Thursday 17 March 2016

පෙලිකන්ලාගේ ගීතය




චබී...
හ්ම්..
පාලුයි..
ඇයි..
දන්නේ නෑ වගේ අහන්නෙපා...!


හංස බෝට්ටුවෙ යමුද?
බෑ... දකින දකින ඈයෝ හිතයි ඔයත් බඹරෙක් කියලා......!


ඒත් බේරේ වැව කොහොමද ලස්සන වෙන්නේ ඔයාගේ මල් පිරිච්ච ගවුම නැතුව...
ඇයි ඔය ඕනතරම් පෙලිකන්ලා ඉන්නේ...!
හ්ම්.....ඒ උනාට ඔයානේ මගේ සිහිනේ...!!



72 comments:

  1. බේරෙ වැවේ ඒ කාලෙ මල් කොහොම වෙතත් මැරිච්ච මාළුනං පා වෙවී හිටිය. හැක්..

    ReplyDelete
    Replies
    1. පෙලිකන්ලා මැරිච්ච මාලු කන්නේ නෑ ප්‍රසා....!

      Delete
  2. නාකි විසේ ගෙටත් උසේ කියුවලු වයසටද අහන සින්දු

    ReplyDelete
    Replies
    1. හරි කෙලියක් නේ ඕයි ඒක...උප්පැන්නේ අතේ තියන්ද මෙයා සිංදු අහන්න කියන්නේ....!!!

      Delete
    2. ඔයා දත් මදින්නේ පැරකුම්බා දත් බෙහෙත් වලින්ද

      Delete
    3. නෑ දන්තාමුක්ත වලින්...ඇයි අවුල්ද..?

      Delete
    4. නැ උක්දඩු කන්න දත්හයිය කරගන්නේ කොහොමද කියල දැනගන්න

      Delete
    5. උක් කන්න තාම හයිය තීනෝ...!!!

      Delete
    6. //උක් කන්න තාම හයිය තීනෝ...!!!//

      හ්ම්...........අපේ පරපුරේ මිනිහෙක්. නියම පිරි මීයෙක්. හුටා.....පිරිමියෙක්.

      Delete
    7. මීයා විචාට වඩා බාලය....පූසන්ට හරිම ආදරේය.....හෙක් හෙක්...

      Delete
    8. මීයෙක් දකින විට පූසා (ඇහෙන නෑහෙන ගාණට) ඤාව් කියයි... හැක්!

      Delete
  3. https://www.youtube.com/watch?v=eaxYTNPjrcQ

    ReplyDelete
  4. සුමිත් මදනායක (කලනසිරි නෙවෙයි ) කියන්නේ ඉතාම ඉහල මට්ටමේ හැකියාවක් තියෙන ගායකයෙක්. ඔහු ගේ ගීත වලට මොකක් හරි හේතුවක් නිසා ලැබෙන්න ඔනප්‍රසිද්ධිය ලැබෙන්නේ නෑ . තරමක් හරි ජනප්‍රිය ජේන් නගේ උඹේ මනාපේ කාටද දෙන්නේ කියන සිංදුව විතරයි

    මේ තියෙන්නේ සුමිත් මදනායක ගේ තවත් සිංදු

    http://www.topsinhalamp3.com/artists/sumith-mandanayaka-mp3-songs-2.php

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මේ පෝස්ටුවටත් හේතුව උනේ පූස්....

      Delete
    2. සුමිත් ලා කොහොමත් එහෙම තමයි.. ඇස් වහගෙන අහනකොට සුනිල් එදිරිසිංහ ගේ කටහඬ වගේ.. එළ.

      Delete
    3. ඔන්න මදනායක කමනං සුමිත්ටමතමා

      Delete
    4. සුමිත් කියන්නේ මාලනී බුලත්සිංහල ගේ ඥාති පුත්‍රයෙක්...
      මගේ යාළුවෙක් ඉන්නවා සුමිත් ලගේ නෑයෝ වෙන, අපි වතාවක් සිරීපාදේ යන්න ගිහින් සුමිත් අයියලාගේ ගෙදර නතරවෙලා හිටියා දවසක්ද දෙකක්ද කොහෙද...

      Delete
    5. ලොකූත් දන්න දේවල්..!!!

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  5. බ්ලොග් ඔක්කොම fm චැනල් වගේ. අපි දැන් අහන්නෙ හාඩ් රොක් කඃ නිකඃ ට්‍රෘරෑංංංංංංග්..ග් ගාන සිංදු.
    අපි විෂි හය හොද සිංදු ටිකක් කියමු, බේරෙ පෙලිකන් එකෙක් හමගහල fb එකෙත් දාමු

    ReplyDelete
    Replies
    1. මීසික් ඉතරක් හාන්න එපා...අදහසත් හිතට ගන්...
      කෝ ඩබොල..චැක්..කිසි ගතියක් නෑ සින්ගල් නං...!

