Thursday 26 May 2016

game box, බෝස් ස්පීකර්ස් සමග සුප්පාගේ උපන්දිනේ...

එතකොට මගේ වයස යන්තං 32යි...ලංකාවෙන් පිටවෙලා මාස 13යි...සවුදි අරාබියෙන් බොහොම අමාරුවෙන් එක්සිට් වීසා එකක් ගහගෙන ජීවිතේ පලමුවෙනි සැරේට ලංකාවට ගොඩ බහිනකොට හෙනගහන්න වහිනවා. මාස 13ක් වැස්ස තියා ගහකොලයක් ගෑල්ලමෙක් නොදැක හිටි මට, වැස්ස, ගංවතුර ෂෝක් කියල දැනුනේ..

මේ මම කියන්නේ 92 ජූනි 5 වෙනිදා වැහපු වැස්ස....අර සිරිසේන කුරේ මහත්තයාගේ රාජගිරියේ ගේත් යටවෙච්ච දවස. එයා ගැන කිව්වේ කොළඹ නගරාධිපති වෙලා හිටියෙ මෑන්ස් නිසා, ඔය ගංවතුරට ප්‍රධාන හේතුව වැස්සම නෙවී, පොලීතීන් හිරවෙච්ච කානු පද්ධතිය..

ඉස් ඉස්සෙල්ලාම කුලියට එයාර්පෝර්ට් ටැක්සියක් (ඒ කියන්නේ වෑන් එකක් ) ගත්තෙත් එදා, මොකෝ ෆර්ස්ට් ට්‍රිප් එකනේ....

රට ගිහින් එන (විශේෂයෙන්ම මැද පෙරදිග ) හැමෝම වගේ මමත් කාගෝ පෙට්ට්යක් (එහෙමයි අපි ඒවට කිව්වේ ) ට්‍රයිකෝ එකෙන් නැවට දාලා එහෙම තමයි අහසින් ගෙදර ආවේ....අතේ පයේ එල්ලගෙන බෑග් ඇතුලේ දාගෙනත් සෑහෙන අඩුම කුඩුම ගේන්න ඇති. ඇයි ඩියුටි ෆ්‍රී එකන් ගන්න සිගරැට් සුරුට්ටු විස්කි බෝතල ටික හෙම..

ඉතින් ඔය ඔක්කොම වෑන් එකේ දාගෙන ගෙදර ඇවිත් දවස් දෙකක් විතර ගියාම තමයි ට්‍රයිකෝ එකෙන් ලියුම හරි කෝල් එක හරි ආවේ කාගෝ පෙට්ටිය ගන්න එන්නය කියලා....

මම සවුදියට යන්න ගිහින්, ඒ කියන්නේ මේ සිද්ධිදාමයට මාස 13කට කලින් වෙච්ච සංතෑසිය මෙතනට ගියාම බලාගන්න ඇහැකි...

ඒ යන්න ගිහින් වෙච්ච දේ...ඊටත් එහා කරදර ගොඩකට වගේම රසවත් දේවල් ගොඩකටත් මූන දුන්නා සවුදියේදි....ඒ ඔක්කොමත් හරි මේකත් හරි...

ඔය කිව්ව මාස 13දීම, පඩි ගත්ත හැටියේ රියාල්10 කඩවලට ගිහින් පොඩි පොඩි අඩුම කුඩුම එකතු කලේ කූඹි වැස්ස කාලේට කන්න කෑම එකතු කරනවා වගේ..හිතින් හදාගත්ත පෙට්ටියක සයිස් එකට ඔය බඩු අහුරන එක තමයි ජොලිම වැඩේ...බඩු ඇහිරුවේ මගේ ඇඳ ගාව බිම තියෙන ඉඩේ...ටික ටික මාසෙන් මාසෙ මේ බඩු පොදිය රෙක්ටෑන්ගියුලර් ෂේප් එකට උඩට එනකොට මට ඉතින් රටක් රාජ්ජයක් දින්නා වගේ...

