Thursday 17 September 2015

සිහිලැල් උනුසුම....

කෙටි නිවාඩුවකට මේ දවස්වල රටෙන් පිට ස්කැන්ඩිනේවියානු රටක නිවිහැනහිල්ලෙ පාඩුවෙ ඉන්න මට මෙහෙම සටහනක් තියන්න හිතුනා.
ඇය දශක දෙකක් එහාට යන කාලෙ සිට මගේ මිතුරියක්...ඇයගේ නවාතැනේ අද උදේ ආහාර වේලෙන් පසු මා ගෙවත්තේ සැරි සරන වෙලේ මුන ගැසුනු කලා කෘතීන් සමූහය මෙසේ බෙදා හදාගන්නවා..
මුර්ති ශිල්පිනයක්, චිත්‍ර ශිල්පිනියක් සේම මා මේ ජීවිතයේ ලංවූ සුන්දරම යෙහෙලියක්...ඇය නමින් නේටර් ක්ලෑන්....
පහතින් එකතු වෙන්නේ ඇයගේ නිමැවුම්  වලින් අල්පයක්...ඔබත් රස විඳීවී කියා සිතමි...












මට තනි රකින ගැහැණිය....



‍බොහෝමයක් නිර්මාන කලුගලෙන් කල නිමැවුම්......
ඇය විලෝ දඬු වලින් කල නිමැවුම් මන බඳිනා සුලුයි...නැවතත් විරාමයක් ලද විගසින් එකතු කරමි ඒ නිමැවුම් .....


56 comments:

  1. අපූරුයි චෙපාකි.මගෙ එකතුවටත් මොකක්හරි ඉල්ලගන්න තිබුන නං කියල පෙරේතකමක් හිතුනා.

    ReplyDelete
    Replies
    1. මේ ඇයගේ නිර්මාන වලින් බිඳක් පමනයි හැලපේ....ඈ මගේ පෝට්‍රෙට් එකකුත් කරල තියෙනව උපන් දින තෑග්ගක් හැටියට..පනහට හම්බ උන තෑග්ග ඒ....මගේ බස්ට් එක මොඩල් කරනව කිය කියා මේ දවස්වල ඉන්නේ....!

      Delete
  2. ඇත්තටම හරිම අපූරුයි කව්වට මොකද මට නං වැඩිපුරම හිත ගියෙ අර හංස ඉස් දෙකටයි ඊට ටිකක් පහලිං සුදු පාටෙං හදල තියෙන නාරි රූ දෙකටයි.. ඒකෙන් අනික්වා අවතක්සේරු කලා නොවෙයි නමුත් ඒ නිර්මාණ දෙක තදටම හිතට වැදුණ..
    ඉතිරි ටිකත් නිවාඩු පාඩුවෙම දැම්ම නං...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ නාරි රූ දෙක අපි කසල ගොඩකින් අහුලාගත් මැනිකිව්න් දෙකක්....පොඩි රෙපෙයාර් එකක් කරලා ඇයගේ ගෙතුමකින් සෑදුන හිස්වැසුම් පලඳලා එහෙම තමයි ඔය තියෙන්නේ...installation art......

      Delete
  3. සිගරට් පැකට් එකට තනි රකින ගැහැණිය ඉන්න ෆොටෝවට පස්සෙ එකේ ඉන්න ගැහැණිය පට්ට. කොහෙදිද දන්නෙ නෑ දැක්කෙ වැල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇති සැටියෙන් විකාශනය.....වෑසට යනකොට පේන ඒවා...ඇයගේ පිටුපස සිටින්නා දැක්කේම නැද්ද කම්......මලේ....

      Delete
    2. දැක්කා .. මෙන්ඩා නේ ??

      Delete
  4. අපුරු කලාකාරියක්. නිමැවුම් වගේම පසුබිම සකසල තියන විදියත් මරුනේ. ඇය හොඳම රසවතියක් ද කියා සිතේ. ජය වේ සුන්දර විවේකයක් ගත කරන්නට ලැබේවා අපේ චෙෆාකිට.

    ReplyDelete
    Replies
    1. පසුබිම සැකසීමේ සම්පූර්න ක්‍රෙඩිට් එක ගෘහ නිර්මාන ශිල්පියෙක්වන ඇගේ ආදර සැමියාට නලියො....ඉතාමත් සුන්දර, මීවිතෙන් පිරි රාත්‍රී ගනනක ආරම්බය ඊයේ පටන් ගත්තා...

      Delete
    2. //ඉතාමත් සුන්දර, මීවිතෙන් පිරි රාත්‍රී ගනනක ආරම්බය ඊයේ පටන් ගත්තා...//

      හදවත කඩාගෙන බඩට වැටුනා ඩොග් ගාල !!!

