Monday 11 May 2015

මුරකරුගේ පුතණ්ඩියා

තැටි පාන්
දිවුල් ජෑම්
අතින් කටට
හරිම රහයි

ඇයි තාත්තේ
අපි මේ රස
මෙතරම් යැයි
දන්නේ නැත්තේ

පිඟානේ දර පෝරණු පාන්
හැබැයි ඕන්
දිවුල් ජෑම්
විතරමයි මට නම්

ඇහේ නැගනේ
අද නෑ ඉස්කෝලෙ
තාත්තේ....ඕන්
හැමදාමත් මුර වැඩේට
මාවත් එක්ක යන්නකෝ


50 comments:

  1. පව්! මේකනම් ෂෙෆාකිගේ ගෝලයෙක්ගෙ දරුවෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. අද උදේ අත්දැකපු සිදුවීමක් මගේම පුතාට විස්තර කරද්දි ලියවුනේ...
      කොල්ලාව බංගලාවෙ කෑම මේසෙ වාඩිකරන්න එයාගෙ තාත්තත් එක්ක කාපු රැග...
      මට මතක් උනේ පොඩි කාලෙ තාත්තා මාව වලව්වට කුස්සිය පැත්තෙන් එක්ක ගිය හැටි..
      මම කරපු දෙයින් මේ පොඩ්ඩාට පන්නරය ලැබේවා යන්නයි එකම පැතුම...

      Delete
  2. "දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී"
    හිතේ තියන මනුස්සකමට මගේ ආචාරය.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. දුප්පත්කම කියන වචනේ හරියටම නිර්වචනය වෙලා නැහැ කටුසු භාවිතය ගැන හිතුවාම...

      Delete
  3. නියමයි. ඇත්තටම මෙහෙම කීයක් නම් දරුවො හිතනව ඇත්ද. මගෙත් ආචාරය ඔබ තුමාගෙ මනුස්සකමට.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොමම හිතුවා පොඩ්ඩා කාලෙ MP...!!

      Delete
  4. එල කවිය මචන්..... දිවුල් ජෑම්???? මටත් බෑරිද මුර වෑඩක් අල්ලගන්න... මොනවට වත් නෙවි ජෑම් කන්න පාන් එක්ක.....උබ කොහොමත් පුන්චි එවුන්ට සහ බගින්නට සන්වෙදී එකා නේ.

    ReplyDelete
    Replies
    1. දිවුල් ජෑම් සමග තැටිපාන්...දික්වැල්ලෙ ඉස්පෙශල් හරිය...

      Delete
  5. Replies
    1. පියාලා දෙන්නෙක්නේ gus...!!

      Delete
  6. තාත්තගෙ පඩියෙං ගොඩක් වියදං කරල හාමුගෙ පඩියෙන් ඇබිත්තක් වියදං කරල ගේන එකම රහක් තියෙන පාං

    ReplyDelete
    Replies
    1. නෑනේ...හාමුලාට පඩි දෙන්නේ නෑනේ..හාමුලා පඩි දෙනවා විතරයි...

      Delete
  7. Chandrakanthi Jayasinghe11 May 2015 at 23:33

    රැදෙන්නට හැකිනම් ලමාකැල හඩන දෙතොලග සිනාවක් වී........
    ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්....

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම බ්ලොග් එකක් පටන් අරන් ලියන්න බහින්න ඕන හොදේ....ජයවේවා...

      Delete
  8. චෙෆාකිට මතකද මහගම සේකර ලියපු නිසඳැසක් තියනවා;

    කුසලානේ ලූ මිදියුෂ - ඒ කුසලානේ හැඩය ගනී
    කුසලානේ ලූ විෂ වුව - ඒ කුසලානේ හැඩය ගනී

    කියලා.

    මට මේ පෝස්ට් ඒක කියවද්දී ඒ නිසඳැස මතක් වුණා.

    අපි තවමත් වැඩවසම් යුගයේ ජීවත් වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. තනි තනියෙන් කරපු දෙයකින් ඇරෙන්න ඒ යුගයෙන් මිදෙන්න බැහ....අගමැතිටයි සර් සහ හිටපු ජනපතිට මැඩම් කිය කිය හිටං.. මට මැතිතුමා කිව්වම ඇති කියන එකම හිතලා බලන්න...

