Sunday 18 September 2016

රතු දෙතොලින්

"LIPS" by cynthia
දෙතොලින් රතු
දැනුනෙද චුම්බනයේ මහඟු
රසෝගය
සොඳුරියේ...

දුර කතර ගෙවා
ආ මග හමු නොවුනෙම්ද
ඔබ මා දුරස් කෙරුමට
දහසක් නිමිති...

එනමුදු මා අතැර
නොදුව හෙටත්....

ඔබ තුරුලේ
ඔබ සිහිලැල් තුරුලේ
වෙලී ගැලී අතරමංව
අනන්තයට දුවයෑමට
රත් දොකොපුල් සිප සැනසෙන්නට
ඉඩ හරින බැව් පවසා
ඉගිලී යන්න හිස් අහසේ
මා වැහි ලිහිණි...








47 comments:

  1. රතු පාට දැක්කද?? අවුලක් නැද්ද?? හැක්..
    අන්න මං ටැග් කරා එකකට මුණුපොතේ

    ReplyDelete
    Replies
    1. රතු නොපෙනේ...අවුල් නහී හේ...
      ඒ කන්නාඩි දැම්මට මට වැඩක් වෙන එකක් නෑ...!

      Delete
  2. ම්ම්ම් අපූරුයි, පොඩි නොස්ටැල්ජියාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....ඒ වගේ එකක්..මේ දවස්වල කැලේ තපස් රකිනවා....!

      Delete
  3. //ඉගිලී යන්න හිස් අහසේ
    මා වැහි ලිහිණි...//

    අගෙයි...

    ReplyDelete
  4. රතු රතු ලෙසම දකිනවාද නැත්නම් රතු සහ දුඹුරු දෙකම එකම පැහැයේ සන්කලන ලෙස දකිනවාද රතු අලි පැටියෝ?

    ReplyDelete
    Replies
    1. ඒක මූඩ් එකේ හැටියට තමයි ඉතින්.....!

      Delete
  5. පෙරහැරක දර්ශනයක් වගේ මට මේ චිත්‍රෙ පේන්නෙ. චිත්‍රෙ නම් ලස්සනයි. ඔහේගෙ කයි මට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පෙරහැරක දර්ශනයක් වගේ මට මේ චිත්‍රෙ පේන්නෙ. චිත්‍රෙ නම් ලස්සනයි. ඔහේගෙ කයි මට තේරෙන්නෙ නෑ x 2

      Delete
    2. හෑ උඹට මේකෙ පෙරහැරක් පේනවද ..??
      මට කවිය තේරුනේ නිකං රතු පාට දන්නෙ නැති බුවෙක්ගෙ වැලපීමක් වගේ ...

      Delete
    3. දැං කම්මලගෙ දෙක දාන්න වෙන කට්ටියත් සපෝට් එක දෙනවද

      Delete
    4. දැං කම්මලගෙ දෙක දාන්න වෙන කට්ටියත් සපෝට් එක දෙනවද....?

      Delete
  6. දෙතොලින් රතු
    දැනුනෙද චුම්බනයේ මහඟු
    රසෝගය
    සොඳුරියේ...

    ළමයි හම්බුවුණේ මෙහෙම කරලද? හැක්

    ReplyDelete
    Replies
    1. හරියට දන්නේ නෑ වගේ අහන හැටි....නෝටියා...!!!

      Delete
  7. මටනං මේ චිත්තරේ පේන්නෙ අවුල් ජාලාවක් වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම්මමයි මලේ...."

      Delete
  8. once again...
    with proper lighting, this painting would take you to a different dimension...

    ReplyDelete
    Replies
    1. Next time you can see her collection at waters edge...hehehe...

      Delete
    2. I thought Sarasa IS from a different dimension already.

      Delete
  9. මඳ සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ

    ReplyDelete
    Replies
    1. හෝ ගාලා මිස්වෙනෝ නේ...???

      Delete
  10. මඳ සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම පේන්නෙ නෑ කියන්නෙ වැඩේ හොඳටම අසාද්‍යයි ගොයියො.

      Delete
  11. ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
    හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ....ප්‍රේමකීර්තිට පිංසිද්ධවෙන්න....!!!

      Delete
  12. ඔහෙලා ඔක්කොම සිරා ටෝක් දුන්නා පින්තූරෙ ගැන.. ඒත් ඒක එල්ලලා තියෙන්නේ upside down නේද හිටන්??? හයියූ...

    ReplyDelete
    Replies
    1. නෑනේ..ඔය පොටෝ කෑල්ල ගත්තේ අඳින අතර තුරේ නේ...සමහරවිට උඩ පල්ලෙහාටද දන්නේ නෑ අඳින්නේ...හයියූ..."

      Delete
    2. උඩ සිට පල්ලේහාට අඳිනවානම් බ්ලවුස් එකක්...

      පල්ලේහා සිට උඩට අඳිනවානම් ජීන්ස් එකක් නේ හිටන්!

