Monday 15 June 2015

නෙලුම් (නිල් මානෙල්) මලෙන් අරලිය කොලයට




ලෝකයේ අනර්ගතම ගුවන් තොටුපොල ලෙස විරුධාවලිය ලත් සිංගප්පූර්වේ චැන්ගි ගුවන් තොටුපොල එහි නවතම පර්යන්ත ගොඩනගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත්  ආරම්භ කර අති බැව් මාගේ මිතුරෙකු විසින් එවන ලද විද්‍යුත් ලිපියක සඳහන් වුනා.
මෙම පර්යන්ත ගොඩනැගිල්ල චැන්ගිහි ආභරණය ( Jewel Changi Airport ) ලෙස නම් කර ඇත්තේ, එය නිර්මානය කල මෝෂේ සෆ්දී ( Moshe Safdie ) නම් ඉතා ප්‍රසිද්ධ ගෘහනිර්මාන ශිල්පියාගේ නිර්මානය පසුබිම් කරගෙන.
Jewel Changi ගුවනට දිස්වෙන අයුරු
ශ්‍රී ලාංකික අපටත් දැන් මෙම ගෘහ නිර්මාන ශිල්පියාගේ නිර්මානයක ජීවත් වීමට මෙන්ම පාවිචිචිකරුවන් වීමට අවස්ථාවකුත් ලැබී තිබෙනවා.

altair tower colombo waterfront
එනම් දැනට කොළඹ නගරයේ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින, තට්ටු 68කින් යුත් මීටර 240ක් උසැති altair  නැමැති ඩොලර් මිලියන 250ක ආයෝජනයකින්, Indocean Developers. නමැති සමාගම විසින් හඳුන්වා දෙන යෝජනා ක්‍රමයයි.

ලොව උසම ගෘහස්ත දියඇල්ල-Jewel Changi Airport
Jewel Changi Airport පර්යන්ත ගොඩනැගිල්ල, පොලොවෙන් උඩට තට්ටු පහකුත්, පොලොවෙන් යට තට්ටු පහකිනුත් සමන්විත, ඩොලර් බිලියන 1.2ක ඇසතමේන්තුගත වියදමකිනුත් යුත් යෝජනා ක්‍රමයක්. මෙම පර්යන්ත ගොඩනැගිල්ල නිම වූ විට, එය ගොඩනැගිල්ලක් තුල ඉදිකර ඇති ලොව උසම දියඇල්ල, ලොව විසාලතම ගෘහස්ත උද්‍යානය යන අංගයන්ගෙන් සමන්විත ඉතාමත් අලංකාර සහ සිංගප්පූරුවේ වැසියන්ට ආඩම්බර විය හැකි නිර්මානයකි.
බිම් මහල් පහකුත් පොලොව මතුපිට මහල් පහකුත් ලොව විශාලතම ගෘහස්ත උද්‍යානයත් පෙන්නුම් කරන රස් කැපුමක්
Jewel Changi Airport

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලද, මේ දිනවල පර්යන්ත ගොඩනැගිල්ලේ තුන්වෙනි අදියර සඳහා සැලසුම් නිර්මානය කරමින් පවතිනවා. ජපාන ආධාර ඇතුව, ජපන් ගෘහ නිර්මාන ශිල්පීන් සහ ශ්‍රී ලාංකිකයන් එකතුව නිර්මාන කටයුතු කරමින් පැවතුනත්, ආංඩු පෙරලිය නිසා ඇතිවූ පෙර දැක්මේ වෙනස, මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාන අලංකරනයන්ටත් බලපා ඇතැයි යන්නයි ඉහත Jewel Changi ලිපිය මා හට එවූ මිතුරා පවසා සිටියේ..
නෙලුම් (නිල් මානෙල්) මලක හැඩයෙන් නිර්මානය වූ කටුනායක පර්යන්ත ගොඩනැගිල්ල

නෙලුම් මලක  (නිල් මානෙල්) හැඩයෙන් යුක්තව නිර්මානය කොට තිබූ පර්යන්ත ගොඩනැගිලි වහලය ආංඩු පෙරලියත් සමග අරලිය කොලයක හැඩයට නිර්මානය වෙමින් පවතින්නේ ගෘහනිර්මාන ශිලිපීන්ගේ මහත් කනස්සල්ලට පාත්‍ර වෙමින්.
අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
BIA-Katunayake

අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
ගුවනට දිස්වෙන අයුරු

මා වසර 12ක් තිස්සේ ගෘහනිර්මාන අධ්‍යක්ෂක ලෙස නිර්මානයට අතදුන් ඕමාන් රාජ්‍යයේ මස්කට් සහ සලාලා ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් යුගලය කිසිසේත්ම දේශපාලන බලවේගයන්ට යටත්නොවී නිර්මානය කිරීමටත්, එම ගොඩනැගිලි අප නිර්මානය කල අන්දමටම ගොඩනැගිමටත්, 2012 අරාබි වසන්තයට හසුවීමෙන් වූ ආංඩු පෙරලිය බාධාවක් නම් නොවුනේය. අප නිර්මාන කටයුතු කල ආංඩුව වෙනස්වී ගොඩනැගීම් කටයුතු බාර වූ අලුත් කැබිනට් මඩුල්ල කිසිදා අප නිර්මාන කටයුතු වලට බධාවන් හෝ ඇඟිලි ගැසීම් හෝ කලේ නැහැ.
ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින සලාලා ගුවන් තොටුපොල
Salalah Airport-Oman

ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින මස්කට් ගුවන් තොටුපොල
Muscat International Airport-Oman

නිර්මාන කටයුතු වලට හවුල් වූ කැබිනට් මඩුල්ලේ සිටි ඇතැමුන් හිරගෙවල් වල ලැග්ගේ ඔවුන් කල දූෂණ කටයුතු ඉතා ඉක්මනින් නීතිමය මාර්ගයෙන් විසඳා තීරණ ගැනීමෙනි.

එනමුදු කිසියම්හෝ සංවර්ධන කටයුත්තකට දූෂණ විමර්ෂනයන් බාධාවක් නම් නොවිනි.

අප අවුරුදු 2500කටත් වඩා ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩමින් ගෝත්‍රවාදී යයි හංවඩු ගසා ගනිමින් මේ වලපල්ලට යන ගමන වෙනතකට හැරවීම සඳහා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෝත්‍රිකවාදීන් වන ඒකාධිපති රාජ්‍යයක් ලෙස පාලනය වන ඕමානයෙන්වත්, පොලිස් රාජ්‍යයක් වශයෙන් පාලනයවෙන සිංගප්පූරුවෙන්වත් ඉගෙන ගැන්මට දේවල් නැද්ද?

1982 වෙන විට අපටත් වඩා පසුබා සිටි සිංගප්පූරුව, කවදා හෝ කොළඹ වැනි නගරයක් කිරීම එකම ප්‍රාර්ථනය යැයි කියමින් ලී ක්වාන් යූ ඇරඹි සිංගප්පූරු විප්ලවය අද දවස වෙන විට ලොව අනගිතම ගුවන් තොටුපොල නිර්මානය සහ ඉදිකිරීම දක්වා ගෙනයන්නටත්, අප මත්තල වසා දමමින්, නෙලුම් මල් අරලිය මල් වලට හරවමින් චන්ද හිගමනේ යන විප්ලවයකට පන්සල් කෝවිල් තිරුපති අරපති පස්සේ දුවමින් හෙටක් නැති රටක් බවට පත්කරන්නේ කාගේ කරුමයකටදැයි අපට සිතේ.

Jewel Changi Photo Credits to Architect Moshe Safdie
BIA photo Credits to AASL
Muscat & Salalah Terminal Photo Credits to Larsen, A&CE

ප.ලි./
කොළඹ නව පර්යන්ත ගොඩනැගිල්ලේ මූලික නිර්මානය, ගෘහ නිර්මාන්ශිල්පීන් විසින් ජාතික පුෂ්පය වූ නිල් මානෙල් ( Nymphaea nouchali) මල පාදක කොට නිමවූවත්, නෙලුම් පොකුන නෙලුම් කුලුන ආදී පසුගිය ජනවාරි 8 වෙනිදාට පෙර රට කෙරවූ ඇත්තන් පිනවීම පිනිස නෙලුම් පුෂ්පය ඇඳෑ ගත්බවත්, පලමු නිර්මානය ගැන ගෘහනිර්මාන ශිල්පීන් විසින් ප්‍රචාරය කෙරූ ත්‍රිමාන රූප සහිත වීඩියෝවේ නිල් මානෙල් මල ගැන කිසිම දැනුවත් කිරීමත් නොවීමත් ජනතාව මෙය නෙලුම් මලේ ආකෘතියෙන් නිර්මානය වූ බව තේරුම්ගෙන තිබුනා යැයි තතු දත්තෙක් මා හට දන්වා තිබුනා..

එසේම, අරලිය යනු දකුනු ඇමෙරිකානු අර්ධද්වීප්යට අවේනික වූ පෲතිගීසි ආක්‍රමනිකයන් විසින් අප දූපතට හඳුන්වා දුන් පැලෑටියක් බැවින්, අරලිය කොලය අපේ ජාතික ස්මාරකයක්වන්වූ ගුවන් තොටුපොල ගොඩනැගිල්ලකට පසුබිමක් වීම කෙතරම් වටීද යන්නත් සංවාදයට ලක්විය යුතුයැයි අපට හැඟේ....

එබැවින් ඉහත ලිපියට යම් යම් සංස්කරනයන් කිරීමට සිදුවූ බැව් කියවන්නෝ දැනගනිත්වා...

