Tuesday 26 July 2016

රට ගිහින් ඇවිත් කරපුවා....!



මම ජීවිතේ බෙදාහදාගෙන ජීවත්වෙන කෙනෙක්..එහෙම කිව්වේ උයන මවන අඳින කියන තුන්වැදෑරුම් කාරනා කටයුතු කරන නිසා..
අද තවත් එක අලුත්ම අලුත් කාරනාවකට අතගහන්න අවස්ථාවක් ලැබුනා...
අවුරුද්දක් තිස්සේ හිතලා, මවලා ඇඳලා අද උදේ 9.17ට නැගෙනසිර දිශාව බලාගෙන සමන් දෙවියො සිහිකරලා කලානේ හොඳ වැඩක්...
ලංකාවට ආවාට පස්සේ කරපු තුන්වෙනි ව්‍යාපෘතියේ පළමුවෙනි පස් පිදැල්ලනං කැපුවෙ මැයි මාසේ..


ඔය උඩින් තියෙන පොටෝ වල ඉන්න සමහර චරිත මේ පෝස්ට් එක කියවන අය දන්නව ඇති..අනේ මම නං ඒ ගොල්ලො එක්ක කිසිම ආස්‍රයක් එහෙම නැහැ....

ඊට පස්සේ අද උදේ තමයි ඒ ව්‍යාපෘතියේ පයිල් ෆවුන්ඩේෂන් කටයුතු පටන් ගන්න නැකැත තිබුනේ...

නමෝවිත්තියෙන් කියලා පලමුවෙනි පයිල් එක ඩ්‍රිල්කරන්න කියාපි ආකිටෙක්ට් වන මට..වම් කකුල තාම නොන්ඩිනේ ගිය මාසේද කොහෙද වෙච්ච අලකලංචියක් නිසා..බෑ කියන්ඩයැ..නැග්ගා හතර පස්දෙනෙක්ගේ ආධාරයෙන් පයිලින් රිග් එකට..පුදනකොටම කාපි යකා කියලා ජරමර අස්සේ


මම අත තියලානේ ඉමර්ජන්සි ස්ටොප් බටන් එකට...හුචෑස් ගාලා රිග් එක නැවතුනානේ..තව විනාඩි පහක් තියෙනවා බයවෙන්න එපා කියලා ඔපරේටර් මල්ලි ආයෙත් ස්ටාර්ට් කරලා කියලා දුන්නා වැඩේ කරන්න ඕනි ආකාරය...දකුනු අතින් රිග් එක කරකවන ජෝයි ස්ටික් එක වම්පැත්තට තල්ලු කරන ගමන්, වම් අතට තියෙන ජෝයි ස්ටික් එක පහලට තල්ලු කරනකොට ඩ්‍රිල් එක කැරකෙමින් පහලට තල්ලු වෙන ආකාරය පොඩි රිහසල් පාරක් දාලා එහෙම සමන් දෙයි හාංදුරුවනේ කියලා 9.17ට (උදේ හොඳේ ) වැඩේ කොලා..






මේ ප්‍රොජෙක්ට් එක මට හම්බ උනේ ඒ කියන්නේ මාව ආකිටෙක්ට් හැටියට තෝරගෙන තිබුනේ හරිම අපූරු විදියකට..මේ වගේ සංකීර්ණ වැඩ රාජකාරි පෞද්ගලික අංශයේ ආයෝජකයො කරන්නේ දන්න හඳුනන ආකිටෙක්ට්ලායි ඉංජිනේරු මහත්තුරුයි කොන්ත්‍රාත් කරුවොයි එක්ක සාමාන්‍යයෙන්...ඒ උනාට දශක දෙකක් මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයෙන් ඉවත්වෙලා පිටරටක හිටපු මාව දන්නේ කොහොමෙයි මෙහේ ඉන්න ආයෝජක උන්නැහේලා...
මේකේ අයෝජක උන්නාන්සේ එක දවාලක මගේ ගඟ අයිනේ තියෙන පුංචි ඔෆීසියට ආවා මගේ නමත් කියාගෙන..එයාට මගේ ගැන කියලා තියෙන්නේ මගේ ගාව වැඩ කරන්න ආසාවෙන් හිටිය සැලසුම් ශිල්පියෙක්..මම ඔහුව, ඒ කියන්නේ ඒ සැලසුම් ශිල්පියාව, මම සම්බන්ධ උන එයාපොර්ට් ප්‍රොජෙක්ට් එකේ ඉන්ටර්වීව් එකකට ආවාම තෝරගත්තේ නෑලු එක්ස්පීරියන්ස් මදි කියලා..ඊට පස්සේ මම ලංකාවට ඇවිත් ඉස් ඉස්සෙලාම සහභාගි උන ආංඩුවේ තාම කචල් ප්‍රොජෙක්ට් එකේ වැඩට ආවාම (එතකොට සෑහෙන කල් ගිහින් නිසා) එයාව තොරගත්තාලු වැඩ කරන්න...එයාගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් තමාලු මගේ ගැන විස්තර මේ ආයෝජක උන්නාන්සෙට ගිහින් තියෙන්නේ..මොනා හරි හොඳක් කියන්න ඇතිනේ ඉතින්..
මාව දැකපු ගමන් ආයෝජක උන්නාන්සේ කිව්වේ මචං මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද කියලා...හප්පේ මගේ ජාතියේම උන්නාන්සේ කෙනෙක්..ඊට පස්සේ ලංකාවෙ වැඩ කරන ආකියොන්ගේ රෙදි ගැලැව්වා මේ උන්නාන්සේ සුද්ධ හිංගලෙන්...එහෙම කියල කිව්වා මචං මගේ ඊලඟ බිල්ඩිම උඹ කරපාන්ය කියලා..හනේ ඉතින් මමත් හාය කිව්වා...එදා ඉඳන් ඒ උන්නාන්සේ මගේ හොඳම යාලු වහන්සෙත් උනා..
අවුරුද්දක් විතර කොළඹ මියුනිසිපැලිටියේයි, ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිවුන අර නාගරික සංවර්ධන අධිකාරියයි, ඒවියෙෂන් එකයි අරකයි මේකයි එක්ක හෙට්ටු කරලා කරලා යන්තං තට්ටු 12කට අවසර ගත්තා..
ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ මේ ආයෝජක උන්නාන්සේ කියපි මචං මට තට්ටු පහක උසට ඔටෝමේටඩ් කා පා‍ර්ක් සිස්ටම් එකක් ඕනිය කියලා, කොරියන් කොම්පැනියක් ගෙනත් දාපි මගේ ඇඟට..බෑ කියන්ඩයැ..ආයෙත් මුල ඉඳන් එහෙට මෙහෙට අරවා මේවා තල්ලු කොරලා දැම්ම අර ඉබේ ගිහින් පා‍ර්ක් වෙන කාර් පා‍ර්ක් කරන සිස්ටම් එක..කාර්ම 100ක් දාතෑකි, මොකෝ එලවගෙන යන්න ඕනි නෑනේ..කාර් ලිෆ්ට් දෙකක් තියෙනවා, කාර් එක ලිෆ්ට් එක ඉස්සරහට ගිහින් පා‍ර්ක් කලාම ඉබේම ලිෆ්ට් එක ඇතුලෙන් එන ට්‍රේ එකකින් කාර් එක අරන් ගිහින් කොහේ හරි පාක් කරනවා, ආයෙත් ඕනි උනාම එයාම ගිහින් හොයලා ගෙනත් දෙනවා...එහෙම උනොත් හොඳයි ඉතින්, නැත්තං මාව කාවි ඔතනට එන කස්ටමර්ලා..

