Tuesday 20 October 2015

Pushing 85



අපි දෙන්නා පොතේ හැටියටනම් මුන ගැහුනේ 1961 ජූලි මාසේ 9 වෙනිදා...
ඒත් ආච්චිනම් කිව්වේ එදා ඔයා උසාවි වැඩකට කල්මුනේ ගිහින් ආවේ දවස් තුනක් විතර පහු වෙලාය කියලා...
පටන් ගත්ත වෙලාවෙදිම මට තේරුන් කරලා දීලා තියෙන්නේ මම වැඩිය ගනන් ගන්න කෙනෙක් නෙවයිය කියලයි ඔයාට.

ඒකට අනිත් අය වගේම මටත්  ඔයා නම් ලොකු වීරයෙක් එදාත්..අදත්.....

දවස්වල ඔයා නිදාගෙන ඉන්න කොට මම හිමීට ලඟට ගිහින් පපුවට කන යාන්තමට තියාගෙන අහගෙන ඉන්නවා පපුවේ ලබ් ඩග් වැඩද කියලා...

මට ඔයාව හොඳටම මතක 71 අප්‍රේල් කැරැල්ල කාලේ ලොකු දිගම දිග රැවුලකුත් වවාගෙන ඔයගේ බ්‍රෙන් ගන් එකත් අරන් අපිව අක්මීමනින් ගාලු කොටුවට ගෙනියන්න ඔයාගේ යාලුවොත් එක්ක ආපු දවස... එතකොට මට වයස අවුරුදුවලින්ම 10ක් නේ...

ඊට ඉස්සර මට තියෙන මතකය තමයි ඔයාගේ බයිසිකලේ, මට ඒක පදින්න දුන්නාට ඔයා ඒක අයියටවත් දුන්නද කියල මට නම් මතක නැහැ.

  එහෙමද, නැත්නම් අයියා දවස්වල ඉඳන්ම පොර නිසා, මම වගේ පොල්ල යටින් දාලා යන්නයි, මිරිස් අඹරන්නයි එහෙම අකමැත්තෙන් හිටියද දන්නෙත් නෑ..

 අප්‍රේල්  කැරැල්ල අපිව වෙන් කලා..
ඔයා අපිව රත්නපුරේ දාලා අම්බලන්ගොඩ ගියා..අක්මීමන ඉන්න බැරි තරමට කරදර උනාය කියල තමයි ආරංචි උනේ නම්...

ඔයා අම්බලන්ගොඩ ගියාට පස්සේ, අපි හරි අමාරුවෙන් දේවල් කරගත්තේ ඔයා නැතුව..
ඉඳලා හිටලා ගෙදර ආවත්, ඔයාට අපි ගැන හොයන්න වෙලා තිබුනේ නැතිව ඇති

එහෙම ආපු දවසක, මට තාම මතකයි, ගොඩවෙලේ පිටාර වතුරේ ඔරු පදින්න ගියාය කියලා, මාවයි අයියවයි, සේකරගේ වී මෝල ගාව ඉඳන් පාර දිගේ වේවැල් පාරවල් දිදී ගෙදර දැක්කුවා..ඔයා අර කාකි පාට දිග රේන් කෝට් එක ඇඳන් හිටියේ එදා...
හම්මෝ මතක් වෙනකොටත් ලැජ්ජාවයි...

තවත් ඒවගේ මතක දෙයක් තමයි (මම කියන්නේ මේ ලැජ්ජාවේ පනයන ඒවා ) එක දවසක් සිල්වා මහත්තයා ඉංග්‍රිසි ටියුෂන් දෙන්න එන වෙලාවේ, මම කාමරේ හැංගිලා හිටියා කියලා වේවැලත් අරන් මගේ පස්සේ එලවලා, රබර් වත්තේ මැදදි අල්ලගෙන මාරයෙක් වගේ මගේ මුලු ඇඟ පුරාවටම තැලුව හැටි...මගේ මූණටත් වැදුනා මට තාම මතකයි අද වගේ...