78 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට ඇඩෙනවා කියලා තමයි කියන්න වෙන්නේ හිටං....
      අලුත් ඩිසයිග්න් එක හරිම බොළඳයි..mediocre... කන්සල්ටන්ට්ලා මැරෙන්න හදනවා ලැජ්ජාවේ...කොන්දක් තියේ නම් කෙලින්ම කිව්වානම් ඉවරයි...ස්ට්‍රක්චරල් ඩිසයිග්න් එක මුල ඉඳන්ම කොරන්න එපෑයෑ ඉතින්..අය්යෝ සල්ලි...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. DG5 දැන් සම්බන්ධයක් නැහැ මම දන්න තරමට..කොහොම උනත් ඩිසයිග්න් පාර්ට් එක කරන්නේ ජැපනීස් ආකිටෙක්ට්ස්ලා...එතනත් කචල් එකක් ඇති...ECL එක කරන්නේ මෑන්පවර් සප්ලයි කරනවා වගේ AASL එකට මිනිස්සු හොයලා දෙන එක...ඔතන තමයි ප්‍රධානතම ප්‍රශ්නය ඇත්තේ...

      Delete
  2. මුන් හිතාගෙන ඉන්නේ නෙළුම් මල මහින්දගේ කියලා... නෙළුම් මල අතීතයේ පටන් නිර්මාණ ශිල්පින් තම අපූර්වතම නිර්මාණයන් සඳහා භාවිතා කරණ ලද්දක්. හොඳ වෙලාවට මහින්ද අයිස් කෝන් එක එයාගේ කර නොගත්තේ, එහෙම උනා නම් අපිට රුවන්වැලි සෑයත් සාංචි විහාරේ වගේ වැඳගන්න තිබුනා.

    මුන් තව ටික දවසකින් බුදු හාමුදුරුවෝ නෙළුම් මලක් උඩ වැඩම කරලා ඉන්න පිළිම කඩලා, අරලිය මල් උඩ බුදු සාධු ඉන්දවයිද දන්නෙ නෑ. මෙළෝ දෙයක් බැරි ගොබ්බ ආන්ඩුව, මේ වගේ හරක් වැඩ තමයි කොරන්නේ.

    ReplyDelete
    Replies
    1. හැම ඉස්කෝලෙම ආණ්ඩුවේ කන්තෝරු කෑලිවල නෙලුම්මලේ (පාට) ගාන්නයි, හැම රෙද්දටම නෙලුම් මල ඔබන්නයි ගියාම වෙන්නේ ඕක තමයි මාතේ....ඒවා නවත්තනවා කියන එක තමයි ලක්ෂ 62ක බලාපොරොත්තුව උනේ..නැතුව අරලිය කොළ වලින් නෙලුම් මල් වහන්න නෙවෙයි....

      Delete
  3. දේශපාලුවන් තමන්ගේ පුද්ගලික තේමාවල් වලට රටේ සියළු දේවල් නිර්මාණය කරන්න අණ කිරීම තුලින් සැබෑ නිර්මාණ බිහිවේයැයි හිතන්න බෑ. හැම එකක්ම නෙළුම් මල " අපි මී මැස්සො කියල හිතල වෙන්ඩැති හැම එකම නෙළු මල උනේ "

    ReplyDelete
    Replies
    1. කම්මල...මාගේ පසුගිය දෑවුරුදු අත්දැකීම් නම් ඊට වෙනස්...දේශපාලුවන්ගේ ඇම්බැට්ට නිලධාරීන් විසින් පාලනය වෙන සංවර්ධන ක්‍රියාවලියන්හී වන්දිබට්ට න්‍යායට අනුව ලොක්කා ආස දේ මේකයි කියා සොක්කා හිතන දේ ලොක්කා විසින් පිලිගැනීම ඉහලින්ම තිබුනා...
      කොන්ද කෙලින් තියාගෙන සමහර වෙලාවල් වල එහෙම නෙමෙයි මෙහෙමයි කියලා විස්තරාත්මකව පැහැදිලි කරලා දුන්නාම හරි දේ කරන්නත් පුලුවන් බව පෙන්නපු අවස්ථා එමටයි....!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කටුනායක ගුවන් තොටුපොල සැලසුම් නිර්මානයට ඔහේ'ට සම්බන්ධ වෙන්න බැරිවුනැය් ?

    ReplyDelete
    Replies
    1. කොළඹ ගුවන් තොටුපොල ජපානයේ ආධාර ඇතුව තමයි එදා ඉඳන්ම සංවර්ධනය කෙරෙන්නේ. එහෙම වෙනකොට ජපානයෙන්ම උපදේසකයින් එනවා. Japan Airport Consultants Inc තමයි උපදේසකත්වය සපයන්නේ. ලංකාවේ DG5 කියන ආයතනයත් STEMS කියන ආයතනයත් මුලින්ම සම්බන්ධ උනාට දැන් ECL කියන ආයතනය DG5 ආයතනය වෙනුවට සහභාගී වෙනවා මෙරට උපදේශකයන් (Local Consultants) හැටියට.
      මාගේ ආයතනයේ පසු බිම එයට වෙනස්. අප විසින්ම නිර්මානය කිරීමත් (Airport Consultant- Airport Architects) මෙරට උපදේශක (Local Consultant) වීමත් දෙකක්.
      පිට රැටියන් අපගේ සුදුසුකම්, දක්ෂකම් දැක්කත්, මෙරටුන්ට දේශපාලන බැඳීම් එයිට එහා. කෙසේ වෙතත්, බලෙන්ම වගේ (අහම්බෙන්) ලද අවස්ථාවකින් ගුවන් තොටුපොල වැනිම සංකීර්ණ යෝජනාක්‍රමයකට අප ආයතනය මෙරට තුල ක්‍රියාකාරී නිසා ඇනෝ කියන දෙය ගැන එච්චර හිතුවේ නැහැ.
      මේ ලිපියට මුලත් එවැනි ඉල්ලීමක් කෙරීම නිසා ඇතිවූ සිතිවිල්ලක්....!

