස්කෘතික මිනිසා සොයමින් ඇවිදියි...

අප එක වසරේ සිටින සනුල බබාව ටියුෂන් ගෙනියන විට, උදේ පාන්දර පහට තව දරුවෙක්ව අරගෙන පහේ ශිෂ්‍යත්ව පන්තියට දුවන විට, ඉවසීමක් නැතුව කෘමිනාෂක ඉසමින් අපටම වස කවාගන්නා අතර,
ඈ සංස්කෘතික මිනිසා සොයමින් ඇවිදියි...

ඇය හඹායන්නේ, මේ තරඟ කරුවන් මග දමා යන ඔවුන්ගේ සතුට නම් වූමහා භාග්‍යසම්පන්න සම්පත නැවත ඔවුන් හටම ගෙන ගොස් බාරදීමටයි..

ඇය දකින්නේ අප නොව, අප සොයනා සතුටයි. ඇය හඳුනන්නේ අප  සොයනා සතුට විනිවිද යන සත්‍යයයි...අප සතුට දකින අයුරේ ඇත්තාවූ නොමග ගිය සිතිවිලි ජාලයයි...

ඇය හඹා යන්නේ සංස්කෘතික මිනිසායි...

රූපා, දයා, පුන්‍යා සහ පියුමි
රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි

ඇයගේ දැක්ම නම්, මෙ කුඩා දිවයිනේ සිටින්නේ මිනිසුන් දෙවර්ගයක් පමනක්ම යන්නයි..ඔවුන් දෙවර්ගය නම් කලා කෘතීන් බිහි කරන්නාවු සියලුම නිර්මාන ශිල්පීන් සහ එම කලාවන් විඳිනා ඔබ සහ මා යන්නයි..

ඇය හඹා යන්නේ ඒ සංස්කෘතික මිනිසායි...

ඇයගේ මේ ප්‍රයත්නයේ එක් පලයක් නම් ස්වභාවිත ගීතයේ වියමන ප්‍රසංගයයි..දැනැටමත් දිවයින පුරා විසිරී ඇති දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ඇය සංස්කෘතික සභාවන් ද, දෙස් විදෙස් ජන්ප්‍රියත්වයට ආරූඩ වූ අග්‍රගන්‍ය කලා කරුවන් එම සංස්කෘථික සභා මගින් අංකුර කලාකරුවන් වෙත පනරය ලබාදීම උදෙසා මම ප්‍රසංගය වාහනයක් කර ගනිමින් භාරදූර කාර්‍යයක් ස්වෝත්සාහයෙන් කරගෙන යමින් සිටී...

එයට උර දිමට මෙන්ම සතුට සොයා යන ගමනේ දී කවදා හෝ හමුවෙන සංස්කෘථික මිනිසා  අපට හඳුන්වා දීම ඇගේ ඒකායන ප්‍රාර්ථනයයි..

ඇය ඔවුන් සමග
රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි
ඇය සංස්කෘතික කටයුතු රාජ්ය අමාත්‍යාංශයේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා, අනුෂා ගෝකුල ප්‍රනාන්දු නම්වූ මිනිස් පැතුමන් ඇති දිරිය ගැහැනියයි....

ඇයට සවන් දෙන්න....ලබන සෙනසුරාදා සවස තුනට හැකි නම් රූපවාහිනී නාලිකාව වෙත දෙනුවන් දෙසවන් යොමු කරන්න, මන්ද යත් ඔබ තුල ඈ හඹා යන සංස්කෘථික මිනිසා සැඟවී සිටිනා බැවිනි...

පිදුම....ඒ සොඳුරු රාත්‍රිය පුරාවට මට නොපෙනී, නමුත් දැනී, තරප්පු පෙලක් යට සැඟවී මා හට සෙනෙහස දුන් ඔබට...

54 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආ ඔබතුමීද දැන් බ්ලොග් ඉස්කෝලේ ලොකු නෝනා...??? බලාගෙන, ගුරුගෙදර බිතු සිතුවමක් වෙන්න ඇහැකි...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇත්තටම චෙෆාකි ඉතාම ලස්සනට ලියල තිබෙනවා. මේ නන්ද මාලිනීගේ දුවක්ද? යුටියුබ් එකේ හෙම දාල තියනවා?

