Tuesday 2 August 2016

යාද පාත්‍රා









යාද පාත්‍රා
පාද යාත්‍රා
උගුල්ලමු දත්
හක්කේ දත්
සංජේ දත්

ආකේඩ් නිදහසේ
මන්දිරේ ප්‍රැන්ගිපානි
අහස උසට ප්‍රයිස්ඩ්
ජැකලීන්ගේ
ජැකාගේ
කෑමසූත්‍රයෙන් නිමවූ
කාපු බීපූ ආප්පයක් හෝ දෙකක්
කෙලෙව්වා නේද රටකට

 නෑනේ...පහයාලනේ
බළල්ලුන්ගේ බෑවූ...

කෑව නේද ඒ කොස් ඇට
ඇටනැති වලුනැති
දරුපැටැව් නැති...

ලියාපං ඒලෙවල්
යමුද අපි ගෙවා ගන්න ඩිගිරිය
ලන්ඩොන් නෙවෙයි එඩෙක්සෙල් නෙවෙයි
අමුම අමු අපේම ඒලෙවල්...

ඒ පිහිටෙන් ගෙන්නාගත්තු
බදුරහිත මොන්ටෙරෝ ස්පෝර්ට්ස්
ෆෝර් ස්ටාර් ඩීසල් පුරෝගෙන
ඩිෆෙන්ඩර් ඉස්සරහාට නැතත්
කොන්දනමාගෙන
හැරමිටි ගහගෙන
දූපත් මානසිකත්වය පුරෝගත්
සේෆ්ටි බෙල්ට් දාගෙන
දූෂිත හයිවේ එකේ
කිරිහට්ටි පොල්පැණි
බලමාලු තියලා ඇඹුල්
රතුබත් එක්ක ගිලින්නට

යාද පාත්‍රා
පාද යාත්‍රා
රතු එලි
කොල එලි
ගව්ගානක් දුර
මහ චන්දේ පතාගෙන....!

එච්චරයි ඉතින්....නැද්ද හා...!

31 comments:

  1. ඩෝප් සීන් එකක්

    ReplyDelete
    Replies
    1. සීරියල් විෂන් එකක්...!

      Delete
  2. පාට පාට සිහින
    දේදුනු රොක් සංගීත
    කණ් බීරි කරවන
    කොකා එපාමයි..
    කවි
    පදම ඇති.

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හීනෙන් ඇවිදීම....පාද යාත්‍රා...;)

      Delete
  3. උන් සැප වාහන වල එල්ලී යන මිනිස්සු පයින් යන පාද යත්‍රා.

    ReplyDelete
    Replies
    1. එදත් අදත් එහේමමයි...

      Delete
  4. මල් මල් මල්.. මල් මල් මල්.. මල් මල් හසරැලි පාලා... නිල් නිල් නිල්.. කැපුවත් නිල්.. නීල නෙතු හඩවාලා...

    ReplyDelete
    Replies
    1. ළඟ දුනුකේ මලකි
      දුර මානෙල් මලකි

      Delete
  5. ජනතා සේවය සඳහා මොන තරම් නම් මහන්සියක් වෙනවද අප්පේ...

    ReplyDelete
    Replies
    1. අපි කුඹුර කොටන්නවත් ඔච්චර මහන්සි වෙන්නේ නෑ අෆ්ෆා...ට්‍රැක්ටර් තීනෝනේ...!

      Delete
    2. එච්චරයි ඉතිං නැද්ද හා

      Delete
  6. ලෝකෙන් වහං වී හැම ජඩ වැඩම කර....
    බොරුවට සදාචාරේ ගැන කෑ මොර ගසති...
    මහ ලොකු දෙයක් නෑ "ළමයට" කියන්නට...
    විකිණෙන රූප දාගන් තොපෙ රෙදි අස්සේ....
    -- රංචාගොඩ ළමයා --

    ReplyDelete
  7. // නෑනේ...පහයාලනේ
    බළල්ලුන්ගේ බෑවූ...

    කෑව නේද ඒ කොස් ඇට
    ඇටනැති වලුනැති
    දරුපැටැව් නැති... //

    දුකයි හෆ්ෆා!

    ReplyDelete
  8. පොෂ් ආප්ප අනතුරු දායකයි
    ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

    ReplyDelete
    Replies
    1. මීට, ස්ථානාධිපති,
      පොලිස් ස්ථානය,
      ගොඩකවෙල...

      Delete
    2. චෙෆා සංචාරය කරන ගමංද කොමෙන්ට් රිප්ලයි කරන්නෙ. හැක්..

      Delete
    3. ඔබතුමා බලන්න එන්න කලියෙන් කමෙන්ට් එක දැම්මේ...!

      Delete
  9. Replies
    1. ඔය යසට තේරුම් අරන් තියෙන්නේ ප්‍රාජේ තුමා ....!

      Delete
    2. මට දේසපාලනේ, කවි, කෑම, බිල්ඩිං ගැන නොතේරුනාට බය තේරෙනව සීයේතුමා

      Delete
  10. එදා ලිප්ටන් වටරවුමෙන් යන්න බැරුව හිරවෙච්ච බස්වල හිටිය මිනිස්සු කියපු කවි අතිශයින් වැඩිහිටියන්ට පමණයි.

    ReplyDelete
    Replies
    1. ඕවා ගානක් නැතුව අති බස් අජිත්ගේ සිංදු අහලාම...!

      Delete
  11. පළවෙනිදා ඇස්වාට්ටුව පැත්තෙන් ගිහිං වගේ.

    ReplyDelete
    Replies
    1. නෑනේ...අදනං ගියා...කැලේ පැනලා හිටියේ අටමායි මායි සුමානයක්ම...."

      Delete
  12. මැසින් ගන් එකකින් ගහනවා වගේ ඔය නෙළලා තියෙන්නේ වටේටම...

    ReplyDelete
    Replies
    1. ලොක්කත් ලිප්ටන් වටරවුමේ කලේ මේකමනෙ. "අපි එතනෝල් ගෙනාවද"? "අපි කැසිනෝ දැම්මද?" , "කොමිස් ගැහැව්වෙ කවුද?" කියාගෙන අපෙන් අහලා.

      Delete
  13. අපි සේරම එක අවන්හලක නැවතී
    අපේ සිතුම් මල් සිහින පැතුම් මල්
    මිරිකාගෙන මධු බඳුනේ
    තොල ගාමින් අඩ අඳුරේ
    ගහ බැනගෙන රොස පරුසෙන
    තලා පෙලා පාගාගෙන
    ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
    අපි සේරම ජීවිතයේ
    මහගිරිදඹේ නගිනවා
    අප යන මග ගිනි අව්වේ
    හිරි පොද පිනි වැහියල්ලේ
    සමනල සුරංගනා ලෝකේ
    අරුණළු ප්‍රභාත දේදුන්නේ
    ගමනේ කෙලවර දුටුවේ කවුරුද
    මහගිරිදඹ තරණය කලෙ කවුරුද
    සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ
    සමනල තටු ගිලිහී
    යන මග කෙලවරවී
    සිහිනය මිය යනවා
    අපි සේරම ජීවිතයේ
    මහගිරිදඹේ නගිනවා................

    ගායනය - සන්ධ්‍යා‍ දීපානි,ජයශ්‍රී චන්ද්‍රජිත්,ජයලත් මනෝරත්න
    නාට්‍ය‍ය‍ - මහගිරිදඹ

    ReplyDelete
  14. අපේ ටොයි මාස්ටර්ලා දැන් මේකට පිළිතුරු ගීත තොගයක්ම ලියයි. පරිස්සමෙන්.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....