      Delete
  6. සලාලා ගුවන් තොටුපළ අද දින විවෘත කිරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව ඊයේ පුවත්පත්වල පලවිය.

    ReplyDelete
    Replies
    1. 15 වෙනිදාට ෂෙඩ්යුල් කරලා තිබුනේ...හැබැයි 2008 නැෂනල් ඩේ එකට තමයි ඔරිගිනල් ඕපනින්ග් එක නම් කරන්න තිබුනේ....ඔය වගෙ ප්‍රොජෙක්ට් වෙලාවට ඉවර කරන එක ලේසි කෙලියක් නෙමෙයි හැලපේ...

      Delete
  7. *වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව* ඇත්තටම කරගෙන අාපු වැඩපිලිවෙල නතර කරන්න හදන්නේ ඒවයේ කොමිස් ටික දැනටම පිට ගිහිල්ල නිසාද දන්නෙ නැහැ. අලුතෙන් කොමිස් ගහන්න අලුතෙන් ප්ලෑන් අදිනව ඇති. ඒ පැත්තෙත් මේ පැත්තෙත් දෙපැත්තේම හොරු නේ. අන්තිමේ තැලෙන්නේ අපිමයි...

    ReplyDelete
    Replies
    1. සංවර්ධන යෝජනාක්‍රම නිලධාරීන් අත තිබිය යුතුය. ආණ්ඩු මාරුවීමේ බලපෑම එවිට තුරන්වෙනු ඇත. JR ගේ පාලන කාලය ඇතුලත වූ සියලුම දේ පොලිටිසයිස් කිරීමේ පිළිවෙතේ ආදීනව දැන් අප සැම එකා මෙන් භුක්ති විදී...!

      Delete
    2. ඔව් උගෙ අහවල‍ාගෙ විවෘත ආර්තිකේත් එක්ක!

      Delete
  8. I O සිරිසේන ම තමා කියන්න තියෙන්නෙ
    කුජීතයි ඇත්තමයි. අනික ඒකෙ කැත
    මහින්ද ලොක්ක හැමදේටම නෙළුංඅලේ ගත්ත හන්දද කොහෙද ඒ වගෙ කුප්ප වැඩක් කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි මහේෂ්...එක එකාට අන්චි ඇද ඇද රටයි ගමයි කෑම තමයි අපේ ලොකුම හපන්කම.....!

      Delete
  9. මං දවසක් මෙෂින් ලෑල්ලක් හදන්ඩ ගිහිල්ලා ඔය වගේම එකක් උනා , අපේ උන්දැ ඇවිත් ඕක අරහෙම උනානං හොදයි මෙහෙම් උනානං අරක කරත හැකි , ඔහොම එක එක එව්වා ඇඩ් කරල අන්තිමට ඒක මැෂිමක් උඩින් තිබ්බ කබඩ් එකක් උනා

    ReplyDelete
    Replies
    1. කවුරු මොනා කීවත් හදන මිනිහා දැනගන්න ඕනි මැෂින් ලෑල්ල වැඩේට සරිලන ආකාරයට නිම කරන්න...නැද්ද ආයුබොවං...

      Delete
    2. හත්තිලව්වයි :D

      උඹට උපදෙස් දුන්න කීව ??? වෙන්ඩ බැහ් :D

      Delete
    3. වෙන්ඩත් ඇතිබං....!!!!

      Delete
    4. මේ පත්තර මල්ලි කවුද යකෝ ? කෝ අපේ පත්තර මල්ලි ?

      Delete
    5. එතකට මෙෂින් බිජ්ජ ගැන මොකද ගෑණි කියන්නේ

      Delete
    6. ඉවනයා උඔත් ලියන්නෙ නැද්ද?

      Delete
  10. පිටරටවල ඉන්නකොට අපේ රටේ වෙන දේවල් ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. මේ ජරාජීර්ණ වෙමින් පවතින රට ගොඩගත හැක්කේ කාටද? මට නන්දා මලිනියන්ගේ ගීතයක් මතක් වෙනවා. ඇගේ නම ලංකාය .....ඉන්දියන් සාගරේ වසන්නී .....

    ReplyDelete
    Replies
    1. මේ අපේ රටයි...එය පැවතෙන්නේ අපට සරිලන අයුරිනුයි...එහි සාදාගැනීමට කියා දෙයක් නැත....අපිට රටවල් හදන්න බැරිය...අපිට අපිව හදන්නත් බැරිය...හැබැයි නෝනේ මට මාවනම් හදා ගත හැකිය..හැමෝම තමන් හදාගත්විට අපි හැදේ..අපි හැදුනාම ඉබේම රටත් හැදේවි...සමහර විට.....!!!!!

