Monday 20 May 2019

සරල තුමා



සරල ලේසිද...?

රේඛාවක් දෙපැත්තකට විහිදුනොත් අනන්තය දක්වා දිවෙනව වගේම එක තැනකින් පටන් අරන් එක පැත්තකට විතරක් විහිදුනොත් ඒකට රේඛාව කියන නමත් අහිමි වෙලා කිරණයක් වෙනව.

එතකොට සරල රේඛාවක් වෙන්නෙ ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට වෙන්න ඕනි. නිකන්ම නිකන් රේඛාවකට ඔහොම නං අපි සරල කියල හිතන් ඉන්න මේ හරිම සිම්පල් කියන අර්ථය හරිද අප්පා?

දෙයක් හරි සිම්පල් කියන එකයි කෙනෙක් හරි සරල විදියට ජීවත් වෙනව කියන එකයි සරලද..?
එයා හරි සිම්පල් විදියට අඳින්නේ කියල මාර්ක් සකර්බර්ග්ට අපි කියනව නේද..ඒත් පොර සිම්පල්ද නෑ මයෙහිතේ..මහ කොම්ප්ලෙක්ස් කේස් එකක් මෑන්ස්...!

මම වැඩිය හදාරල නැති ගෘහනිර්මාණ ශිල්පයේ සරල ඩිසයින් තමා කප් ගහන්නේ(ලු). ඒ උනාට සරල ඩිසයින් සරල විදියට කරන්න බෑ(ලු).. නිකන් උදාහරනෙකට අපි අපේ නිදහස් චතුරශ්‍රය ගන්නකෝ..ඒක හරි සිම්පල් බිල්ඩිමක් නේ..ඒ උනාට ඒක මහ කම්ප්ලෙක්ස් ඩිසයින් එකක් නේද..එහෙම කිව්වෙ ඒකෙන් අපේ රටේ ජාතීන්ගේ උරුමයන් වගේම සංස්කෘතික දායාදයන් අරව මේව වැගිරෙන්න ඩිසයින් කරන්නෙපැයි...අනික අර සිංහ මූණූ ලෝකල් සිංහද සියමෙ සිංහද චීනේ සිංහද අරව මේව කේස් එන්නැති නේද ඕක කරපු අයට...ඉතින් සිම්පල් නෑ...ඒක..!

හිතන්න, තාත්ත කෙනෙකුට සරල වෙන්න පුලුවන්ද..? ඒ කිව්වෙ මේ සරලව හිතන එක, අඳින එක, වැඩ කරන එක වගේ දේවලුයි ළමයි බමයි හදාගෙන උන්ව ලොකු මහත් කරල, රටට මොන හෙනේ ගහල තිබුනත් වෙලාවට කසාද බන්දල මගුල් තුලා හරි අගේට කරල ඉන්න කියන්න පුලුවන්ද සරලව හිටං...? එව්වා හරි කම්ප්ලෙක්ස් දේවල් නේ..ඒත් සරල තාත්තාල ඉන්නව කියල තමා දූල කියවනකොට ලියන්නේ...!

හරි..මේක තේරුම් ගන්න අපි ගමු හාමුදුරු කෙනෙක් උදාහරණෙට. උන්නාසේලා හෙන සිම්පල් විදියටනේ ඉන්නෝනයි කියල අපි හිතා ඉන්නේ...නිකන් හිතන්න කෑම ගැන...සිම්පල් මනුස්සයෙකුට කරන්නැහැකි දෙයක්ද උදේ 7.30ට විතර ඉස්තරම්ම ආකාරයේ බ්‍රෙක්ෆස්ට් එකක් අරන් ආයෙත් දවල් එකොලහමාර හතලිස්පහ විතර වෙනකොට පත ලන්ච් එකක් බස්සන්න..බෑනේ...කියන්නෙපා රෑට කන්නේනෑය කියලා...රෑට නොකෑවත් එක ලඟ අරම කන්න බෑ..ඉතින් කොහොමෙයි උන්නාසේලා සිම්පල් වෙන්නේ..බලන්නකෝ අර සිවුරෙම කොටු කොටු මැහුම් කීයක් තියෙනෝද කියල..ඒ සිවුරු පවා හෙන කම්ප්ලෙක්ස් මීනින්ග්ස් තියෙන දේවල්...ඉතින් සරල වෙන්නේ කොහොමද..?