ඊට පස්සේ ඔයා ආයෙත් රත්නපුරේට ආවා..ඊට පස්සේ මට මරු..මොකෝ හැමදාම හැන්දෑවටබ්‍රවුන් පාට කඩදාසි බෑග් එකක් පුරෝලා එලවලුයි මසුයි අරන් එනවනේ...මම දවස්වල මස් නැත්නම් බත් කන්නේ නෑලු..මේ ලඟදි අම්මා කා එක්කද කියනවා මම අහගෙන....

දවස්වල ඔයාගේ බටා කොලේ පුරවන්න,
  අලුතෙන් බැඳෙන අයගේ රිපොර්ට් ලියන්න,
  තුවක්කු ලයිසන් වල රිපොර්ට් ලියන්න එහෙම ඔයා මාව අල්ලගන්නේ..ඒවා අදත් මට සෑහෙන්න උදව් උපකාර වෙනවා....
ඔය ඔක්කොමටම වඩා මට මතක, මහ රෑ දෙගොඩහරියක් වෙනකන් මම ඇහ ඇරිලා බලාගෙන ඉන්නවා ඔයා එනකන්, සාබි එකේ හතරැස් මස් බත් එකත් අරන්...
ඊට පස්සේ අපි දෙන්නා ඒක බෙදාගෙන කනවා...ඔයාට ගොඩාක් දවස්වල කන්න තියා කෙලින් ඉන්නවත් බැරිගානට වෙරි..ඒත් බත් එක අමතක නැතුව අරන් එනවා..
ඒකම මදැයි....

මට මතකයි, මම කටුබැද්දේ ඉන්නකොට ඔයා ඇවිත්, හතරවෙනි තට්ටුවේ කොරිඩොර් එක දිගේ, මගේ කරට අත දාගෙන (හරියට යාලුවෙක් වගේ) කැන්ටිමට එක්කන් ගිහින් බත් අරන් දුන්න හැටි....

ගොඩාක් අය ඔයා වගේ අය ගැන ලියනකොට ලොකු කථා ලියනවා..
ඒත් මට නම් ඔයා ගැන කියන්න එහෙම ලොකු කතාවක් නැහැ.

ගොඩාක් කාල වලදි ඔයා මම මොන පන්තියේද හිටියේ කියලවත් දැනගෙන හිටියේ නෑ මම දන්න විදියට...
ඒත් මට කන්න දුන්න එකම ඇති...

ඔයා ගොඩාක් මහන්සි වෙන්න ඇති අපි හතරදෙනෙක්ව කරගහගෙන යන්න...
ඒක මම නොදන්නවා නෙමෙයි...

දැන් මම ඔයා වගේ කියලා මට හිතෙන්නේ..කටහඬත් ඒවගේ...ඔයා උයන විදියටම බීෆ් කරි එක උයන්නත් පුලුවන්...
ඔයා වගේ දෙකක් දාගෙන...සිගරැට් එකක් ගහගෙන හීනියට සින්දුවක් අහලා ඉන්න එක තමයි මගෙත් ආසම වැඩේ..

ඒත් ඔයා වගේ මම ජීවිතේ හරියට මැනේජ් කරගෙන නෑ..
පිස්සෙක් වගේ එහේ මෙහෙ දුවනවා..
සමහර විට මගේම වැරැද්දත් වෙන්න බෑ..
ලෝකේ හැටි වෙන්න ඇති...

ඔයා දිහා බලලා මට හැදෙන්න බැරි අපි දෙන්නා අන්ත දෙකක ජීවත් වෙන දෙන්නෙක්..එදාත් එහෙමයි අදත් එහෙමයි.....

මේ ඔක්කොම ලිව්වේ ඔයාට මම ගොඩාක් ආදරෙයි කියල කියන්න මිසක් තරහට නම් නෙවෙයි..
ඔයා දන්නවනේ මම කවදාවත් කා එක්කවත් තරහ වෙන කෙනෙක් නෙවෙයි කියලා....