මේ බිල්ඩිම ඉන්ටර්නැෂනල් බැංකුවකට හදලා දෙන්නේ, කොළඹ 02 යූනියන් ප්ලේස් එකේ හදන්නේ, තව මාස 24කින් ආවනම් කාර් එක ඒ විදියට පාර්ක් කරගන්න ඇහැකි කැමති අයට, අනේ මට නම් ඒකට බයයි, අර කොරියන් ටෙලිනාට්ටිවත් බලන්නේ නැති මට ඔය ගැජට් හරි යන එකක් නැහැ..
ඒ පැත්තේ යනකොට බලන්න පුලුවන් පයිලින් රිග්ස් වැඩ කරනවා දිවා රාත්‍රී මොකෝ මාස තුනයි පයිල් ෆවුන්ඩෙෂන් වලට ඉඩ දීලා තියෙන්නේ...!


මේ ලඟදි මම කොළඹ 5, ෆයිෆ් රෝඩ් එකේ කරපු ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් එක පාදක කරගත් ගෙදරකුත් ලස්සනට ඉවර කරලා බාරදෙන්න පුලුවන් උනා මාස හතරක් විතර පරක්කුවෙලාහැබැයි..වහිනවනේ..ඉතින් වැඩ පරක්කු වෙනවා....පරක්කු කරනවනේ මේ කොන්තරත් අයියලා..
මේ මම පාරට පේන ආකාරය මගේ ෆෝන් එකෙන් කොටු කරගත්ත හැටි මගේ ෆයිෆ් රෝඩ් රෙසිඩන්ස් එකේ...



මේ පල්ලෙහා තියෙන පොටෝ එකේ තියෙන්නෙ ඇතුලේ මම ආසාම ස්පේස් එක ඒ ගෙදර තියෙන,
අපේ නෝනා මේ ස්පේස් එක එක්ස්පීරියන්ස් කරපු තරම පොටෝත් ගැහුවනේ ඉතින්..!





මේ දවස්වල මගේ බ්ලොග් යාලුවො තුන්දෙනකුටත් ගොඩනැගිලි නිර්මාණය කරන්න චාන්ස් එකක් දීලා තියෙනවා...ඒකත් හරිම ආස්වාදජනක වැඩක් මටනම්..මොකෝ ඔහේ නිකන් ඉන්න කෙනා වෙච්චි...


89 comments:

  1. සුබ ප්‍රර්ථනා කරනවා, පටන් ගත්තු වැඩේ සර්ව සාර්ථක වෙන්න කියල...මේ නිවසේ ඔබ පෙන්වලා තියන ඒ ඉඩ නම් ඇත්තෙන්ම හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොකුරු.....!
      මමත් හරිම කැමතියි තුන්වෙනි තට්ටුවේ තියෙන ඒ ඕපන් ස්පේස් එකට...!

      Delete
    2. හිරිකිඩ ගහන්නේ නැද්ද?

