Wednesday 5 October 2016

IDIOT






දිගු කල මා දෑත
නැවතත් අත් හරිනුයේ ඇයි......

මේ නරුමයා තරම් ඔබ හා බැඳි
වෙනත් ආත්මයන් නොමැති බැව්
කවදා හෝ වෙවුලන ඔබ දෑතින් ලියවේවිද....


ජීවිතයේ තනිමංසල අතරමංවෙලා.....
ඒ අමරදේව.....

සෙනේහයේ සත් පියුමන් නැවත පිපේවා...
ඒත් අමරදේව....


පොඩ්ඩක් ඉන්න..කෝ ඔයා කිව්ව තණකොල පිරිච්ච, අර ඔයා බිම පෙරලි පෙරලි මනෝ ගහනව කිව්ව තණබිස්ස නෑනේ ඔයාගෙ මිදුලේ...මහා අපිළිවෙලට එහාට මෙහාට වෙච්ච කුරුබිලියක් වගේ ගාඩ්න් පොඩිත්තක්නේ මම දැක්කේ එදා.....කිව්ව තරම් මල් ගස් වත්, ඔයා කතාකර කර පෝර දානවා කිව්ව ගස්වත් නෑනේ තිබුනේ ඔයාගෙ ගාඩ්න් එකේ..මාව වෙන තැනකටද එක්කන් ගියේ, නැත්තං ඔයාගේ මනෝ විකාරද හැබෑට..

පොඩ්ඩක් ඉන්න......හරි හරි........ අමානුෂික විදියට මම අවලාද කීවයි කියලා, ඔයා ඔෆිස් එක ඇතුලේ සිහිනැති උනා කියන එකයි, ඊට පස්සේ මයිනර් ස්ට්‍රෝක් එකක් හැදුනායි කියන එකයි කොහෙන්ද හොයාගත්තේ..එහෙම අහන්නේ මම නරුමයෙක් නිසාද..?

පොඩ්ඩක් ඉන්න..නරුමයෙක් කියන්නේ මොනවගේ කෙනෙකුටද හැබෑටම....?

මම ඇඹරල්ලා කන්න එච්චර ආසා නැති උනාට ඔයා ආසා නිසා ගෙනල්ලා දුන්න අඹරැල්ලා අච්චාරු ඔක්කොම තනියම කැව නිසාද නරුමයෙක් වෙන්නේ හැබෑට....?

When we're hungry...love will keep us alive
ඒ Don Henley...ඊගල්ස් ලගේ ඩ්‍රමර් අනේ...


I was standing
All alone against the world outside
You were searching for a place to hide
Lost and lonely
ඒත් Don Henley....ඔව් ඔව් ඊගල්ස් ලගේ ඩ්‍රමර් තමයි....

පොඩ්ඩක් ඉන්න....ඔයා තමයි මට කියල තේරුම් කරල දුන්නේ මතුපිටින් පෙනෙන රූපෙට වඩා ඇතුලාන්තයට ආදරේ කරන්නය කියන දේ..ඉතින් එහෙමනේ මම ආදරේ කරන්නේ...ඒත්...ඇයි මේ නාඩගං හැබෑට....

අනික..ඇයි හිතන්නේ the world rotate around you කියලා...අනිත් අයටත් ජීවිතයක් තියෙනව නේද කියල හිතන්න බැරි ඇයි ඔය තරමට.....

ඔයා one way street එකක් කියලා කී පාරක් නං කියල ඇත්ද....?


දිගුකල මා දෑත
නැවතත් අත් හරිනුයේ ඇයි.....?


12 comments:

  1. සේරෝම වැඩ නවතාල මේක කියෙව්වා...හරිම ඉන්ටෙරෙස්ටින්...

    "ඔයා one way street එකක් කියලා කී පාරක් නං කියල ඇත්ද....?"

    මේක තමයි රහම කතාව...ඇත්තටම ඉතින් වන් වේ ස්ට්‍රීට් එකක් වගේ තියන හිතක් ඇතුලට රිංගුවම ආපහු හැරෙන්න බැහැනේ...

    ReplyDelete
    Replies
    1. වැඩවලට ඩිස්ටර්බ් කලාට සොරි හොඳේ...!
      රිංගල බලන්නකෝ වන්වේ ස්ට්‍රීට් එකක් වගේ හිතකට...හයිවේ හෝ ෆ්‍රීවේ හෝ නෙවෙයි..නිකං සර්විස් රෝඩ් එක්කක් වගේ හිතකට මම කිව්වේ...:)

      Delete
  2. ගොඩක් පාරවල් One Way වෙන්න ඉස්සෙල්ල Two Way පාරවල්. නගරෙක තියෙන Two Way පාරවල් ගොඩක් දැන් තිබුණට අනාගතයේදී One Way වෙනවා. හරියට බඳින ගෑණු පිරිමි වගේ. බඳින්න ඉස්සෙල්ලා Two Way ඊට පස්සේ One Way.

    බඳින්න ඉස්සෙල්ලා තමන් කැමතිම කෑමක් වුණත් තමන් නොකා අනික් කෙනාට කවනවා. බැඳල ටික කාලයක් ගියාම අනික් කෙනා කැමති තමන් නොකැමති කෑමක් වුණත් තම් ඉස්සෙල්ලම කාල අනික් කෙනාට ඕනනම් කන්නෙ නැතැයි කියලා හිතනවා. අඹරැල්ල වුණත් එහෙමයි. චෙෆාකි වුණත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හුටා...ඉයන් කියන්නේ එතකොට මාව ආයෙමත් කන්නේ නෑ කියලද..?
      පව් නැද්ද මං හැබෑට....?

      Delete
  3. මොන මයිනර්ද මේජර් ස්ට්‍රෝක් එකක් හැදෙනව මේව කියෙව්වාම

    ReplyDelete
    Replies
    1. මොරිස් මයිනර් නීතීඥ තුමා මොරිස් මයිනර් ස්ට්‍රෝක් එකක්...ෆෝ ස්ට්‍රෝක්වගේ සද්දේ හැබැයි....:)

      Delete
    2. Ah, different strokes !
      Got it, at last.

      Delete
  4. :D ද කියලත් අහනවා....!

    ReplyDelete
  5. ඔය ඒං ,මේං පාරවල් වලට වඩා අපිට හුරු දෙවට පාර හොදා ..

    ReplyDelete
    Replies
    1. දෙවට නරක නෑ ඒ දඬු නැත්තං...හැරෙන්න බෑ ඒදඬු උඩදි...!

      Delete
  6. පුල් ඕරගනික් එකක් ගහල එන්න ඕන...

    ReplyDelete
    Replies
    1. එච්චරම කචල්ය මේක....අඳෝමැයි...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....