Tuesday 19 February 2019

A Life Style....!


A Life Style....! 


 අක්කි ගාපු පොල් 
දික්වැල්ලේ පොලෙන් ගත්ත අගුණකොළපැලැස්සේ හාල්
 එක්ක අඹරලා වැලේ තිබුන ලොකු පුහුලෙන් 
පලුවක් ඉව්ව 


 ඇඹුල් කෙසෙල් මුවක් කඩලා
 කොස් ඇට තුන හතරක් තලලා
 තෙලෙන් ලිප තියල  
මිටි කිරෙන් ඉව්ව 


 කිලෝව අනූවයි වැලිමඩ අල 
තම්බලා හොඳට උම්බලකඩ දාලා
 කිලෝ එක හැත්තෑවේ ලොකු ලූනු දාපු
 අල බැදුම ඉව්ව 


 ඔයා කන්න ආසා කප් පරිප්පු 
දැන් කොටා ගත්ත 
අලුත් තුනපහ 
යහමින් දාලා ඉව්ව


 ලපටි දඹල කඩනකොට 
මට කට කොනකින් හිනාගියේ
 අදත් දඹල සම්බෝලද කියල
 අහනව නේද කියල හිතිලා
 ඒ උනාට රතුලූනු පොල් යහමින් දාලා
 දඹල සම්බෝලේත් හැදුව 


 රතුහාල්ද සුදුහාල්ද ලිපේ තියන්නේ....!   

34 comments:

  1. රතු හාල්.. ඩයි නැති..

    <3 <3

    ReplyDelete
    Replies
    1. හ්ම්...කොටහංකෝ වී දැන් ඉතින්.....😂

      Delete
  2. මට්ටා හාල් තමයි වැඩේට හරියන්නෙ නම්.

    ReplyDelete
    Replies
    1. මට්ටා කිව්වෙ අර අල්හුටීයේ තියෙන මෝටා රයිස් වලටද හැලපේ....😂

      Delete
    2. එහෙනං, සමහරු මට්ටා කියනවා, සමහරු මෝටා කියනවා. දෙකම කියන්නෙ එක හාලට.

      Delete
  3. බත් නම් නැතත් කමක් නෑ මැණිකේ :D

    ReplyDelete
  4. This is not fair, where do we get these things? Must go back to my home village.

    ReplyDelete
    Replies
    1. It is just a choice my friend...!
      Where ever you are, we can bring this into your life with some little efforts...😂

      Delete
  5. Matta rice is what we call 'Thmbapu hal'

    ReplyDelete
  6. සුදු හාල්...සුදු හාල්...හැබැයි පුහුල් එපා මට නම් ඕං

    ReplyDelete
    Replies
    1. අඩුමගනනේ එක වේලකටවත් රතුහාල් කන්න දරුවො...සුදුහාල් එච්චරම ශරීර සෞඛ්‍යට ගුණ නැත...!

      Delete
    2. අලුපුහුල්ද දුවන පුහුල්ද එපා...😂

      Delete
    3. රතු හාල් ඈක්...බුවෑක්....

      Delete
  7. තිස්සමහාරාමෙ රතු හාල් හොඳයි.
    ඒත් නැත්තං දික්වැල්ල ක්‍රීම් හවුස් එකෙන් ගත්ත පාං ගෙඩියක් උනත් නරකම නෑ.

    ReplyDelete
  8. හාල් වල පාට නොපෙනියෛ ඔබගේ ඔය ආදරනිය ලෙන්ගතු පාට නිසා
    ඇස් දෙකේ කදුලු පිරුනේ උබ දබල සම්බෝලේට දාපු රතුලුනු නිසා නෙමේයි
    දාරා ගන්න බැරුව ඔය ආදරනිය බව...
    අම්මපල්ල හැමදාමත් හැම වැන්චනේකටම එකතු ක්‍රනකොට උබගේ ඔය ආදරය සෙනැහස ඉවරවෙයි කියලා බයයි හෙට බතට

    ReplyDelete
  9. ඔක්කොම දාල, ලුණු ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ඇයි මිරිස් දාලත් නෑ.

      Delete
    2. අපි හරි ඩිමොක්‍රැටික් ...කනකෙනාට ලුනු දාගන්න ඉඩ දීලා තියෙන්නේ හරිය....😂

      Delete
  10. “One cannot think well, love well, sleep well, if one has not dined well.”
    ― Virginia Woolf

    ReplyDelete
  11. පපඩමකුත් බැදල ඇරං වේලපු මිරිස් කරල් දෙකක් තුනක් බැදල ගම්මු නේ?

    ReplyDelete
  12. ඕනේ හාලක්, බෙරි නොකර........

    ReplyDelete
  13. ඕකට රතු හාල් තමයි සෑර් අල්ලලා යන්නේ.
    හැලපෙ සෑර් මට්ට කේස් එකක් දාල තිබ්බනේ.
    ඕකේ නියම නම රෝස මට්ටා. කේරළේ (තම්බපු) හාල්. එකට දෙක හමාරක් වතුර තිබ්බම රයිස් කුකර් එකේම තම්බගන්ඩ ඇහැක්.
    රෝස මට්ට ටිහකුත් තිබ්බ නං වෑ.. ඩක් නෑ ඔය වෑන්ජන් ටිකත් එක්ක නැගල යයි සෑර්.

    ජයවේවා!
    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. Thank you Hattor...will test red matta...😀

      Delete
  14. එබතුමා කන්න කැමති කෑම වගේ ...........
    විචාරක දියණිය

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....