Showing posts with label රට ගිහින් කරපුවා. Show all posts
Showing posts with label රට ගිහින් කරපුවා. Show all posts

Thursday, 6 April 2017

පන්නරය - 2 - Kent Nelson



පන්නරය - 1 ලිව්වේ මීට කලියෙන්...!

පීටර් සැමන්ස් මට දිගටම අංචි ඇද්දාය කිව්වොත් නිවරදියි...ඔහුට මගේ ස්වාධීනත්වය ප්‍රශ්නයක් වෙන්න ඇති..ඒ කිව්වේ, අනිත් සියලුම ගෘහනිර්මාන ශිල්පීන් සහ සැලසුම් ශිල්පීන්, එවකට කොවි (COWI) සමාගම උපදේශණ කාර්‍යයන් වල නියුතු ඕමානයේ මහබැංකු ගොඩනැගිල්ලේ වැඩ කටයුතු වල නියත වූයේ ඔහුගේ අනසක යටතේ වුවද මා හට ලබාදී තිබුන කාර්‍යය වු, පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් ඕමාන් (PDO) සමාගමේ කැසිකැසල පුලුස්සා චක්‍රීයකරණය කිරීමේ ඒකකය සඳහා ගොඩනැගිය යුතු ගොඩනැගිල්ල නිර්මානය කිරීම මා හට තනියමම කිරීමට මාකෝ ගත් තීරණය  (100% ක ස්වාධීනත්වයක් ලබාදීම) ඔහුට ප්‍රශ්නයක් වීම විය යුතුය..!

Award winning design of Oman Central Bank building by Archt. Ole B Larsen


ඇත්තටම COWI ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ Ole B Larsen මහතාය. එනමුදු මා එම සමාගමට එක්වූ කාලයේ ඔහු කෙටි බිස්නස් වීසා උඩ, ඉඳ හිට ගෙන්වාගෙන වැඩ කරගැනීම තමා කම්පැනි පොලිසි එක වෙලා තිබුනේ..එයට හේතුව ඔහුගේ අධික වේතනය..නමුත් එයින් පීටර් ලොකු ගැම්මක් අරගෙන අනිත් අයට ලොක්කා චරිතය රඟපෑ බැව් මම දනිමි.


පීඩීඕ සමාගමේ ගොඩනැගිලි, එම සමාගම විසින් එකලස් කර ඇති නියාමයන් ආස්‍රයෙන් නිර්මාණය කලයුතුය...එම නියාමයන් ගැන හොඳ දැනුමක් සේම, ඒවා අඩංගු ග්‍රන්ථ ඩග්ලස් ලෑන්ග්මේය්ඩ් අත තිබුනද, ඕස්ටේර්ලියානු ජාතික ඩග්ලස්, පීටර්ගේ කීම අසා මුලදී ඒවා මා හට පරිශීලනය කිරිමට ඇති මං ඇසුරුවත්, වෙනත් මාර්ගයකින්, එනම් මා හඳුනන ඉන්දියන් ජාතික ගෘහ නිර්මාන ශිල්පියෙකුගේ මාර්ගයෙන් එම නියාමයන් ගෙන්වාගෙන, මා සෙමින් දැහැමින් වැඩකටයුතු කරගෙන ගියෙමි.

එසේ දැහැමින් සෙමින් වැඩ කිරීමට නිර්භීත කමත් පන්නරයත්  මට ලැබුනේ, ඕමාන් වලට එන්න කලියෙන් සවුදි අරාබියාවෙ ගත කල මාස දහතුනේදී , මා ලැබුවාවු පන්නරයක් ඇත්නම්, එම පන්නරයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වු, කෙන්ට් නෙල්සන් (Kent Nelson ) නම්වු ඒ සොඳුරු ඇමෙරිකානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියාගෙන් යැයි ලියා තබන්නේ ඉමහත් ආදරෙයෙනි.

කෙන්ට් මට හමුවෙන්නේ 1991 ජූනි මාසේ විතර (මට මතක හැටියට ). ඒ වන විට මා සේවය කලේ අල්කෝබාර් වල කන්සල්ටින් ඇන්ඩ් ඩිසයින් ඉංජිනියරින් (CDE) කියන සමාගමේ. එහි ගෘහනිර්මාන ශිල්පීන් ලෙස එවකට සේවය කලේ පිලිපීන ජාතික ජිල්, බ්‍රිතාන්‍ය ජාතික ටෙඩ් සහ මම...!

al-khobar at night

කෙන්ට් මට වඩා අවුරුදු විසිපහක් විතර වයසයි මට හම්බවෙනකොට...කෙන්ට් එතකොට ඩිවෝස් වෙලා හිටියේ..එක දුවක් හිටියා... දුවගේ නම ට්වයිලා උනාට ( Twyla) ට්වයි ට්වයි (TWY TWY) කියලා දුවට කෙන්ට් කියන්නේ,  ..කෙන්ට් ගොඩාක් වෙලාවට වැඩ කරලා තියෙන්නේ එයාගේ ගෙදරින් පිට ප්‍රාන්ත වල හරි පිටරට වල් වල හරි..එයා එක්ස්පැට් කෙනෙක් හැටියටම තමයි ජීවිතේ ගෙවන්න පුරුදු වෙලා තියෙන්නේ...එයා හවායි වල වැඩ කරලා නිවාඩුවකට ගෙදර ආපු වෙලාවක ඇදුම් බෑග් එකේ කාන්තා යට ඇඳුමක් තිබිලා බිරිඳ කියලා ඒඩ්ස් ටෙස්ට් එකක් කරන්නය කියලා..ඒ ආර්ගියුමන්ට් එක දුර දිග ගිහින් ඩිවෝස් වෙලා තියෙන්නේ.

හැබැයි කෙන්ට් මට නං කිව්වේ ඒ කාන්තා යට ඇඳුම එයා ගේ නැගනියට ගෙනා තෑග්ගක් බව...හි හි හි....!

කොහොම හරි 1996 ජුලි 17 වෙනිදා ඇමෙරිකාවෙ ඩලාස් එයාපොර්ට් එකෙන් ගුවන්ගත වෙන කොට කඩා වැටුන හෝ මිසයිලයක් මගින් බිම හෙලපු TWA Flight 800 යානයේ හිටපු ට්වයි ට්වයි අම්මත් එක්ක යුරෝපයේ ඩිස්නිලන්තයට නිවාඩු යන ගමන් මගියන් හැටියට මියපරලොව ගියා..කෙන්ට් එතකොටත් සවුදි අරාබියේ වැඩ කලේ..මම හිටියේ ඕමාන් වල...ඒ මොහොතේ මම කෙන්ට්ව දවස් දහයකට ඕමාන් වලට ගෙන්න ගෙන බලා කියාගත්තා හැටි තාම මතකයි..කරුමේ කියන්නේ, ට්වයි ට්වයිගේ අම්මා, TWA ගුවන් සමාගමේ හිටපු ගුවන් සේවිකාවක් වීම...

කෙන්ට් මට ;

  • පැරලල් පාකින් කරනාකාරය, 
  • පාටියකදි ගෑල්ලමෙක්ව අල්ලගන්නාකාරය, 
  • ප්ලාස්ටික් ලෙඩ් පැන්සල්වලින් මයිලර් පේපරේක ඩ්‍රෝවින්ග් අඳිනාකාරය, 
  • පිහියෙන් ගෑරුප්පුවෙන් කෑම කනාකාරය, 
  • පෙප්සි ටින් එකක ගැට්ට තලලා හෂීශ් උරනාකාරය 
ආදී ජීවිතයේ සෑම පැතිකඩක්ම ගුරුමුශ්ටි නැතුව කියල දුන්න හැටි මතක් වෙනකොට හරිම සොඳුරුයි මගේ හිත...!

කෙන්ට්ට හරි ප්‍රශ්නයක් තිබුනා එයාගේ හැඩරුව ගැන...එයාර්ලයින් වල එයාහොස්ටර්ස්ලාගෙන් හරි උදව් තිබුනා මෑන්ස්ට ඒ නිසා.. හේතුව කෙන්ට් හරියටම ප්‍රසිද්ධ හොලිවුඩ් නළු ග්‍රෙගරි හයින්ස්ගේ කපාපු පලුව..කොච්චර කිව්වත් විශ්වාස කරන්නේ නෑලු එයානෙවෙයි කියලා..ඉතින් ෆල්යිට් එකේ මැනිපෙස්ටො එක බලන්න කියලලු බේරෙන්නේ..ඒ කරන්නෙත් බඩ පිරෙනකන් බියර් එහෙම සප්පායම් උනාට පස්සෙලු...!

කෙන්ට් මට ඒ දවස්වල ඉඳලාම කියන දෙයක් තමයි.... R2LA (අටූලා) යෝ මෑන්..යූ හෑව් ටු ලුක් ආෆ්ටෙර් යූ මෑන්...කම් ටු ජිම් විත් මී..කියලා...කොහෙද තාමත් බැරි උනා නෙව ඒක නම් අහන්න...!