දැන් කාලේ වගේ මොබයිල් ෆෝන් එහෙම යහමින් තිබුනේ නෑ ඒකාලේ..මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන් එකක්වත් නෑ..ඒකක් ගන්ඩ ඇමතියෙක් අඳුරගෙන ඉන්න ඕනි ඒ දවස්වල..දුරකථන හරි පොෂ් ඒකාලේ...ඒ නිසා ඔය ඇඳ ගාව බිම තියෙන රෙක්ටෑන්ගියුලර් ෂේප් එකට හැදීගෙන එන බඩුකන්දරාව දිහා බලාගෙන, ඇඳේ දිගා වෙලා, අල්කෝබා වලින් රියාල් 200ක් දීලා ගත්ත පොඩි කැස්ට් රෙකෝඩර් එකේ කථාව රෙකොර්ඩ් කරනවා...ඒ කියන්නේ ටෙලිෆෝන් කරනවා වගේ තනියම කියෝන එක..අරකක් ගත්තය, මේකක් ගත්තය, තව මොනාද ගන්න ඕනි ආදී වශයෙන්..ඊට පස්සේ ඔය කැසට් ටේප් එක කාර්ඩ් බෝඩ් වලින් හදාගත්ත ලියුම් කවරයක පෙනුම ඇති අසුරනයක දාලා ( ඒකේ ලිපිනය ලියන හරිය වෙනම එලියට පනින්න හදන්නේ මොකෝ මුද්දර වලට සීල් ගහන කොට කැසැට් පීස් එක කුඩු වෙන නිසා ), තැපෑලට දානවා ගෙදර උන්දෑගේ ඇඩ්ඩ්‍රස් එකට..ටික දොහක් යනකොට ඒ ජාතියේම කැසැට් පීස් එකක් එනවා ලංකාවෙන්...එක අතකට දැන් හිතෙනවා ඒ ක්‍රමේ මේ මොබයිල් වලට වඩා ලෙන්ගතුය කියලා..නැද්ද..?

සමහර දවස්වලට ඩස්ට් බින්ස් වල විසි කරලා තියෙන පොඩිපොඩි සරුව පිත්තල අරුමෝසම් කෑලිත් අහුලන් ඇවිත් ඔය ගොඩ පුරෝනවා..එහෙම අහුලපු, අර ලිපෙන් බාපු හැටියේ රස්නේ තියෙන භාජන එහෙම තියෙන ලස්සන දරණු සෙට් එකක් තාමත් මං ගාව තියෙනවා...ඒක පිත්තල වලින් හැඩ වැඩ දාලා හදපු එකක්...සමහරුන්ට නොවටිනා දේ සමහරුන්ට වටිනවා...අසරණ උනාම කොයිකත් වටිනවා...!

මට ගන්නම ඕනි , ආසාම කරපු දෙයක් තිබුනා (ඒක පස්සේ ගත්තා කොහොමහරි ) ඒ දවස්වල අල්කෝබ වල ෂොපින් මෝල් එහෙක....බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්..ඇකූස්ටිමාස් කියුබ් ස්පීකර් ඇරේ සිස්ටම් එක...ඒ දවස්වල ඒක මාරම සවුන්ඩ් සිස්ටම් එකක්..අස්ප ගනන්..කෙල හල හල වින්ඩෝ ෂොපින් කර කර ඉඳලා එක දවසක් රිංගුවා ෂෝරූම් එකට..පන ගැහි ගැහි..මොකෝ ඒ වගේ තැනකට යන්න සුදුසු ඇඳුමක් ගන්නවත් සල්ලි අතේ නැති නිසාම ඇතිවෙච්ච දුක්ක දෝමනස්සේ නිසා...