    ReplyDelete
    Replies
    1. ඇයගේ පෞද්ගලිකත්වය පැත්තකින් තියමු....ඇය විද්‍යා උපාධිදාරනියක් ලෙස ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරලා, මට මතක හැටියට 2010 දී ග්‍රැජුවේට් ට්‍රේනී කෙනෙක් හැටියට ගවර්න්මන්ට් සර්විස් ජොයින් වෙන්නේ..ඉන් පසු ඇ සිවිල් සේවා විභාග ආදිය පසු කරමින් සිවිල් සේවයට එන්නේ..පහුගිය අවුරුදු 16 තුල ඇ රාජ්‍ය සේවයේ ලද අත්දැකීම් ඇසුරු කරගෙන පොතක් පවා පලකරලා තියෙනවා...
      ඇය රස දෙයක් කියනවා රාජ්‍ය සේවය ගැන..අමු අඹ ගෙඩියක් වගේලු..දකින්නාගෙ කටට කෙල උනන, රස් විදින්නාගේ දත් හිරි වට්ටන අඹ ගෙදියක් වගේලු..සුන්දර ගැහැනියක්.....ඇය වැන්නවුන්ට සට්ටඹින්ගෙන් වෙන හානිය අවම කරන්න අප වැන්නවුන් ඇයට උදව්කිරීමයි අවශ්‍ය.......එච්චරයි...!

      Delete
    2. මම ඇහුවේ අර ගෝකුල කියන නම තිබ්බ නිසා. චෙෆාකි කියනවා නම් මේ වැඩ සටහන අනිවාර්යයෙන්ම හොඳ ඇති. යුටියුබ් එකේ තිබෙනවා නම් බලන්න පුළුවන්. නැත්නම් අපට බලන්න විධිහක් නැහැනේ.

      Delete
  4. කව්ද සඟිස්කුරුතික මිනිසා කියන්නෙ? එහෙම අය ඉන්නවද?
    කොහොම හරි හොඳ සංගීත වැඩ සටහන් කීපය්ක්ම චැනල් කීපයකම යනවා මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. මාතේ..අපි මේ රැට් රේස් එකෙන් අයින් වෙලා බැලුවම අපි ඇතුලේ ඉන්න මිනිසා තමයි ඔය..අපි සතුට හඹා යන්නේ ඒලියන් කල්චරල් කන්සෙප්ට්ස් එක්ක...ඒකයි දේවල් ඉතිරි වෙන්නේ නැත්තේ....
      මම මේ ප්‍රෝග්‍රෑම් එකත අප හරහා කලහැකි දේවල් දෙපාර්තමේන්තුවත් සමග සාක්ච්චා කරනකොට ඔබ වැන්නවුන්ගේන් ගොඩාක් දේවල් තව තවත් වෙන්න පුලුවන් කියන තැන ඉන්නේ..අපි කථා කරමු...!

      Delete
    2. සංස්කෘතික මිනිසා"යන්න කෙසේ වෙතත් "සංස්කෘතිය"යන්න බහුවිද අර්ථකතන දිය හැකි තේමාවක් වන බව මගේ පෞද්ග්ලික අදහසයි.
      ජීවන පන්නරයෙන් ඔබලා වැන්නවුන්ට බෙහෙවින් ලාබාල වන අපට මේ කතිකාවතට එක් වීම සුදුසුද යන්න මා නොදනිම්.එනමුදු අප දකිනා පරිද්දෙන් නම් වර්තමානයේ "සංස්කෘතිය" නම් ලිදක් තුල ජීවත් වීම වැන්නකි. එහි මායිම් බොහොමයකි. ඇතුලු වීම අවසර ලද්දන්ට පමණි.එයින් බැහැර බලන්නන්ට නැවත් එතුලට පැමිණීම තහනම්ය.මායිමෙන් ඔබ්බට යන්නෙක් වී නම් ඔහු, අවිචාරවත්ය.සංස්කෘතික විරෝධීය.