      Delete
    3. කතාවක් තියෙනව ආකියො අතර පොඩ්ඩක් තෙමෙන්නේ නැත්තං නෝ ආකිටෙක්චර් කියලා..හිරිකිඩ ගහනවා හෝ ගාලා රසික ඔය ස්පේස් එක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ නිසා...අඩි පහක ඩීප් ඊව් එකක් තිබුනත් හුළඟත් එක්ක වහින වෙලාවට හිරිකිඩ වදිනවා..බටපැළලි ඕඩර් කරලා තියෙන්නේ..!

      Delete
  2. පාට පාට ඉරි කැලි එක්ක ඔබ කරන ගණුදෙනුව මට නොවැටහුනාට, උයන මවන අඳින සහ ලියන ඔබ මට මහ පුදුමයක්. ඔබේ ඉවිල්ල සහ ඇදිල්ල ගැන මං දන්නේ නැති උනාට මැවිල්ල සහ ලිවිල්ලනම් හරිම අපුරුයි. මෙතෙක් කළ හැම කටයුත්තක් වගේම , මේ අලුත්ම වැඩෙත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම "ඉබේ ගිහින් පා‍ර්ක් වෙන කාර් පා‍ර්ක් කරන සිස්ටම් එක" බලන්න මට අවස්තාවක් ඕනේ. ඔබ වගේ නෙවෙයි මම නම් අළුත් අත්හදා බැලීම් වලට පුදුම උනන්දුයි :) :)

    ReplyDelete
  3. ඔය උඩින් තියෙන පොටෝ වල ඉන්න සමහර චරිත ///// who are they ?

    ReplyDelete
    Replies
    1. සිවුර සහ කොටු කොටු කමීසේ ගැන එහෙම කිව්වේ...අනිත් අය නං ඉතින් මං වගේ හාල් කෑලි....!

      Delete
  4. Replies
    1. medium rare කියල මම හිතුවෙ...!

      Delete
  5. අන්ඩක් කඩාගන්නෙ නැතිව ඩ්‍රිල් මැෂිමෙන් බැස්ස එක ලොකු දෙයක්.
    අර ගෙදර තියන නිදහස් අවකාශෙ තියන විදිහට මමත් කැමතියි , තව කමෙන්ට් කාරෙයෙකුට වෙල් යායක් ඉස්සරහ ගෙයක් හදාගන්න ඕනෙලු , ඉඩමෙ වැඩේ නම් හරිලු.

    ReplyDelete
    Replies
    1. එක බ්ලොග් කාරයෙකුට ගෙයක් ඩිස්යිග්න් කර කර ඉන්නේ වෙල් යායක් ගාව...ඒ මනුස්සයා එයාගේ නෝනට ඉඩම පෙන්නලා නෑනේ තාම..මම ඉතින් ගියානේ බදුලු ඉඩම ගැනයි ගේ ගැනයි කියලා දෙන්න...
      වෙල් යායවල් ලඟ ගෙවල් හදන්න තව කොච්චර කල් පුලුවන් වෙයිද දන්නේ නෑ....

      Delete
    2. ගෙයක් කිවුවට නිවාඩුවට ගිහින් ඉන්න විතරක් පොඩි කම්පැක්ට් එකක්,
      අපි ඉස්සල්ලාම ඉඩමෙ බහිරව පූජාව තියල ඉන්ඩ ඕනෙ. ඒකට දවසක කට්ටියට කතාකරන්ඩ ඕනෙ.

      Delete
    3. බහිරවයෝ කට්ටියටද කතා කරන්නෙ? එහෙනං අපටත් කියන්න.

      Delete
    4. ලබන මාසේ මැද හොඳයිනේ හැලපේ...!

      Delete
    5. හැලපෙ අයියෙ බහිරවය ලංකාවට ආපු වෙලාවක කියල ලියන්ඩත් ගිහින් ,ආයෙ ඕක දැකල රවි අයිය හරි ඉන්දික හරි " ඇයි යකෝ මම ලංකාවෙ නෙ ඉන්නෙ " කියල ලියයි කියල තමයි නොකිය හිටියෙ. ටිකක් දවස් දීපල්ල ,

      Delete
    6. මොනව උනත් එන බහිරවයන්ට හොඳට සලකහං. හැක්..

      Delete
  6. ලස්සන ගෙයක් අප්පා...
    අර යටමපොටෝවෙ තියෙන විදිය නං මරු...
    සැනසිල්ලයි හිහි

    ReplyDelete
    Replies
    1. ආවාට පස්සේ කරපු පලමුවෙනි ගේ ඒක....හවායි ආකිටෙක්චර් ටච් එක ඒකේ තියෙන්නේ ඇතුලේ තියෙන ස්පේසස් වල...ඕනිම වෙලාවක් බලන්න එක්ක යන්න පුලුවන්..තාම ලයිට් ෆිටින්ග්ස් ඩිසයිග්න් කරගෙන යන නිසා ඇතුලේ පොටො දැම්මේ නැත්තේ..අනික ෆර්නිචර් දාලත් නෑ අනිත් ඒරියාස් වල....

      Delete
  7. //ලංකාවට ආවාට පස්සේ කරපු තුන්වෙනි ව්‍යාපෘතියේ//

    වැඩක් කරලම නැනේ නිකම්ම ඉදල , ඉතින් කොහෙද රටවල් සංවර්ධනේ කරන්නේ

    ReplyDelete
    Replies
    1. අවුරුදු තුනයිනේ අටම් අයියේ ඇවිත්...පලමුවෙනි එකට අබසරණයි, හැබැයි ඒක වර්ග අඩි මිලියන පහක ඔෆිස් බිල්ඩිමක්..ඉතින් කල්යනවා..අනික ඒවගේ ලොකු වැඩ කරනකොට පොඩි පොඩි එව්වා කරන එක නාකයි....
      රට සංවර්ධනය කරන්නේ කොහොමෙයි වැට් වැඩී නේ.....!