Gregory Hines - Kent Nelson Look aLike

කෙන්ට් මට කිව්වේ R2LA...කියලා.. ඇමරිකන් ඇක්සන්ට් එකෙන් මගේ නම කියවෙන්නේ එහෙම..මට පස්සේ කාලේ ඊමේල් එව්වෙත් R2LA කියලා...ඊමේල් වල මාව ඇමතුවේ R2LA the Great කියලා...!



අපි කවුරුත් දන්නවා සවුදිඅරාබිය මත්පැන් තහනම්, කාන්තාවන්ට මූන ආවරනය කලයුතු වගේ මිනිස් අයිතිවාසිකම් නැති රටක්ය කියලා..රටක් නෙවෙයි ඇත්තටම අපායක්..මේ අපායේ තිබුනා ක්ෂේම භූමියකුත්..එකට කියන්නේ ඇරම්කෝ සීනියර් කෑම්ප් කියලා දහරාන්වල තිබුන...මත්පැන්හල් නැති නිසාත්, නොදන්න දේවල් කරලා ජීවිත හානි කරගන්න නිසාත්, ඇරැම්කෝ සීනියර් කෑම්ප් එකේ ඉන්න ඈයින්ට රටට එනකොටම මත්පැන් ගෙදරදිම පෙරාගන්න අවශ්‍ය උපකරණ මෙවලම් ටිකක් දෙනවා ඇරැම්කෝ එකෙන්ම...සීනියර් කෑම්ප් එකේ ගේට්ටුවෙන් ඇතුලේ තිබුනේ ඇමරිකාව..ගේට්ටුවෙන් මෙහා ලෝකයේ / අපායේ කරන්න බැරි වැඩ ඒ කිව්වේ කාන්තාවන්ට කොටගවුමක් කලිසමක් ඇඳගෙන එහේ මෙහේ යෑම, වාහනයක් එලවීම වගේම ගෑනු පිරිමි දෙන්නෙකුට කැෂුවල් සෙක්ස් කිරීම දක්වා නිදහසක් ගේට්ටුවෙන් එහා ලෝකයේ තිබුනා..!

ඉතිං හැම සුමානෙම මට කෙන්ට් 200 පෲෆ් ඉස්පිරිට් ගෙනල්ලා දුන්නා..වතුර වගේ නිසා ෆ්‍රිජ් එකේ දාගෙන පෙප්සි යහමින් දැම්මාම රම් පරාදයි...කෙන්ට් හම්බවෙනකන් පියුජොට් (එහෙමයි පර්ජෝ එකට එහේ ලංකාවෙ බුවාලා කිව්වේ) නිහාල්ගේ තනූෆ් බෝතල්වල පුරෝපු කසිප්පු බීපු මට කෙන්ට් දෙයියෙක් උනා...අර අපිලට අඹ පොවපු ඉයන් වගේ..!
aerial view of aramco camp 

කෙන්ට් එක සති අන්තෙක කථා කලා මටත් අපායෙන් එහා ලෝකය බලලා, වයින් වීදුරුවක්, බියර් එකක්, විස්කි වඩියක් ගහලා පිලිපීන ගෑල්ලමෙක් එහෙම ආස්‍රය කරලා එන්න...මමත් ඉතින් කෙන්ට්ගේ වාහනේ නැගලා ගියා ඇරැම්කෝ සීනියර් කෑම්ප් එකට....!

එ ගමනේ විස්තරය බලධරයා විසින් කපාහරින ලදි...! සොරි වෙන්න ඕනෑ...!

හැබැයි ඒ ගමනෙන් මම හොඳ පාඩමක් ඉගෙනගත්තා ජීවිතයට...ඒක තමයි තමන්ට යම්කිසිදෙයක් අවශ්‍යනම්, පැකිලෙන්නෙ නැතුව ඒ දෙය ලබාගැනීමට දහිරියෙන් ක්‍රියාකළ යුතුබව...මගේ කුලෑටි කම, ඒ කියන්නේ ගමේ ගතිය..අර කොහේ හරි ගෙදරකට ගියාම අපි කියන්නේ නිකන් ඇවිල්ලා යන්න ආවාය කියල එහෙම වගේ ගතිය...අන්න ඒ ග්‍රාම්‍ය ගතිය මග ඇරගන්න අත්පොත් තැබුවේ එහෙම නැත්තං පන්නරය එහෙම ලැබුවේ එදා වෙන්න ඕනි...තේරෙන්න ඇති නේ මොකක්ද ඉතිං වෙන්න ඇත්තේ කියලා....!

කොහොම හරි ආපහු එනගමන් බඩපිරෙන්න ඉංගිරිසියෙන් බැනුම්නං ඇහුවා කෙන්ට්ගෙන් මං.....!


ආපහු PDO Waste Recycling ව්‍යාපෘතියට හැරෙමුකෝ...මට සාමාන්‍යයෙන් කාලය කළමනාකරනය නිසි අයුරින් කරගන්න පුලුවන්, නමුත් ආකිටෙක්ට්ස්ලා හුඟදෙනෙකුට අඩුවෙන්ම පවතින ගුනයක් එය. තවත් දෙයක් තමයි මට තනියෙන්ම මුලු ප්‍රොජෙක්ට් එකකම ඩ්‍රෝවින්ග්ස් උනත් කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ආකිටෙක්ට්ස්ලා සම්ප්‍රදායිකව ඩ්‍රාප්ට්ස්මන්ලට කියල තමයි ඩ්‍රෝවින්ග්ස් කරගන්නේ..මට ඔය Co-pilot වැඩේ අල්ලන්නෙම නෑ..එක්කෝ මම ඇන්දා නැත්තං නිකා හිටිය..හැබැයි ඒ චන්ඩිකං පොඩි ප්‍රොජෙක්ට්ස් වලට විතරයි.

මාස තුන ඉවරවෙනකොට මම තනියම මුලු ප්‍රොජෙක්ට් එකේම ඩ්‍රෝවින්ග්ස් ටිකත් අනෙකුත් ලියවිලිත් ඉවර කලාට, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියා වූ ඩග්ලස් මට ලොකු උදව්වක් කලා වැහි වතුර බැසයෑමේ කානු පද්ධතිය (Surface and Storm Water Drainage System) නිර්මාණය කිරීමට, හේතුව ඒ වෙනකොට මට ඒ ගැන කිසිම දැනීමක් නොතිබීම...!

අර්වින් කොච්චර සන්තෝස උනාද කිව්වොත් හැමෝටම කියනවා ඇහුනා ඒටීආර් තමයි මමදැක්ක එකම ආකිටෙක්ට් වෙලාවට ප්‍රොජෙක්ට් එකක් ඉවර කරපු කියලා..(මගේ නම ඒටීආර් උනා ඒ අවුරුදු 23 දීම)
ඒකට මගේ උත්තරේ උනේ අර්වින් තාම ලා බාල ඉන්ජිනෙරුවෙක් නිසා වැඩිය ආකිටෙක්ට්ස්ලා එක්ක වැඩ කරලා නෑය කියන එකයි.

කොහෙමෙන් කොහොම හරි, අර්වින් ගෙයි මගෙයි වෘත්තීයමය බැඳීම, ඒ සුබවාදී ආරම්භය නිසා තවත් වසර විස්සක් ඉස්සරහා දක්වාත්, අදත් එලෙසෙම පවතිනවා...ඒකට තමයි අර ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් ඉස් වෙරි ඉම්පෝර්ටන්ට් කියන්නේ මයේ හිතේ..

මාසතුනෙන් නිවාඩු ඉවර වෙලා එනවා කිව්ව ලොක්ක ආවාම වෙච්ච දෙයින් ඉගෙනගත්ත පාඩම ඊලඟට....!


Monday, 3 April 2017

පන්නරය - 01

ජීවිත අත්දැකීම් රාක්කෙක එකතු කලාම මෙහෙම පෙනේවිද...?


සමාව ඉල්ලන්නේ ආදරෙන්..!

හේතුව මා මෙය ලියා තැබිය යුතු උනත්, තේරුම් ගන්න, ඒ කිව්වේ මේ ලියන දෙයින් කාටද වැඩක් වෙන්නේ කියන එක මටත් ප්‍රහේලිකාවක් නිසා...!

මම නැගිටලා තියෙන්නේ, ඒ කිව්වේ ජීවිතේ...කවුරු හරි හිතාමතා මාව වැට්ටුව වෙලාවල් වලය කියන එක දන්නේ මමම විතරක් නිසාත්...මේ ලියන දෙය තේරුම් ගැනීම මාව හොඳට දන්න අයට විතරක් පැහැදිලිවෙන දෙයක් නිසාත්..මේ තවත් කථාවක් විතරක් නොවේවා..නැත්තං ජීවිතේ හරි අසාධාරණයි....!

ඉතිං අවසර....!

