Wednesday 4 June 2014

30+

මේ ලමයා කොහෙන්දෝ
රෝස කැළෙන් ගෙනාවෝ
 >
<
>
<
මට ඔයාව වඩාන
බත් කුරුල්ලෝ කවන්න

දෙකකුල් උඩ තියාන
ඔන්චිලි පද්දන්න

උදේ හවා නාවලා
ඕඩිකොලොන් දාන්න

පිටේ තියාන
වත්ත වටේ
ලුණු ගෙනියන්න

ආසයි ආයෙත්…..

ඒත්….

ඔයා දැන් .....

>
<
>
<
>
 
මේ ලමයා කොහෙන්දෝ
රෝස කැළෙන් ගෙනාවෝ






අද උපන් දිනය සමරන එකම දියනියට.....
පින්තූරය මෙතනින්-http://theparentcue.org
 




15 comments:

  1. තාත්තගේ හිත තාමත් තරුණයි වගේ, සුබ උපන්දිනක් පතනවා දුවට. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හිත තරුනකම තමයි අද අපිට (මගේ වයසේ අයට ) තියෙන ප්‍රධානම ප්‍රශ්නේ සොමී...ඇයට මම පෙන්නුවා ( කියෙව්වා) සුභපැතුම්..ස්තුතියි කියන්න කියලා තමයි කිව්වේ.

      Delete
  2. සුබ උපන් දිනක් වේවා
    දුවට සුබ උපන් දිනක් වේවා

    ReplyDelete
    Replies
    1. රාජකාරී කටයුත්තකට පුටුවෙන් දවසක් ඈත්වෙලා හිටිය නිසා අද තමයි උත්තර බඳින්නේ..බොහොම ස්තුතියි දුවා වෙනුවෙන්...ඇයට හරිම සතුටුයි මම දුන්න මේ තෑග්ගට..මොකද ඔයාලත් ඔක්කොම එක්කනේ සුබපැතුවේ...

      Delete
  3. කෙල්ලට සුබ උපන් දිනයක් පතනවා!!!!!!!

    අපිත් අපේ එකම දියණිය සහ එකම දරුවා බලන්න එයා ඉන්න යුනිවසිටියේ පැත්තට ගියා ගිය සුමානේ. වඩාගෙන රවුමක් එක්ක යන්න හිතුනා. අපි තාත්තලානේ බන්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානකට පස්සේ කෙල්ල මේ දවස්වල අපිත් එක්ක ඉන්නවා. කෙල්ලගෙයි කොල්ලගෙයි උපන්දින එකම සතියෙ ඇතුලේ තියෙන්නේ. ආපහු අවුරුදු ගානක් ඈත අතීතයට අපව ගෙනියන්න එය උදව් උනා...

      Delete
  4. කෙල්ලෝ වැඩියේ ආදරේ තාත්තටෙයි කියනවනේ. අනේ මටත් දුවෙක් හිටියනම්. ඉන්න එකා අම්මගෙ වලිගේ... මගේ මානූෂීය අයිතිවාසිකම් සියල්ලම උල්ලංගනය කරලා තියෙන්නේ පොර..

    ReplyDelete
    Replies
    1. මාතා.....කෙල්ලෙක්ව හදපන්....උඹ තාම කොල්ලා වගේ ඉන්නේ...කෙල්ලෝ මරු බන්. මම එහෙම කියන්නේ කොල්ලෙක් නැති නිසා වෙන්න ඇති.

      Delete
    2. වගේ නෙවෙයි කොල්ලා තමයි නැද්ද මාතේ . ඔන්න ඔහේ කෙල්ලෙක් හදාපන් ඔය අරූ ගොයියා කිව්වා වගේ .

      Delete
    3. කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලම මරු උන් පොඩිකාලේ....ඒ හින්දා උන් කවදත් අපිට පොඩිඋන්...
      කොල්ලන්ගෙන් බේරුනාත් කෙල්ලොන්ගෙන් නම් ලොකු උනාම බේරෙන්නම බෑ මාතේ....
      අරූ කිව්වැහේ හදමුකෝ කෙල්ලෙක්....

      Delete
  5. ලමයි කොච්චර ලොකු වුනත් අම්ම තාත්තාට ළමයිම තමා

    ReplyDelete
    Replies
    1. පේන්නෑ අපි හුරතල් වෙන තරම් මේ පට්ට නාකි වෙලත්...

      Delete
  6. දෝණිට සුබ උපන්දිනක් වේවා......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්....

      Delete
  7. Happy belated Birthday, daughter.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....