      Delete
  6. මීටිමට ගිහින් ඇවිත් නිදහසේ සින්දුව අහන්න ඕනෑ

    :D

    ReplyDelete
    Replies
    1. මීටීම වෙලාවේ අහමු , මම ෆෝන් එකට දාගත්තා :P

      Delete
    2. උඩ බලපන් මචෝ...ඔය තද කොලපාට හෙලිකොට්ටරේට අත වනාපන්..එතකොට මට බෝව පෙනේවි...

      Delete
    3. //මීටීම වෙලාවේ අහමු , මම ෆෝන් එකට දාගත්තා :P //

      ගොම්මන්පිල කතා කොරනකොට අහමු එහෙනම්!


      // උඩ බලපන් මචෝ...ඔය තද කොලපාට හෙලිකොට්ටරේට අත වනාපන්..එතකොට මට බෝව පෙනේවි... //

      නිල් පාට කන්නඩි පැලඳ සිටින අපට කුමන පාට හෙලිකොප්ටරයක් වුවත් පෙනෙන්නේ නිල් පාටින් පමනක් බව කරුනාවෙන් සලකන්න!

      Delete
    4. එසේය..එසේය...!

      Delete
    5. ස රස තුමාටත් එපා වෙච්චි ගොම්මන්පිල :p

      Delete
  7. සරළ උනත් ලස්සන සින්දුවක්. ගායකයාගේ කටහඬ නියමයි.

    මම කොල්ල උනානම් කෙලින්ම කෙල්ලට කියන්නේ පෙලිකන් ලා හිටියට මල් මල් ගවුම් අඳින්නේ නෑනේ කියල..

    ReplyDelete
    Replies
    1. මම කොල්ලා නොවුනත් ඕන් හැදුවා...සැපද දැන්...වෙනස නෙවී හොඳේ...!!!

      Delete
    2. හරිම රොමැන්ටික් අනේ.. :)

      Delete
    3. ඔයා බුද්ධි අංශෙද වැඩ හැබෑට...?

      Delete
  8. හුටා,බේරෙ වැවෙත් දැන් පෙලිකන්ල ඉන්නවැයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි උන් දැන් කපුටන්ට වඩා ඉන්නව. කොටින්ම කිවුවොත් හැලපෙ අයියෙ , යාගොඩ වෙලෙත් ඉන්නව එච්චරට චා වෙලා ඉන්නෙ. වෙලට බැහැල සවලෙන් මාළු අල්ලන් යන හැටි කොක්කු බලන් ඉන්නෙ හරි අප්සෙට් එකෙන්

      Delete
    2. කොලඹට දෙහිවල සූ එකේ ගල්වලෙන් ( එතන නිදහස් නිසා එලියට පියාඹන්න පුලුවන්) බෝවුනයි කියල සමහරු කියනව. මුලදි රෑට මැකලම් පාරෙ ලයිට් කණුවල දැන්නම් පාර්ලිමේන්තු පාරෙ , තොටලඟ පාලමේ ඇතුලු හුඟක් දෙකට බෙදුනු උස ලයිට් කණුවල පිරිල

      Delete
    3. මම හිතන්නේ හැලපේ මයිග්‍රටරි සෙට් එකක් නැවතිලා වෙන්න ඕනි...ඒ තරමට ඉන්නවා...එක උදේක මම ගනන් කරා මාදින්නාගොඩ දියවන්නා වතුරේ 108ක් ලෑන්ඩ් කරලා ඉන්නවා...zoo එකේ එච්චර හිටියේ නෑනේ..!!!

      Delete
    4. //...zoo එකේ එච්චර හිටියේ නෑනේ //
      ඇයි දෙයියනේ ඕකුන් බිත්තර දානව ඒව වලින් පැටවු එනව උන් ලොකු වෙනව ආයෙ උනුත් ....etc Zoo එකේ වගේද උන්ට නිදහසේ අහවල් කාරිය කරගෙන පැටවු හදාගන්න පුළුවන් රිලව් කොචොක් කරන්නෙ නෑ , ගිරවු බලාගෙන ඉදල කාටවත් කියන්නෙ නෑ මුර කාරයො විසිල් ගහන්නෙ නෑ . ඉතිං බෝ වීම වැඩියි.

      Delete
    5. අම්මපා....ඇත්ත නේන්නං...මුං කොහොමද බං ලයිට් කනු උඩ ඕක කරන්නේ කම්මලේ...මම කිව්වේ බිජු දානෙක....!