1991 මම මෙරටින් පිට උනේ කිසිම අත්දැකීමක්..(ඒ කිව්වේ ජීවිතේ..) නැති කෙනෙක් විදියට යංතං 31ක් උනාම...ඒ උනාට අද 31ක් වෙන අය මීට දශක දෙකකට එහා ජීවත් උන උදවිය වගේ ලාමක නෑ අත්දැකීම් වලින්, හේතුව අද ලෝකේ ගොඩාක් කිට්ටු නිසා අප හැමෝටම.. ඉතින් සාවධානව අසා සිටිවිය කියලයි හිතන්නේ..!

මම විප්‍රවාසයේ පලමුවෙනි අවුරුදු දෙක තුන ගෙව්වේ මදු වැලක් වගේ..ඔහේ ලඟ තියෙන ගහක, අත්තක වෙලිලා යන්න ඇරියා ජීවිතේ, කොහෙද මොනාද කවදාද කියලා නොදැනගෙන හිටි නිසා වෙන්නෝන....!

අවුරුදු තුන ගෙවෙන්නේ 1994 ජුනි මාසේ 12 වෙනිදානන්, 11 වෙනිදා එනවා දුරකථන ඇමතුමක් ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමකින් ඔවුන් හා එක්වෙන්නය කියලා ඕමානයේ ඇති ඔවුන්ගේ ශාඛාවේ ගෘහනිර්මාන ශිල්පියෙක් ලෙස...එම දුරකථන ඇමතුමේ බැක් ස්ටෝරි එක වෙනම ලියන්න ඕනි දෙයක් මොකෝ මෙතනට ඒ පොලිටික්ස් වලින් කිසිම වැඩක් වෙන්නේම නැති නිසා.....එය වෙනම ලියමි...!

එම දුරකථන ඇමතුම එන අවධිය වෙද්දි, හද්දා පිටිසර හැදීවැඩී, ජීවිතේ පළමුවෙනිම වතාවට විශ්ව විද්‍යාල ගමන නිසා කොළඹ පැමිනි මා, විජාතිකයෙකුට මුල්නමින් ඇමතීම දක්වා පරිණාමනය වී තිබුනා....

දුරකථන ඇමතුම දුන්නේ මාර්කො මල්පේඩි (Marco Malpiedi ), ඔහු එවකට COWI Consult (කොවි කන්සල්ට්) නමින් වු ඩෙන්මාර්ක් ඉංජිනේරු සමාගමේ නේවාසික කළමණාකරු ඕමානයේ...ඉතා සුහදශීලීව මා ඇමතු ඔහු, ඔවුන් හා එක්වන්නය කියා ඉල්ලුම් කළා...ඒ අවදිය වනවිට, මා එකතුවී සිටි ඕමානි සමාගම වැනි සමාගම් වල සේවය කරන්නන්ගේ එකම ප්‍රාර්ථනය ජාත්‍යන්තර සමාගමකට බැඳීමයි. එයට හේතු රාශින් විවිධයි..ඉහල වේතන, ඉහල පහසුකම් ආදියත්, සමාජමීය වශයෙන්  ආභරණයක් වූ සුද්දන්ට (ඉන්ටර්නැශනල් කොම්පැනියකට) වැඩකිරීමත් එයින් සමහරක් විය හැක.

ඩෙන්මාර්කයේ ලුන්ග්බි (Lyngby) නගරයේ කොවි (COWI) ප්‍රධාන කාර්‍යාලය

මාර්කෝ මාහට සම්මුඛ පරීක්ෂනයට එන්නට කියූ දා මා ඇත්තටම චකිතයෙන් යුතුවය ඔහු මුනගැසුනේ..එයට හේතුව සමහර විට ඒ මා සුදුජාතියෙකුගේ සම්මුඛ පරීක්ෂනයකට මුහුන්දුන් මුල් වතාව වීමත්, හදපිරුණු බලාපොරොත්තු ගොන්නත් අතර තරඟයක්ම වියයුතුයැයි දශක දෙකකට පසු අතීත ආවර්ජනයේ යෙදෙන මේ මොහොතේ හිතට එන හැඟීමය...!

මාර්කෝ මල්පේයිඩි (Marco Malpiedi)


අපි කථාවට නැවතත් යමු...!

හිතේ දෙගිඩියාවෙන් මෙන්ම හද පිරි අනාගත බලාපොරොත්තු ඉහලින්ම දරාගෙන කුරුම් හයිට්ස් (Qurum Hieghts) නැමැති මස්කට් ආසන්නයේ ඇති උප නගරයේ, ලෙබනන් ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකු නිර්මානය කල වෘතාකාර ජනේලයන්ගෙන් සැදි, තරමක් විවාදයට භාජනයවූ පල්ලියක් අද්දරින් පහලට නෙරා ඇති අතුපාරක තිබූ මහල් දෙකකින් යුත් නිවසක පවත්වාගෙන ගිය එම කාර්යාලය මගේ ජීවිතය අමුතුම මගකට හරවාවීයැයි යන්න මට හීනෙකින් වත් ආ හැඟීමක් නොවීය...!

මාර්කෝ මා සාදරයෙන් පිළිගත්තා පමනක් නොව ඉතාමත් ගරුසරු ඇතිව මාව මෙහෙව්වාය කීවොත් මා නිවරදියි...ආගිය කථාවලින් පසු ඔහු මාගේ පඩිනඩිද වාහනය සම්බන්ධවූ ගැටලුද විසඳා, පසෙක ඇති දුරකථනය ගෙන යමෙකුට ඔහු සහ මා සිටි ඔහුගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස දැන්වූවා අද මෙන් මාහට මතකය....!

දුරකථනයෙන් කථා කල තැනත්තා අමතා මාකෝ කීවේ " පීටර් ප්ලීස් කම් ටු මයි ඔෆිස්, අයි වෝන්ට් ටු ඉන්ට්‍රොඩියුස් යූ ටු අවර් නිව් ආර්කිටෙක්ට් " කියායි.

මා වාඩි වී සිටියේ මාකෝට මුහුන දෙමින් ඔහුගේ කන්තෝරු කාමරේ දොරට පිටුපා නිසා දුරකථනයෙන් අමතා කථා කෙරූ තැනත්තා දොර ලඟටම එනතුරු ම මා දැක්කේ නැහැ...හයි පීටර් ( හායි නෙවෙයි හොඳේ...ඩේනිෂ් අය හායි කියන්නේ හයි..කියලා...දෙපාරක් හයි හයි කියන්නේ ගුඩ්බායි කියන එකට ) කියා මාකෝගේ කටින් පිටවෙනකොටයි මා පිටුපස හැරී බැලුවේ...!

ගෝටියක් (ඒ කිව්වේ එළු  රැවුලක් ) තිබ්බ උස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි සිතිය හැකි මට වඩා වයස කෙනෙක් තමදෑත් දොර උලුවහු දෙකේ තියාන මා දිහා බලා..."සෝ යූ ආර් ලුකින්ග් ෆොර් වර්ක්.." යැයි කියනවාත් සමගම මා හැරී බැලුවේ මාකෝ ගේ නෙත් දිහා...ගිනියම් වු ඇස්දෙකින් පීටර් දිහා බැලූ මාකෝ ඉතාමත් බැගෑපත් මුහුනක් මට පෙන්නා නැවතත් පීටර් දිහා බලාගෙන.."නෝ පීටර්..හී ඊස් නොට් ලුකින් ෆොර් වර්ක්..වී ආර් ආස්කින්ග් හිම් ටු ජොයින් අස්..ජස්ට් ටේක් අ සීට් විල් යූ..."ය‍යි පවසා හිස දෙපැත්තට වනා මා දෙස සිනහ පිරි මුහුනකින් බලා තම අසුනේ හරි බැරි ගැහුනේ සුසුමකුත් හෙලමින්....!

මම කව්ද, දැනැට වැඩකරන ආයතනය කුමක්ද, දැනට මම එම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පියාය ආදිය මාකෝ විසින් පීටර්ට තේරුම් කරද්දී මම කිව්වේ, මා දැනැට වැඩ කරනායතනයේ ගෘහ නිර්මාන ශිල්පීන් සිටින්නේ මම පමනක් නිසා මම ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා බවයි. එය අප අතර තිබූ දෘඩ බව නැතිකරන්නට උදව්වක් උනා තිදෙනාම සිනහවෙන් එය පිළිගත් නිසා...එයින් පසු සෙන්නාගෙන් ගොන් ප්‍රශ්න අහන සංඛ සේ, පීටර් කිසිසේත් අදාල නැති ගොන් ප්‍රශ්න වැලක් අහන්නත්, මම ඒවාට කිසිම පැකිලීමක් නැතුව උත්තර දෙන්නටත් උනේ, ඒ වෙනකොටත් මාර්කෝ මා එම සමාගමට බඳවා ගැනීමේ මුල් කාර්යයන් හමාර කොට තිබූ නිසාවෙනි.