      Delete
  8. අපේ රටේ ඕනෑම ප්‍රදේශයක ඉදිකරන ගොඩනැගිල්ලක තිබිය හැකි උපරිම තට්ටු ගණන සීමාවෙන්නෙ පොළොවේ ස්වභාවය අනුවද, නැත්නම් ඒ ඒ පළාත් සභාවේ/ප්‍රාදේශීය සභාවේ/නගර සභාවේ නීතිරීති අනුවද?

    අර ඔබ ආසා කරන ස්පේස් එක වැනි කොටසක් සහිත නිවසක් මගේ මිත්‍රයකුට තියනවා කොළඹ ප්‍රදේශයේ. නමුත්, කපුටන්, පරෙයියන්, ඒ කොටස අපවිත්‍ර කරනවා. එයට විසඳුමක් නැද්ද?

    ඔබේ වෘත්තීය අනාගතයට සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි , ප්‍රත්‍යක්ෂයි කඩවත " තෝමස් " එකේ බඩු තියනව. චෙෆා ගාවත් එයිට වැඩිය හොද එකක් තියනව , කොළඹ කිට්ටුවනම් ඒක ඉල්ල ගන්න.
      පරෙයියොනම් ලැජ්ජ නැතිව දිගටම එනව , කාක්කොනම් එළගිතෙල් පාංකඩ දාල කිරිබත් දුන්නත් ආපහු එන්නෙ නෑ

      Delete
    2. \\\\ අපේ රටේ ඕනෑම ප්‍රදේශයක ඉදිකරන ගොඩනැගිල්ලක තිබිය හැකි උපරිම තට්ටු ගණන සීමාවෙන්නෙ පොළොවේ ස්වභාවය අනුවද, නැත්නම් ඒ ඒ පළාත් සභාවේ/ප්‍රාදේශීය සභාවේ/නගර සභාවේ නීතිරීති අනුවද? ///
      විචා..පලමුවෙන්ම ගොඩනැගිල්ලක මහල් ගනන ආයෝජකයගෙ අවශ්‍යතායවය අනුව නිගමනය කරනවා..නමුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් තියෙන අණ පනත් අනුව, ඒ ඒ නගර සභාව, ප්‍රාදේශීය සභාව, ගම්සභාව ඒ කියන්නේ ඉඩම පිහිටා ඇති ස්ථානය අයත් වන ලෝකල් ඔතෝරිටි එක පන්වා ඇති අණ පනත් නීති රිති වලින් ගොඩනැගිල්ල මොනයම් දෙයකට ද පාවිච්චි කරන්නේ යන දෙය අනුව මහල් ගනන, දිග පලල යනාදිය තීරණය වෙනවා.
      විශේෂ කාරනාවක් සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි වලට වෙනම ඇපෲවල් ගන්නත් පුලුවන්. කොළඹ නගරයේ ඉදිවෙන උස ගොඩනැගිලි වල උස තීරණය කරන්න ඒවියෙෂන් ඇපෲවල් එකත් සමහර වෙලාවට කැබිනට් ඇපෲවල් එකත් ගන්න ඕනි වෙනවා.
      නාගරඉක සංවර්ධන අධිකාරියෙන් ප්‍රිලිමිනරි ක්ලියරන්ස් ගන්න ඕනිමයි උස ගොඩනැගිලි වලට..
      ගොඩනැගිල්ලක උස තීරණය කරනකොට පොලොවේපස් වල තත්වය ගැන හිතන්න ඕනි තමයි ඒත් අපේ ඉංජිනේරු මහත්තුරු ඕනිම පසක ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න හපන්නු...
      \\නමුත්, කපුටන්, පරෙයියන්, ඒ කොටස අපවිත්‍ර කරනවා. එයට විසඳුමක් නැද්ද? //
      මොන්සූන් බ්ලයින්ඩ්ස් හරි බට පැලලි හරි තමයි විසදුම..ෆයිෆ් රෝඩ් රෙසිඩන්ස් වල අපි බට පැලලි වලට කොන්ත්‍රාත් එක දීලා තියෙන්න බන්ඩාරගම නන්දසේනට...මොන්සූන් බ්ල්යින්ඩ්ස් හරි ගනන්..ඒ කියන්නේ බට පැලලි වලට රුපියල් 70,000/-ක් යනවානම් රුපියල් ලක්ෂ හතක් විතර යනවා මොන්සූන් බ්ල්යින්ඩ්ස් වලට...මම දැක්කා ගල්කිස්ස හෝටලේ තන්ගුස් නූල් ඇදලා තියෙනවා කනු අතරේ...ඒක හරි අමානුෂික විසදුමක් විචා...!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. වීපොවී...උඩ රිප්ල්යි එක බැලුවෙ නැතෙයි...!

      Delete
    5. කැෆේ ඔන් ද ෆිෆ්ත්වල නම් නිකම්ම නෙට් ගහල තියෙන්නෙ

      Delete
    6. බොහොම ස්තුතියි චෙෆාකි සවිස්තර උත්තරේට.