      Delete
  9. අයියෝ අර වැඩිහිටියන්ට පමණයි වර්ගයේ නිරුවත් පින්තූර දෙකක් යට නේද මේ නොදරුවෙකු වාඩි කරලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. සීගිරියට ඇතුල්වෙන තැනත් ගහලා තියෙනවා බෝඩ් එකක්..වැඩිහිටියන්ට පමනයි කියලා....හෙක්..
      ඔහොම අපහාස කරන්න එපා... ඒ paintings දෙක විහාරගෙවල් වල චිත්‍ර කරලා තියෙනාකාරයට ස්වභාවික මැටි වලින් සහ මල් වර්ග වලින් සාදාගත් සායම් වලින් ඇඳ ඇති ඉටා වටිනා යුගලයක්...

      Delete
  10. මම ලංකාවේ හිටි කාලයේදී අපගේ නිවසට Day Servant කෙනෙක් ආවා.ඇයට කුඩා ළමයින් දෙදෙනෙක් හිටියා. මම අපේ ළමයාට චීස් සොසේජස් ගන්නා විට එම ළමයින් වෙනුවෙනුත් මිලට ගන්නවා. මම විශ්වාස කරන පරිදි සතුටට පත් කරන ලද ළමා සිතක් තරම් උතුම් දෙයක් තව නොමැත​.

    ReplyDelete
    Replies
    1. කොට්ට දෙකක් තියලා මේසෙ පුටුවෙන් වාඩි කෙරෙව්වාම පොඩි එකා බෙල්ල ඇල කරලා තාත්තා දිහා බැලුවා කමක් නෑ නේද වගේ අගන්න...පොඩි වයසෙ ඉඳන්ම ලමයින්ගෙ පෞර්ශ්වය වඩවන්න උගන්න ඕනි..හැම මනුස්සයෙක්ම එක වගෙයි කියන එක නැත්නම් ඇඟට දැනෙන්නේ නැහැ ලොකු වෙනකොට...

      Delete
  11. ඔහොම ලියන්න පුළුවන් උඹ වගේ එකෙකුට විතරයි.. උපතින්ම ඉහළ සමාජයේ ඉන්න එකෙකුට ජීවීතේට මෙහෙම දෙයක් ලියන්න බෑ. ඔය ගම්වල, ඔය මුරකරයාම (කුලේ හොඳ එකෙක් නම්), අඩු කුළේ මිනිස්සුන්ට සලකන හැටි මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා..

    ඉස්සට අපේ ඔපීස් එකේ හිටපු කෑල්ලක් ඇහුවා බටර් ටිකක් නැතුව කොහොමද අනේ පාන් කන්නේ කියලා.. මිනිස්සු ප්ලේන්ටියත් එක්ක පාන් කාල කනවය කිව්වහම..

    ReplyDelete
    Replies
    1. ඒ බොරුවට බං...අර සීනී සම්බල් පාන් දන්සැල්වල හිටියෙම බටර් නැතුව පාන් බැරි ඈයොමයි...නිකම් බටර්නම් බැරියැ ඩේනිෂ් ලර්පක් බටර්...

      Delete
    2. ඇස්ට්‍රා කෑවම බඩ යන නිසා වෙන්න ඇති බටර්ම කන්නේ... :)

      Delete
    3. මාතය්යේ ඔය බොරු පොය්ය සහ තලා පෙලා දැමීම ගොඩක් කරන්නේ ඔයා කියල තියන පරම්පරා කාරයන්ටත් වඩා පන්ති අතික්‍රමණය කරපු පොරවල්

      චෙපාකි ඔයා සිරා. මම හමුදාවක. මගේ කොල්ල ගොඩක් වෙලාවට මගෙත් එක්ක ඔෆිස් යනවා. ගොඩක් අය කොල්ලගේ දගකාරකම් පිලිගන්නවා. වැඩේ කියන්නේ දවසක් මට හදිසියකට මගේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ගෙ කැබින් එකටම යන්න වුනා කොලුවත් එක්ක. මගේ හෙඩ් කූල් පොරක්.ඒත් පොරත් මමත් අතර ගැප් එක ලොකුයි. පොරගේ ඇඳ හෙන ප්ලෆි. මගේ කොල්ල පැන්න කියපල්ලකෝ අර ඇඳට. එතැනදී මට වුනෙත් ඔය වොච්මන්ට වෙච්ච වැඩේමයි

      Delete
  12. ඔයා හොද මනුස්සයෙක් බව අපි දන්නවා අයියන්ඩි..
    බොක්කෙන් රෙස්පට්...එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. අපි වගේ අයට නෝ චෑන්ස් මල්ලි....සැමදා දුකේ....