ඉන් සුමාන දෙක තුනකට පසු මම අලුත් ඔෆීසියේ වැඩට ගියේ අලුතෙන් ගත් මෝටර් රථයේ නැගී සෑහෙන සතුටකිනි. මා පිලිගත් අමරනාත් (ඔහු ගැන වෙනම ලියමි ) මාකෝ වෙත මා ගෙනගියේ සෑහෙන සතුටකිනි. එයට හේතුව අමරනාත් ගැන ලියනාවිට ලියවේවි.

මාකෝ මා රැගෙන ගොස් උඩ තට්ටුවේ වාඩි වී සිටි ඩෙන්මාක ජාතික ඉංජිනේරුවන්ටත්, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකුවූ ඩග්ලස් ලෑන්ග්ද්මේඩ්, කේරළ ජාතිකයෙකු වූ ජේම්ස් ජෝන්ස් සහ ඉන්දියන් ජාතික ගෘහනිර්මාන ශිල්පිනියක් වු ස්වතී හල්දන්කර් සහ ශ්‍රී ලාංකික ගෘහනිර්මාන ශිල්පී මා මිත්‍ර සරත් බන්ඩාරයන් සහ අනෙකුත් සැලසුම් ශිල්පීන් හටත් හදුන්වා දුනි.

ඉහත කියූ සහෝදර කාර්‍යාල සඟයන් වාඩී වී සිටි අයුරු, ඔවුන්ගේ පුටු මේස තබා තියූ අයුරු මා කැළඹුවේ, මා කළින් වැඩ කල ස්ථානයේ මා හට වෙනම ඉඩක් ද කොම්පුයටරයක්, ඩ්‍රෝවින්ග් බෝර්ඩ් එකක්, ටෙලිෆෝනයක් යනාදිය ද තිබූ බැවිනි. ශ්‍රීලාංකික ගෘහනිර්මාන ශිල්පියා ඩ්‍රෝවින් බෝර්ඩ් එකකද, ඉංදියන් ගෘහ නිර්මාන ශිල්පිනිය කොම්පියුටර මේසයකද වාඩිවී සිටීමත්, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාන ශිල්පීන් දෙදෙනා කුඩා කියුබිකල් දෙකක වාඩිවී සිටීමද මෙයට හේතුවයි.

හඳුන්වා දීම්වලින් පසු නැවතත් ස්පයිරල් ස්ටෙයාකේස් එකෙන් පහල ඇති මාකෝගේ කාමරයට පැමිනීමෙන් පසු, මෙම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පී ඕලේ බී ලාසන් (Ole B Larsen) මහතා මාස තුනක නිවාඩුවකට ඩෙන්මාකයට ගොස් ඇති වගත්, මා ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා ලෙස කලින් ආයතනයේ වැඩකරමින් සිටි නිසාත් ඕලේ ලාසන් මහතාගේ පහල ඇති කාමරයේ මට මුල් මාස තුන වැඩ කිරීමට අවසර ඇති බවත් මාකෝ පැවසුවේ මාගේ හිත තුල තිබූ අවිනිශ්චිත බව තේරුම් ගිය කෙනෙකු ලෙසයි.

ලාසන් මහතාගේ මේසය උඩ ඇති පෑන් පැන්සල් යනාදිය...!


ලාසන් මහත්තයගේ කාමරයට, (කාමරයක් කිව්වට ඒක අඩි හයක් පලල අඩි දොලහක් විතර දිග තීරුවක්, ස්පයිරල් ස්ටෙයාර් එක යටින් ඇතුල් වෙන්න තියෙන..කාමරේ මුලු දිගෙන් බාගයක් විතර වැහිලා තිබුනේ පැරලල් රූලකින් සමන්විත ඩ්‍රොවින් බෝර්ඩ් එකෙන්..ඒකට පැත්තකින් තිබිච්ච මේසේ පාට පාට පැන්සල් පෑන් වලින් පිරිච්ච ටින්, අනිකුත් ඇඳීමේ උපකරන වලින් ගහන හැබැයි සෑහෙන පිලිවෙලකට තියෙන තැනක් කියන එක මගේ ක්ෂනික අවධානයට යොමු උනා...) ම රැගෙන ගිය මාකෝ..ඔබට මේ කාමරය තාවකාලිකව මාස තුනක් පාවිච්චි කරන්න පුලුවන් ඔහු එනතුරු, නමුත් මෙම කාමරය අතහැර යාමේදී, කාමරයේ ඇති දෑ මේ තියෙනාකාරයටම නැවත තැබීම ඉතාම වැදගත් බවත්, ලාසන් මහතා වෙන කිසිම අයෙකුට ඔහුගේ ආම්පන්න පාවිච්චියට නොදෙන බවත් පැවසුවා....!

අර්වින් හක්‍රොව් (Ervin Haukrogh)

ඔහු නික්ම ගිය පසු වට පිට හොඳින් පිරික්සා බලා මා පුටුවේ හරිබරි ගැසී වාඩිවෙනවාත් සමගම, ඉතාම ප්‍රියංකර සිනහවකින් නිතරම මුහුන පුරවාගෙන සිටින හීන්දෑරී ඩෙන්මාර්ක් ජාතික ඉංජිනේරුවකු වූ අර්වින් හක්‍රොව් (Ervin Haukrogh) කාමරයට ඇතුල්වුනේ ලිපිගොනුවකුත් ඩ්‍රෝවින් රෝලකුත් සමගින්...කොවි කන්සල්ට් සමාගමේ මගේ පළමුවෙනි ව්‍යාපෘතිය ආරම්භකිරීමට කාලය පැමිනි ඇතිබවත්, මා හට එදා සිට මාස තුනක කාලයක් ඒ සඳහා වෙන්කොට ඇති බවත්, එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ඔහු බවත් ඉතාමත් කුළුපගුව පවසා, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියාගෙන් එම ව්‍යාපෘතිය මා හට බාරගන්නා ලෙසත් පවසා, ලිපි ගොනුව මා වෙත තබා ඕනෑම අවස්ථාවක ඔහුව සම්බන්ධ කරගන්නයැයි ටෙලිෆෝනය වෙත ඇඟිල්ල යොමු කොට අර්වින් පිටව ගියා...!

ඉදිරි මාස තුන, ස්ථාන මාරුව සහ ස්වතී හල්දන්කර් ගැන ඊලඟට ලියන්නයි ඉන්නේ...!

ප.ලි. :
මෙය ලියා තැබීමට හේතුපාද වූයේ, ඉහත මා සඳහන් කල, කොවි සමාගමේදී මුලින්ම මුනගැසුනු, මා මිත්‍ර බ්‍රිතාන්‍ය ජාතික පීටර් සැමන්ස් රුදුරු හෘදයාබාදයකට ගොදුරුවී අප සැමගෙන් සමුගත්තායැයි ලැබුන ඊමේලය කියවීමෙන් මා සිත දශක දෙකකටත් එහා අතීතයට දිව යෑමය...! 
මේ දිග කථාව ලිවීමට මට හයිය හත්තිය ලැබේවා යයි පතන්න ඕනි ඉතින්...!

ඔය වෙනම ලියමි, පන්නරය-2 වගේ ඒවා ගැන නම් මගේ කිසිම විශ්වාසයක් ඇත්තේම නැත...!







Friday, 17 February 2017

හැලප එක්ක කොච්චි



1020 Way 2118


හැලප එක්ක 
කන්න ඇහැක්ද 
කොච්චි....!

හ්ම්......!

කොච්චි එක්කවත් 
කන්න ඇහැක්ද
හැලප...!

ඒත්..!

කාපු කෙනක් 
කිව්වොත්
හැලප එක්ක 
කැවා කියාලා
කොච්චි..!
කීයෙන් කී දෙනාද අප්පා
කොරන්නේ 
විශ්වාස...!!

රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි
හේතුව...!

කිව්වත් විශ්වාස කොරයිද
කවුරුවත්..
ඒත් ...!
ඇත්තම
ඇත්තයි..!
සැටිෆිකේට්ම
ඇත්තයි..!
රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි...!
පහුගිය සතියෙම
වින්දෙමි
විඳෙව්වෙමි..
ඒත්..!
ඇත්තම
ඇත්තයි
සැටිෆිකේට්ම
ඇත්තයි..
රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි...!

හැලප හැදන්නේ කුරක්කන් පිටිවලින්නේද...?
ඒ උනාට යොදියේ...
හප්පේ කොච්චි වල තියෙන රාජකීය උශ්නේ....!
ඉස්කෝලෙ ගැන නෙවෙයි උනත්..!
සෙන්ට්‍රිග්‍රෙඩ් විස්සකදි උනත්..
දැනෙනවා නෙව රාජකීය උශ්නේ..!
කොහොමද දන්නවැයි..!
කොච්චියා සිංදු කියනකොට
අර රාජකීය මාතලන් වගේමයි නොව...!

බ්ලොග් ලියන අපේ කරුමේ කියන්නේ
අඩුම ගානේ හාමිනාගේ කොන්ද හරි සෙට් වෙනාවනේ
ඔය ඩොමෙස්ටික් සෙන්සර්ශිප් එකට..
නැද්ද කොච්චි..
හා..
නැද්ද 
හෑලපේ...!