ඔයාට දෙන්න කියල තෑග්ගක් හෙව්වට, ඕන කරන හැමදේම වගේ ඔයාට තියෙන නිසා දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි...

මුලු ලෝකෙටම ඇහෙන්න මෙන්න මෙහෙම කියන එක....




අද 85ස් වෙනි වියට පා තබන ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන
 මම, 
කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ  දෙවෙනි පුතා...

සුබ උපන් දිනයක් තාත්තේ...!!!!!!


77 comments:

  1. තාත්තට සුබ උපන් දිනයක්. පුතාට ජයවේවා........

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බංඩෝ...!
      ඔබට ජයවේවා...!!!

      Delete
  2. ඔහුට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි

    ReplyDelete
  3. තාත්තේ ඔයාට ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි..
    චෙෆා උඔ දෙකක් දාපු වෙලාවට මම අහලා තියනවා උඔ කියන වාක්‍යයක් “මම කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ දෙවෙනි පුතා..“
    ඒ තුල උඔට වඩා වටිනාකමක් ලැබෙන්නෙ තාත්තට...

    ReplyDelete
    Replies
    1. මෑන්ස් මට වඩා සෑහෙන වටිනා කෙනෙක්...ඇයි මං වගේ එකෙක් හදපු එකම සෑහෙන ඇචීව්මන්ට් එකක්නේ මචෝ...!

      Delete
  4. මචං...(සමාවෙන්න...අනිත් හැමෝටම අයියන්ඩි උඔට මෙහම කිව්වට...)
    බැරිද දවසක අපිට එයාව මුන ගස්සන්න..

    ReplyDelete
    Replies
    1. අටමයි මායි නම් මුන ගැහිලා තියෙනවා...

      වල්ලා පට්ට චරිතයක්.. මගේ නම් බොක්කක්..

      Delete
    2. කතා බතා නැතුව විදුරැව අතේ තියාගෙන අහගෙන ඉන්න පුලවන් කතා සාගරයක් මේ තාත්තා ලග ඇති කියලා හිතෙනවා අයියන්ඩි..

      Delete
    3. කොස්පැලවින්නේ රණසිංහ රාලහාමි හම්බවෙන්න මටත් ආස හිතුනෙ චෙෆාකි එදා තාත්ත ගැන කියද්දි.

      Delete
    4. මට බුලත් හෙප්පුව දීලා කියුවා ,

      ‘‘මම විට කාල කෙල ගැහුවහම අම්ම බයින හන්දා පාරට ගිහින් කෙල ගහන්නේ , ඔයාට බයින එකක් නැ මිදුලෙම කෙල ගැහුවට කමක් නැ ‘‘

      මාත් ඉතින් එයත් පාරට කෙල ගහන එකේ මොකද කියල තාප්පෙට උඩින් ඇරල දැම්මා

      හුටා පාරේ තණ කොලත් අම්මගෙලු

      Delete
    5. මෙන්ඩා, කම්මල: ඊලඟ සැරේ සප්තපාදී සෙට්වෙමු..එතකොට මෑන්ස්ව ගෙන්න ගන්න පුලුවන්.
      අටමෝ උඹ දන්නවනේ අපේ අම්මගේ මැද නම ලිට්ල් හිට්ලර්ය කියලා...

      Delete
  5. තාත්තාට සුබ උපන් දිනයක්, අපි මතක් කල බව කියන්න

    ReplyDelete
    Replies
    1. කිව්වා..තැන්කූ කියන්නය කියලා කිව්වා ඉංජිනේරු මහත්තයට...!

      Delete
  6. ඔබේ පියාණන්ට නිදුක් නිරෝගි සුවය,කායික මානසික සැනසීම සැලසේවා,දීර්ඝායු සුවයම සැලසේවා.
    දෙවනි පුතණුවන්ටත් එසේම පතම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝ....!