      Delete
    3. //හදවත කඩාගෙන බඩට වැටුනා ඩොග් ගාල // ගිලින්ඩ එපා ඇලජික් වෙයි , වමනේ කරපං

      Delete
  5. හරිම ලස්සනයි.ඉවසීම ගොඩාක් තියෙන කෙනෙක්.තනියට ඉන්න කෙනා නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයත් ලස්සනයි....තනියට ඉන්න නම් ශෝක් කියල හිතුනා කමෙන්ට් එක දැක්කම...

      Delete
    2. තනිවෙලා බලන්නකෝ එහෙනම්......

      Delete
  6. 1 වෙනි පිංතුරය - කැමර කටා
    2 වෙනි පිංතුරය - මධු
    9 වෙනි පිංතුර - විචා
    12 වෙනි පිංතුරය - මමයි සදුයි
    13 වෙනි පිංතුර - ප්‍රා
    14 වෙනි පිංතුරය - ?

    පරිස්සමට ඉක්මනට රට බිම බෝතලයක් අරගෙන එන්න

    ReplyDelete
    Replies
    1. මෙදා පාරත් සිංගල් මෝල්ට් සොට් දෙකක් ඇනගන්න ඇහැකි !!!! ඕ යේස්

      Delete
    2. සඳූයි උඹයි අර ඉන්නෙ තුංවෙනියට.

      Delete
  7. කලුගලෙන් කිවුවට පස්සෙ අගය කිරීම තවත් වැඩි උනා. ඉහල නිර්මාණ හැකියාවක්.

    ReplyDelete
    Replies
    1. සමහරක් ඒවා විශේෂ බදාමකින් කරල තියෙන්නේ....හරි ලස්සනයි කරනව බලන් ඉන්නකොට...

      Delete
  8. ඕං ඉස්සෙල්ලම ඇහැ ගියෙ අර තනි රකින ගැහැනිය ළඟ ඉන්න මල්බරෝ පැකට් එකට.. ඊළඟට මට ලස්සනම අන්‍තිම එක ..!! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මාල්බරෝ නැත්නම් ඉතින් මොකා හිටියත් වැඩක් නෑ නේ මලේ....

      Delete
  9. අතින් නොහැදුවත් අපි අවට ස්වභාවයෙන් හැදුණු මොනතරම් ලස්සන නිර්මාණ තියෙනවද? ලස්සනයි ෂෙෆාකි. නියම හැකියාවක්. අන්තිම රූප දෙක බොහොම තාත්ත්විකයි.

    ReplyDelete
    Replies
    1. එහෙම එකතුවකුත් මෙතන තියෙනවා.....එකතුවක් හදන්න ඕනි...

      Delete
  10. ඇගේ නම ඔබේ අතින් යන්තම් එහෙමෙහෙ වෙලා මට හිතෙන්නේ.. ඈ 'නේචර් ක්ලෑන්' (Nature Clan) කෙනෙකු විය යුතුයි :) අපුරුයි කියුවට හිතට මදි.. පට්ට!

    ReplyDelete
    Replies
    1. හහ්හා...කියන්නම් ඇයට....ඇත්තටම ඒ නම ලියවෙන්නේ Agnete Klan කියලා....ශබ්ද කරන්නේ නම් අර විදියට...වැඩ නම් නේචර් ක්ලෑන් වගේ තමයි...

      Delete
  11. මම නම් කැමතිම අර කාන්තා රූප දෙක සහ වතුර පීරිසියේ ඉන්න කුරුල්ලෝ දෙන්නා අතර මැද තියෙන මැටි මෑන්ට ,ඒක මරු

    ReplyDelete
    Replies
    1. ආ....මම දන්නවා ඒ මොකෝ ඒකට ආසා කියලා...පවුලූශාත් ඒ වගේ නිර්මානයක් කරල තිබුනා නේද...? දාන්නකෝ පොටෝ කැබැල්ලක් ඒකේ....!

      Delete
  12. මේ.. මේ.... මෙව්වට පණ තියෙනවාද? ඒ කියන්නෙ.. අනේ මම දන්නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
  13. මෙයා කොහෙන් ගියත් සිගරට් පැකට් එකක් අහුවෙනවමයි ෆොටෝ එක‍ට.. enjoy your vacation.

    ReplyDelete
    Replies
    1. ඒ තනි මකන කෙනානේ අපුර්වී.....එයා මම යන යන තැන එනවද, එයා යන තැන්වලට මම කොහොමහරි යනෝද කියන එක හොයලා බලන්න ඕනි....