ආයෙත් දොහක
හැලප සමග
කන්න
කොච්චි
පෙරන පෙරුම්
අනේ මේ අහිංසක ටිං ටිං...!
බොක්කෙන්ම
තැන්කූ වේවා බොලාට...!

SQU Cultural Centre





Tuesday, 9 August 2016

කේරළ පොරොටා, චිකන් මසාලා නවක වදය



Ruwi OK Centre
1992 ජූනි මස 12 වෙනිදා, සීබ් (මස්කට් ) එයාපොර්ට් එකෙන් ගොඩ බට මා කිලෝමීටර 40ක දුර ගෙවා කෙලින්ම රුවී වල ඕකේ සෙන්ටර් එක ගාව තියෙන තට්ටු හතේ බිල්ඩිමේ හතර වෙන තට්ටුවෙ තිබිච්ච අල් හට්මි ඉන්ජිනිරියන් ඇන්ඩ් කන්සල්ටන්සි ඔෆීසියට ගොඩ වැදුනේ සුට්ටං එලිවේටර් එකක නැගිලා...ඒක උඩට එනකොට හෙල්ලිච්ච හෙල්ලිල්ලට වඩා මගේ හිත හෙල්ලුනා ඔෆිස් කට්ට දැක්කම...හපොයි කිය උනා මගේ සරුවාංගෙටම...

මීට සතියකට කලියෙන් මම දහරාන් ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බෑමෙන් පසු සිදුවූ දේවල් මෙතන කෙටියෙන් ලියා ඇත...මට සිහි වූයෙ මා දහරාන් නගරයේ සේවය කල සමාගම තිබූ මහල් ගොඩනැගිල්ලත්, එහි දහ වන මහලේ මා සේවය් කල ඔෆීසියේ තිබූ සොෆිස්ටිකේෂන් එකත්ය...කාමර තුනක කුඩා අපාර්ට්මන්ට් එකක එහෙන් මෙහෙන් ඔෆිස් මේස පුටු අහුරා තිබූ මේ නව ඔෆීසිය මට හිරිගඩු ගෙනාවේ සුලු කාලයකට පමනි..ප්‍රධාන ඉන්ජිනේරුවා වූ අශෝක් දාස් මහතා බටහිර බෙන්ගාල ජාතික දෙකන් දිග (බුදු සාධු වගේ) පැහැපත් සොඳුරු මනුස්සයෙක් වීමයි එයට හේතුව.

Asok Das-Chief Engineer Al Hatmy Engineering

ආ ගිය තොරතුරු කතා කොට, අශෝක් දාස් මට සජී සමග මාගේ තාවකාලික නවාතැන, ඒ කියන්නේ මගේ ප්‍රිය බිරින්දෑත් දරු දෙදෙනාත් එනතුරා මා හට එන කල බැචුල ඇකම්ඩෙෂන් එක, වෙත ගොස් වෙහෙස නිවා ගෙන එන ලෙසත්, ඔහු පහුවෙනිදාම කල්කටා වෙත නිවාඩු පිණිස යන බැවින්, මට කලියෙන් මෙහි සේවය කල ආකිටෙක්ට් මහතා බාගෙට දමා ගිය රජයේ තට්ටු බිල්ඩිමක ඉතිරි වැඩ කටයුතු නිමා කොට ඔහු ආපසු පැමිනෙන විට ටෙන්ඩර් කිරීමට පිළියෙල කර තබන්නයැයි කී විට මා පැවසුවේ, නැත මට විඩාවක් නොමැත, ඔබ යෑමට කලියෙන් මට කිරීමට ඇති වැඩ ප්‍රමානය ගැන විස්තර කරන්නයැයි කී නිසා හැන්දෑ වෙනකන් ඔහු සමග ගැවසීමටත් අලුත් රටේ වැඩ කරනාකාරයේ දිග පළල යහමින් දැනගැනීමටත් හැකි විය...

කොළඹ සිට සීබ් ගුවන් තොටුපොලට ඇති පැය තුනහමාරක ගුවන් කාලයත්, පැය එක හමාරක් වූ කාලයේ වෙනසත් ජෙට් ලැග් නොගෙනා නිසා මා හට එතරම්ම මහන්සියක් නොදැනුනේ මා 31 වෙනි වියේ පසු වූ නිසාම විය යුතුය..දැන් නම් කොළඹ සිට හයිවේ එකේ මාතර පැත්තට යනවිට ගැලනිගමදීම නින්ද යයි...

Ruwi Civic Centre

සවස පහමාරට පමන රුවී නගරයේ තවත් ලෑන්ඩ්මාර්ක් එකක් වන ජෙනෙට්කෝ බිල්ඩිමේ තුන්වෙනි මහලේ තිබූ මාගේ තාවකලික නවාතැනට යනවිට (එය කාමර තුනකින්, සාලයකින් සහ මනාවට පිරිපුන් මුලුතැන්ගෙයකින් සමන්විත අපාර්ට්මන්ට් පොඩ්ඩක් විය )මාගේ ෆ්ලැට් සඟයන් වූ නන්දි නම් බටහිර බෙන්ගාලි ජාතික ආකියෙකුත්, පෝල් ථෙවකාන්තන් නම් යාපනයෙන් පැමිණි සිටි ශ්‍රී ලාංකික ස්ට්‍රක්චරල් ඉන්ජිනේරුවාත් මූණ කට සෝදා සරම් වලට ෂොර්ට් වලට බැස සිටියෝය.

නන්දි අන්තිම කොනේ කොරිඩොරුවකිනුත් හැරීගියාට පසු හමුවෙන කාමරයකත්, එයට යාබද විශාල කාමරයක පෝලුත් ජීවත් වු අතර විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය අසල තිබූ අමුත්තන්ගේ නිදන කාමරය මට වෙන්කොට තිබුනේය.. මා එයට පෙම්බැන්දේ එහි තිබූ පළල අලුමිනියම් ජනේල වලින් මට රුවී මිටියාවතේ හොඳම දසුන් කෙරවලක් නොමැතිව සපයා දීමත්, මාගේ ආදරණීය මුලුතැන්ගෙය මා අසලම ගැවසීමත් නිසා වියයුතුය.

Ruwi Valley seen from Yeti

මේ කාමරය තුලත්, මේ කුඩා නිවහන තුලත් ඉදිරි මාස තුනක කාලයේදි රසවත් සිදුවීම් නේක රාශියක් සිදුවූ බැව් මා දැන් සිහිකරන්නේ පුදුමාකර ආත්ම තෘප්තියකිනි.

එනමුදු, තවමත් උත්තර හොයාගැණීමට නොහැකි වූ එකම එක පුද්ගලයෙක් වටා සිදුවූ  සිදුවීම් ජාලයක් මා පසු පස එලවයි. එය ලියා තැබිය යුතුය යන්න මා පෙලයි. මාගේ මේ ලියවිල්ල ඔහුත් කියවන බවත්, මෙය කියවු විට ඔහු දැන් මා මෙන් ජීවිතය විඳ ඇති නිසාත්, ඔහේ ලියාගෙන යමි.

එයට පසුව පිවිසෙමු. මිනිසුන් ගැන කීමේදී මට මතක් වෙන්නේ මා සීබ් ගුවන් තොටුපොලෙන් එකතු කරගැනීමට පැමිනි සජී නම් කේරළ ඉන්ජිනේරුවා සමග රුවී නගරය වෙත පැමිනෙමින් සිටිද්දී වු කුඩා සිද්ධියකි. මා දහරාන් නගරයේ ජීවත්වූ මාස 13ක කාලය තුලදී වාහනයක් පාවිච්චි කරේවත්, කුලී රථයක නොගිය බවත්, ඔෆීසියෙ සිට නවාතැනට කුඩා බසයකින් ගෙන ඇරලූ බවත් පැවසිය යුතුය. සීබ් ගුවන් තොටුපොලින් මා එකතු කිරීමට සජී පැමිණි සිටියේ ඔහුගේ නවතම කාරයෙනි. බෑග් මලු එකතු කොට ඩිකියේ දමා මා ඔහුගෙ කාරයේ ඉදිරි අසුනේ වාඩිකරගත් සජී සීබ් සිට රුවී දක්වා වාහනය පදවමින් සිටින අතර අපට සමාන්තරව ධාවනය වන කුළී රථයේ සිටි ඕමානි ජාතික රියදුරා අතින් පයින් ඔහු හට මා පෙන්න පෙන්නා මොනවාද පවසයි. මේ හස්ත මුද්‍රාව මට නම් තේරුම් ගත නොහැක. අපෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබුනු මේ ඕමානි ජාතික ටැක්සි රියදුරා අපට ඉදිරියෙන් ගොස් පාර හරස් කර වේගය සෙමින් අඩුකරමින් අපහට වාහනය නවත්තන තැනට වැඩ සිද්ධ කලේය...මා හිතුවේ රටට ගොඩ බැස්ස හැටියේම මට කෙළවෙන්න යනවා යන්නය...ඔහුගේ රථයෙන් බැස ඇවිත් ඔහු උරිස් කරට ඔහුගෙ අත තියමින් පහලට අදින ස්වභාවයක් පෙන්වමින් අරාබි බසින් යමක් පවසයි. එවිට අරාබි බස හොඳින් හසුරන සජී,
 "සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
 "අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.