Bose Acoustimass

ඔය බෝස් සවුන්ඩ් සිස්ටම්ස් ඩිස්ප්ලේ කරන්නේ නැහැ...වෙනම සවුන්ඩ් ස්ටුඩියො එකක් වගේ එකක් හදලා ඒකේ ඩයස්ට්‍රේට්ස් ලගේ සල්ටන්ස් ඔෆ් ස්වින්ග්ස් වගේ මාර ඇකුස්ටික්ස් තියෙන මියුසික්ස් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ...මගේ කරුමේ කියන්නේ ඒ සිස්ටම් එක දාලා තිබුනේ ඒ ෂොප් එකේ මෙසනයින් ලෙවල් එකක..එතන්ට යන පඩි පෙල මුල, බඩ තඩි කේරළ බුවෙක් ඉන්නවා අත්දෙක හෑන්ඩ් රේල්ස් දෙකේ තියාගෙන මට උඩට යන්න බැරි වෙන ගානට...යාන්තමට සල්ටන්ස් ඔෆ් ස්වින්ග්ස් මට ඇහෙනෝ...මම ඌ ලඟට ගිහින් බොහොම බැගෑපත්ව බැලුවා නිකන් ....කැන් අයි ගෝ අප්ස්ටෙයාර්ස් ගානට...මේකා මගේ ඔලුවේ ඉඳන් දෙපතුල දිහා බලලා කියපි...බෝස් සිස්ටම්ස් අප්ස්ටෙයාර්ස්..වෙරි වෙරි එක්ස්පෙන්සිව්..යූ හෑව් මනි..? ෆී ෆුලූස්..? මාෆී ෆුලූස් නෝ අප්ස්ටෙයාර්ස්...!!!

හපොයි..මට ආත්මලැජ්ජාව කියන එකේ අඩියම පෙනුනා, ඒනිසාමද කොහෙද මලේ හොඳ එකෙන්ම පැන්නා..බැලුවෙමි වට සහ පිට..හා ඔය ඉන්නේ පලස්තීන නැත්තං ඊජිප්ෂන් මැනේජර් කාරයා...ගියා ඌ ගාවට...හොඳට හිතට ගතට ගට අරන් කිව්වා ...යුවර් ඉන්දියන් වර්කර් ඉස් ආස්කින් මනි ෆ්‍රොම් මී ටු චෙක් ද බෝස් සිස්ටම්..අය් කේම් ටු බයි ද සිස්ටම් ටුඩේ, බට් අයෑම් නොට් ගොයින් ටු බයි ඉට් බිකොස් ඔෆ් හිස් ඇටිටුයුඩ්... කියලා හැරුනා ආපහු..... පයින්ම ඇකොමොඩේෂන් එකේ..

ඒ දවස්වල කිලෝමීටර් හතක් විතර ඒ දුර පයින්ම යනවා ටැක්සියෙ සල්ලි ඉතුරු කරගන්න, අර රෙක්ටෑන්ගියුලර් ෂේප් එක පුරෝ ගන්න...



ඔහොම එකතු කරලා කරලා කුස්සියට අවශ්‍ය විදුලි උපකරණද, සාලෙට අවශ්‍ය විදුලි භාන්ඩද, සෙල්ලම් බඩුද (බබාලට කෙසේ වෙතත් මට ) කොසු කෑලි, මොප් බක්ට්, බාස්මතී හාල්, රට ඉඳි, අලුමිනියම් ෆොයිල් අරවා මේවා ඔක්කොම පුරෝගෙන එක්සිට් විසා එකකුත් ගහගෙන, කොම්පැනියෙන් දුන්න රිටර්න් ටිකට් එකේ සල්ලි ගානෙන් වන් වේ ටිකක් එකකුත් අරගෙන, කාගෝ පෙට්ටිය ට්‍රයිකෝ එකට බාර දීලා, නැග්ගා අහස් යාත්‍රාවේ ගම එන්න...


ඉතින්  ගෙදර ඇවිත් දවස් දෙකක් විතර ගියාම තමයි ට්‍රයිකෝ එකෙන් ලියුම හරි කෝල් එක හරි ආවේ කාගෝ පෙට්ටිය ගන්න එන්නය කියලා....

කොල්ලගේ උපන්දිනේ පහු වෙලා සුමානයක් විතර, කෙල්ල ගේ උපන් දිනේ පහු උනා විතරයි...ඉතින් උන් දෙන්නාට ගෙනා සෙල්ලම් බඩු  ටික (උන්ට විතරක්ම නෙවී) උන්ට දෙන්නත්, ගෙදර උන්දැට ගෙනා අඩුම කුඩුම ඒ උන්දැට දෙන්නත්, හීන මව මවා ගියා ඔරුගොඩවත්තේ ට්‍රයිකෝ යාර්ඩ් එකට..දෙයි හාමුදුරුවනේ..මුලු පලාතම යටවෙලා නොව ගංවතුරෙන්...