      Delete
    6. විචාරක මහත්තයනං කෝටු කෑල්ලක් පාවිච්චි කරනවා කියුවා

      Delete
    7. ප්‍රේමදාස මහත්තයා බේරෙට ගෙනත් දැම්මේ... මිනිහා හෙන සත්ත ලෝලියනේ.... හැබයි තව ටික දවසකින් මහින්ද සහ පිරිස වගේම ඇණයක් වෙනවා....

      Delete
    8. හපෝ මාතේ එහෙම කියන්නෙපා...ශෙෆී උදේම නැගිටලා ගඟ ගාවට දුවනවා පෙල්ලෝ ඇවිත්ද බලන්න...මහින්ද සහ පිරිස වගේ නෙවී උන් මිනිස්සුන්ට මාර බයයි...!

      Delete
  9. පෙලිකංලා චෙෆාකිගේ වත්තට පනිවි බලාගෙන..

    සිංදුව අහන්න විදියක් නෑනේ උදව්වක් විදියට හෙඩ් පෝන් කෑල්ලකුත් මේකට අමුණනන් එපායැ.. හැක්

    ReplyDelete
    Replies
    1. හැම උදේම ඉස් ඉස්සර වෙලා දකින්නේ පෙලිකන්ලා මේ දවස්වල..මාලු පැටව් ලොකුවේගෙන එන නිසා පෝලිමේ එන්නේ එයාලා...ඇස් දෙක දැක්කාමනම් ටික වෙන්න බයයි දේශෝ..
      අපොයි කොහොමෙයි හෙඩ් ෆෝන් එවන්නේ...මේක හොඳ කොලිටියෙන් අහන්න ඕනි මීසික් එකක් තීන සින්දු පොඩ්ඩක්...ගෙදර ගිහින් අහන්න...

      Delete
    2. ///මාලු පැටව් ලොකුවේගෙන එන නිසා පෝලිමේ එන්නේ එයාලා...///
      මාළු පැටව් කොච්චරක් විතර ලොකු වෙලාද, ඇමක් කන්න තරම් ලොකු නැතිය...

      Delete
    3. ලොකු හරි පව් කාරයා....!

      Delete
  10. "හංස බොට්ටුවෙ නැගලා යන්න එන්න රවුමක්
    ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක්
    බෙරේ වැවත් සුන්දර වේ ඔබත් සුවඳ පියුමක්
    දකින දකින සැවොම කියයි අන්න රෝස කුසුමක්"

    මමත් කැමති කට හඬක් ...ගීතය නම් අදමයි ඇහුවේ ...

    ReplyDelete
    Replies
    1. හංස බොට්ටුවෙ නැගලා යන්න එන්න රවුමක්
      ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක්
      බෙරේ වැවත් සුන්දර වේ ඔබත් සුවඳ පියුමක්
      දකින දකින සැවොම කියයි අන්න රෝස කුසුමක්

      බේරේවැවට සඳ පායන මැඳියම් රෑ අහසේ
      තරු මුතුකැටවෙලා පෙනේ නෙතු පැටලෙයි පහසේ
      හංස බෝට්ටුවට වෙලා අපී දොඬමලු වෙමු රිසිසේ
      සුවඳ රොඳක එකතුවෙලා ඔබේ...මුඵ ලොවටම රහසේ

      මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ
      රන් සමනල රෑන් නටයි මල වට හද දෙමිනේ
      ඒ ලස්සන පෙනෙන්නේ නැ නෙතු ඔබටම හිමිනේ
      ජිවිත කාලෙම ඉන්නම් ඔයානේ මගේ සිහිනේ ..

      ගායනය - සුමිත් මංචනායක
      ගී පද - සුජීව ආටිගල
      සංගීතය - මාධව හේවාවසම්

      Delete
    2. ඔය තියෙන්නේ මුලු සිංදුවම සිංදුවා විසින් පල කරලා...
      මම මුලින් අහපු දවසේ හිතුවෙ එදිරිසිංහ ගේ කියලා නෙව..ඒ ස්ටයිල් එකටම කියනෝ...
      තැන්කූ විස්තරේට...!

      Delete
  11. චබී කිව්වම මගේ හිතේ මැවෙන්නේ ලිලියන් එදිරිසිංහ.

    ReplyDelete
    Replies
    1. හුටා බෝට්ටුව පෙරෙලෙන කෙලියක්....! ගිලෙන්නත් ඉඩ තියේ....පරිස්සමෙන් විචා...!