සරල කියල දෙයක් නෑ..තිබුනත් දැන් ඒක රේප් කරලා කරලා නැති බංගස්තාන කරල තියෙන්නේ.. !

මෙහෙම හිතමු...ජනාධිපති කෙනෙකුට සරල වෙන්න පුලුවන්ද...ඒ කියන්නේ රටක් ජාතියක් සරල විදියට පාලනය කරන්න පුලුවන්ද ..මෙච්චර අලකලංචි වෙච්ච රටක්, පොඩි දූපතක් උනත් හෙන කම්ප්ලෙක්ස් ඉශූස් තිබ්බ තියෙන රටක්, ඒ මදිවට ස්ට්‍රැර්ටිජිකලි ලොකේට් වෙච්ච රටක්, පුලුවනිද සරලව පාලනය කරන්න..හරි රට පැත්තකින් තියමුකෝ..රටක් හැදෙන්නේ ගොඩාරියක් ග්‍රාමසේවක වසම් වල එකතුවකින්නේ, ඒ කියන්නේ පාලනය වෙන්න පුලුවන් යාන්ත්‍රනයක් එහෙම තියෙනවනේ..ඒත් ඔය ග්‍රාමසේවකට එන ඉශූස් පවා කම්ප්ලෙක්ස් මිසක් සිම්පල් ඒ කිව්වේ සරල නැහැ නේද...හරි අපි හිතමු ග්‍රාමසේවක තීන්දු තීරණ ගන්නව කියල හංදියේ කඩේදි මෙහෙම ඇහුනය, සුගුනා නාන තොටේදී අරහෙම කිව්වය, දෙවටේ ගහලා තිබ්බ කැලෑ පත්තරයක මෙහෙම තිබුනය කියල හිටං...සරලද ඒ ග්‍රාමසේවක නැහ්නං අඤ්ඤකොරොස්ද...?
අනේ මන්දා අඳබාල කමට සරල කියල හිතාගෙනද දන්නෙත් නෑ ඒ ග්‍රාමසේවක...නැද්ද....?

ජනාධිපති කෙනෙකුට සරල නොවී චාම් වෙන්න පුලුවන්...තමන්ගේ පදවියට සරිලන අයුරින් මොලෙන් තීරණ අරගෙන පොඩිකාලේ වෙලේ කුඹුරේ එහෙමනන් හැදුනේ වැඩුනේ හිටං, චාමෙට ජීවත්වෙන්න ඇහැකි ජනාධිපති කෙනෙකුට....එහෙමයි.....!


39 comments:

  1. අම්මෙක් වැදුවනං සරළ වෙන්ඩ බැරි උනාට පොලොවෙන් මතු උනා කියල හිතන කෙනෙකුට සරළ වෙන්ඩ පුලුවං. බලන්ඩ මෙරු.ආවෝ ගියෝ.

    ReplyDelete
    Replies
    1. අඳබාල කම ලොකු මල්ලි..සරළ නෙවී...අඳබාලකම.....!!
      මෙරුන්ට නිගරු කරන්නෙපා....🤣

      Delete
  2. ඔයි තමුන් සරළයි කියා කෑගහන මිනිස්සු තමුන්ට නොතේරන ඔනිම දේකට පරල වෙනවා.

    ReplyDelete
  3. Yes, Simple idiot and wal-booru nidahasa (by the way, this is what we ask for in 2015)
    Someone said next President is a 'Sarama andina man kenek) people must be exited. Sarama andeema is a big qualification, that is enough to be our next President. That is why this man has no name yet. (ha ha ha, we live in banana republic)

    ReplyDelete
    Replies
    1. No more Sarong guys..had enough..how about a man in uniform...?
      What we need is a benign dictator ...!