      Delete
    7. chef-architect...ඔයාගෙ පේජ් එකේ ඉඳන් වෙන වැඩක යෙදුනා නමුත් ලිව්ව එක එහෙම්ම කමෙන්ට් කලා..ඒත් ඔයාගෙ පැහැදිලි කිරීම දැක්කම අයින් කරන්න හිතුනා.

      Delete
  9. //සමන් දෙවියො සිහිකරලා// තාක්ෂණික උපකරණ වලට වඩා දෙවියො ගැනද විශ්වාසෙ තියන්නෙ..?

    ReplyDelete
    Replies
    1. එහෙමයි..අපි සබරගමුවෙනේ අයියා..!
      ඉතින් සමන් දෙයියො සිහි නොකර මෙලෝ දෙයක් කරන්නේ නෑ....කමක් නෑනේ..!

      Delete
  10. මේ, මගේ ගේත් හදල දෙනවැයි? තව මාස විසි හතරකින් ඇවිත් ඔටෝමේශන් කාර් පාර්ක් එකට ගිහින් මාවත් එක්කම පාක් එකට දාන්න කියලා කාර් එකේම ඉන්නව.

    ReplyDelete
    Replies
    1. හදල දෙන්න නම් බෑ..ඩිසයිග්න් කරලනං දෙතෑකි...!
      බෑනේ..කාර් එකෙ ඉන්න දෙන්නෙ නෑ පාර්ක් කරනකොට...!
      ඔටෝමේටඩ් නේ..රොබෝ සිංඤ්ඤෝගේ වැඩැක් නේ කසුන් මේක...!

      Delete
    2. පරණ කාර් එකක් පාක් කරලා අලුත්ම එකක් අරගෙන එමුද කසුනෝ

      Delete
  11. HSBC ධනවාදී බැංකුවට අනුර කුමාර මුල්ගල තියන එක හොද ප්‍රවනතාවක් :-)

    ReplyDelete
  12. ඔබතුමා මේ නිවසේ පැගොලා වහලට භාවිතාකරලා තියෙනේ ලි ද ?
    එහමනම් ලි දිරන්නේ නෙති වෙන්න යොදාගත් තාක්ෂනය මොකක්ද ?

    මෙයට ලි වනුවට ඇලුමිනියම් හෝ වෙන දෙයක් යොදාගන්න පුලුවන්ද ?

    උත්තරයක් දුන්නොත් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. පර්ගෝලාස් වලට සහ එලියෙ කනු ඔක්කොමට තේක්ක ලී පාවිච්චි කරලා තියෙන්නේ...හොඳට පදම් කරපු, තේක්ක ලීය මූද ගාවත් එලියට පාවිච්චිකරන්න පුලුවන්, කරලාත් තියෙනවා ඕමාන් වලදි...හැබැයි ටීක් ඔයිල් විතරයි ෆිනිෂ් කරන්න ගාන්න ඕනි...පොලිෂ් කරලා බේරගන්න බෑ..ටික කාලයක් ගියාම වෙදර් වෙලා ලස්සන රස්ටික් පෙනුමක් එනවා..බාල ලීයක්, ඒ කියන්නේ එලේ තියෙන ලීයක් එහෙම පාස්විච්චි කලොත් අබ සරණයි කසුන්...!
      ඇලුමිනියම් වලින් කලාම ට්‍රොපිකල් ටච් එක නෑ නේ ද..?
      දැන් තියෙනවා වුඩ් චිප්ස් වලින් කරන ප්ලාස්ටික් පෙනුම තියෙන ආටිෆිෂල් ලී ජාතියක්, හේවුඩ් කියලා සන්නාමයකින්....ඒවා පාවිච්චි කරලා තියෙනවා පර්ගෝලාස්, ස්ක්‍රීන්ස් වගේ ඒවට..ටිකක් විතර ගනන් සහ තාම ටයිම් ටෙස්ටඩ් නැති මැටීරියල් එකක්...!

      Delete
  13. වැඩ කටයුතු වලට සුබ පැතුම්...

    අන්තිම පින්තූර දෙකට තමයි වැඩිපුර හිත ඇදිලා ගියේ..

    ReplyDelete
  14. ඇත්තටම ලස්සන ගෙදරක්.දැක්කම ආස හිතෙනවා.මගේ එක හීනයක්,ඔහොම ගෙයක් හදා ගන්න එක.

    ReplyDelete
    Replies
    1. හීන තමයි ගෙවල් කියන්නේ..අපි ඉන්නේ ඒ වගේ හීන සැබෑකරල දෙන්න තමයි බතී...!

      Delete
    2. ඔන්න එහෙනම්,ලස්සන සැලස්මක් වගේ එකක් ඇදලා දෙනවයි.......

      Delete
    3. වගේ එකක් ඇඳලා දෙඤ්ඤං...!

      Delete
  15. බොහොම ලස්සන ගෙවල් සමග බාරදූර බිල්ඩින්.... ජයෙන් ජය ම වේවා!!

    ෆයිෆ් පාර ආසන්නේ ස ර ස තුමා කුඩා කාලේ වාසය කොලා නොවැ....

    රන්දෝලි එකට එහෙම ගොඩවැදුනෙ නැතෙයි...?

    බාසුනැහෙ ඩිසයින් කොල ස ර ස තුමා ගේ බිල්ඩිමත් දවසක ඇවිත් නරඹ හොඳ නරක කියලා දෙනවැයි?