      Delete
  7. ඒක හරි අපූරු සටහනක් චෙෆාකි.. තාත්තල.. මං හිතන්නෙ කාලෙන් කාලෙට හීරෝ කැරැක්ටර් එක මාරු වෙන චරිත (අපේ හිතේ ඈ) ඒත් අන්තිම කාලෙ වෙද්දි(අපේ) තාත්තම තමයි පර්මනන්ට් හීරෝ..
    ඔබේ පියාට නිදුක් නිරෝගී සුපි සපිරි සුබම සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. අපි වයසට ගිහින් නැතිබැරි වෙනකොට තමයි තේරුම් යන්නේ එයාලගේ අගේ....
      ස්තුතියි මහේශ්...!

      Delete
  8. දීර්ගායු වේවා !!! නිදුක් නිරෝගී වේවා !!! මෙවන් පුතෙක් ලැබීම වාසනාවක් !

    පුතාට ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ....
      හෙක් හෙක් හෙක්...!

      Delete
  9. අපූරු සමරු සටහනක් චෙෆාකි.
    තාත්තට සුබ උපන්දිනයක් පතන්න මාත් එක්වෙනව.
    ඒ වගේම තාත්තටත්, කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ දෙවෙනි පුතාටත් නිදුක් නිරෝගී දීර්ඝායු පතනව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ....ප්‍රසන්න....!

      Delete
  10. හ්ම්.................තාත්තගේ පුතා. පුතාගේ තාත්තා. මේ යථාර්ථවාදී මනුෂ්‍යයාට දීර්ඝායුෂ විතරක් ප්‍රාර්ථනා කරලා මදි. සිතේ සැනසීම ශාන්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනය කරන්න කැමතියි. මක්නිසාද යත්, අද ඉන්න මේ වගේ තාත්තලා බොහොමයක් තුළ ඒ සැනසීම නැහැ.

    පුතාගේ දරුවන්ටත් මේ වගේම තම පියාව අගය කරන්න/සමරන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තාත්තගේ පුතා. පුතාගේ තාත්තා....!
      තාත්තානම් සෑහෙන හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්....අම්මා ඉඳලා හිටලා අදින ලෙඩ උනත් මාර විදියට ශේප් කරගෙන ජීවත් වෙන කෙනෙක්...
      බොහෝම ස්තුතියි විචා...!

      Delete
  11. Replies
    1. ජැන්ඩි පහට නොඇන්දාට
      ගෙදර චන්ඩි කම් කරාට
      මගේ ලෝකෙ රජ්ජුරුවෝ
      නුඹයි තාත්තේ ……

      Delete
    2. ඇත්ත ඇති සැටියෙන් කියන්න එපැයි උපේක්ෂා...සෑහෙන ඇරියස් තියෙන කෙනෙක් මම.....

      Delete
  12. චෙෆ්, ඔයා තාත්ත ගැන කියපු විදිහ මගෙ හිතට තදින්ම ඇල්ලුවා. මට මතක් වුනේ අපේ තාත්තත් මම චූටි කාලෙ මොනව හම්බුනත් ගෙට පහල ඉඳන්ම මට කතාකරගෙන ඇවිත් ගෙනාපු දේ මගෙ අතට දෙන විදිහ. මට හොඳට මතකයි එක දවසක් ගඟේ ගහගෙන ගියපු රේඩියෝ එකක් පීනල ගිහින් මට ගෙදරට ගෙනත් දීපු හැටි. ඒ මම ඒ වගේ දේවල් ගලවන්න, ඇතුලෙ තියෙන දේ බලන්න හරි ආස බව තාත්තා දන්න නිසා.


    චෙෆ් ඔබේ තාත්තාට දීරගායුස ප්‍රාර්තනා කරනවා. ඒ වගේම බොහොම සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මට නම් මතක කන්න දුන්න දෙයක් විතරයි කසුන්....මගේ කරුමේ....
      ස්තුතියි සුබපැතුමට...