      Delete
  4. එයාගේ ඔය උත්කර්ෂණයට නන්වපු බොරු සරළකම තමයි අපිට දරා ගන්න අමාරුම...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නෙයි ලොකු පුතා..අපි හයියෙන් හෝන් එක ගගහා ඉමු ඊයේ වගේ...🤣

      Delete
    2. හෝං ගහන විරෝධතාවයක් සංවිධානය කරලා තිබුනද ඊයේ .......... යකෝ දන්නෙත් නැ ... දන්නවනං එනවා ....... මට පත්තරේ බලන්ඩ බැරි උනා ...... ඒකෙන් දැක්කේ නෑ ......... තාම vpn එන්නේ ..... කොයි වෙලේද දන්නේ නැනේ .... ඒක හින්දා ගලවන්නේ නැ ....... ඒකෙන්ම එනවා ....... වෙනදට නොපෙනෙන තැන් ...ඒක නිසා පේනවා ........

      Delete
  5. Man in uniform un-elected is dangerous, that will be an open invitation for US/West to meddle with us and lot of other negative implications. We should not brake the democracy, will be hard to get it back.

    Whether we like it or not, Gota is the only hope we have. Good thing is everyone is scared of Gota, (including MR, politicos, reporters etc) Lot of spin doctors going to lose their job, no more wal-booru nidahasa.

    But people who want wal-booru freedom will vote for Sarong guy from current lot (Premadasa?)

    ReplyDelete
    Replies
    1. If he get elected, I hope a hybrid democracy will be established....!

      Delete
  6. //අනික අර සිංහ මූණූ ලෝකල් සිංහද සියමෙ සිංහද චීනේ සිංහද අරව මේව කේස් එන්නැති නේද ඕක කරපු අයට//

    ‍යාපහුවෙ චීන වුනාට කමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. යාපහුවේ සිංහ මූණ තමයි ජස්ටිෆිකේශන් එකට ගන්නේ නිදහස් චතුරශ්‍රයේ සිංහ මූණ ගැන ප්‍රශ්න කොරාම..ඒක ඇත්තටම උනා ඔය මෝරුන්ට ආසා කෙනාගේ ඔෆීසියේ ලොබියේ තියෙන අර ගෝල්ඩ් පාට සිංහයා අඹන්න ගිය වෙලාවේ...තා නූලෙන් වැඩේ සිංහ සීවලී වෙනව..කට නිසා බේරුනාලු...!

      Delete
    2. ආයිත් ඇහුවොත් මේකත් කියන්න . චීන වගේ පේන stylized සිංහ රූප අනුරාධපුරෙත් තියනව

      https://www.researchgate.net/figure/The-lion-in-Sri-Lankan-art-Stylized-lions-such-as-this-one-at-Anuradhapura-6th-century_fig2_237009731

      Delete
    3. මිහින්තලේ සිංහ පොකුණෙ දැන් සිංහ මූණ නෑනෙ. ඒත් 1860 විතර තිබිල තියෙනව. ඒකෙ පොටෝ එකක් තිබුණා www.imagesofceylon.com එකේ. ඒකත් ඔය වගේ ගෙඩි ගෙඩි දත් තියෙන, රවුං රවුං කේසර තියෙන ලොකු බෝල ඇස් තියෙන මූණක් තිබුණෙ...

      Delete
  7. රට බේරගන්න පොළොවෙන් මතුවුණු ජනාධිපති කෙනෙකුට( පණුවෙක් නෙවෙයි ඈ) ඔහොම දොස් කියන්න එපා අප්පා.

    ReplyDelete
    Replies
    1. අඩුගානේ පනුවෙක්වත් උනානං අපිට ඇමට ගන්න තිබුන..බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිලල වගේ ඇවිදිනකොට දිව විකාගෙන මැරෙන්න හිතෙනව බං මල විලිලැජ්ජාවේ...කරගත්ත වැඩක් අපිත්...දුම්මල ගහල එලවන්න තිබ්බ යකෙක් බූතයෙක් කුම්බාන්ඩයෙක්වත් උනානං..මේකා නං හනුමා වගේ බං...!