      Delete
  12. //ඒත් බේරේ වැව කොහොමද ලස්සන වෙන්නේ ඔයාගේ මල් පිරිච්ච ගවුම නැතුව...//

    අපරාදෙ මිලියන් ගණන් වියදම් කලේ බේරෙ වැව ලස්සන කරන්න. චබීගෙ මල් ගවුම පොඩි ගාණක් දීල ඉල්ලගත්තනං කොච්චර ගාණක් ඉතුරු වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔහ්....ගියේ නැතිය හයිඩ් පාක් පැත්තේ...ඔහේගෙ කයිය දැක්කම මම හිතුවෙ පොල්ලකුත් අරන් ඉබ්බන්වල හංදියේය කියලා....

      Delete
  13. පෙලිකන් කියන්නේ කන දෙයක්ද??

    ReplyDelete
    Replies
    1. චිකන් වගේ ඇති..එහෙමත් නැත්නං පීකිං ඩක් වගේ වෙන්නත් පුලුවන්..ට්‍රයි කරලා බලතෑකි..හැබැයි අර උකුසු ගාතකයින්ට වෙච්ච ඇබැද්දිය වෙන්න ඇහැකි...!!!

      Delete
  14. සුමිත් කියන්නෙ එක්තරා ආකාරයක පෙලිකන් කෙනෙක් තමා
    හොට පිහාටු අස්සෙ ගහං ඉන්නෙ
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මාළුත් අල්ලනවද එයා...!

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට අමරසිරි නං අල්ලන්නේ නෑ එච්චර...හැබැයි ගැටයා කාලේ ඉඳන් සුනිල් , එඩ්වඩ්, කපුගේ වගේ අයගේ සංගීතෙන් තමයි කල් යැව්වේ....පස්සේ ආපු අයගෙන් දිවුල්ගනේ ඇරෙන්න අනිත් අය තේරෙන්නෙම නෑ.....
      මේ සිංදුවේ මෙලඩි එක තමයි (මොකද්ද අනේ මෙලඩි එක කියන්නේ) මට නම් අල්ලලා ගියේ මොකෝ පද ආර ටිකක් කොමන් වැඩියි හැබැයි අර බෑඟිරි ගහන මල ජරා ඇඩිලි වල තියෙන වචන වලට වඩා නම් සෞම‍යයි (යංසේ ලියවෙන්නෑ ඕයි )...
      සුනිල් ගේ ආරට ගයන නිසා මම රැවටුනා...පස්සේ ගූග්ල් කරාම තමා අහු උනේ..ඒ ෂොක් එකට තමයි මේක ලිව්වේ අයිසේ...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //මට අමරසිරි නං අල්ලන්නේ නෑ //
      මාතගෙ පද ටික ගයන්න ඉල්ලපු ගාන හින්ද මට අමර සිරි පීරිස් එපා උනා නැත්නම් මම ආස ගායකයෙක්. සිංදු වගේම බොක්ක හොද නැත්නම් මොකා උනත් වැඩක් නෑ

      Delete
  16. මං අහල තිබ්බෙ නෑ, මෙහෙම ගායකයෙක් ඉන්නවද කියලත්. ඒ පිනම ඇති උඹට යන අහක යන්ඩ...

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්න ඩ්‍රැකී අපිලා වාගේ ඇත්තොන්ගේ අගේ.....!
      මෙයාගෙ අනිත් එව්වා මට එච්චරම ඇල්ලුවෙ නැහැ හැබැයි...!

      Delete
  17. නිරායාසයෙන් සෞම‍යව ගායනා කරන නිසා මෙයාගෙ සිංදු කොහොමත් රසවත්.මේ සිංදුවත් පරිඝණකය මතම යැපෙන්නෙ නැතිව මියුසික් කලා නම් මීට වඩා රහක් එනවා...
    එයිටාමතරව මෙන්න අපේ සටන් පාඨය..
    යෞවනයේ පොපියන චමත්කාරය යෞවනයන්ට දියව්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා...26 කොහොමහරි වරෙන් මලේ..!

      Delete
  18. මතක් කරන්න එපා ඔය බේරේ ඉන්න පෙලිකන්ලාව. යන ගමන පැත්තක දාල, ලේක් හවුස් කිට්ටුව කාර් එක නවත්තල වින්ඩ්ස්ක්‍රීන් එක හේදුවා තකහනියක්.

    ReplyDelete
  19. සින්දුවත් මරු ඈ...

    ReplyDelete
  20. "ඔබ එන කොට ඇඳන් එන්න~මල් පිරිච්ච ගව්මක්" සින්දුවත් ලස්සනයි
    සුන්දර නිමැවුමක්.

    ReplyDelete
  21. චබී....

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. මමත් ඇහවේ අද මම හිතුවේ අපේ කමියා කියලා

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....