පෝරම පුරෝලා සල්ලි භාගේ ගෙවලා, අර දැති දෙක තියෙන පොඩි ට්‍රැකටර් කටුව පස්සේන් යනෝ මම මගේ කාගෝ පෙට්ටිය හොය හොයා අර කාර් පාර්ක් එකක තමන්ගේ වාහනේ හොයනවා වගේ..

ඔය යන අතරේ පේන ඇහෙන දේවල් අදහාගන්න අමාරුයි..එක මහත්තයෙක් ටීවී පෙට්ටියක් ගාව දණ ගහගෙන අඩනෝ...ටීවී පෙට්ටි ලස්සනට තියෙනවා, හැබැයි අල්ලපු හැටියේ, අර කිරිතේ කෝප්පෙක පොඟොපු මාර්‍රි බිස්කටෙකක් වගේ සරස් ගාල දියවෙලා යනවා..

මගේ ඇඟ හීතල වෙලා පෙට්ටිය හොයාගන්නකොට...තව පෙට්ටි තුනක් විතර උඩ තමයි ඒක තියෙන්නේ...දැති ට්‍රැකටර් මල්ලි ඉස්සුවා දැති දෙක, දැම්මා පෙට්ටිය යට තියෙන පොලු දෙක අතරින් දැති, ඉස්සුවා පෙට්ටිය.....

දුන්හිඳ දියඇල්ල වගේ වැටුනේ නැද්ද වතුර පාරක් පෙට්ටිය අස්සෙන්...හත් දෙය්යනේ මාස දහතුනක හීන බඩු සහ භාන්ඩ....

ට්‍රයිකෝ එකේ මහත්තැන් රුපියල්ම තුන්දාහක් දුන්නා ඉන්ෂූරන්ස් එකෙන් කියලා...ගුදම ගංවතුරට යට උනාය, විදුලි භාන්ඩ වේලුවාම ආයෙමත් වැඩ කරයිය, මේකත් අරන් ගෙදරම යන්නය කියලා පෙට්ටියයි මාවයි දැම්ම එලියට..මොනා කරන්නද...ලොරි කට්ටක දුන්හිඳ දියඇල්ලත් දාගෙන ආවා ගෙදර...

පෙට්ටිය මිදුලේම බාගෙන, එකින් එක ගත්තා එලියට බඩු සහ භාන්ඩ...බාස්මතී හාල් කුනු කූඩෙට (ගඳේ බැරි නිසා..) විදුලි භාන්ඩ ටික මාරි බිස්කට් තත්වයෙන් තිබිච්ච් නිසා හෙමින් පරිස්සමින් අරගෙන වී වනනවා වගේ පැදුරු බෙඩ් ෂීට් දාලා වැනුවා මිදුල පුරාම...

මිදුල පුරා රයිස් කුකර්, වොෂින් මැෂින්, ෆ්‍රිජ් එක, අයන්, අයනින් බෝර්ඩ් වනලා ලස්සනේ බෑ..ඒත් පපුව නිකන් හෝස්ගාලා යනවා ඒවා දැක්කම..

ඔය අල්ල පනල්ලේ...ලඟදි පහු උන උපන් දිනේටය කියලා කොල්ලාට ගෙනාපු ගේම් කොන්සෝල් එක...ඒක හරි ප්‍රිමිටිව් එකක් දැන් කාලේ හැටියට....ගත්තා මෑන් ගේම් කොන්සෝල් එක හෙමීට එලියට..මාරි බිස්කට් ලෙවල් නිසා එපා කිව්වට ඇහුවෙ නෑ..පොඩි එකාට ඉතින් ඉවසීමක් තියේවියැ...බැටරි හයක් එහෙම දාලා හොඳට හරි බරි ගැහිලා, ටීවී එකට කනෙක්ට් කරලා දැම්මා ඔන් ස්විච් එක...