      Delete
    2. හැන්ගර් මෑන්

      Delete
  8. මේ පෝස්ට් එක සරලයි කියල පෙනුනට එහෙම නෑනෙ. හෙන කොම්ප්ලිකේටඩ් ඉෂු එකක් නේද?

    ReplyDelete
    Replies
    1. අන්නේකයි.....🤣🤣🤣🤣

      Delete
  9. තාත්තට කියන්නං

    - චතුරිකා

    ReplyDelete
    Replies
    1. එපා දෙයියෝ...මගේ ඔලුව පලාවි...!!

      Delete
  10. අපිටනම් මෙව්වා ගැන තේරුමක් නෑ හිටං...

    ReplyDelete
  11. මෙහෙම බරසාරව නැතිව සරලව කියනවද මොකාටද අඳින්න හදන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ලේස්තිවෙනව මිසක් වෙන මොනවද මෙයා...කාලේ හරි නොව....!!!

      ට්‍රයි එකක් දීලා බලන්නය කියල හිතුවෙ හිටං...!!!

      Delete
  12. එක කාලයක් අපේ අර ප්‍රසිඩන්ට් කෙලින්ම නම කියල කතා කළා කියපු (https://drackey.blogspot.com/2017/08/blog-post.html) තීෆ් එකවුන්ටන්ට් කියන්න පුරුදු වෙලා හිටියා වගේ,

    "ඔය යකා පිස්සෙක්...!"

    ඒ නිසා වැඩිය වචන නාස්ති කරන්න එපා

    ReplyDelete
    Replies
    1. කෝ ඩ්‍රැකී ඒ පෝස්ට් එක ..නෑ නොව...! 🤣
      මෙහෙමයි...පටන් ගැනීම හෝන් එකකින් වගේ සරල වෙන්නෙපැයි...බලමු අපි...!

      Delete
    2. https://drackey.blogspot.com/2017/08/blog-post.html

      Delete
  13. ඇත්තටම සරලයි කිව්වාට complicated නේන්නං

    ReplyDelete
  14. සරළ නෙවෙයි කිරළ. මැද්දේ පණුවෝ.
    බෝල්පොයින්ට් පෑනෙං අස්සං කොරන කොටම හිතුනේ නැද්ද සෑර් මේකා ගල් පලං මද කාපු (ලුණුත් නැතුවම) එකෙක් කියල.
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඒ උනාට 2015 කන්ටෙක්ස්ට් එකේ ඉඳන් හිතනකොට මේකා අඤ්ඤකොරොස් කොඩිවිනයක් කියල හිතෙන්නේ නෑ නේද හැට්ටර් මල්ලි....?
      කෝකටත් හොඳට හිතල බලල තීරණ ගනීවි මේ අවුරුද්දේ අග අපේ මිනිස්සු...ඇතිවෙලානෙව ඉන්නේ...!

      Delete
  15. තමන්ගේ ගුණ වයා ගන්න එවුන්ගේ මොනවා හරි අඩුවක් කොහොමත් තියෙනවා. සරළ කිවුවොත් සංකීර්ණයි.

    ReplyDelete
    Replies
    1. තම තමන්ගේ ගුන වැයීම ඉතින් කොමන් දෙයක් අපි හැමෝම කරන කෙරෙන.......ඒත් ඕනවට වඩා මොන දේ උනත් කොලාම අනිසි විපාක ලැබෙනව නොව සුදීක....!

      Delete
  16. මේ කෙමෙන්ට් එක සරලයි වගේ පෙනුනට හෙන කෙම්පිකෙටෙඩ්
    එල ද බ්‍රා

    ReplyDelete
  17. අතුල, Blog එකට අවා. විවේකීව බ්ලොග් එකේ ඇවිදලා බලලා කියන්නම්.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....