Friday 9 December 2016

සෙනෙහසක උරුමය



බියන්කා කපෙලෝ ඇයගේ ආදරවන්තයා වූ ෆැරන්සෙස්කෝ දි මෙදිසි හා නික්ම‍යෑම
ලුවිස් ඩුසිස්ගේ පින්තාරුව

තරප්පු පේලියක
උසම උස් කුළුනු යුගලෙ
අවතැන් වූ හිඩැසක
කුළුඳුලෙන්
බැ උනුසුම විඳි
දයාබර හදට

ඔබ තවමත්
අදත් එදාමෙන්
කුමරියක මිස
කොලයක් නොමවේමැයි
කරදහි....!

ඔබහට
 මා
 හඳේ හාවා වූ ලෙසම
කුමරිය ඔබැ දඟකාර දෑස්
මා ලුහුබඳීවී ...

සසර සරනා ආත්මයෙන් ආත්මයට...

එබැව් නොදැනෙන
එබැව් නොහැඟෙන
ඔබැ හද පතුලේ
 කිමැදුන මා
උඩු සුළඟේ ඉමක් නොදැන
පාවෙන කරදහි කැබැල්ලකි
 අද ඔබැ හට...

සෙනෙහසේ උරුමය
 මෙය නම්
සොඳුරියේ

 විඳින්නෙම් 
හදපිරි සෙනෙහසින්
මතු ඉපිදෙන
 සාරාසංක්‍ය කල්ප ලක්ෂයක්
ඔබැ නමින්ම
කුමරියේ...!

27 comments:

  1. මේක ඉස්කෝලේ යන කාලේ මතකයක් වගේ ?
    මම හරිද

    ReplyDelete
    Replies
    1. ලේබල් වෙලා තියෙන්නේ ටීනේජ් ලව් කියලනේ....ඒ උනාට ඉස්කෝලේ ගියේ නෑනේ මෙන්ඩෝ...!

      Delete
  2. අම්මට් හුඩු මම එක වෙලා ...බොන්න ඕනේ කාරණයක්

    ReplyDelete
    Replies
    1. හැම එකටම බොන්න එපා යෝදයෝ...!

      Delete
  3. සෙනෙහසකට අරුතක් පුරවන්නට ....

    ReplyDelete
    Replies
    1. අහසේ තරු ගැන්නා..
      පොළවේ වැලි මැන්නා...
      සීමාවක් මායිමක් නැතැයි කී....
      සෙනෙහස කොතැනද සැඟව ගියේ.....!

      Delete
    2. සැඟවු තැනින්
      නුඹ ඇවිදින්
      සොයා ගනින්
      මගේ හදින්....

      Delete
  4. දැන් දැන් දාන ඒවට කමෙන්ට් කරන එක තමයි අවුල... ;(
    නිකං කොයිල් කොයිල් වගේ...

    ReplyDelete
    Replies
    1. Feel so same.. honestly don't know what to comment than "nice"

      Delete
    2. @ලොකූ...මටත් කොයිල් කොයිල් වගේ.....:)

      Delete
    3. @ Erandi...thought you are creative than that...!

      Delete
  5. අසනීපෙ හොඳයි කිව්වට අසාධ්‍යයයි වගෙ මට පේන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. හරිගියේ නෑනේ බෙහෙත....!

      Delete
  6. එතකොට මේක අසනීපගානෙ ලීව එකක්ද ඈ:D...

    පද පෙළ ලස්සනයි.. පිංතූරෙ විස්තර කිරීම නියමයි..

    ReplyDelete
    Replies
    1. නිර්මානී...ගොඩ කාලෙකින්...
      ඔය අසනීප ගතිය සදාකාලිකයි...
      හොඳනොවෙන තරමට ආශ්වාදජනකයි.....!

      Delete
  7. අපූරු පද පෙළක්...අර වදරින් හයිට්ස් සිංහල පරිවර්තනයකුත් තියෙනවා නේද සෙනෙහසක උරුමය කියලා. මම හිතුවා හෙඩිම කියවලා මේ ඒ ප්‍රේම අන්දරය ගැනවත්දෝ කියලා

    ReplyDelete
    Replies
    1. කැත්‍රීන් කෙනෙකුත් හීත්ක්ලිෆ් කෙනෙකුත් එකතුවූ තැන වයිල්ඩ් පැශනේට් ලව් එකක් නැතිවෙන්නම බෑනේ ශානි...

      Delete
  8. මේකට දාන්ඩනං පත කමෙන්ට් එකක් තියනව ... එක්කො ඕන්නෑ ...

    ReplyDelete
  9. නෝටි කවිකාරයා. අපේ ඇඟේ හිරිගඩු පුප්පනවා. පපුව ටක් ටක් ගානවා අතීතයට ගිහින්.

    ලක්ෂ්‍යය ලක්ෂය කරන්න. ලක්ෂ්‍යය = spot, dot, ලක්ෂය = 100000

    ReplyDelete
    Replies
    1. තැන්කූ..ඔන්න හැදුවා...!

      Delete
  10. TEENAGE LOVE නේද. සෙල්ලන් නෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. Teenage Love වගේ love කොහොමත් සෙල්ලන් නෑනේ....:)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....