චූස්ස්ස්..ගාලා හීන් සද්දෙකුත් එක්ක සිගරට් දුමක් වගේ එලියට ආවා එච්චරයි..කොල්ලගේ මූන නාලු උනා...මට දුකේ බෑ....

ආපු හිතේ වේගෙට, ඔක්කොම වැඩ නවත්තලා...මැනුත් එක්කම නුගේගොඩ හංදියේ තිබුන රෙපයාර් ෂොප් එකකට අරන් ගියාම බ්ලෝ ටෝච් එකකින් වේලලා වේලලා අනේ හදලා දුන්නා ආපහු වැඩ කරන ගානට..

කොල්ලට එතකොට වයස යන්තං අවුරුදු අටයි....හෙට උගේ අවුරුදු 32 කේ උපන් දිනේ...මේකාට මොනවා අරන් දෙනවද කියල හිත හිත ඉන්නකොට මතක් වෙච්ච පල් හෑල්ලක් මේ...

සුබ උපන්දිනයක් සුප්පා....!












43 comments:

  1. ඔය ගන්වතුරට රාජගිරියේ දැන් බෙවලි ස්ට්‍රීට් කඩේ තියෙන හරියේ කාර් සේල් එකක් තිබුනා... මිත්‍රයෙක් සමග ගොස් වාහනයක් තෝරා මුදල් සමග හෙට එනවා කියා අවා ආවාමයි.... හෙට යනකොට වාහනේ වතුර යට!

    ReplyDelete
  2. ගිය පාර පොස්ට් එකට කෙමෙන්ට් එකක් දැම්මා ඒක බලපන්

    ReplyDelete
  3. සිංදුත් දෙකක්ම එක්ක ලස්සන අතීතාවර්ජනයක්.. හැමදේම වෙන්නෙ හොඳටයි කියන්නෙ දැන් ලඟ ලඟ පෝස්ටු දාන එකත් කොච්චර දෙයක්ද හා?
    අර පරණ කතාව බලන්න යන්න බෑ මෙන්න මෙහෙම කියනවා..
    Your current account (gaslabba1@gmail.com) does not have access to view this page
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තැන්කූ ලොකු මිස්....!

      Delete
  4. සුබ උපන් දිනයක් වේවා
    හෙට එහනම් අපිටත් කේක් කැල්ලක් තියන්න

    ReplyDelete
  5. Happy birthday Suppa 🎂🎂🎂

    ReplyDelete
  6. මේ සැරෙත් ගේම් කොන්සෝල් එකක් අරන් දෙන්න පරන කතාව මතක් කරලාම!

    සුබ උපන්දිනයක් සුප්පා....!

    ReplyDelete
  7. අර පොඩි එකාට 32 ක් ? හරි ..හරි අපි ඕක සෙලිබ්‍රෙට් කරමු.
    තාත්තෙක් දෙන හූණු බිජු පැකට් එකත් කොල්ලෙක්ට මහ මෙරක් , මොනා දුන්නත් කොල්ල සන්තෝෂ වෙයි.
    සුභ උපන් දිනයක් සුප්පා ....!!!

    ReplyDelete
  8. Bose speaker?..... presume be continued. .. .
    Happy birthday Supun

    ReplyDelete
  9. This story broke my heart, mate. Having said that, I too had my fair share, for seven long years while working in Dubai.Hate those Camels- not the four legged:)

    Ohh, by the way that captcha is a pain in the ass, remove pls.

    ReplyDelete
    Replies
    1. Captcha effect comes when u try to use a new profile mate..its not me...the google...sorry..