      Delete
  13. හැපි බෝර්ත් ඩේ එකක් තාත්තේ....

    මම මාතලන්...

    ReplyDelete
    Replies
    1. තාත්තේ මම බ්‍රා මෙන්ඩා..මමත් දවසක එනවා තාත්තා බලන්න

      Delete
    2. මාතේ ..තාත්තා උඹට කියන්නේ මැනේජර් මහත්තයාය කියලා...කාටද ආඩම්බර ඈ....

      Delete
  14. ලස්සන උපන් දින සුභපැතුමක්!

    ReplyDelete
    Replies
    1. ලස්සන කියන දේ නිර්වචනය කෙරෙන්නේ කොහොමද කියලා රසික දන්නවනේ...!

      Delete
  15. සුභ උපන්දිනයක් තාත්තේ. මගෙ තාත්තා හිටියනම් අද ඔය වයසමයි මචං.

    ReplyDelete
    Replies
    1. උඹ තාත්තා ගැන ලියපු සටහනට ගහන්න සටහනක් මම කියවලා නෑ මචෝ...

      Delete
    2. තැන්කූ වේවා ඩූඩ්...!

      Delete
  16. උපන්දින විස්මිත පැතුමක්..

    ReplyDelete
    Replies
    1. විස්මිත...?
      මේ ඇත්ත ඇති සැටියෙන්....!

      Delete
  17. කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිට නිදුක් නිරෝගී සතුට සැනසුම පිරි උපන් දිනයක් වේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කම්මලේ...!
      ලෙඩේ හොඳ වෙලා වගේ නේ...!

      Delete
  18. හදවතට දැනෙන අපූරු මතක සටහනක් චෙෆාකි.පියාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි හැලැපේ...!

      Delete
  19. තාත්තාට සුබ උපන්දිනයක් වේවා ...
    එයාට තියෙන්නෙ හොඳ ෆිට් බොඩියක් නේ ...

    ReplyDelete
    Replies
    1. අනිවා මචං මෙයා වගේ ලෙඩෙක් නෙමෙයි

      Delete
    2. හොඳට මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්..අපි වගේ පුටු වල වාඩිවෙලා කොට කොට ඉන්නේ නෑනේ බං.....

      අඩෝ අටමා...මේ පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා යකෝ ඉන්නේ.....අවුරුද්දට සැරයයි හරිය...

      Delete
  20. රණසිංහ කතා සාගරය දිගුකල් වැජබේවා

    ReplyDelete
  21. දීර්ඝායු සමගින් සුභ උපන් දිනයක් වේවා තාත්තේ...!

    මම ඉස්සර ඉඳලම හරි ආස දෙයක් තමයි වයසක අයගේ කතන්දර අහන එක, එයාල තරුණ කාලේ ජීවත් වෙච්ච හැටි. ජපනා බෝම්බ දාපු කතා, ගමේ ගොඩේ පරණ විස්තර එහෙම...
    වෙලාවක මෙයාව හම්බ වෙලා ඒ වගේ පරණ විස්තර මොකවත් දැනගන්න බැරි වෙයිද දන්නේ නැහැ...
    චෙෆාකි මේ පෝස්ට් එක ලියපු විදිහ එළ...
    ඒත් ඉතින් ඔෆිස් එක මැද්දේ ඇස්දෙක හංගගෙන ඉන්න තමයි ලොකු ගේමක් දෙන්න උනේ...

    අද වෙද්දී අපේ තාත්ත හිටියනම් අවුරුදු 69 යි මාස 8 ක් වෙනවා, එයා නැතිවෙලා අවුරුදු එකොළහමාරක් වෙලත් මට තාම එයාව හීනෙන් පේනවා...
    පෙරේදා මම දැක්කා එයා මගේ පොඩි එකාව වඩාගෙන ඉන්නවා...
    අදටත් මගේ ලෝකේ වීරයා එයා...
    එයාගේ කතාව බ්ලොග් එකේ දාන්න දැන් අවුරුදු කීපෙක ඉඳලා හිතාගෙන හිටියත් තවම බැරි උනා...
    ටික ටික හරි ඒක පටන් ගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අපේ ලමයින්ටත් අපිව මේ වගේ මතක, අගය හිටින විදියට ජීවත් වීම තමයි අපි කරන්න ඕනි....
      ලඟදිම හම්බවෙමු....කඩවත යන්න ඕනි ඊට ඉස්සරවෙලා තුවක්කු සුද්ධ කරගන්න...!

