Friday 11 May 2018

හ-බාර්-ල





බාර් කවුන්ටරයේ හිතවත
නවන්න තව පනහක්
එපා...සෝඩා එපා...
හා..දෙකක් දාන්න අයිස් කැට


අල්ලපු ස්ටූල් එකේ හිතවතිය
නොදෙන්නේ ඇයි තව බැල්මක්
එපා...යන්න එපා..
හා...ගිහින් එන්න එහෙනං හෙටත්




22 comments:

  1. හෙට නාවත් මොකෝ ... දාන්න තව පනහක්
    චියර්ස් .....

    ReplyDelete
    Replies
    1. හෙට එනවා ඔය ගියාට...!
      චියර්ස්...!

      Delete
  2. මට නං පළවෙනි ෂොට් එක අමුවෙන්ම
    උගුර කට පිච්චී යයි
    ඊට පසු අනෙක්වා
    සෝඩා ද අයිස් ද මුසුව
    අහා සැපකි ජීවිතය.

    ReplyDelete
    Replies
    1. මට නං ෂොට් තුන හතරකට පසු
      නොදැනීම එක ෂොට් එකක් නීට්
      උගුර කට පිච්චී යයි
      බීපුවා ආපහු එන සයිස්..
      ඒත්.....
      අහා සැපකි මිතුරු සමාගම...
      ජීවිතේ කෝමත් හබක්....😂

      Delete
    2. /// මට නං ෂොට් තුන හතරකට පසු
      නොදැනීම එක ෂොට් එකක් නීට්
      උගුර කට පිච්චී යයි
      බීපුවා ආපහු එන සයිස්..
      ඒත්.....
      අහා සැපකි මිතුරු සමාගම...
      ජීවිතේ කෝමත් හබක්....😂 ///

      හයියූ...

      Delete
    3. ඇත්ත යකෝ..හැමදාම වෙනව මට ඔය සංසිද්ධිය ....😂

      Delete
  3. සෝඩ එපා
    අයිස් එපා
    බයිට් එපා
    දාන්න අමුවෙන්ම
    හෙට එනවනං එන්න
    නැත්තං නිකා ඉන්න

    ReplyDelete
    Replies
    1. සෝඩා නැතුව
      අයිස් නැතුව
      ඒ මදිවට
      බයිටුත් නැතුව
      එයත් නැතුව
      බොනවට වඩා හොඳයි
      කොළකැඳ වීදුරුවක් ගහන එක...

      Delete
  4. බයිට් නැත්තං
    මොන මගුලටද
    ඔය චියර්ස්

    ReplyDelete
    Replies
    1. උඹ හිටියම
      කොහොමත් නෝ බයිට් අපිට..
      ඒත් චියර්ස්...👍

      Delete
  5. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_85.html

    ReplyDelete
    Replies
    1. ජයවේවා..!
      චියර්ස්...!

      Delete
  6. මේ පිළිබඳ විද්වත් සාකඡ්චාවක් සඳහා රැස් වෙන්න වෙයි වගේ හිටන්...

    ReplyDelete
    Replies
    1. මං හැලපෙට යෝජනා මෙව්වා එකක් දැම්මා...මහාචාරිගෙන් අහන්න කිව්වා විද්වත් සාකච්ඡාවට හොඳ කවද්ද කියල..සබරගමුවෙදිම තියමු කිව්වා හබරල කේස් එකක් නිසා...👍

      Delete
  7. සමහර හබරල දලට කට කහනවා.. පරිස්සමෙන් :)))

    ReplyDelete
    Replies
    1. වේලලා ගත්තම සරි....😂

      Delete
  8. බාර් ගැන නොදනී ඒ නිසා හිතවතීගේ හිතින් ලිව්වා ඕන්

    නාදුනන හිතවත,

    මධුවිතකටත් වඩා
    එක සීරුවට මත්වෙච්ච
    නුඹේ ඔය ඇස් බැල්ම
    මගේ හිත ගිනි තිබ්බ

    දරා ගන්නට බැරිව
    සියොළඟම මත්වෙච්ච
    නිසා පිටවෙමි ඉතින්
    හිතේ තරවටු මැද්ද

    ReplyDelete
    Replies
    1. මින්පසු මෝඩ වැඩ නොකරන්න
      සියොලඟ මත්වෙච්ච වෙලාවට
      ලඟින්ම ඉන්න...
      හිත ආයේ කිසිදා නොකරාවි
      තරවටු....!
      😂

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....