Wednesday 29 December 2021

 ආදරණීය මහවැව...!








ගිමන් හරිමි....

පෑරුන තැන් ඇත්නම් හිතේ
සෙමින් පිරිමදිමි...


ගිය දුරම දුර ගමන
යන්නට නුඹ දුන් පන්නර
දයාදරයෙන් සිහි කරමි...

ගියද නුඹ තනිකර
සත් සයුරින් එතෙරව
ජයගත්තෙන් ලොව
නුඹ රහසින් මිමුණූ ලෙසම

හති නොවැටුනත්,
තව දුර යන්නට ඇතත් ශක්තිය...

හිත කියන්නේම
හිමිදිරියෙන්ම එන්නැයි නුඹ ලඟට...

මීදුම හැඩ කරනා නුඹ වත
කියාදෙයි අදත් මට පාඩම්
....ආදරණීය....
....මහවැව....

16 comments:

  1. වැටකින් වට කළත් වැව සීමා කරලා
    හිතක වපසරිය යායක පැතිරීලා
    දියවර එක්ක ලද පන්නරයෙන් මිදිලා
    ගියෙ කොහොමෙයි මහවැව අමතක කරලා?

    ReplyDelete
    Replies
    1. මේ නිදිය කවි පොස්ටුවක් දාන්නෙ නෑ. කොමෙන්ට් කොටන වැඩේනම් ලස්සනට කොරනවා

      Delete
  2. ඒකනම් ආදරණීය කයියක්...

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙත් එහෙමමයි....!

      තව කෙනෙක් මේ විදියට ඉන්ටප්‍රිට් කරල තිබුන හැබැයි...!


      සුහුබුලකි ඔබ අභියස...අාදරණීය මහ වැව

      අක්මුල් පැතිර ගිය
      ගම්මැද්දාවෙ පිටිසර
      ලේ නහර ගත වෙද්දි
      වන්නියේ පන්නරය
      හිතක් ඔද වඩවමින්...
      පැතුරුවා ගුණ සුවඳ.

      ඉගිලුනත් සත් සමුදුරින්
      එහා ලොව
      දැනුම් මහ ගංගාව බෙදා
      දුන්නෙත් ලොවට
      ගත සවිය තව අැති නමුත්
      දිග් විජය නගන්නට
      එන්නටම කියයි තිනෙත
      හුරු සුවඳ විඳින්නට.....

      අතීතේ රිදුම් තැන් හෙමි හෙමින්
      පිරිමදිමි
      සවිය දුන් අය සේ ම රිදුම් දුන් අය
      හඟිමි
      සුජාත වු බිමට ණය නොවුනු පුතණුවක
      වෙමි
      මහා වැවයි, දාගැබයි,කෙතයි මහා
      රුව තැනුවෙ....

      නිරූපා..

      Delete
    2. පිලිතුරු කවිය වෙන්ට ඕනේ මේ කවිය අයිතිකරුගේ...ඒකත් බොහොම ආදරණියයි

      Delete
    3. නෑ...කවියෙ කියවෙන කෙනාගේ ගෝලයෙකුගෙ ඉන්ටප්‍රිටේශන් එක

      Delete
  3. Replies
    1. මම ඔහුව ආදරණීයව දන්න නිසා ලියවුනා කීවම තමා හරි....!

      Delete
  4. Replies
    1. http://www.sundayobserver.lk/2021/12/12/impact/heritage-specialist-gamini-wijesuriya-awarded-iccrom-award-2021

      Delete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. I rest
    and soothe the aches that may still linger
    in my heart;
    thinking all the while
    of the strength you gave
    for the longest journey
    of mine.

    Though made a stranger to you for a long long while,
    in distant lands over the oceans
    where I won the world,
    just as you whispered in my ear.
    Though I know I can go further and further
    away from you,
    my heart draws me back to you
    each dawn.

    Adorned by mist
    your face
    still teaches me life,
    loving Mahaweva.

    By
    Lucky

    ReplyDelete
  7. “The overview that follows maps the life-long contribution of Dr. Wijesuriya to the cultural heritage sector. It is genuinely hard to find a similar figure in our field, a figure who has overcome with such agility the divide between disciplines, between research and practice, between different regions of the world and, perhaps most important of all, between heritage and society; and who has taken generations of heritage practitioners with him on that journey.” ප්‍රා ජේ ට දාපු ලින්ක් එක දිගේ ගිහින් නිමිත්ත හොයා ගත්තා.. නැත්නම් කොහෙන් හරි කෙල්ලක්ව පටලවන්න බැලුවේ.. :))))

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....