    ReplyDelete
    Replies
    1. අනිත් කකුලටත් වැඩේ හරියයි එහෙ ආවහම.
      සොරි අමතක වුනා හතක් තියනවනෙ, ප්‍රස්නයක් නෑ

      Delete
    2. රන්දෝලියේ වල බැස්සා අසූගනන්වල සරසෝ..දැන් ඒක එතන නෑ...
      එඤ්ඤං එඤ්ඤං දවසක....ගුනාගුන කෙසේ වෙතත් රහමෙර ටිකක් පානය කරන්නත් එක්කලා...!

      Delete
  16. අර මහත්තුරු දෙයියං සිහිකරගෙන වැඳගෙන ඉන්න ඕනෙ අර වල කපනකොට නෙමෙයි ඔබතුමා හෙවී ඉක්විප්මන්ට් ඔපරේට් කරනකොටනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තුරු වැඳගෙන හිටියේ මැයි මාසේ...මම හෙවි ඉක්විප්මන්ට් ඔපරේට් කලේ ඊයේ...දෙයියෝ බුදුන් සිහිකරගත්තේ නිකන්යෑ...

      Delete
  17. ලොකු උනාම මාත් ගෙයක් හදන්න හිතාගෙන ඉන්නෙ. අර අන්තිම පොටෝ දෙක දැක්කම හිත නිවෙනවා. මෙහෙ නම් බිල්ඩිමක් තට්ටු අටකට වැඩියෙ උස්සන්න දෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ශෙරටන් එකනේ ටිකක් උස...තට්ටු හතරට වඩා උසට යන්න දුන්නේ නෑ මස්කට්වල..ඒක හොඳ දෙයක්..හොරිසොන්ටල් ඩිවෙලෝමන්ට් ගැනනේ හිතුවේ...අල්කුවේර් වල නම් දැන් තට්ටු අටේ ඒවා වැහි වැහලා නේ හැලපේ...
      මාත් ලොකු උනාම කරන්න හිතන් ඉන්න වැඩ වගයක් තියෙනවා..හම්බ උනාම කථා කරමු ඒවා...!

      Delete
  18. හිත බරාස් ගාල අතීතෙට ඇදිල ගියා පයිල් යන්තර රාජයා දකිනකොට.. හෙහ් හෙහ්..
    සුදුපාට කියන්නෙ හෙන මැජික් පාටක්...
    මේ පෝස්ට් එක ඇවිල්ලා.... ජීව හුස්මක් පිම්බ පෝස්ට් එකක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සුදුපාටයි තේක්ක පාටයි මරු තමයි....!

      Delete
  19. යටම ෆොටෝ එකේ කොලම්ස් ලොකු වැඩි ගතියක් මට දැනෙනවා. එහෙම කිව්වට අවුලක් නෑනෙ?...ඒ මට හිතෙන හැටි.....:)

    /ටික කාලයක් ගියාම වෙදර් වෙලා ලස්සන රස්ටික් පෙනුමක් එනවා/

    මම දැක්ක අපූරුම වෙදර්ඩ් ඇන්ඩ් රස්ටික් පෙනුම සහිත පර්ගොලා තියෙන්නෙ බ්‍රවුන්ස් බීච් හොටේල් එකේ.

    ReplyDelete
    Replies
    1. ඒ ස්පේස් එකේදි එච්චර ඒක ෆීල් වෙන්නෙ නෑ...අනික ඒ කොලොම්න්ස් ටික විතරක් ටිම්බර් ක්ලැඩඩ් රවී...ඔතන ඔරිජිනලි තිබුනේ ටිම්බර් කොලොම්න්ස් ඒකට ඒ සයිස් එකටම කොන්ක්‍රීට් වලින් කලේ..පස්සේ හිතුනා ටිම්බර් තිබුනානං හොඳයි කියලා..අඟලේ ලෑලි වලින් ක්ලැඩ් කලාම ටිකක් මහත් උනා නේන්නං..

      Delete
  20. චෙෆාගෙ අභිනව වැ‍ඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනව.

    ඔය ඔටෝමේටඩ් සිස්ටම් එකේ පොඩි ජිරිබිරිස් එකක් කරල බැරිද ඔය අපි වගේ එකෙක් මරුටියක් ගෙනල්ල පාක් කළාම ආපහු බෙන්ස් එකක්වත් එන විදියට හදාගන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. පුලුවන්..එහෙම ප්‍රෝග්‍රෑම් කරන්න ...හැබයි පුතෝ යූනියන් ප්ලේස් එකට බෙන්ස් එක දාපූ හැටියේ පොලොස්මාමලා බෝව ඩැහැගනී...!

      Delete
    2. මාත් හිතුවේ ඕකමයි බං

      Delete
  21. මං මේ කොම්පිතර රස්සාව අස්සේ හිරඋනේ නැත්නම් අනිවා කරන්නේ මේක තමා!

    ReplyDelete
    Replies
    1. මෙව්වා කරන්නත් කොම්පීතර නැතුව බෑ නාඩී...!