      Delete
  11. හැබැයි පින්තූරේ දකිද්දී නම් හිතෙන්නේ අරලිය කොලේට වැඩිය නෙළුමේ ආකෘතිය හොදයි කියලා..

    ReplyDelete
    Replies
    1. නෙලුම නෙවෙයිනේ....නිල් මානෙල්නේ නෙලුම කොරලා තියෙන්නේ...ඔය අරලිය එක ලස්සනද කියන එක නෙමෙයි වැඩේ...එහෙම වෙන්නේ එහෙම කරන්නේ මොකද කියන එකයි...අපිට තාම තේරෙන්නේ නැහැ ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් රටක කොච්චර වැදගත් අංගයක්ද කියන එක....

      Delete
  12. අනුරාධපුර යුගයේ ඉඳලා තියෙන්නෙම ,මහින්ද වාදියෝ. ඒ විතරක් යැයි. ඔය සුද්ධෝදන රජ්ජුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙන්නේ මහින්ද වාදියෝ එකනේ සිදුහත් කුමාරයා නෙලුම් මල් උඩ ඇවිද්දැයි කියන්නේ .
    කලින් ආණ්ඩු වල නොතිබ්බ ලක්ෂනයක් තමයි තමුන් කරන්න යන දේවල් ගැන හරි හමන් දැනුවත් කිරීමක් නොකරපු එක. මහින්දගේ ආණ්ඩුව කරපු දෙයක් තමයි ලබන ආත්මේ කරන්න තියෙන දේවලුත් මේ දැන් කරනවා වගේ ජනතාව දැනුවත් කරපු එක. ඒක නිසා මිනිස්සු දන්නේ ඒ හරිය විතරයි.
    අරලිය ආකෘතිය දැක්කම නම් බඩ දඟලනවා . මෙතන තියෙන්නේ වෘත්තීය වේදීන්ගේ වරදක් . උපදේශකයෝ හැටියට වෘත්තිකයන් පත්කරගන්නේ මේ වගේ දේවල් ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන්න. අනික දැන් මේ දේවල් තේරුම් කර දෙන්න නොහැකියාවක් පවතිනවයි කියලා හිතන්න බෑ. වෙලා තියෙන්නේ මේ විෂබීජ වෘත්තිකයන් මගින්ම බලධාරීන්ට ඇතුල් කිරීම වෙන්න ඕන
    ඒ විතරක් නෙවෙයි මේක මතක තියාගන්න
    "ඕමානේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ"

    ReplyDelete
    Replies
    1. කරුමේ ඩබල් පින සිංගල් කියන්නේ මේ වගේ වෙලාවට තමයි...හෙක් හෙක්...

      Delete
  13. දැන් එතකොට හැම එකක්ම 'අරලිය' ද? මේකද යකෝ යහපාලනේ?
    හිටං තුමා හිටගෙනම බයිල කියනව.. අගමැතිතුමා බයියන්ගේ විතරක් නෙවෙයි ටොයියොන්ගෙත් අකමැති තුමා වෙනවා.. යහපාලනේට කඩේ ගිය අපිට වෙලා තියෙන්නේ අර කාටුන් එහෙක තිබ්බ වගේ පුක ගිනි අරන් තියෙද්දි ඔළුව දෙපරන්දෙ ගහන් හැංගෙන්න.. අයියෝ සල්ලි..
    Altair නම් පට්ට පාර ආ.. මාත් මේ ඒ පැත්තේ යම්දෝ නොයම්දෝ වගේ වගේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. නිල් මානෙල් ජාතික පුෂ්පය නිසා කමක් නැහැ..ඒක නෙලුමට හරවගෙන කොරපු වැඩෙත් නරකයි...ඊටත් අන්තයි කවුරුවත් නැති හැටි අලුත් රජයට මේක නෙලුම නෙවෙයිය, නිල් මානෙල්ය කියලා හිටං තේරුන්කරලා දෙන්න..එතකොට අරලිය ඉෂූ එක එන්නේ නැහැනේ...
      කාට කියන්නද කමියෝ...ඊලඟ සැරෙයක් තිබුනොත් නම් කාටවත් චන්දේ දෙන්නේ නැහැ...මොකා කොලත් එකයි..එක වෙලවකට හිතෙනවා එහෙම කියලත් බැහැ නේදැයි කියලා...ඒත් ඉතින් කිසිම එලියක් පේන්නේ නැහැනේ ඉදිරියෙන්....

      Delete
    2. // මොකා කොළත් එකයි //

      නෑ … !!

      හරි දේ නොකරනවනම් ඒක වැරදියි.. !!!

      ඊට වැඩිය හොඳට කරන්නං කියලා බාර අරගෙන බුළ කෙලිනවනං ඒක ඊට වඩා වැරදියි !!! එතන වැරදි දෙකයි...

      ඕ යේස් !!!!