      Delete
    3. නයනා...අප පටලා ගන්නේ traditions සහ culrure යන දෙක නේද..එය එකක් නොව දෙකක් කියල හිතාගෙන ආයෙත් ඔයාගේ කමෙන්ට් එක ගැන හිතන්න...මගේ අත්දැකීම නම් තරුන ඔබලා වැන්නවුන් අපටත් වඩා පරිනත බවයි..එහෙයින් කතිකාවතට එය හරස් වෙන්නෙම නැහැ..
      ඔබ පරිනතව වචන හසුරුවන නිසා කියන්න හිතුනා බ්ලොග් පෝස්ට් ලියන්නය කියලා....

      Delete
    4. මම සම්ප්‍රදාය මෙලෙස අර්ථ දැක්වුවහොත්? එනම්, කාළයක් තිස්සේ මිනිසා විසින් නැවත නැවත අණුකරණය කරමින් පවත්වගෙන එන ලද්දා වූත් ,ජන වහර හෝ එවන් වූ අප්‍රකාශිත මාධ්‍යයක් තුළින් කාළ තරණය කරන්නා වූත්, රීති මාලාවකි.
      සංස්කෘතිය නම්, සම්ප්‍රදායන් මූළික කොට ගෙන පැදියම් කොට ගත්තා වූ එක්තරා ලක්ශණ සමූහයක ප්‍රතිබිඹුවකි.
      අදාල කාරණා ද්විත්වයම එකිනෙකට අනුලෝමව සමානුපාතික වනවා සේම පරපෝශිත ද වන බව මගේ මතයයි.
      මා සාවද්‍ය නම් නිරවද්‍ය කිරීම අගයමි.

      බෙහෙවින්ම තුති ඔබේ ඇගයුමට.. උයන කෙසේ වෙතත්, අදින මවන රාජකාරිය සමග මොහොට්ටි ගුරුතුමා වෙනුවෙන් කාර්ය බහුලව සිටින අතරතුර ලැබූ විරාමය මවන අරුමයක තරම!

      Delete
  5. සංස්කෘතික මිනිසා හමුවුණොත් අපිටත් ඔහු ගැන විස්තර කියන්න, හොඳේ?

    ReplyDelete
  6. 'සංස්කෘතික' ඈ
    ඇය ටිකක් කෙට්ටු වෙලා වගේ.මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් බලන්න නං ලැබෙන්නෙ නෑ.යු බටේ එහෙම තිබුනොත් බලඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...හැදුවෙමි...!
      බලන්න...ටියුබ් එකට ඒවි...

      Delete
  7. ෂෙෆාකි කියන හිංදම බලන්නං
    මොකද ටීවි එකක් තියෙනවද කියලත් අමතකයි. වෙන හේතුවක් නිසා නොවේ. කම්පිය්ටරය නිසා

    ReplyDelete
    Replies
    1. ඇයට සහයෝගය ඔබටම සේවයක් වේවි මහේශ්...!

      Delete
  8. මේ මහත්මිය මීට කලින් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙත් අධ්‍යක්ෂකවරියක් හෝ වෙනත් තනතුරක් දැරුවා.. සත්‍ය වශ්‍යන්ම අපූරු කතාන්තාවක්.. ඒ කාලෙත් සෑහෙන වැඩකොටසක් කළා...

    ReplyDelete
    Replies
    1. ඇය දුර දැක්මක් ඇති දිරිය ගැහැනියක්...!

      Delete
  9. සංස්කෘතික මිනිසා කෙසේ වෙතත් 'සොයා යෑම' නම් අගය කල යුතුයි.බලමු ඇගේ සටන මොන ආකාරයේ ද කියලා..
    පඩිපෙල යට අත්දැකීම්...ම්ම්ම්ම්.......
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පූස් පැටියෙක් මනුස්සයෝ....හුරතල් පූස් පැට්ටෙක්...
      ජයමවේවා...!

      Delete
  10. You can do much better than that buddy....!

    ReplyDelete
  11. Saturday 3:00 p.m. marked. Have to be something very special.. knowing the ice breaking power (required) of the one who wrote this. :)

    ReplyDelete
  12. //පිදුම....ඒ සොඳුරු රාත්‍රිය පුරාවට මට නොපෙනී, නමුත් දැනී, තරප්පු පෙලක් යට සැඟවී මා හට සෙනෙහස දුන් ඔබට...//

    හෑ ඈ

    ReplyDelete
    Replies
    1. තෝ පෝස්ට් එක කියෙව්වම නැද්ද..පූසෙක් බං...හයියෝ...!