      Delete
  13. ශේෆාකි සහෝදරයා , ඔබ මිනිස් හදවත් ඇති මිනිස්සු අතරේ විශේෂ හදවතක් තියන පුද්ගලයෙක් බව අපි දන්නවා.. කියන්න වචන නෑ.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මට හැම ලමෙයෙක්ම එකයි සජ්ජො....ඒකටත් අනන්ත බැනුම් අහලා තියෙනවා...

      Delete
  14. කාගෙවත් හොදක් ඕන නැහැ බං පොඩි මල් කැකුලු විකසිත කරන්න. ඒකට මනුස්ස හදවතක් විතරයි ඕන.. ජය වේවා.. නාකි කුක්ස්ට..

    ReplyDelete
    Replies
    1. කූකිනක්ස් කිව්වට සුක්‍රාන් ජශීලන්...

      Delete
  15. අපූරු කවියක්
    අපූරු හිතක් අපූරු අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. අපූරු කමෙන්ටුවක්...

      Delete
  16. මං බැලුවෙ පොඩි එකා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න අපූරුව.වැඩේට හරි සතුටුයි.උඹ ඉතිං කොහොමත් ඔහොම වැඩ කරන එකානෙ.
    රත්නසිරි ජයසිංහ මේ ළඟදිත් උඹව මතක් කළා.

    ReplyDelete
    Replies
    1. ජයේගේ නෝනා තමයි ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන අනිත් ජයසිංහ...අපි වගේ නෙමේ හොඳ කවිකාරි....ඔන්න හැලපේ පුලුවන්නම් උනන්දු කරපං බ්ලොගක් පටන් ගන්න ඒ ඇත්තිටත්...

      Delete
  17. සංවේදී හිතක් තියෙන්නම ඕනෙ මේ වගේ දෙයක් කරන්නත්, ඒ ගැන මෙහෙම සටහනක් තියන්නත්.

    ReplyDelete
    Replies
    1. සංවේදීකම කෙසේදයත් තාමත් මනසින් පොඩ්ඩෙක් බස්සි.....කවදා හැදේවිද දන්නේ නැහැ...

      Delete
  18. ඔයවිදිහට ළමයින්ට සලකන්ඩ මමත් පොඩිකාලෙ ඉදලම විප්ලව කලා, ඇත්තටම චෙෆාකි මේ වගේ ළමයිට සලකන්න පුළුවන් ආයෙත් ළමා කාලයට මනසින් යන්ඩ පුළුවන් කෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. මම නම් මචෝ උදේ ඉඳන්ම මොන්ටිසෝරි කාරයා..ඒකනේ ආකිටෙක්චර් කලේ...

      Delete
  19. පාන් නැත්තම් කේක් කාපල්ලා කියන රටක මෙහෙම කියන්න හිතන මිනිස්සු ඉන්න එක වාසනාවක්.

    සමහරු පාන් කන්නේ ජොලියට , සමහරු පොෂ් වෙන්න , සමහරු ලයිට් ඩයට් එකට ඒත් ඇත්තටම බඩගින්නට පාන් කන එකාට නම් එක සුඛෝපභෝගී කෑමක් තමා.

    සටහනට වැටුණු පින්තුරේ නිසා තවත් හැගීම්බර වෙනවා නිර්මාණය ,

    ReplyDelete
    Replies
    1. පින්තූරෙනේ මේකට මුල උනෙත් ඉවාන් සහෝ....!

      Delete
  20. මටත් තියෙනව මේ වගේ ලොකු උනාම හැබෑ කරගන්න හිතං උන්නු පුංචි කාලේ හීන ගොඩාරියක්

    ReplyDelete
    Replies
    1. අත අරින්න එපා මචෝ....කවදාහරි ඕවා ඇචීව්කරතෑකි...!!!

      Delete
  21. මං ඉතිං අටුවා ටීකා ලියන්නෝනැ නෑ නෙවැ.. මටයි වයිෆ්ටයි ගෙදරට එන්න කියලා කරපු සැලකිලි මලත් අමතක වෙන්නෙ නෑ !!!

    ReplyDelete
    Replies
    1. හා මචං......
      වරෙන්කො ආයෙත් සලකල අරින්න...!!!

