Saturday 24 September 2016

අභිමන්.....!

අඳුරු රාත්‍රියක ඈතින් එන ආලෝකයෙන් පනගැන්වුන, දුම්බොන්නෙක් ගේ ඡායාවක්
ඉඟ දා
දඟර දා
සිත මා පෙලා
දුවනා....

රෑ බදුල්ලා

ඔබමය....

32 comments:

  1. රැයේ දිළෙන
    තනිව දිළෙන
    දිළි දැවෙන
    දැවී තැවෙන
    අභිමන්.....

    ලස්සන නිර්මාණයක් Chef-Archtect

    ReplyDelete
    Replies
    1. හයියූ..ඉස්පෙලින් මිස්ටේක් ගොඩායි...!!!

      Delete
  2. පලාගියත්
    කාසි ගෙනත්
    පහස ලබත්
    නුඹ තාමත්.......

    හා හා පුරා කියළා ඔන්න මමත් මේ පැත්තට ආවා.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වැල්කම් වැල්කම්...තැන්කූ වේවා..!!

      Delete
  3. පිංතූරෙ ඉන්නෙ ඌ වෙන්න ඇති.

    ReplyDelete
  4. බදුල්ලේත් ඉන්නවා අභිමන් කෙනෙක් .. :)

    මේ අභිමන් නම් ca junior වගේ..

    ReplyDelete
    Replies
    1. බදුල්ලේ අභිමන් චෝයි...!

      මේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේ කේස් එක...ඌ හරිම අභිමන්..!!

      Delete
  5. හෙහ්, මම දැක්කේ අභිමාන් වගේ.

    ඒක නෙවෙයි, රෑ බදුල්ලාගේ සැමියා කලාමැදිරියා නේද?

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ චිත්තරපටි නේද විචා.."

      කලාමැදිරියාගෙන්ම අහන්න වෙනවා කව්ද සැමියා කියලා...අපි කොහොමෙයි ඕවා දන්නේ...!

      Delete
  6. පොටෝ එකනං තේරුණා ...
    රෑ බදුල්ල කිව්වෙ සිගරැට් එකටද ..??

    ReplyDelete
  7. කවුද බොල මේ අභිමානවත් රෑ බදුල්ල.

    ReplyDelete
    Replies
    1. රෑ බදුල්ලෙක්..කළාමැදිරියාගේ හස්බන්ඩ්ලු....බලන්නකෝ ඒකෙත් වැඩේ...!

      Delete
  8. අනේ මට ඔය කවි තේරෙන්නේ නැහැ බං

    ReplyDelete
    Replies
    1. කලකට පෙර අපි ඒ බැව් දැනගත්තෙමු......!

      Delete
  9. වෙළෙමි
    නැළවෙමි
    එතෙමි
    යළි යළි
    විඳිමි
    නොයන්..
    මාද ඔබම වු
    ඔබද මාම වු
    මේ රැයේ
    දැල්වී හිඳින් ලඟින්...

    ReplyDelete
    Replies
    1. කලමැදිරි එලියෙන් බැට කෑ උවත්..
      නොයන්න....
      මාද ඔබම වූ
      ඔබද මා වූ
      මේ සීත රැයේ
      දැල්වී හිඳින්න
      සඳකැන් සේ මා තුරුලේ....!

      Delete
    2. සඳේ කැන්
      සේ සිසිල දේ නම්
      රැඳි ඉන්නම්
      සදා තුරුලේ....

      Delete
    3. චතූ ගේ ඉහත දෙවෙනි කවිය දැක කලන්තෙ දැමූ චෙෆාකි ට දැන් සුව වී ඇති බව ආරංචි වුණා.

      Delete
    4. ඉයන් මල්ලියාට ආරංචි දැන් හම්බෙන්නේ සෑහෙන්න ලේට් වෙලා..මොකෝ නෙට්වර්ක් කේස්ද?
      වැටෙනකන් නේ බලාන ඉන්නේ....ලඟදිම වැටෙයි මල්ලියා..හැක්...!

      Delete
    5. ඉයන් කොහෙන්ද මේ කඩාපාත් උනේ.. හිටිගමන් එනවා , ආයේ පෙන්න නැ :)

      Delete
    6. ඉයන් මගේ බේබිසිටර්නේ...ඉතින් මාව හොඳට බලාගන්නවා...අනේ මං දන්නේ නෑ නිම්නී, මේ මනුස්සයාගෙන් හරිම වදේ..:)

      Delete
  10. මං මේ දවස් වල තණමල්විල ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිලත් ඒ කිට්ටුව....සුවඳ දැනී දැනී දැනෙනවා....!

      Delete
  11. එන්න රෑ බදුල්ලෝ සමඟින්
    අහසේ තරු ගනින්න එන්න
    හදට ගිහින් පස් අරන් එන්න එන්න
    රෑ බදුල්ලාගේ සුවඳ විඳිමින් එන්න :P

    ReplyDelete
    Replies
    1. කොට්ටම්බා ගහ යට
      පාලු බංකුවේ
      ඔහු හා විඳිමි
      රෑ බදුල්ලාගේ සුවඳ...

      Delete
  12. සමනල්ලු දැන් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොණරු උන්ව විනාස කරලා නොව...!

      Delete
    2. විවෘත ආර්තිකයේ ප්‍රතිපලයක්ද?

      ඔබතුමා එන්න එන්නම ගැඹුරු මල්ටි ෆැසටඩ් කලාකාරයෙක් වෙනවා නේ?

      Delete
  13. රෑ බදුල්ලෙක් වෙනුවෙන් ලියපු ප්‍රථම කවිය වත්ද?

    ReplyDelete
  14. දුම් බොන්නෙක් කිව්වට කුරුල්ලෙක්ව බැලුවෙ.. මේ අර අරයා වගේ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....