Tuesday 17 February 2015

මාතලන් | Maathalan..... හොරෙක්ද මං පහරන්නෙක්ද..එහෙම නැත්නම් දේශප්‍රේමියෙක්ද?

වෙනස මෙතනින්ම පටන්ගන්න












මේ ගිය ඉරිදා අපේ බොක්කන්ගේ මල් සහ පැනි සාදයකදි ප්රාජේ ගෙන ආපු අයිඩියා එකක්.

අයිඩියා එකක් උනාට අපි මාතලන්ගෙන්ම මූනටම ඇහුවේ...

ඇහුවේ හොරෙක්ද, මං පහරන්නෙක්ද නැත්නම් දේශප්‍රේමියෙක්ද කියලා නෙමෙයි,
ඕක වෙනස් කරමු නේදැයි කියන ඒක.

ප්රාජේගෙ අදහස ආවාම මමනම් කිව්වේ අපි ඕක හුදී ජනයාගේ අනුමැතිය ඇතුව කළයුතුය කියලා.

මොකද දැන් මාතලන් දර දිය ඇදලා හදාගත්ත යහපාලනයක් තියෙන නිසත් ආපහු ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත වෙලා තියෙන නිසාත් විතරක්ම නෙවී,

කවුද මොනාද කියන්නේ කියලත් බලන්න ඇහැකිය කියලා හිටං.

මම මාතට කිව්වේ උඹ ඕකට පෝස්ට් එකක් දාලා කරුනු කාරනා අහපන්ය කියලා.

කොහෙද මෙයා මෙන්න මේක හරිම ඒකාධිපති විධික්‍රමයකට එක්සෙකෙටිව් පවර්ස් යූස් කරලා තනියම වෙනස් කරලා...හරිම අසාධාරනයි..ඕන්නම් ගිහින් බලන්නකෝ වෙනස...

අපි ඔක්කෝමලා වෙනසට යන එක කියන්නේ වෙනස් වෙන එක හොඳයි. ඒකට පොදු දේපල, මහජන දේපොල මේ විදියට තමන්ගේ දේවල් වගෙ පාවිච්චි කරන එකට මම නම් හිටගෙනම විරුද්ධයි.

මා ගාව ෆයිල් නැහැ, බොරුවට ෆයිල් තියෙනවා කියලා කියන්නෙත් නෑ..ඔය කවුරු මොනා කීවත් ඔය මනුස්සයා එහෙම වැරදි කරලත් නැහැ මේ වැරද්ද ඇරෙන්න..ඒත් එහෙම තමුන්ගේ හිත්මනාපෙට අපි මෙච්චර ආදරේ කරන කැච් ප්රේස් එකක් වෙනස් කරන්න දෙන්න බෑ අපිට කියන්නෙ කරන්නේ නැතුව...


කෝකටත් මම මගේ එක වෙනස් කරන්න ඕනි අර යහපාලනයට දර දිය ඇද්ද කලා කරුවෙකුගෙන් ණයට (චීනෙක් නෙමෙයි ) ඉල්ලගත්ත එකකින් මෙන්න මෙහෙම..

...ගුටි කෑමට නියමිතයි....

35 comments:

  1. සව්ත්තු වැඩේ මාතා කරේ. අපි අපේ මොටෝ එක විදියට එ්ක තියාගත්තේ. අනික් කාපු බීපු වෙලාවට ප්‍රා කියන ඒවවත් විස්වාස කරන්න හොදනෑ කියල බොලා ඔය සුතලං මද්දා ට කියල දෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

      අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
    2. මාතය මෙහෙම කියුවද ධර්මපාලතුමාට

      Delete
  2. අම්මට හුඩු, දැන් කිව්වමයි ඒක දැක්කේ ... අන්න "හැරල්ඩ් ජේ. ලැස්කි" එයාගේ බ්ලොග් එකේ ගහගෙනලු "හොරෙක් මංපහරන්නෙක් දේශප්‍රේමියෙක්" කියලා . :D

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක වහන්න හදනව කියලයි මට නං ආරංචි උනේ.

      Delete
  3. පුල්ලි මැකුවට කොටිය කොටියමයි

    ReplyDelete
  4. අපි එහෙමයි දින 100 වගේ නෙමෙයි හිටං..
    දුන් පොරොන්දු දෙකම් ඉටු කලා...

    1.. දැන් ඇනෝලටත් කොමෙන්ට් දාන්න පුළුවන්
    2.. හොරු මංකොල්ල දේශප්‍රේමි කතා වෙනස් කොලා..

    කොම්පටිෂන් එක පස්සෙ තියනවා.. දැන් ඇනෝත් ඇරලා තියෙන නිසා.. අර ප්‍රේමදාස මහත්තයගේ ගම් උදාවට නම් දැම්මා වගේ තියෙයි...

    මෙතනදි හොඳ එකක් ආවොත්.. කොම්පටිසොන් ඕනත් නෑ...

    මම නම් තිබුන එකට පට්ට මනාපයි...

    ReplyDelete
    Replies
    1. මගෙත් මනපෙ නං තිබිච්ච එකටම තමයි..
      අපි වෙනසට බයයි අයියන්ඩි...

      Delete
    2. ඔව් අප්පා ,මෙයා මේ ප්‍රබුද්ධ වෙන්න හදනවා ...

      Delete
    3. කාලකන්ණියෙක්, පෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක් වගේ එකක් කොහොමෙයි.

      Delete
  5. සුද්දෙක් ඔබ අමතයි

    ReplyDelete
  6. මමත් තිබ්බ එකට පස්ට මනාපයි ඕං...
    අඩු ගානෙ මූ මොකාද යකෝ කියලවත් මිනිස්සු බලනවා.