මේ ඕමානි ජාතික මිනිසා මෙසේ කලත්, එදාම හවස සිදුවූ තව සිදුවීමකින් තලා පෙලා දැමූ මගේ සිත තාමත් ඔද්දල්ය. අවුරුදු 24කට පසුත් ඔද්දල්ය..

තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...

දැන් මෙය මාගලක් වීමට මාන බලයි....

කෙටියෙන් ලියා අහවර කිරීම ඇඟට හොඳය..

අප අතර ඇතිවූ දෙබස....මෙය සිදුවුයේ මාගේ කාමරය තුලය..නන්දි සහ පෝල් මෙයට සම්බන්ධ නැත..හහ්..

මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?

ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...

අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...

දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.

මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...


කේරළ පොරොටා
චිකන් මසාලා

ඒ සැන්ඳෑව සතුටින් ගෙවූ අපි වෙන්ව ගියේ මා කෑමට රෙජිස්තර වූ තැනින් රෑ කෑමත් කෑමෙන් පසුවයි. ඒ කෑමේ ආදීනව දැන්නුනේ පහුවෙනිදාය...ඇසිඩ් ගිල්ලා වැනි දැවිල්ලත්, ඔලුව පිටුපසින් නැගී එන වේදනාවත් මා හට ගැස්ට්‍රයිටීස්වල හොඳ එක වැළඳී ඇති බැව් කියා පායි...හැන්දෑවේ අනුරයා පමනක් මා සොයා ආවේ පසුව අපගේ ප්‍රියතම පානයක් වූ ඉන්දියන් රම් බෝතලයක්ද සමගයි.

රහමෙර පානය කිරීමට තරම් හිතක් තිබුනත් අමාශයක් නැති නිසා ඒ බැව් අනුරට කී විටයි මට තේරුම් ගියේ මාහට සිදුවූ දේ....අප අතර ඇතිවූ දෙබස...

මම: මාර ගැස්ට්‍රික් මචං..මට ඉන්දියන් කෑම හුරු නෑ..ඔක්කොටම වඩා අර පොරොටායි චිකන් මසාලා එකයි මාර කේස්නේ..

අනුරයා: උඹ සවුදි ඉන්නකොට කෑවේ ඉන්දියන් නෙවෙයිද...?

මම: නෑ බං මම උයාගෙන කෑවේ...?

අනුරයා: උඹට උයන්නත් පුලුවන්ද..?

මම: හ්ම්ම්...

අනුරයා: ඇයි බං උඹ ඉන්දියන් කෑම මෙස් ෆැසිලිටි එකට ගෙව්වේ..ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකෙත් මෙස් ෆැසිලිටි එක තියෙනවනේ..මමයි ලලිතුයි කන්නේත් ඒකෙන්මනේ..ගානත් එකයි...මම මාර අප්සෙට් එකේ හිටියේ උඹ ඇයි ලංකාවේ කෑම කන්නේ නැත්තේ කියලා...

මම: හෑ...ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවද..? කොහෙද..ඈතද..?

අනුරයා: ඈත නෙවෙයි රුවී හයි ස්ට්‍රීට් එකේම උඹ කන තැනට පොඩ්ඩක් එහායින්...සුනිල් කියලා ලංකාවේ ඉංජෙක් කරන්නේ රෙස්ටෝරන්ට් එක...

මම: ඒ කියන්නේ ලලිත් ඕනකමින්මද මට කේරළ ස්පොට් එක සෙට් කරලා තියෙන්නේ..?

අනුරයා: ඒ වගේ නේ..ඌ උඹේ යාලුවෙක් කියලා නේද කිව්වේ...මේ ඒක නෙවෙයි තව එකක් තියෙනවා උඹට කියන්න...

මම: මොකක්ද..?

අනුරයා: ලලිත් මාර....!!!!!

මම: එපා එපා ඔයිට වඩා කියන්නෙපා..ඔය හොඳටම ඇති..!

දශක දෙකකටත් එහායින් සිදුවූ මේ සිදුවීම මට තාමත් ප්‍රහේලිකාවකි...ඇයි...ඇයි...???



නවක වදය හෙලා දකිමු...!



Thursday, 26 May 2016

game box, බෝස් ස්පීකර්ස් සමග සුප්පාගේ උපන්දිනේ...

එතකොට මගේ වයස යන්තං 32යි...ලංකාවෙන් පිටවෙලා මාස 13යි...සවුදි අරාබියෙන් බොහොම අමාරුවෙන් එක්සිට් වීසා එකක් ගහගෙන ජීවිතේ පලමුවෙනි සැරේට ලංකාවට ගොඩ බහිනකොට හෙනගහන්න වහිනවා. මාස 13ක් වැස්ස තියා ගහකොලයක් ගෑල්ලමෙක් නොදැක හිටි මට, වැස්ස, ගංවතුර ෂෝක් කියල දැනුනේ..

මේ මම කියන්නේ 92 ජූනි 5 වෙනිදා වැහපු වැස්ස....අර සිරිසේන කුරේ මහත්තයාගේ රාජගිරියේ ගේත් යටවෙච්ච දවස. එයා ගැන කිව්වේ කොළඹ නගරාධිපති වෙලා හිටියෙ මෑන්ස් නිසා, ඔය ගංවතුරට ප්‍රධාන හේතුව වැස්සම නෙවී, පොලීතීන් හිරවෙච්ච කානු පද්ධතිය..

ඉස් ඉස්සෙල්ලාම කුලියට එයාර්පෝර්ට් ටැක්සියක් (ඒ කියන්නේ වෑන් එකක් ) ගත්තෙත් එදා, මොකෝ ෆර්ස්ට් ට්‍රිප් එකනේ....

රට ගිහින් එන (විශේෂයෙන්ම මැද පෙරදිග ) හැමෝම වගේ මමත් කාගෝ පෙට්ට්යක් (එහෙමයි අපි ඒවට කිව්වේ ) ට්‍රයිකෝ එකෙන් නැවට දාලා එහෙම තමයි අහසින් ගෙදර ආවේ....අතේ පයේ එල්ලගෙන බෑග් ඇතුලේ දාගෙනත් සෑහෙන අඩුම කුඩුම ගේන්න ඇති. ඇයි ඩියුටි ෆ්‍රී එකන් ගන්න සිගරැට් සුරුට්ටු විස්කි බෝතල ටික හෙම..

ඉතින් ඔය ඔක්කොම වෑන් එකේ දාගෙන ගෙදර ඇවිත් දවස් දෙකක් විතර ගියාම තමයි ට්‍රයිකෝ එකෙන් ලියුම හරි කෝල් එක හරි ආවේ කාගෝ පෙට්ටිය ගන්න එන්නය කියලා....

මම සවුදියට යන්න ගිහින්, ඒ කියන්නේ මේ සිද්ධිදාමයට මාස 13කට කලින් වෙච්ච සංතෑසිය මෙතනට ගියාම බලාගන්න ඇහැකි...

ඒ යන්න ගිහින් වෙච්ච දේ...ඊටත් එහා කරදර ගොඩකට වගේම රසවත් දේවල් ගොඩකටත් මූන දුන්නා සවුදියේදි....ඒ ඔක්කොමත් හරි මේකත් හරි...

ඔය කිව්ව මාස 13දීම, පඩි ගත්ත හැටියේ රියාල්10 කඩවලට ගිහින් පොඩි පොඩි අඩුම කුඩුම එකතු කලේ කූඹි වැස්ස කාලේට කන්න කෑම එකතු කරනවා වගේ..හිතින් හදාගත්ත පෙට්ටියක සයිස් එකට ඔය බඩු අහුරන එක තමයි ජොලිම වැඩේ...බඩු ඇහිරුවේ මගේ ඇඳ ගාව බිම තියෙන ඉඩේ...ටික ටික මාසෙන් මාසෙ මේ බඩු පොදිය රෙක්ටෑන්ගියුලර් ෂේප් එකට උඩට එනකොට මට ඉතින් රටක් රාජ්ජයක් දින්නා වගේ...

