Thursday 16 October 2014

නොඉඳුල්






ලඟදි පත්වීම ලද
බඳින වයසත් පහුවුන
දිග කලිසම් ඇඳි
තාමත් කවුරුවත් නොහඳුනන
කෑම පැයේ අඳුරු මුල්ලට වී
තනිවම බත් පත බුදින
කල්‍යානි...

කෑම පැයේ කුනු බඳුනේ
එකතුවෙනා ඉඳුල්
ඔබ අතින්ම අනා
මැද මිදුලේ පෙරලි පෙරලි
පෙරලි කරන බලු රෑනට
එය කවනා ඔබ
කල්‍යානි...

39 comments:

  1. අපොයි බං මෙහෙත් එහෙමයි.. ඔය බැදපු නැති උන් පාරේ යන කොට බල්ලෝ රංචු පිටින් යන්නේ.. ඒක ඒ අයගේ ආසාව නේ.. පැදි පෙලේ යටින් දුවන අර්ථය මීට වඩා ඉස්මතු කළ හැකිව තිබුනා යකෝ..

    ReplyDelete
    Replies
    1. සොමියා කියෙව්වොත් ඒක කරයි දේශා....

      Delete
  2. ඉතින් බං බලු කපුටු දානයක් දෙන්න කියපන්කො..

    ReplyDelete
    Replies
    1. හැමදාම ලංච් එකට කපුටු කෙසේ වෙතත්, බලු දානේ නම් එයා දෙනවා....පව් කියලමයි අප්පා හිතෙන්නේ...

      Delete
  3. බල්ලොත් ජීවත් වෙන්න එපාය..

    ReplyDelete
    Replies
    1. ඉඳුල්, නොඉඳුල් ගැලපීම පට්ට.. ඇත්තටම බලු පූට්ටුවලට ගල් ගහපු නිසාය ඔහොම වෙන්නේ කියලා කතාවක් තියෙන නිසා වෙන්න ඇති බල්ලන්ට කන්න දෙන්නේ..

      Delete
    2. එහෙම කලාම මොණරෙක් වෙනවලු

      Delete
    3. බලු පූට්ටු කියන්නේ මොනවද

      Delete
    4. @ අටම්...හංස පූට්ටුව තරම් ආටි නැති, හැබැයි අර අරූ කිව්වා වගේ පන්සල් වලත් තියෙන පාරම්පරික කලා කෘතිවල අංගයක් නොව බලු පූට්ටු....

      Delete
  4. ඔය පංච කල්‍යාණි ඉන්නෙ උඹේ ඔෆිස් එකේද

    ReplyDelete
    Replies
    1. (පංච කෙසේ වෙතත් ) කල්‍යාණිය නම ඉන්නේ මගේ ඔෆීසියේම තමයි හැලපේ....න ණ ල ළ හරිනේ මේකේ..?

      Delete
  5. කල්‍යානි ගංගා රාජිනී....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සී ජේ...! ගෑල්ලමයි එක්කනයි...ගංගා සහ රාජිණී නැහැ...කල්‍යාණි ඉතරයි...

      Delete
  6. සුනඛයන්ට පෙම් බැඳ බැඳ
    ජීවිතයට පිටු පානා
    කල්‍යානි..
    ඔබ අලුත් ඔය
    ඔපීසියට පමණයි..
    හම්බෙනව මඟ දිගට
    දිගට හරහට ජීවිතේ..
    දිග කලිසමක් ඇන්දට
    පංච කල්‍යානියක් නොවේ..
    දොස්තරල, ගුරු බැංකු මාකට් රටේ
    ලිපි කාරකමක් මහ ලොකු
    රස්සාවකුත් නොවේ..
    යන්තං කන්ඩ අඳින්න දීල
    ඇස් පෑදුවාට
    අප්පච්චී මහ ලොකු
    පෝසතෙකුත් නොවේ..
    ලෝකෙ තියෙන තරං
    පණ්ඩිතකං කියෙව්වාට
    පිරිමි හැම එකාම
    සාලිය කුමාරවරුත් නොවේ..
    කල්‍යානී..
    ඔබ අලුත් ඔය ඔපීසියට පමණයි..
    නැතුව මේ කුරිරු ලෝකෙට නොවේ..