      Delete
    3. යකෝ පත්තර මල්ලිත් ඉදලා හිටලා බරසාර ටොක් දෙනවනේ..
      එල ද බ්‍රා

      Delete
    4. Altair වල ලංකාවෙ ස්ටාෆ් අඩු කරලා ඉන්දියන් සෙට් ගේනවා මේ දවස් වල.හිටපු අයටත් මාස තුනක වැටුප් දිලා අයින් කරන සීන් එකක්.. හැබැයි යනව නම් නියම තැන.. ගස්ලබ්බත් ඉව අල්ලන තැනක් ඕක..

      Delete
    5. \\Altair වල ලංකාවෙ ස්ටාෆ් අඩු කරලා ඉන්දියන් සෙට් ගේනවා මේ දවස් වල.හිටපු අයටත් මාස තුනක වැටුප් දිලා අයින් කරන සීන් එකක්///
      ඉතින් බලහංකො ගස්...අපේම වැරැද්ද වෙන්න බැරිද ඒකත්...අපේ ඈයෝ වැඩ කෙසේ වෙතත් අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂන කරනවා ඇති...ඒ උනාට දේශපාලුවන්ට ගොට්ට අල්ලන්න හාල් මෝල්වල නමත හරියන්න ජාතික ස්මාරක වල වහලවල් ගහනවා....
      උඹ සීන් එකේ ඉන්න එකා නිසා දන්නවා ඇති...හොරිසොන්ටල් ගටර්ස් දෙපැත්තත්ටම දාගෙන නැති ප්‍රශ්න ඇති කරගෙන මුන් මේ ලස්සන බිල්ඩිමකට කෙලින කෙලිය....

      Delete
    6. අයිතිවාසිකම් කියන්නෙ වැටුප් කේස්.. අපේ උන් ගන්නවාට වඩා භාගයක් අඩුවට වැඩ කරන්න ඉන්දියන් එවුන් එනවා.ලේබර්ස්ලයි ඉන්ජොයි ඔක්කොම.. දැන් වීසා ප්‍රස්නෙකුත් නැති නිසා අව්ලක් නෑ නෙ.අනික ලංකාව ඇතුලෙ තියෙන යකඩ කර්මාන්තශාලා බලන්නකෝ... ඔක්කොම වගේ ඉන්නෙ ඉන්දියන් එවුන්.. චීන ඉදිකිරීම් වලටත් කඩදාසිය පවා එන්නෙ එහෙන්.. මේවා වෙනස් කොරන්න බැරිද හිටං..??
      ඩිසයින් එක ඔහොම චේන්ජ් කරනකොට චෙෆාකිට නිකන් දැනෙනවා ඇත්තෙ තමුන්ගෙ දරුවෙකුගෙ කොණ්ඩෙ කුඩු කාරයෙක්ට ඕන විදිහට කපනවා වගේ වෙන්ටැ.. අනේ අපොයි.

      Delete
    7. මම මේකට කිසිම දායකත්වයක් නැති නිසා පෞද්ගලික හිත් රිදීමක්නම් නැහැ ගස්...ඒත් සම්බන්ධ වෙන සහෘදයන්ගේ මැසැවිලි සහ ඔවුන් මා වැන්නවුන්ගෙන් ඉටුවිය යුතුයැයි සිතන සමාජ සාධාරනය ඉස්සරහා අන්ත අසරණයි..එච්චරයි මචෝ...

      Delete
    8. පෞද්ගලික නොවන නමුත් 'පොදු' කේස් එකකට පිච්චුනත් කමක් නෑ කියලා අත දාන්න තරම් තියෙන තෙත් කම නේන්නං අද සමාජෙ නැති වෙලා තියෙන්නෙ... වියලුනු උල්පත් වලට ආයෙ පණ එන්න මේ වගේ ලිපිවලින් මෙහෙයක් වෙනවා..
      ජයවේවා..!!

      Delete
  14. මේ තරං අමු හරක් තමා බං ලංකාවේ ඉන්නේ. කන්ට්‍රැක්ටර් ඇග්‍රි කරගෙන මේ වගේ වැඩ කරන කොට උං පුකෙන් හිනා වෙන්න ඇති.. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඩිසයින් චේන්ජර්ස් කන්ට්‍රැකටර්ස්ලට ගජ වාසි..ඒ නිසාම කරනවදෝ කියලත් හිතෙනවා වෙලාවකට..ඩිලේස් ඔක්කොම මේවගේ දේවල් වලින් වහලා ප්‍රොලොන්ගේෂන් වලටත් චාර්ජ් කොරාම කොහොමද..?

      Delete
    2. අනිවා ඒක වෙනවා බං.. මලයෝ..

      Delete
  15. ආණ්ඩු මාරුවීම නිසා රටේ සංවර්ධනය අදාලවන එකම රට අපිද මන්දා.

    මීටත් වඩා බරපතල උදාහරණයක් කියන්නම්. ඉන්දියාවත්, පාකිස්ථානයත් පරමාණු බෝම්බයක් හදන්න පර්යේෂණ කරන්න පටන්ගත්තේ බොහොම කාලෙකට ඉහතදී. ඒ රටවල් දෙකේ ආණ්ඩු වෙනස් වුණත් ඒ කිසිම ආණ්ඩුවකින් මේ ජාතික රහස එලිකලේ නැහැ. දිගටම ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර පරමාණු බෝම්බයක් නිපදවන්න ඒ රටවල් දෙකටම හැකිවුනා.