      Delete
  22. මේ සිද්ධියට කෙළින්ම අදාළ නැති උනත් මට අද වගේ මතකයි ජීවිතේට සොසේජස් කාල නොතිබ්බ මට ඒවා මුලින්ම ලැබිච්ච දවස...
    මොන හේතුවක් නිසාද මන්ද තාත්තගේ හිතවතෙක් වෙච්ච පොලිස් නිළධාරියෙක් එක දවසක් අපේ ගෙදර ආවා බොන්න, අන්න එයා එද්දී තමයි ඒවා ගෙනත් තිබුනේ.
    ඒ සුවඳ දැනිලා පුංචි අපි ඒ දිහාට ඇදිල ගියා.
    ඒ වෙලාවේ එතනින් කරලක් අරගෙන අපි දෙතුන් දෙනෙකුට කෑලි කපල දුන්නා, දිවිය ලෝක රහක් ඒවායේ තිබ්බේ.
    ගේ ඇතුලේ බොන්න පටන් ගත්තු එකටයි සිගරැට් බීපු එකටයි මුණටම දොස් කියපු අම්ම නිසා ඒ අන්කල් ආපහු අපේ ගෙදරට බොන්න ආවේ නැහැ. ඊට පස්සේ අපිට සොසේජස් හම්බ උනෙත් නැහැ...
    සමහර විට අම්මට දුක හිතෙන්න ඇති අපි ඒ සුවඳට ඉව අල්ල අල්ල අත පල්ලෙන් වැටිච්ච වගේ පොඩ්ඩකින් සැනසෙද්දී අර මනුස්සයා අපිට පෙනී පෙනී ඒවා බයිට් එකට ගිල දාන එකට.
    ඒ නිසා වෙන්න ඇති බනින්න ඇත්තේ...

    මුලින්ම නුල්ඩ්ස් කාපු දවසත් එහෙමයි, හරිස්චන්ද්‍ර නුල්ඩ්ස් තම්බලා වතුර පෙරලා දිය පරිප්පු හොද්දක් එක්ක කාපු දවස අදටත් මතකයි. පුදුම රසක්, සුවඳක් තිබ්බේ.
    අදටත් මම නුල්ඩ්ස් කන්න කැමති ඒ විදිහට...

    අර පොඩි එකාටත් එදා දවස මට වගේම ඉස්සරහට මතක තියේවි...
    මමත් දැන් පුළු පුළුවන් වෙලාවට මිනිස්සුන්ට හිතා ගන්න බැරි තරමේ දේවල් දීල සතුටු කරලා ඒ මුහුණු බලලා සතුටු වෙන වෙලාවල් තියෙනවා.
    නමුත් ඒ ඔබ වගේ හොඳ සිහියෙන් ඉන්න වෙලාවට නෙමෙයි, ගොඩ වෙලාවට බීපු වෙලාවට.
    ඔබ හිත හොඳ මිනිසෙක්, ඔබට ජය...!

    ReplyDelete
    Replies
    1. LP මාව අවුස්සනවා...කමෙන්ට් එක කියෙව්වම කතා ගොඩාක් හිතට ආවා, ඒත් ලියන්න පුලුවන් වෙලාවක, තැනක නෙමෙයි මේ ඉන්නේ...ආයෙත් මේක කියවලා ඒ ටික ලියන්න ඕනි කියලා හිත හදාගත්තා...
      LP...ඊලඟ සැරේ සිහියෙන් මොනා හරි කරමුනේ...බැරි නැහැ..ස්තුතියි කමෙන්ට් එකට...

      Delete
    2. මගේ අත්දැකීමුත් ඔයිට සමාන්තරයි ලොකුපුතා. මට තම මතකයි ඉස්සෙල්ලාම කුකුල් මස් කාපු දවස්

      Delete
  23. කවියේ රසය තියෙන්නේ ඔය අකුරු ටිකේ නෙමෙයි .ඒකෙන් අවුස්සන මතකයේ හා පසුබිම් කල්පනාවල. එතකොට හිතෙනවා මේ පුටුවේ වාඩි වෙලා දිවිය ලෝක රහ දැනෙන ජෑමුයි පාමුයි කන්නේ පුංචි කාලේ මංමද කියල

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...මට ඕන වෙලා තිබුනෙත් ඒ රස අවුස්සන්න තමයි...

      Delete
  24. ආර්ථික පවුල් හෝ සාමාජයීය සමානාත්වතාවය සම්පූර්ණයෙන් කොහෙවත් ඇතිවෙන්නේ නෑ.

    චෙෆ් ආකිලවගේ අය මානුෂික දයාව නිසා මෙහෙම කරනව.
    එහෙම කරුණාවක් නැති වුනත් හැමෝටම තියෙන්න ඕන දෙයක් තමයි ආචාරශීලී බව.
    තමන්ට "පහල"යයි සාමාන්‍යයෙන් පිලිගන්නා අයට පුලුවන් තරම් සමානාත්මතාවයෙන් සැලකීම good manners.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....