    ReplyDelete
    Replies
    1. ඉතිං බලහං කළන..නියමයිනේ දැන්...
      මෙහෙම කල්‍යාණිලා හරියට ඉන්නවා ඉරිදා පත්තර පිටුවල...
      ඉවාන් කිව්වා වගේ තෝරලා තෝරලා දැන් තේරිලා..
      එතකොට කෝච්චිය කන්කසන්තුරෙත් පහුකරලා..

      මම නම් හිතන්නේ කුරිරු ලෝකය නෙමෙයි. මේ තේරෙන කල්‍යාණිලාගේ අනවශ්‍ය රික්ව්‍යාර්මන්ට්ස්....අපි අර ටෙන්ඩර්ස්වල ක්වලිෆිකේෂන්ස් කියන එව්වා වගේ..

      Delete
  7. සෙනසුරු හතේ. ඒ කේන්දරේම තියෙන එකෙක් හම්බු වෙනකං බලු කපුටු දාන දෙන්නෙ ඒකනේ?

    ReplyDelete
    Replies
    1. කෝ මේකා? බොග් ගල් ගොඩකටවත් යටවෙලාද දන්නෑ...

      Delete
    2. හෙක් හෙක්...යන්තම් අමාරුවෙන් ගොඩ ආවා ටෙන්ඩර් බෝර්ඩ් මීටින් වලට යටවෙලා ඉඳලා..සොරි වෙන්ට ඕනා රිප්ලයි නොකලාට..මට ඊයක් එවාපන් chefarchitect@gmail.com වලට මචෝ...

      Delete
  8. කල්‍යාණි.. උඹ බල්ලට යන්න කලින් උඹේ පුසාට කන්න දියන් කල්‍යාණි

    ReplyDelete
  9. පුළුවන් කාලේ
    තේරුවා තේරුවා තේරුවා
    දැන්
    තේරිලා

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ දාපං.
      මේක පට්ටයි!

      Delete
  10. Replies
    1. කොහෙන්ද ලමයෝ මේ වත්තක කෑල්ලක් ගාව ගත්තේ..කෙසේ වෙතත් මා විසින් කරන ලද දෙයට වඩා උසස් දෙයක් කිරීම ගැන මගේ බලවත් මෙව්වා එක..ඒ කියන්නේ ප්‍රසාදය මිසක් වෙන දෙයක් හෙම නෙවෙයි හොඳේ උපේක්ෂා...!

      Delete
  11. ඔහැක්...
    පට්ට....
    අපූරුයි චෙෆ්.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපූරය..?
      ජයම වේවා...!!!

      Delete
  12. කොල්ලන්ට වඩා බල්ලන් ලෙංගතුයි කියලා හිතෙන අතීත අත්දැකීමක් ඇති බං. සමහර කොල්ලොත් බල්ලො වගේනේ. වැඩේ කරගන්න ඕනවුනාම බෝමළුවෙත් පූට්ටුනේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං...ඔය බල්ලන්ට කුනු බක්කි අවුස්ස අවුස්ස කෑම අනන වෙලේ මනුස්සයෙකුට මොනා හරි කොලා නම් ඔය ගෑනු ලමයා ඔහොම ගෙදරට නාකිවෙන්නේ නැහැ මයෙ හිතේ...අපිත් බල්ලන්ත ආදරෙයිනේ බං..ඒකට මේක වෙනමම කේස් එකක්...
      උඹ කිව්වා වගේ පරන මොකක් හරි බූට් කේස් එකකුත් ඇති..!

      Delete
  13. මරු බං. ඉඳුල් නොඉඳුල් කතාව තමයි මරු

    ReplyDelete
    Replies
    1. ලංච් මීටින් එකක් වෙලාවෙ දැක්ක දෙයක් නිසා වෙච්ච සංතෑසියක් තමයි රාජ් ඔය...