      Delete
  10. game box, බෝස් ස්පිකර් සමඟ හෙටටත් සුභ උපන් දිනයක් සුප්පා.. :)

    ReplyDelete
  11. //චූස්ස්ස්..ගාලා හීන් සද්දෙකුත් එක්ක සිගරට් දුමක් වගේ එලියට ආවා එච්චරයි..කොල්ලගේ මූන නාලු උනා...මට දුකේ බෑ....//

    මට මාර හෑඟිමක් ඇති උනේ ....එපා යකෝ කියනවනේ මං හිටියනං කියල .....පල්ලෙහාට යනකොට හිනා ගියා මං වගේම කොත්තමල්ලි වෙදෙක් එදත් හම්බෙලානේ කියල

    ReplyDelete
  12. //සමහරුන්ට නොවටිනා දේ සමහරුන්ට වටිනවා...අසරණ උනාම කොයිකත් වටිනවා...!//

    මෙහෙම මෙහෙම උපුට උපුට දාලා මොනව හරි කොටනවනං මයේ හිතේ දාන්ඩ පුලවන් කමෙන්ට් විස්සක් විතර මට මේ ලියවිල්ලට , කොපි කරගත්තුවත් තව තියනවා හතරක් පහක් , ඒත් වැඩක් නැ .....ඒවායෙන් වෙන්නේ ලියවිල්ලේ වටිනාකම අඩුවෙන එක , මේක තනියම හිතල රසවිදින්න ඕන එකක්

    ReplyDelete
  13. chef-architect ලියපු එකම බ්ලොග් පොස්ට් එක මේක ( බ්ලොග් පොස්ට් එකක් යනු කුමක්ද කියන එකට අටමාගේ නිර්වචනය ඇතුලේ )

    ReplyDelete
  14. කෙට්ටු රණසිංහගෙන් ඔහේට ඉගනගතහැකි දේ බොහොමයි

    ReplyDelete
  15. හුටා කෙලඋනා ඌට මේ නම කියනවා කියල දන්නේ නැ නේද

    ReplyDelete
    Replies
    1. ඔහේට අද වැඩි වෙලා ද?

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලොකුමිස්ටත් එක්ක මම පත්තු බඳිනව වම් කකුලට...මේ ලිපියේ අරමුණ කිසිවෙක් මානසිකව වැට්ටීම නොවේ...මගේ දුර්වල ලිවීම එහෙම කලානම් සමාව දෙනු මැන...

      Delete
  17. I collected a heap of discarded books from a library and brought all home.SAUDI!!! what a memory

    ReplyDelete
  18. අර බෝස් මැනේජර් කාරය අර වෙලාවෙම ෂෙපාව අල්‍ලගෙන කේරළයව තල්ලුකරල දාල උඩට අරං ගියානං තමයි හොඳම සිද්ධිය වෙන්නෙ.

    මොනව උනත් මේකෙ මුල ටිකනං හොඳට හිතට වදින්න ලියවෙලා තියෙනව.
    අර කසුන් කියල තියෙනව වගේ අරන් දෙන දෙයක් එක්ක ගේම් කොන්සෝල් එකකුත් අරන් දෙන්න මේ කතාව මතක් කරල.

    සුප්පා ට සුබ උපන්දිනයක් පතනව මාත්.

    ReplyDelete
  19. HAPPY BIRTHDAY DAY SUPPA.lokka get well soon.

    ReplyDelete
  20. HAPPY BIRTHDAY DAY SUPPA.lokka get well soon.

    ReplyDelete
  21. සුප්පාට සූප්පුවක් සමග සුබ උපන් දිනයක්!!!!!

    මචං ඩයර් ස්ට්‍රෙට්ස්ලගේ මම ආසම සින්දුවක්. මාක් නොෆ්ලර් පොරක්.

    මට මිඩ්ල් ඊස්ට් ජීවිතය සහමුලින්ම මතක්වුනා මේ පෝස්ට් එකත් එක්කම. බඩු එකතුකරගන්න හැටි... පැක් කරගන්න හැටි...ට්‍රයිකෝ බඩ ගාන හැටි...ගේන බඩු බෙදන හැටි...මචං අපේ ජීවිතවල මහා කොටස් බං ඕවා. ඔය කාගෝ පෙට්ටියේ කොල්ලෝ එක එක එව්වා ලියනවා. නැගලා ගිය එකක් තමයි..'හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්'....කියන එඩ්වඩ්ගේ ගීතයේ ඒ වචන ටික. මට මචං හෝස් ගාලා ගියා පෙට්ටියට වෙච්ච දේට. මේ ගැන කමෙන්ට් කරන්න පුලුවන් පිටු ගනන්.