      Delete
  22. I know this one I found on the web will make even thaththa laugh:

    GEORGE CARLIN’S VIEW ON AGING

    Do you realize that the only time in our lives when we like to get old is when we’re kids? If you’re less than 10 years old, you’re so excited about aging that you think in fractions. “How old are you?” “I’m four and a half!”
    You’re never thirty-six and a half. You’re four and a half, going on
    five! That’s the key. You get into your teens, now they can’t hold you back. You jump to the next number, or even a few ahead. “How old are you?” “I’m gonna be 16!” You could be 13, but hey, you’re gonna be 16!
    And then the greatest day of your life . . . you become 21. Even the words sound like a ceremony . . . YOU BECOME 21. . . YEAS!!!
    But then you turn 30. Oooohh, what happened there? Makes you sound like bad milk. He TURNED, we had to throw him out. There’s no fun now, you’re just a sour-dumpling. What’s wrong? What’s changed?
    You BECOME 21, you TURN 30, then you’re PUSHING 40.
    Whoa! Put on the brakes, it’s all slipping away. Before you know it, you REACH 50 . . . and your dreams are gone.
    But wait!!! You MAKE it to 60. You didn’t think you would!
    So you BECOME 21, TURN 30, PUSH 40, REACH 50 and MAKE it to 60.
    You’ve built up so much speed that you HIT 70! After that it’s a day-by-day thing; you HIT Wednesday! You get into your 80s and every day is a complete cycle; you HIT lunch; you TURN 4:30; you REACH bedtime.
    And it doesn’t end there. Into the 90s, you start going backwards; “I was JUST 92.” Then a strange thing happens. If you make it over 100, you become a little kid again. “I’m 100 and a half!”
    May you all make it to a healthy 100 and a half!!


    ReplyDelete
    Replies
    1. This is nice. I have shared this with my kids....thanks Dude..

      Delete
  23. Hey everyone thanks and loads of love from thaththa. I was with him whole day so didn't have time to reply you all but will do tomorrow when i am back in colombo.
    Maathe had the chance of giving him a big hug and greetings with JW 50ml .....cheers....i read all the comments to him and the guy was in cloud nine..
    Thank you all...you guys made his day....

    ReplyDelete
  24. මෙච්චර කාලයක් තාත්ත ඔබත් එක්ක සිටීම කොයිතරම් දෙයක් ද.. තව ගොඩක් කල් ඒ විදියට ඉන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්...!

      Delete
  25. වෙනස්ම විදිහට සුපිරිම ලිවිල්ලකින් සුබ පැතුමක්.......... තාත්තට මාත් සුබම සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා......! ඕ........ දීර්ඝායුෂ පතනවා..........

    ReplyDelete
    Replies
    1. අවංකවම ලිව්වා හිතේ තියෙන දේ.....!
      බොහෝම ස්තුතියි...!

      Delete
  26. දීස්ඝායුෂ ලැබේවා තාත්තේ!
    ...මම නොදුටු මදාවියා...
    (පුතාගෙ ආටානාටිය රෑට කියවන්න එනකං...)

    ReplyDelete
    Replies
    1. ලඟදිම හම්බවෙමු මචෝ....!

      Delete
  27. මහන්සියෙන් වැඩකල කෙනෙක් බව පේනව. එහෙම අයට දීර්ඝායුෂ තියනව. උඹේ තාත්තටත් දීර්ඝායුෂ පතන ගමන් සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
    Replies
    1. තාමත් මහන්සි වෙන කෙනෙක් රාජ්...අපි වගේ නෙමෙයි....