    පිටරටින් T56 ගන්නවා වෙනුවට අපේම එකක් හදමු කියලා අපේ රටේ පර්යේෂණයක් පටන්ගත්තොත් මොකක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. සොල්හයිම්ගෙන් අහලා කරමු කියයි...!

      Delete
  16. Altair එකෙන් ගෙයක් අරං දාන්න හිතයි!
    ;-(

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්නේ කරන්නකෝ රසික...දැන් අලුත්ම ක්‍රේස් එක ඕකනේ මෙහේ..රාජගිරියේ පැත්තේ හැම වීකෙන්ඩ් එකටම ප්‍රොජෙක්ට් ලෝන්ච් එකක් හරි දෙකක් තියෙනවාමයි....හැබැයි එක අපාර්ට්මන්ට් එකක් ගන්න ගානට අක්කර 20ක විතර වත්තක් ගත්තෑකි රට ඇතුලට වෙන්න හිටං....

      Delete
  17. මටනම් මාර දුකයි අයියන්ඩි...ඇයි දෙයියනේ අපෙන් පස්සෙ අපේ ළමයි මේ රටේ ඡිවත් වෙනවා කියලා හිතන්නෙ නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. නාකි රට කරනකොට ඔහොම තමයි මලේ...උනට ඇත්තේ ලොකු ලමයි...එතකොට ඉස්සරහක් ගැන හිතන්නේ නැතුව ඇති...

      Delete
    2. //මටනම් මාර දුකයි අයියන්ඩි...ඇයි දෙයියනේ අපෙන් පස්සෙ අපේ ළමයි මේ රටේ ඡිවත් වෙනවා කියලා හිතන්නෙ නැත්තෙ..//

      අත් දෙකම ඉස්සුවා !!!!!!!!!

      Delete
    3. මේ ලිපිය ඊයේ දවසෙම මගේ මනසේ හොලමන් කරා..නංගියි සදුයි එක්කත් කියෙව්වා..මම හැමදාමත් කියන්නෙ
      “අපි ඡිවත් වෙලා ඉවරයි..අපේ ළමයි මේ රටේ ඔලුව කෙලින් තියාගෙන ඡිවත් වෙන්න ඔනේ“...

      Delete
  18. මේ ඉතින් ලංකාවනෙ ඔය වගේ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෙ. පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න ඔහොම අපි හිතන හින්දාම තමයි අපේ රටත මෙවැනි විපත් සිදුවෙන්නෙත්...මෙතනින් එහාට යන්න අවශ්‍ය මාර්ගය එලිකරගත්තා කියලනේ අපි ඔක්කොම ජනවාරි 9 වෙනිදා උදේ හිතුවේ....ඒ ගැම්ම දිගටම තියෙන්න ඕනේ....

      Delete
  19. කෙහෙල්මල ජාතික පුස්පය විය යුතුයි

    ReplyDelete
    Replies
    1. හදිස්සියකට මැල්ලුමකට හරි ගන්න ඇහැකි....ඕනිමනම් ATC ටවර් ඩිසයිග්න් එකට ඉන්ස්පයර් වෙන්නත් නාක නැහැ...

      Delete
    2. http://api.ning.com/files/6-b*Y7GRm6K*ja5eCZN3e0NXw8wpUfQ68zyj95zhpAuiZyo5HJERCl0Y99M0krq3OsPl7CvMQnxMEUHdl7ZHtIlzWvkRx6D4/KingKongsDream.jpg

      Delete
    3. ඒ කෙහෙල් ගෙඩියක් ලෙලි ගහලලා නේද? එ බිල්ඩිමේ ඉන්නවා ඇත්තේ වඳුරෝ වෙන්නැති...?

      Delete
  20. අරලිය කොලේ ඩිසයින් එක මාරයි නේද...

    අපේ ටිකක් හරි හොඳ වෙලාවට ඔය මනුස්සයාගේ පවුලේ බිස්නස් නාමය "අරලිය" උනේ.
    බැරි වෙලාවත් ඔය මිනිස්සු සනීපාරක්‍ෂක තුවා හරි කොන්ඩම් හරි වගේ ජාතියක් හදල ඒවට ගැලපෙන නමක් දාල තිබ්බනම් එයාර්පෝට් එකේ ඩිසයින් එක මොන වගේ වෙයිද කියලයි මම කල්පනා කලේ...
    හරියට අර කමලාවතීයි, පුණ්‍යසේනයි එකතුවෙලා ලොරියට නම දැම්ම සීන් එක වගේ හොඳ ආතල් එකක් ජහමනයට ගන්න තිබ්බා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ හාල්මෝලක නමටවත් ගැලපෙන දෙයක් නෙමෙයි අරලිය...එයාර්පොර්ට් ගැන කුමන කථාද.....? ස්පා එහෙකටනම් ෂෝක්.....!!!!