      Delete
    2. නෙළුම් යාය විචාර වලට දැම්ම.

      Delete
    3. http://nelumyaya.com/?p=5750

      Delete
    4. ස්තුතියි අජිත්...!

      Delete
  13. යූටියුබ් එකට ආවම බලන්නං සෑර්…
    ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. E kaleta apivath update karanu mena.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. do you have to tell him thrice...?

      Delete
    5. I don't know men. When ever I comment on mobile it goes double. Here thrice😯

      Delete
    6. I don't know men. When ever I comment on mobile it goes double. Here thrice😯

      Delete
    7. I don't know men. When ever I comment on mobile it goes double. Here thrice😯

      Delete
    8. මටත් ඔය ඩබල් ලෙඩේ තිබිල යාන්තම් හොද උනා විතරයි.

      Delete
  14. ///මන්ද යත් ඔබ තුල ඈ හඹා යන සංස්කෘථික මිනිසා සැඟවී සිටිනා බැවිනි... ///
    බලමු හොයා ගන්න පුළුවන් වෙයිද කියල...

    ReplyDelete
    Replies
    1. හෙට සෙනසුරාදා තුනට බලන්නකෝ..

      Delete
  15. නිරුවත් මිනිසා බලන්ඩ ඔච්චර දගලන්නේ අයි අප්පා.. අතාරින්න. අතාරින්න.. හැකි හැමදේම.. නිකම්ම පෙනේවි.. (අතාරින්න එපා යකඩෝ.. මය දීහං) හැක් හැක්..

    ජාතික සයිට් එකෙන් බලන්නං..

    ReplyDelete
    Replies
    1. ලෞකික සැප කොහොමද අතාරින්නේ අප්පා...රැට් රේස් එකෙන් එපිට ලෝකය...ඒකයි හොයලා දෙන්න උදව් කරන්න හදන්නේ..
      බලමු..බලමු..

      Delete
  16. උඩුගං බලා පිහිනන දිරිය ගැහැනියක්. ඇයව තේරුම්ගන්නා පිරිස වැඩිවේවා. සත්‍යය ජයගනීවා!

    ReplyDelete
  17. මේ සත්කාර්යය සාර්ථක වේවායි පතමි!

    ReplyDelete
  18. රයිට් බලමු......

    ReplyDelete
  19. "අපි මේ රැට් රේස් එකෙන් අයින් වෙලා බැලුවම අපි ඇතුලේ ඉන්න මිනිසා තමයි ඔය..
    අපි සතුට හඹා යන්නේ ඒලියන් කල්චරල් කන්සෙප්ට්ස් එක්ක...
    ඒකයි දේවල් ඉතිරි වෙන්නේ නැත්තේ...."

    එදා මෙදා තුර හැම ලියවිල්ලකටම යටින් මා දැක්ක ෂෙෆාකි!!!!
    සතුටුයි.. මම මිනිසුන් දකින විදිහ සෑහෙන්න හරි නිසා වැඩියෙන්ම ;-)

    ReplyDelete
  20. ශෙෆාකි....මම රූපවාහිනියෙ යම් යම් වැඩසටහන් බලනවා ඒ වෙබ් සයිට් එකෙන්. මේ ප්‍රොග්‍රෑම් එකේ නම මොකක්ද. හොයාගන්න බැහැනේ. මැය ඉතා නිර්මානශීලී, කාර්යශූර රාජ්‍ය සේවිකාවක් බව අසා තිබෙනවා.

    ReplyDelete
  21. වැඩිය ටීවී බලන්නෙ නැති වුණත් මේක නම් බලන්න ඕනෙ..

    ReplyDelete
  22. යු ටියුබ් එකෙන් සර්ච් කරලා බලන්නම්.

    ReplyDelete
  23. ඇය ගැන ඉරිද පත්තරේක ලිපියක් තිබුන. නිර්මාණශීලී කාන්තාවක්, අද තුනට අනිවාර්යයෙන් බලන්න ඕනෙ. ස්තූතියි චෙෆාකි

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....