      Delete
  22. උඩ ඉන්න සිවුරුධාරියෝ හා මහත්තුරු නම් අපි අඳුනන්නේ නෑ.. ඒත් පයිල් රිග් එකේ ඔපරේටර් මල්ලි නම් අඳුනනවා.. සන් පයිලින් උන් එක්ක අපි ගාල්ලේ හොල්සිම් එකේ පයිල් කෙටුවා නේ.. ඔය මාස තුනේ සීමාව නිතර මතක් කරන්න වෙයි අර්ජුන් සාන් ට.. නැත්නම් පයිලම ගහයි අවුරුද්දක්වත්..
    අර ෆයිෆ් රෝඩ් එකේ ගෙදර මම හීනෙන් කීප වතාවක්ම ගිහිං බැලුවා.. අද තමයි හැබැහින් දැක්කේ.. යූනියන් පේස් එකේ රැඳෙන වෙලාවක රින්ග් කරා නම් අපිටත් ඇවිත් යන්න එන්න පුළුවන්.. ඒ හැටි දුරක්යැ හිටං..
    සියලු වැඩ (ඉන්ක්ලුඩින් අර කවුද බ්ලොග් කාරයොන්ගේ වැඩ) සාර්ථක වේවා! :)

    ReplyDelete
    Replies
    1. සිවුරුධාරියා ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ..කොටු කොටු ශර්ට්කරු අපේ ලපකුමාර....
      අර්ජුනසාන් තමා තුන්මාසේ යෝජනා කරෙත්...
      අර වැඩේ සෑහෙන සාර්ථකයි...බොන්න මොනා හරි අරන් එන්නකෝ හැන්දෑවක ප්‍රෝග්‍රෙස් මීටිමක් තියන්න...

      Delete
    2. ///අර වැඩේ සෑහෙන සාර්ථකයි...බොන්න මොනා හරි අරන් එන්නකෝ හැන්දෑවක ප්‍රෝග්‍රෙස් මීටිමක් තියන්න... ///

      හුටා...

      Delete
  23. අර කිව්වා “ඉබේ ගිහින් පා‍ර්ක් වෙන කාර් පා‍ර්ක් කරන සිස්ටම් එක“ නං හිතට වැදුනා... ඒක බලන්න යන්නෝන දවසක.... අලුතෙන් පට්ටාන් ගත්ත වැඩේ එකෙන් ම සාර්ථක වෙන්න කියලා අපිත් සුබ පතනවා...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ...දැනට ඒ ජාතියේ පාර්කින් සිස්ටම් තුන් තැනක හෑව්....!
      තැන්කූ සුබපතුමට..ඒවා හරි වටිනවා අපි වගේ හාල් කෑලි වලට..!

      Delete
  24. ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් කියන්නෙ මොකද්ද බොස්ස් ..??
    ඒත් එක්කම අර ලී වහල උඩිං ට්‍රාන්ස්පේරන්ට් වහලයක් එනවද ..??
    නැත්තං තෙමෙනවනේ ... නැත්තං ඒක ඩිසයින් එකේ හැටිද ..??
    අර තුන්වැනි තට්ටුව සැට් වෙන්න කියාපු තැන නේ ..??
    ආ ඔක්කොටම කලින් වැඩ ටික ලෙසටම ගොඩ පලයං කියල සුබ පතනව ...!!!!

    ReplyDelete
    Replies
    1. \\ ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් කියන්නෙ මොකද්ද බොස්ස් ..??//
      උත්තරය - ට්‍රොපිකල් ආකිටෙක්චර් වලට...!

      \\ඒත් එක්කම අර ලී වහල උඩිං ට්‍රාන්ස්පේරන්ට් වහලයක් එනවද ..??//
      උත්තරය - ලී වහල උඩින්..ඒ කියන්නේ...?????

      //නැත්තං තෙමෙනවනේ ... නැත්තං ඒක ඩිසයින් එකේ හැටිද ..??//
      උත්තරය - වැස්සොත් විතරයි තෙමෙන්නේ....!

      //අර තුන්වැනි තට්ටුව සැට් වෙන්න කියාපු තැන නේ ..??//
      ගෙයි අයිතිකාරයගෙන් අහන්න ඕනි...!

      Delete
    2. යකෝ කැත්තට පොල්ල වගේනෙ උත්තර දීල තියෙන්නෙ ...
      කේන්ති ගියාද අහපු ප්‍රශ්න වලට ..??
      එහෙම කේන්ති යන ප්‍රශ්නද අහල තියෙන්නෙ ...

      Delete
    3. නැහැ මචෝ..උත්තර දන්නේ නැති ප්‍රශ්න වලට ආකිටෙක්ට්ලා උත්තර දෙන්නෙ එහෙමයි..හරිය..!

      Delete
  25. // ලී වහල උඩිං ට්‍රාන්ස්පේරන්ට් වහලයක් එනවද ..?? //

    අන්සක දහයට වඩා ආනතිය ගත්තොත් විනිවිද පෙනෙනා පොලිකාර්බනෙට් ශීට් ඇතිරිය හැකියි!

    ස ර ස තුමා ගේ ගෙදර අලුමිනියම් බොක්ස් බාර් උඩ පොලිකාර්මනේට් ශීට් තුමා වැඩ වාසය කොරති.

    ReplyDelete
    Replies
    1. Sa rasa මම හිතුවේ ඔහේ කන්දේ නුවර ගියා කියලා පයින් කොළඹ එන්න....
      ඔන්න ඔය අනිත් පුරස්න ටිකටත් ඔහේම උත්තර ලියන්න..නැත්තං අර සරත් කියනව වගේ ආච්චිගෙන් අහන්න කියල තමයි කියන්න වෙන්නේ...!

      Delete
    2. පන්ඩිත ඇඩ්වයිස් දුන්නු එකට ඔහෙට තරහ ගියැයි....?

      සමාවෙන්න ඔනේ චෙෆාකි තුමෝ!