දැන් කාලේ වගේ මොබයිල් ෆෝන් එහෙම යහමින් තිබුනේ නෑ ඒකාලේ..මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන් එකක්වත් නෑ..ඒකක් ගන්ඩ ඇමතියෙක් අඳුරගෙන ඉන්න ඕනි ඒ දවස්වල..දුරකථන හරි පොෂ් ඒකාලේ...ඒ නිසා ඔය ඇඳ ගාව බිම තියෙන රෙක්ටෑන්ගියුලර් ෂේප් එකට හැදීගෙන එන බඩුකන්දරාව දිහා බලාගෙන, ඇඳේ දිගා වෙලා, අල්කෝබා වලින් රියාල් 200ක් දීලා ගත්ත පොඩි කැස්ට් රෙකෝඩර් එකේ කථාව රෙකොර්ඩ් කරනවා...ඒ කියන්නේ ටෙලිෆෝන් කරනවා වගේ තනියම කියෝන එක..අරකක් ගත්තය, මේකක් ගත්තය, තව මොනාද ගන්න ඕනි ආදී වශයෙන්..ඊට පස්සේ ඔය කැසට් ටේප් එක කාර්ඩ් බෝඩ් වලින් හදාගත්ත ලියුම් කවරයක පෙනුම ඇති අසුරනයක දාලා ( ඒකේ ලිපිනය ලියන හරිය වෙනම එලියට පනින්න හදන්නේ මොකෝ මුද්දර වලට සීල් ගහන කොට කැසැට් පීස් එක කුඩු වෙන නිසා ), තැපෑලට දානවා ගෙදර උන්දෑගේ ඇඩ්ඩ්‍රස් එකට..ටික දොහක් යනකොට ඒ ජාතියේම කැසැට් පීස් එකක් එනවා ලංකාවෙන්...එක අතකට දැන් හිතෙනවා ඒ ක්‍රමේ මේ මොබයිල් වලට වඩා ලෙන්ගතුය කියලා..නැද්ද..?

සමහර දවස්වලට ඩස්ට් බින්ස් වල විසි කරලා තියෙන පොඩිපොඩි සරුව පිත්තල අරුමෝසම් කෑලිත් අහුලන් ඇවිත් ඔය ගොඩ පුරෝනවා..එහෙම අහුලපු, අර ලිපෙන් බාපු හැටියේ රස්නේ තියෙන භාජන එහෙම තියෙන ලස්සන දරණු සෙට් එකක් තාමත් මං ගාව තියෙනවා...ඒක පිත්තල වලින් හැඩ වැඩ දාලා හදපු එකක්...සමහරුන්ට නොවටිනා දේ සමහරුන්ට වටිනවා...අසරණ උනාම කොයිකත් වටිනවා...!

මට ගන්නම ඕනි , ආසාම කරපු දෙයක් තිබුනා (ඒක පස්සේ ගත්තා කොහොමහරි ) ඒ දවස්වල අල්කෝබ වල ෂොපින් මෝල් එහෙක....බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්..ඇකූස්ටිමාස් කියුබ් ස්පීකර් ඇරේ සිස්ටම් එක...ඒ දවස්වල ඒක මාරම සවුන්ඩ් සිස්ටම් එකක්..අස්ප ගනන්..කෙල හල හල වින්ඩෝ ෂොපින් කර කර ඉඳලා එක දවසක් රිංගුවා ෂෝරූම් එකට..පන ගැහි ගැහි..මොකෝ ඒ වගේ තැනකට යන්න සුදුසු ඇඳුමක් ගන්නවත් සල්ලි අතේ නැති නිසාම ඇතිවෙච්ච දුක්ක දෝමනස්සේ නිසා...

Bose Acoustimass

ඔය බෝස් සවුන්ඩ් සිස්ටම්ස් ඩිස්ප්ලේ කරන්නේ නැහැ...වෙනම සවුන්ඩ් ස්ටුඩියො එකක් වගේ එකක් හදලා ඒකේ ඩයස්ට්‍රේට්ස් ලගේ සල්ටන්ස් ඔෆ් ස්වින්ග්ස් වගේ මාර ඇකුස්ටික්ස් තියෙන මියුසික්ස් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ...මගේ කරුමේ කියන්නේ ඒ සිස්ටම් එක දාලා තිබුනේ ඒ ෂොප් එකේ මෙසනයින් ලෙවල් එකක..එතන්ට යන පඩි පෙල මුල, බඩ තඩි කේරළ බුවෙක් ඉන්නවා අත්දෙක හෑන්ඩ් රේල්ස් දෙකේ තියාගෙන මට උඩට යන්න බැරි වෙන ගානට...යාන්තමට සල්ටන්ස් ඔෆ් ස්වින්ග්ස් මට ඇහෙනෝ...මම ඌ ලඟට ගිහින් බොහොම බැගෑපත්ව බැලුවා නිකන් ....කැන් අයි ගෝ අප්ස්ටෙයාර්ස් ගානට...මේකා මගේ ඔලුවේ ඉඳන් දෙපතුල දිහා බලලා කියපි...බෝස් සිස්ටම්ස් අප්ස්ටෙයාර්ස්..වෙරි වෙරි එක්ස්පෙන්සිව්..යූ හෑව් මනි..? ෆී ෆුලූස්..? මාෆී ෆුලූස් නෝ අප්ස්ටෙයාර්ස්...!!!

හපොයි..මට ආත්මලැජ්ජාව කියන එකේ අඩියම පෙනුනා, ඒනිසාමද කොහෙද මලේ හොඳ එකෙන්ම පැන්නා..බැලුවෙමි වට සහ පිට..හා ඔය ඉන්නේ පලස්තීන නැත්තං ඊජිප්ෂන් මැනේජර් කාරයා...ගියා ඌ ගාවට...හොඳට හිතට ගතට ගට අරන් කිව්වා ...යුවර් ඉන්දියන් වර්කර් ඉස් ආස්කින් මනි ෆ්‍රොම් මී ටු චෙක් ද බෝස් සිස්ටම්..අය් කේම් ටු බයි ද සිස්ටම් ටුඩේ, බට් අයෑම් නොට් ගොයින් ටු බයි ඉට් බිකොස් ඔෆ් හිස් ඇටිටුයුඩ්... කියලා හැරුනා ආපහු..... පයින්ම ඇකොමොඩේෂන් එකේ..

ඒ දවස්වල කිලෝමීටර් හතක් විතර ඒ දුර පයින්ම යනවා ටැක්සියෙ සල්ලි ඉතුරු කරගන්න, අර රෙක්ටෑන්ගියුලර් ෂේප් එක පුරෝ ගන්න...



ඔහොම එකතු කරලා කරලා කුස්සියට අවශ්‍ය විදුලි උපකරණද, සාලෙට අවශ්‍ය විදුලි භාන්ඩද, සෙල්ලම් බඩුද (බබාලට කෙසේ වෙතත් මට ) කොසු කෑලි, මොප් බක්ට්, බාස්මතී හාල්, රට ඉඳි, අලුමිනියම් ෆොයිල් අරවා මේවා ඔක්කොම පුරෝගෙන එක්සිට් විසා එකකුත් ගහගෙන, කොම්පැනියෙන් දුන්න රිටර්න් ටිකට් එකේ සල්ලි ගානෙන් වන් වේ ටිකක් එකකුත් අරගෙන, කාගෝ පෙට්ටිය ට්‍රයිකෝ එකට බාර දීලා, නැග්ගා අහස් යාත්‍රාවේ ගම එන්න...


ඉතින්  ගෙදර ඇවිත් දවස් දෙකක් විතර ගියාම තමයි ට්‍රයිකෝ එකෙන් ලියුම හරි කෝල් එක හරි ආවේ කාගෝ පෙට්ටිය ගන්න එන්නය කියලා....

කොල්ලගේ උපන්දිනේ පහු වෙලා සුමානයක් විතර, කෙල්ල ගේ උපන් දිනේ පහු උනා විතරයි...ඉතින් උන් දෙන්නාට ගෙනා සෙල්ලම් බඩු  ටික (උන්ට විතරක්ම නෙවී) උන්ට දෙන්නත්, ගෙදර උන්දැට ගෙනා අඩුම කුඩුම ඒ උන්දැට දෙන්නත්, හීන මව මවා ගියා ඔරුගොඩවත්තේ ට්‍රයිකෝ යාර්ඩ් එකට..දෙයි හාමුදුරුවනේ..මුලු පලාතම යටවෙලා නොව ගංවතුරෙන්...


පෝරම පුරෝලා සල්ලි භාගේ ගෙවලා, අර දැති දෙක තියෙන පොඩි ට්‍රැකටර් කටුව පස්සේන් යනෝ මම මගේ කාගෝ පෙට්ටිය හොය හොයා අර කාර් පාර්ක් එකක තමන්ගේ වාහනේ හොයනවා වගේ..

ඔය යන අතරේ පේන ඇහෙන දේවල් අදහාගන්න අමාරුයි..එක මහත්තයෙක් ටීවී පෙට්ටියක් ගාව දණ ගහගෙන අඩනෝ...ටීවී පෙට්ටි ලස්සනට තියෙනවා, හැබැයි අල්ලපු හැටියේ, අර කිරිතේ කෝප්පෙක පොඟොපු මාර්‍රි බිස්කටෙකක් වගේ සරස් ගාල දියවෙලා යනවා..