      Delete
    2. නැ ඔයා යන යන තැනට එයාව වඩම්මනව

      Delete
  14. ඊලග පෝස්ටුව ඇපල් සහ පෙයාර්ස් ගැන

    ReplyDelete
    Replies
    1. ඇයි ඇපල් සහ පෙයාර්ස් කෑවම මොනාද අඩුවෙනව කියල දන්නේ නැද්ද...සෙද්ද....!

      Delete
    2. ඔන්ක ඉතින් තරහිහිං

      Delete
    3. අනේ නෑ සුදෝ...එහෙම තරහ වෙන්නේ කොහොමෙයි ඔහේ එක්ක..අපි දෙන්නා එක වල්ලේ පොල්නේ මස්සිනේ....

      Delete
    4. වල්ලක් කතා කරනවා මෙයා.... එක ‘මල්ලෙ‘ පොල්!

      Delete
  15. මං මේ 8 වෙනි පින්තූරේ රසවිඳනවද කියලා බැලුවේ...


    ජ ය වෙ වේ වවෙ වා !!!!

    ReplyDelete
    Replies
    1. අටවෙනි පින්තූරෙ රස ඩබල් දාල එන්නේ.....!!

      Delete
  16. නිර්මාණවල අගය තවත් වැඩිවෙන්නේ ඒවා හරියටම පරිසරයට බද්ධ වන විදිහට තැන්පත් කර තිබීම නිසා බව පෙනෙනවා. ඇය ගල් කැටයම් කරන්නේ විදුලි යන්ත්‍ර මගින්ද වෙනත් අත් මෙවලම් මගින්ද?

    ReplyDelete
    Replies
    1. තනිකරම අත් මෙවලම් වලින් විචා...ඈ දැන් ක්ලේ පාවිච්චිකරනවා .....

      Delete
  17. සුන්දර නිර්මාණයන් ටිකක්..

    ReplyDelete
    Replies
    1. නිර්මාණ ශිල්පිනියත් අතිශය සුන්දරයි....

      Delete
  18. මම ආසයි අර මොළේ අවුල් වෙලා ඉන්න එකාගේ එකට... අපිත් ඒ වගේනේ...

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා..හොඳම එකෙන් අවුල්....

      Delete
  19. උඹ මාර වාසනාවන්ත බුවෙක් කියලා මගෙ තිබිච්ච පූර්ව නිගමනය හරි වගේ.
    මට මතක් වෙන්නේ මගෙ ප්‍රියතම ගායකයෙක් වන රොඩ් ස්‍ටුවර්ට්ගේ මෙන්න මේ සින්දුව...
    Some guys have all the luck
    Some guys have all the breaks
    Some guys have all the pains
    Some guys have nothing but complaints

    ReplyDelete
    Replies
    1. ..............
      You're just a dream and as real as it seems I ain't that lucky
      ...............

      Delete
  20. දෙවනි එකටයි 6වෙනි එකටයි වඩා කැමතියි.

    ඔබේ යාලුවා mother goddess වගේ ෆිගර්ස් හුඟක් කරනව වගේ

    ඇත්තෙන්ම granite/ gneiss වලින්ද කරල තියෙන්නෙ? එහෙම නැත්නම් ඊට වඩා මෘදු එකකින්ද

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා ග්‍රැනයිට් නමුත් ඩෙන්මාර්ක් වල ග්‍රැනයිට් නැහැ...ස්වීඩන් වලින් තමයි ගෙන්වන්නේ..බීච් පෙබල්ස් වලින් තමයි චූටි කුරුල්ලන්ව නං කරන්නේ..ක්ලේ ෆිගර්ස් තමයි අනික්වා...
      තව ගොඩාක් අයිටම්ස් තියෙනවා මම පස්සෙ දාන්නං වෙලා හොයාගෙන...
      ඇයට මම කමෙන්ට්ස් ට්‍රාන්ස්ලේට් කලා......she was so happy.....

      Delete
  21. අපූරුයි......... සුන්දරයි...........

    ReplyDelete
  22. Mama kemathi kurullo denna inna ekata...
    Un aththa kurullo unaanam mama wadaa kemathiy...
    Heta me comment eka makala sinhalen daanawooo... 😁

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් නාක නෑ ලොකූ....

      Delete
  23. අර 4 වෙනි ෆොටෝ එක ගාව දකුණු පැත්තේ තියෙන්නේ Horseradish පැලයක්ද මාමේ...
    මම අන්න එයින් අලයක් හොයනවා කාලෙක ඉඳලා පොඩි පහේ බෙහෙතක් හදන්න...
    බංඩි ගෙඩිය අඩු කර ගන්න... හෙහ් හෙහ්...

    ReplyDelete
  24. යාලුවට කියන්න " we are very impressed " කියල. චෙෆාකි ස්වීඩන් පැත්තේ ආවනම් මේ පැත්තෙත් එන්න.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....