    අපේ මල්ලි කෙනෙක් තාමත් ඉන්නවා අල්කොබාර් වල.

    උඹේ පෝස්ට්ස් අතරින් මගේ හිත ගත් සුවිශේෂී පෝස්ට් එකක්. හග් ඇන්ඩ් සැලියුට් බුවා!!!!!!

    ReplyDelete
  22. සුප්පාට සුබ උපන් දිනයක් වේවා... !

    නිවාඩුවට ලංකාවට එන්න කලින් කොබාර් වල, දම්මාම් වල තිබ්බ රියලේ ෂොප් වල රවුම් ගහපුවා මැවිලා පෙනුනා...
    ඒ එක්කම මොකක්ද මන්ද නොතේරෙන බරක් දැනුනා හිතට...

    ReplyDelete
  23. හෑ................පුත්තරයට 32 යි? සුබ උපන්දිනයක් සහ සුබ අනාගතයක් වේවා ඒ තරුණයාට.

    හැබෑටම තාත්තාගේ වයසත් පෙනෙන්නේ 35 ක් විතරනේ. බොරුනං ගහන්න එපා......

    ReplyDelete
    Replies
    1. යන්‍තං අවුරුදු තුන වෙනකොට ඉස්කෝලේ ගිහින් දාහතේදී විස්ස විජ්ජාලේ ගියාම වෙන දේවල් ඔය..ගනන් ගන්න කාරි නෑ...කොහොමත් බොරු මා ගාව නෑ විචා..

      Delete
    2. //"කොහොමත් බොරු මා ගාව නෑ විචා.."//
      පුකෙනුත් හිනා ඕයි. ජීවිතේම බොරුවක් වෙච්ච මිනිහෙක් මෙහෙම කියනකොට හුකෑස්

      Delete
    3. හෑ....හුකෑස්....! :)

      Delete
    4. හෑ....හුකෑස්....! :)

      Delete
  24. පුතාට සුබ උපන්දිනයක්..මම ඉන්නෙත් සෞදියේ මුළින්ම හිටියේ අල කොබාර් තමයි පස්සේ ජෙද්ද ආව සප්කෝ බස් එකේ....දැන් මාස අටක් ජෙද්ද වල.

    ReplyDelete
  25. ඔය ගංවතුරට ප්‍රධාන හේතුව වැස්සම නෙවී, පොලීතීන් හිරවෙච්ච කානු පද්ධතිය..///////////////////// onna Lankava

    ReplyDelete
  26. බඩු එකතු කළ හැටි මට සිහි කළේ "පායනා කාලෙ දී, රෑ දවල් මහන්සි වී, කන්ඩ දේ රැස් කරයි කූඹියෝ" කවියයි.

    ඒ රැස් කරන්නේ වැසි කාලේ ප්‍රයෝජනයට ගන්නයි.

    Ironic.....!

    ReplyDelete
  27. 92 ජූනි 5 වැස්ස අමතක කරන්නම බැහැ. චෙපාකිට අවුරුදු 32 උනාට මම ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක්. මුලු පන්තියටම හිටියෙ ළමයි දෙන්නයි. අපට අවුරුද්දක් ඉහල පන්තියක හිටපු ටිකක් ෆිට් සෙට් එකක් හොයාගෙන ගියා. අපේ හර්ශණ රාජකරුණා මන්ත්‍රීතුමාත් ඒ ගොඩේ හිටියා...අපි ඉන ගාවට පිරිලා තිබ්බ සීනියර් ග්‍රවුන්ඩ් එකේ ඇවිද්දා ස්කෝර් බෝඩ් එක අල්ලන්න. ඒ හරිය යට වෙලා තිබ්බා අපේ පපුවෙ ලෙවල් එකටම

    ReplyDelete
    Replies
    1. හර්ෂණගේ අම්මා මගේ ක්ලාස්මේට්...සීවලියේ...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....