    ReplyDelete
  7. මමත් කැමති තිබුන එකට. ලැස්කිට වැඩිය මාතලන් අපිට සමිපයි..ඌ හොරෙක් උනත් අපේ එකෙක්.

    ReplyDelete
    Replies
    1. ලැස්කි කියන්නේ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්ද

      Delete
    2. ලැස්කි කියල පොරක් හිටියා බෝර්න් අල්ටිමේටම් පිලුම් එකෙත්

      Delete
  8. අඩේ අප්ප මාත් කිවුවට පස්සෙ තමයි ගිහින් බැලුවෙ. ඇත්ත නේන්නම්.
    ඒ වුනාට ඒ “ස්ලෝගන්“ එකට පොඩි සංශෝධනයක් අවශ්‍යයි කියලත් මට හිතුන.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයන් මෝඩයන්නම් අනිවාර්යයෙන්ම දේශපාලකයන් කපටි හොර තක්කඩි රැළක් වෙනවම තමයි.

    ReplyDelete
  9. මොන හෙන ගෙඩියක්ද මේ මගෙ ඔලුවට එන්නෙ? මං ලැස්කියෙක් ගැන කිව්වෙ නෑ. කිව්වත් හැරල්ඩ් ගැන නෙමෙයි මේවගේ එක්කෙනෙක් ගැන කියයි (http://www.zoominfo.com/p/Joan-Lasky/1732362699)අදාල වෙන නිසා අවස්තාවට
    මගෙ තියන මෝඩකමට ප්‍රශ්නයක් ඇහුව විතරයි. ඒකත් බෑනෙ මේ යහ පාලනරටේ.

    වෙනසක් කරන්න කැමතිනම් ( හැමදාම දකින කුකුලගෙ කරමලේ කිකිලිගෙ බිත්තරේ පාටයිද මොකක්ද හින්ද )සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ශන් එක වෙනුවට ප්‍රශ්නාර්තයක් දාන්න
    ඔය චෙෆ් උඩ ලියල තියෙන්නෙ.වෙනස - "ද "යන්නක් එකතු කිරීම විතරයි.
    ///මාතලන් | Maathalan.....!!!! හොරෙක්ද මං පහරන්නෙක්ද..එහෙම නැත්නම් දේශප්‍රේමියෙක්ද? //

    ඕනෙනම් තව යටට දාන්න පුලුවන් කෑල්ලක්
    ""මාතලන් | Maathalan..... හොරෙක්ද මං පහරන්නෙක්ද..එහෙම නැත්නම් දේශප්‍රේමියෙක්ද? බැනුම් අහන්න බය නැත්නම් ඔබ කියන්න""

    "Comment at your risk "කියල පොඩියට දාන්න

    ReplyDelete
    Replies
    1. එල..පටන් ගනින් උඹත් පඩංගුවක්..

      Delete
    2. ප්‍රා අපි ඕක ඇනෝ ඇසින් බැලුවොත් ලියන්න වෙන්නේ

      මාතලන්ගේ ******* හොරෙක්ද ,මංපහරන්නෙක්ද , දේශප්‍රේමියෙක්ද කියලා

      Delete
    3. අවංකවම මට හිතෙන දැනෙන දේ කියන්නං

      මාතේ

      හොරෙක් නෙමෙයි

      මංපහරන්නෙක් කුත් නෙමෙයි

      දේශප්‍රේමියෙ කුත් නෙමෙයි

      හැබැටම මූ මොකෙක්ද

      Delete
  10. ඕකට මෙහෙම දාමු "සුද්දෙක්ද, පරංගික්ද, ලංසියෙක්ද" කියලා

    ReplyDelete
  11. ඔව් ඔව් අර හොරෙන්ම මාරු කොරල තියෙන්නෙ
    හුහ් මේව යහපාලන පෙජාතන්තෙ උල්ලංගනය කිරිල්ලක් කියල ඇයි කවුරුවත් කියන්නෙ නැත්තෙ ඈ

    ReplyDelete
  12. ඒක මාතලන්ම දාගත්ත පාපෝච්චාරණයක් වගේ එකක්නේ. මම අමුවට ඉන්න හන්ද මට ඒකේ අවුලක් පේන්නේ නෑ දෙකක් ලඟ නවාගන්න කල්

    ReplyDelete
  13. මේ මාතේ, ඔය ප්‍රාජේ දෙන ලණු ගිලින්න එපා. මංපහරන්නෙක් කියන එක වෙනත් තේරුමකින් ගනියි බොග බලන අය.

    මං නොපහරන, කියලා ලිව්වම ඇති.

    ReplyDelete
  14. කට්ටිය ආෆ්ටර් පාටි ටෝක්ස් දානවා වගෙයි.
    :(
    කිව්වත් වගේ මාතලන්ට ටෙම්පර් කොන්ට්‍රෝල් මැශින් එකක් හොයා ගන්න වෙයි හෙට අනිද්දට...
    (මාතලන්, අඩෝ මේ ගහගන්න හෙම එන්න එපා මම පව් හරිය)

    ReplyDelete
    Replies
    1. මෙයාව දැක්ක කල්

      Delete
    2. කලවැද්දා කියන එක නං හරියට හරි නේද බුරු???

      Delete
  15. මාතලන්......
    ..............................................
    ..........................

    ජ ය වේ වා !!1

    ReplyDelete
  16. චෙපා කිව්වට පස්සේ ගිහින් බැලුවේ , වෙනස අසාධාරණයි තමයි . ඒක ඒකාධිපති වෙනසක් .

    ReplyDelete
  17. මාතලන් යනු බහිරවයෙකි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....