      Delete
  21. ඇයි මේ..?? අපිට මොකද වෙන්නෙ? මේ තියෙන්නෙ වෙන දේට හොඳම උදාහරණයක්.. රටක් විහිලුවට අරගෙන නටන මෙන්න මේ වගේ දේවල් අඩු ගානෙ බ්ලොග් වල හරි එළි වෙන එක හරිම වටිනවා.. අරූගෙ මුගේ රෙද්දෙ තුත්තිරි ගලවනවට වඩා.. චෙෆාකිට සහෝදරත්වයෙන් සැලියුට් එකක් ගහන්නෙ ශ්‍රී ලාංකිකයෙක් විදිහට.
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. දන්න එකම සෙද්ද හින්දා මේක එලියට දැම්මේ සංවාදයක් තුලින් දැනුවත් වෙන්න....
      අද උදේම කෝල් එකක් ආවා වැඩේට සම්බන්ධ රටේ නමගිය මැවිසුරුවෙකුගෙන් මේ ගැන...
      එයා සම්පූර්ණ විස්තරේ ලියලා ඔෆීෂලි ෆෝවර්ඩ් කලා කියලා හිටං මතු අනාගතයේ සිර මැදිරිවල ලගින එක අඩුකරගන්න...

      Delete
  22. දැං ඔය මහරජානෝ කොරපු ඔක්කොම එව්වා කණපිට හරවංටද තනන්නෙ?
    මේක තමා ෂෙෆාකි මේසන් බාස්ලත් කරන්නෙ. කලිං එකා කරපු සේරම වෙනස් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි අපි ජනේරු 8 වෙනිදා කනපිට හරවන්න කියලා සහයෝගේ දුන්නනේ....දැන් ඉතින් මචෝ පෙරලි පෙරලි ඉමු....

      Delete
  23. නෙලුම් කුලුනේ පෙතිත් වෙනස් කරලද දන්නේ නැ... කොහොමද ඒකටත් අරලිය කොළ ටිකක් දැම්මොත්.....

    ReplyDelete
    Replies
    1. පෙති නෙමෙයි මචං...ලිෆ්ට් එස්කැලේටර්ස් එහෙම වෙනස් කරගේන් යනවා..මේ දවස්වල් නඩුත් කියනවනේ ඒකට....

      Delete
  24. පිස්සු නේද.. අපේ රටේ අය වගේ මෙහෙම හිතන මිනිස්සු ලෝකේ කොහේවත් නැතුවඇති.

    ReplyDelete
    Replies
    1. හැම තැනම ඉන්නවා තුෂානි...හැම තැනම...අපි දිව්වා වේගේ වැඩියි...ඒකත් එක හේතුවක්...

      Delete
  25. ස්තුතියි ලිපියට මචන්. මට දැනුයි තේරුනේ අර මාතා ගේ බ්ලොගේ කවුද කියල තිබුන අරලිය යාය කියල දාන්න කියල අපේ නෙලුම් යාය ට. මේ මිනිසුන්ට පිස්සුද මේ හැටි. ගිය ආණ්ඩුව ගියා . නමුත් හොඳ වැඩ කර පල්ලා . එච්චරයි. රටට නේ අන්තිමට. පටුම පටුයි.
    http://nelumyaya.com/?p=3116

    ReplyDelete
    Replies
    1. අරලිය යාය නෙමෙයි මචං ඕකට දාන්න ඕනි ප්‍රැන්ගිපානි යාය කියල එහෙමනම්..මොකෝ ඕක එංගලන්තෙන්නේ ප්‍රොමෝට් වෙන්නේ...අරලිය කිව්වම නිකං හාල් මුට්ටයක් වගේ නේද...අර ලාල්කාන්ත කිව්වම හාර්ඩ්වෙයාර් ස්ටොර්ස් එකක් මතක් වෙනව වගේ...

      Delete
    2. හි හි හි

      Delete
  26. අපේ රටේ ඉතිං ආණ්ඩු මාරු උන ගමන් කරන්නෙ අනිත් පැත්තෙන් කරපු/කරන්න හිටපු ඔක්කොම තමන්ගෙ එකවුන්ට් එකට දාගන්න හිතාගෙන ඩිසයින් එකේ ඉඳන් මුල් ගල දක්වාම වෙනස් කරන එකනෙ. ඉතිං කොහෙද රටක් දියුණු වෙන්නෙ.

    ReplyDelete
  27. මේ ලිපිය කියවුවන්න කලින් මගේ එම්ප්ලෝයර් මට චීනේ හදන්න යන ග්ලෝබල් සිටි එකක් ගැන වීඩියෝ එකක් එවුවා ඒක ඔයා නම් දැකලත් ඇති. මට නම් ඒක හරි පුදුම තැනක් මේ යුටුබ් ලින්ක් එක බලන්නකෝ

    https://youtu.be/eob7Ki0Vhww

    ReplyDelete
  28. නිල් මානෙල් මලින් නෙලුම් මලට
    නෙලුම් මලින් අරලියට
    අරලිය මලින් මොකකටද?

    මම නම් ආසයි දකුනු ඇමරිකානු දේවල් වැහි වහිනවට !

    ReplyDelete
    Replies
    1. ආයෙත් නෙලුම් මලට නොවේ...

      Delete
  29. කෝ නැද්ද අලුත් ලිපියක්

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....