      Delete
  28. තාත්තාට සතුටින් ඉන්න පුලුවන් මේ වගේ 'දැනෙනෙ' පුතෙක් හදපු පිනෙන්ම.නිරෝගිමත් සුවබර සැහැල්ලු සැඳෑවක් වේවා තාත්තෙ..
    මොන එහෙකටද මංදා නහය බර උනා.මම යනවා ගෙදරට කෝල් එකක් ගන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෑන්ස් නිතරම කියන කතාවක් තමයි ඕක....මගේ මූනිච්චාවට කියනවා කියලයි මම නම් හිතාගෙන ඉන්නේ....
      අපේ මාතේගේ හොඳ බොක්කක්.....
      ස්තුතියි සුබ පැතුමට....

      Delete
  29. හොදටම පරක්කු උනා චෙෆ් ..... "තාත්තාට නිදුක් නිරෝගී සුව සපිරි සුභ උපන් දිනයක් පතනවා !!!
    මේ වාගේ පොස්ට් වලදී නොදැනිම ඇස් දෙක තෙත් වෙනවා ...
    ජයවේවා !!!

    මහමෙර සේ සිටි පියාණනේ
    බලා සිටින්නේ ඇයි ඔබ මා දෙස
    නන්නාඳුනනා ආගන්තුකයෙකු සේ
    වැටි වැටි ඇවිදින ළදරු වියේ
    ඔබෙ සුළැඟිල්ලයි පිහිට වුණේ
    මගතොට වැරදුන යෞවනයේ
    නුවණැස පෑදූවේ
    වියැලුණු නෙතු අග හිස් බැල්මේ
    මුමුණන වදනත් ගොළුවෙන්නේ
    සසරෙහි ඇවිදින දිගු ගමනේ
    යළි පිය-පුතු වේදෝ

    ගායනය - දුලිප් ජයකොඩි
    පද රචනය - මෛත්‍රී පනාගොඩ
    සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන

    ReplyDelete
  30. මං කියවල තියන c-a ගේ පෝස්ට්වලින් හොඳම හා පැහැදිලිම පෝස්ට් එක මේක.
    මෙහි ඇති හැඟුම්බර සාර්ථකත්වයට අමතරව මට තේරුනේ මෙහි ඇති වෙනදාට වඩා උසස් literary quality එක
    Even without the obvious emotional impact on the reader, only on a purely literary level too this is exceptionally well written.

    I'm sorry that I didn't comment in time for you to convey my good wishes to Mr. Ranasinghe.
    Anyway, belated wishes !

    ReplyDelete
  31. Kospelawinne ranasingha ralahamita man kamathima eya wagema deweni puthek haduwata.
    dirgayusha labewa!

    ReplyDelete
  32. කියන්න දෙයක් ගලපාගන්න බෑ චෙෆ්. ඒ ඇයි කිය දේ ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. එයා ඔයාගේ ලෝකේ හැමදාම ඉඳීවි...ඉස්සරහට ඔයාටත් පුතෙක් දුවෙක් හෙම ලැබුනාම ඉතිරිය විඳගතෑකි...

      Delete
  33. තාත්තව අගය කරන්න පුළුවන් වීම ලොකු වාසනාවක් චෙෆා... මට මයෙ තාත්තව මතක් උනා.

    ReplyDelete
  34. උඹේ තාත්තාට සුභ උපන්දිනයක්.. ඒ වගේම ඒ ආදරණීය තාත්තා දීර්ඝායු වේවා.. නිදුක් නිරෝගී වේවා...

    ReplyDelete
  35. Mata hithaganna ba mokakda liyanne kiyala. e tharamata hitha patalila.

    ReplyDelete
    Replies
    1. හිත පටලගත්තේ ඔයාම නිසා මම මොනා කරන්නද..? ඔයාම හිතලා මට කියන්න...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....