      Delete
    3. දෙජාතියෙන්ම දෙජාතියෙන්ම .....!

      Delete
  13. වහාම කියනවා කාගෙද ඔය රතු දෙතොල් ?...වෙන කාගෙද ඩාලිං...ඔයාගෙ තමයි...බොරු කියන්න එපා තමුසේ...මං දන්නව...@!$%#@&&##...

    ReplyDelete
    Replies
    1. ලිංගික කුහක කමනේ....!!

      Delete
  14. නොයදිමි මා නැවතීමක්
    නොපතමි මා පැවතීමක්
    රිසි සේ නුඹට මා විඳිමක්
    මේ අසාර දිවියේ ලද දිනක්
    මිස නැ මා ලබන්නේ පලක්....

    ReplyDelete
    Replies
    1. නැවතීමට නොමැත ඉඩක්
      ඉඩදෙමි පැතුමට පැවතීමක්
      විඳින්නෙමු අප දිවි ඇති තුරා
      නෙලා ගනුමැන සෙනෙහසේ අතුරු පල..

      Delete
    2. නෙලූ දා පරවෙන
      අරුමයකි සෙනෙහස
      පුදසුනක පිදු පියුම් මැද
      තබා එන්නම් රැගෙන
      අතුරු පල...

      මේ කිව්වේ ඔබ හිතන අතුරු පල ගැන හෙම නෙමේ හොඳේ.. පුජා වට්ටියේ තිබ්බ පලතුරු..:)

      Delete
    3. .......නෙලූදා පරවෙන
      අරුමයකි සෙනෙහස...

      සහතික ඇත්ත....!!!

      පූජා වට්ටියෙ තියෙන පල පූජාවෙන් පස්සෙ කන්න ඕනි..:)

      Delete
    4. :) මම කරන්නේ චෙෆ් කන්න නැති කෙනෙක් හොයලා දෙනවා , මම ආසම කරන පලතුරක් තිබ්බොත් මට ඇති කියලා හිතෙන ප්‍රමාණය කනවා..

      Delete
    5. වැඩේ තියෙන්නේ ඔය පූජා වට්ටි තියන තැන්වල කන්න නැති කෙනෙක් හොයන්න බැරි කම....
      හැමදේම ප්‍රමාණයකට කිරීම හොඳ ගතියක්......හීන දකින එකත් ඒ සංයමයෙන්ම නේ කරන්නේ...?
      මේ ආවමයි නේද මේ පැත්තේ..?
      තැන්කූ වේවා...!!

      Delete
    6. ඒ කතාව නම් හරියටම හරි චෙෆ්,, ආදරේ වැහි වැහලා තියන තැන් වලට අයට ඒක වටින්නේ නැ පොඩ්ඩක්වත්.. ඔව් චෙෆ් හීන අසීමිතව දකින්න ගියොත් මගේ පොඩි එකා බඩගින්නේ..කමෙන්ට් නොකලට මම මේ පැත්තේ එනවා සහ ඔබව වෙනත් තැන් වල දැකලා තියනවා..:)

      Delete
  15. මේව ගැන මක්ක හරි කියන්න තව මෝරන්න වෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෑ...ඒකත් එහෙමද..සක්..!!!

      Delete
  16. සිංදුවකුත් මතක් වුණා මොන හේතුවකටද මන්ද. අනර්ඝයි.
    -------
    රෑ පාළු සීතේ ළා මිදුමේ
    තනිවී ගෙවා ආ ඒ චාරිකාවේ
    නොසිතූ ලෙසේ ඈ මා හමු වුනේ

    ReplyDelete
    Replies
    1. පේන්ටින්ග් එකේ ගැඹුර නිසානේ ඔහොම හිතෙන්නේ..!
      ඇය ඇත්තටම දැක්ෂයි....!

      Delete
  17. Chef-Architect ඇත්තටම මං හැමදාම ලියනවා වගේ නිර්මානයක අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද සමව හිමිවිය යුතුයි..... මෙතනත් වෙලා තියෙන්නේ ඒ කාරනාවම තහවුරු වීමක්, දක්ෂ චිත්‍රශිල්පිණියකගේ සිතුවිළි නිරූපණය ඔබ ඔබේ කිවීත්වයෙන් ප්‍රකාශ කරලා. ඇත්තටම නිර්මාණයක වටිනාකම රැදෙන්නේ එතන. මට මේ නිර්මාණ දෙකම වටින්නේ දෙදෙනෙකුගේ සිතුවිළි ප්‍රකාශනයේ එකින් එකට වන ගැලපීම නිසා. හරිම ලස්සනයි , වගේම මේ සංකලනය හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. හා මචං....අපි නොදන්න සංකලන..දුප් කිව්වෙ..."

      Delete
    2. මං මේ comment එක ලියා ගත්තෙම හරිම අමාරුවෙන් :) :)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....