      අපි පාද (ඩ ) යාත්‍රාවට එක් වෙන්නෙ කොලඹදී නොවැ!

      Delete
    3. \\\ පන්ඩිත ඇඩ්වයිස් දුන්නු එකට ඔහෙට තරහ ගියැයි....?//
      අනේ නෑ...!

      Delete
    4. මේදවස්වල සීඒතුමා කමෙන්ට්වලට රිප්ලයි කරන්නෙ මාතලයිසේෂන්වෙලා වගේ කියල නිකම් මටත් හිතුන ඒත් හොඳවයින් බෝතල් දෙකක් අහගන්නෙ මොකටද කියල නිකං හිටිය. දැං කියයිද බයයි

      Delete
    5. සම්මාන හම්බ උනා කියලා අපි බයවෙයි.....හා ඩිෆයින් කරන්න බලන්න මාතලයිසේෂන් කියන වචනේ අපිලටත් තේරුම්ගන්න එක්ක...!

      Delete
    6. err...කට වරද්ද ගත්ත නේද. කොහෙද මං මේ සරසයිසේෂන් වෙලා පැන්නනෙ කටත් ඇරගෙන අහකයන මගුල්වලට. දැන් මාතලං ගෙනුත් අහගන්න වෙයිද දන්නෙ නෑ.

      මාතලයිසේෂන් කියන්නෙ සමහර කමෙන්ට් ටොරීරෝගෙ රතු කොඩියවගේ පේන එක

      Delete
    7. වෙන්න බෑ..මට පාට පේන්නෙම නෑනේ..විශේෂයෙන්ම රතු පාට ......!

      Delete
  26. ගෙයක් හදන වෙලාවක කියන්නම්කෝ.... සිකෑරට් එකකුත් ගහගෙන පැලෑනේ ගහන්න බැරිය...

    ReplyDelete
    Replies
    1. ගහමු ගහමු..මල් හොඳා කූරු වලට වඩා...!

      Delete
  27. මම කරන්න ආස ජෝබ් ලිස්ට් එකෙන් එකක් උඹ කරන්නෙ. මම කරන ජොබ මගෙ ලැයිස්තුවෙ කවදාවත් නොතිබුන මගුලක්.

    ස්වයංක්‍රීය වාහන පාක් කරන පලවෙනි සිස්ටම් එකයි කිව්ව ඕක නේ ලංකාවෙ?

    ReplyDelete
    Replies
    1. ආසා කරන ජොබ් ලිස්ට් එකක්ම තියෙනවද...?
      මගෙ ලිස්ට් එකේ තිබුනේ හතරයි..එයින් තුනක් දැනටමත් කරනවා.. නම් වශයෙන්...ෂෙෆෙක් වීම, ගොවියෙක් වීම, බිස්නස් කාරෙයෙක් විම....හතර වෙනි එක තමයි මාලු ලැල්ලක් සහ එලවළු ලෑල්ලක් දැමීම..ලොකු උනාම කොහොමහරි කරන්වා ඒකත්..ආකියෙක් වෙන්න හිතකවත් තිබුනේ නැති උනාට ඒකත් ආසාවෙන් වගේ කරනවා..
      This is not the first one machang..the specialist supplier from South Korea has installed three more already in Colombo..but we have two car lifts and the system is fully automated...!!!

      Delete
    2. අඩේ නියමයි ෂෙෆාකි, ලෑලිවල කෑ ගහන්න මම ඉන්නවා.

      Delete
    3. ලාබයි..ලාබයි..

      Delete
  28. //මාලු ලැල්ලක් සහ එලවළු ලෑල්ලක් දැමීම //

    චාලි ට්‍රම්පට් වගේ??
    http://www.goodreads.com/book/show/7201.As_the_Crow_Flies

    ReplyDelete
  29. බිසී ලොකු අයියේ එකසිය ගාණට...
    ඔය බිල්ඩිමේ structure එක අඩු බර බ්ලොක් ගල් වලට ඩිසයින් කලොත් ලොකු ගාණක් ඉතුරු වේවි. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....මම දිමුත්සාන්ට කියන්නං..සුපර්ස්ට්‍රක්චර් එකට එනකොට නොවැම්බර් විතර වෙයි..ලෑස්ති වෙන්න.....!

      Delete
  30. මමත් මේ දැන් ප්ලෑනක් ඇඳගෙන හදන්න කල්යල් බල බල ඉන්න ගමන්... පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් වටිනවා.. මට ප්‍රශ්න 2ක් තියෙනවා

    1. උළු වහලයක් නැතිව කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් ගෙදර වහලය ඉවර කලොත් ඇතුල රත් වෙන එක වලක්ව ගන්න පුළුවන් ක්‍රම මොනවා ද? එහෙම ගොඩක් රත් වෙනවා ද?

    2. වහලේ (කොන්ක්‍රීට් ස්ලැබ් එක) වෝටර් පෘෆ් කරන්න බාවිතා කරන්න පුළුවන් දේවල් මොනවාද?

    ප්ලෑන් වෙනස් කරන්න තාම කල් තියෙනවා හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. Hayyo mahaththayo, apenuth mal gannako...
      Labai labai nemei, nikan denne...

      Delete
    2. Hayyo mahaththayo, apenuth mal gannako...
      Labai labai nemei, nikan denne...

      Delete
  31. ඔයා ඉතින් වැඩකරු කියලා අපි දන්නවා ...
    එළ එළ ද බ්‍රා

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....