      Delete
  14. මාර අදහසක් චෙෆාකි. හැබැයි තවත් ටිකක් සංවේදී කරන්න තිබුන කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් බස්සිලාට වගේ සංවේදි වෙන්න අමාරුයිනේ...නැද්ද...විහිලුවක් කලේ...කම්මැලි කමත් එක හේතුවක් නේද ඔය අසංවේදි වෙන ලෙඩේට..?

      ඊලඟ සැරේ මීට වඩා සංවේදීව මෙවන් සිදුවීම් වාර්ථා කරන බවට මෙයින් පොරොන්දු වෙමි.

      Delete
  15. උබ ඵලය ගැන් ලිවුවම ඉවානය හෙතුව දිල. නියමයි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි..ඉවාන් හැම දෙයකම අපි නොදකින පැත්තක් හරිම ඉක්මනටම දකින එක තමයි උගේ අතින් වෙන නිර්මාන වල අලංකාරය ඉස්සෙන්න ප්‍රධානම සාධකය මට තේරෙන විදියට...

      Delete
  16. බත්පත ඔතා ඇති තෙක් පමණකි කාටත් වන්නේ එය නොයිඳුල්
    දිගහැර අනා දැමුවිට නොකෑවද වැන්නේය එය ලොවටම ඉඳුල්
    වෙලාවට නොකෑවොත් පිළුණු වේය තිබුනත් ලෙසින් නොයිඳුල්
    නොයිඳුල් වුවද කියන් පිළුණු බත්පතක් කවුරු නම් කරාවීද ඉඳුල්

    චෙෆාකි මම හිතන්නේ මමත් හොඳ කවියක් ලීව කියලා සංවාදේට, මේ ගැන මොකද කියන්නේ?

    කවිය නම් නියමයි, තමුන් කන්නේ තව එකෙක්ගේ ඉඳුල් කියලා දන දැනත් ඉඳුල් රහට ලොබ බඳින බල්ලෝ වගේම බල්ලන්ට ඉඳුල් කව්වන ඇත්තෝ ඕනා තරම් ඉන්නවා නේ. දකින විදියත් සුපිරි, ලියපු විදියත් සුපිරි, කියවලා වැදුන විදියත් සුපිරි.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා තියෙන්න එලිසම එහෙම රැකලා...නියමායි සොමියා...
      සංවාදයකට එලඹෙන්න බැරි උනානේ ලැපෙන් නැගිටලා අධි ආරක්ෂිත ස්ථානයක කාලය ගත කරන්න වෙච්ච නිසා...ඊලඟ සැරේ බලමු මචෝ...තැන්කූවේවා කවියට...!!!

      Delete
  17. " ලඟදි පත්වීම ලද
    බඳින වයසත් පහුවුන"

    මේක තමයි කවියෙ වටිනම කොටස. මේ කෙල්ලගෙ ( ඇන්ටිගෙ ) පළමු පත්වීමනම්, ඇයට අසරණ මවක් ( සමහරවිට පියෙක්) නිසා කළ්‍යාණය ඩියකරන්න උනා වෙන්නත් පුලුවන්.

    අඳුරු මුල්ලෙ අනුන්ගෙන් සැඟවිල බල්ලොත් එක්ක ජීවිතේ බෙදාගන්නව කියන්නෙ, ඇයට බලාපොරොත්තුවෙච්චි ලෙංගතුකම, පිළිගැනීම ඇගේ සමාජෙන් නොලැබීම නිස වූ පෙර අත්දැකීම් වෙන්නැති.

    මේක අගනා කතාවක් කියන අස්ම්මත කවියක්.

    ReplyDelete
    Replies
    1. යමක් දැක්ක හැටියේ අකුරු කරපු හැඟීමක් ඉන්දික.....ඒ ලමයා (ඇන්ටි )ඉන්ටර්වීව් කලේත් මම....මුල් දවසේ මට මෙහෙම දුක් කාරනා ගොඩාක් පෙනුනේම නැහැ...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....