මගේ ඇඟ හීතල වෙලා පෙට්ටිය හොයාගන්නකොට...තව පෙට්ටි තුනක් විතර උඩ තමයි ඒක තියෙන්නේ...දැති ට්‍රැකටර් මල්ලි ඉස්සුවා දැති දෙක, දැම්මා පෙට්ටිය යට තියෙන පොලු දෙක අතරින් දැති, ඉස්සුවා පෙට්ටිය.....

දුන්හිඳ දියඇල්ල වගේ වැටුනේ නැද්ද වතුර පාරක් පෙට්ටිය අස්සෙන්...හත් දෙය්යනේ මාස දහතුනක හීන බඩු සහ භාන්ඩ....

ට්‍රයිකෝ එකේ මහත්තැන් රුපියල්ම තුන්දාහක් දුන්නා ඉන්ෂූරන්ස් එකෙන් කියලා...ගුදම ගංවතුරට යට උනාය, විදුලි භාන්ඩ වේලුවාම ආයෙමත් වැඩ කරයිය, මේකත් අරන් ගෙදරම යන්නය කියලා පෙට්ටියයි මාවයි දැම්ම එලියට..මොනා කරන්නද...ලොරි කට්ටක දුන්හිඳ දියඇල්ලත් දාගෙන ආවා ගෙදර...

පෙට්ටිය මිදුලේම බාගෙන, එකින් එක ගත්තා එලියට බඩු සහ භාන්ඩ...බාස්මතී හාල් කුනු කූඩෙට (ගඳේ බැරි නිසා..) විදුලි භාන්ඩ ටික මාරි බිස්කට් තත්වයෙන් තිබිච්ච් නිසා හෙමින් පරිස්සමින් අරගෙන වී වනනවා වගේ පැදුරු බෙඩ් ෂීට් දාලා වැනුවා මිදුල පුරාම...

මිදුල පුරා රයිස් කුකර්, වොෂින් මැෂින්, ෆ්‍රිජ් එක, අයන්, අයනින් බෝර්ඩ් වනලා ලස්සනේ බෑ..ඒත් පපුව නිකන් හෝස්ගාලා යනවා ඒවා දැක්කම..

ඔය අල්ල පනල්ලේ...ලඟදි පහු උන උපන් දිනේටය කියලා කොල්ලාට ගෙනාපු ගේම් කොන්සෝල් එක...ඒක හරි ප්‍රිමිටිව් එකක් දැන් කාලේ හැටියට....ගත්තා මෑන් ගේම් කොන්සෝල් එක හෙමීට එලියට..මාරි බිස්කට් ලෙවල් නිසා එපා කිව්වට ඇහුවෙ නෑ..පොඩි එකාට ඉතින් ඉවසීමක් තියේවියැ...බැටරි හයක් එහෙම දාලා හොඳට හරි බරි ගැහිලා, ටීවී එකට කනෙක්ට් කරලා දැම්මා ඔන් ස්විච් එක...

චූස්ස්ස්..ගාලා හීන් සද්දෙකුත් එක්ක සිගරට් දුමක් වගේ එලියට ආවා එච්චරයි..කොල්ලගේ මූන නාලු උනා...මට දුකේ බෑ....

ආපු හිතේ වේගෙට, ඔක්කොම වැඩ නවත්තලා...මැනුත් එක්කම නුගේගොඩ හංදියේ තිබුන රෙපයාර් ෂොප් එකකට අරන් ගියාම බ්ලෝ ටෝච් එකකින් වේලලා වේලලා අනේ හදලා දුන්නා ආපහු වැඩ කරන ගානට..

කොල්ලට එතකොට වයස යන්තං අවුරුදු අටයි....හෙට උගේ අවුරුදු 32 කේ උපන් දිනේ...මේකාට මොනවා අරන් දෙනවද කියල හිත හිත ඉන්නකොට මතක් වෙච්ච පල් හෑල්ලක් මේ...

සුබ උපන්දිනයක් සුප්පා....!












Thursday, 28 January 2016

සතුටු කඳුලු...!




2004 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ රාමාදාන් පටන් ගත්ත දිනේ අද වගේ මතක ෆාස්ටින් පටන් ගත්ත නිසා නෙවී...ඕමාන් වල ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොමියුනිකේෂන් මිනිස්ටර් අපේ ඔෆිස් එකටම ඇවිත්, මස්කට් සහ සලාලා එයාර්පෝර්ට් දෙකේ අපි පිලියෙල කරපු ටෙක්නිකල් ඇන්ඩ් ෆිනෑන්ෂල් ප්‍රොපෝසල් එක අරන් ගිය දවස නිසා...

එතකොට අපි 21 දෙනෙක්ගෙ පොඩි ඔෆිස් එකක්..නම ලාසන්, ඒ ඇන්ඩ් සී ඊ...එදා ඉඳන් මම මාර කට්ටක් කෑවා 420 දෙනෙක්ගෙන් සමන්විත ඔෆීසියක් ගොඩනගන්න...

2012 දෙසැම්බර් වෙනකොට ඔක්කෝම ඩිසයින් වැඩ ටික ඉවර කලත් අපි ස‍යිට් එකේ වැඩ පටන් අරන් එතකොටත් අවුරුදු හයක් වෙලා...

අද මට ආපු අප්ඩේට් ඩොකුයුමන්ට්ස් වලින් ඔය පල්ලෙහායින් තියෙන පිංතූර ටික හැමෝටම බලාගන්න මගේ බ්ලොග් එකේ දාන්න හිතුනේ, මීට ටික වෙලාවකට කලින් තට්ටු තිහක හතලිස් හතකටත් උඩ කනුවක් හයි කරන ගමන්උඩ ඉඳන් ලොකු පුතා බල කර නිසා...

Zaina & Brian with HH Sayyid Fahd Bin Mahmoud Al Said
මේ සතියේ මුල ඕමාන් උප අගමැති (ඒ කියන්නේ සුල්තාන් ගාවට ඉන්න කෙනා රජ පවුලේ)Zaid Fahd Bin Mahmoud Al Said  තුමා සහ කැබිනට් මන්ඩල සාමාජිකයන් රැසක් VVIP විසිට් එකක් දැම්මා තවමත් වැඩ නිමවෙමින් පවතින මස්කට් ටර්මිනල් බිල්ඩින් එක ගැන සෝදිසි කරන්න. ඔය උඩ පින්තූරේ වම් පැත්තෙන් ඉන්නේ එච් එච් ( ඒකියන්නේ හිස් හයිනස්) සයිඩ් ෆහඩ්..ඔමාන් වල ඩෙපියුටි ප්‍රයිමිනිස්ටර්..දකුනු පැත්තේ ඉන්නෙ සයිනා (Zaina Al Harthy), ටයි කෝට් දාගෙන ඉන්නේ බ්‍රයන් (Brian Paton)...සයිනා විශ්ව විද්‍යාලයෙන් ආර්කිටෙක්චර්  කෝස් එක ඉවර කරන්නත් කලියෙන් අපි ලඟට ආවා ට්‍රේනී කෙනෙක් හැටියට..අද සයීනා එක්ස්පීරියන්ස් තියෙන එයාපොර්ට් ආර්කිටෙක්ට් කෙනෙක්...(සතුටු කඳුලු...)
බ්‍රයන්ව මම හොයාගත්තේ ක්ව්ලාලම්පූර් එයාර්පොර්ට් එක කරපු කන්ට්‍රැක්ටර් ගාව ඉඳලා...බ්‍රයනුයි, චමින්දයි, සන්හාරුයි විතරයි ප්‍රොජෙක්ට් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවර කරනකන් ඕමාන් වල නවතින්න කැමති උනේ....

chaminda & Zaina
උඩින් තියෙන පින්තුරේ වම් පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ චමින්ද, තරුන ආකිටෙක්ට් කෙනක් උනාට එයාර්පොර්ට් එක්ස්පර්ට් කෙනෙක්...සම්පූර්ණ නම සහ වෘතික නාමය නම් වරලත් වාස්තු විද්‍යාඥ චමින්ද මුනසිංහ. දකුනු පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ සයීනා...

වැඩ නිමවෙමින් පවතින මස්කට් එයාර්පෝර්ට් ටර්මිනල් බ්ල්ඩින්ග් එකේ පින්තූර තමයි පල්ලෙහායින් තියෙන්නේ...( සතුටු කඳුලු...)


Pier-arrival Level
Grade Level Concourse 

Arrival Lounge
Baggage Claim Area
Jet Bridge Interior
Pier Departure Level
Walkalator - Arrival Level
Satellite Lounge-ceiling 
Lower Level Access
Hard & Soft Landscaping-Car Park Area

බොහොම ලඟ දවසක අපේ හැලපෙට මේ එයාර්පොර්ට් එකෙන් ලංකාවට එන්න ලැබේවි....

තෙල් බැරල් එක ඩොලර් 26ට බැහැලා නිසා ඕමාන්වලත් ගොඩාක් ප්‍රොජෙක්ට්ස් මේ දවස්වල ඇනහිටලා..ඒත් VVIP විසිට් එකෙන් පස්සේ මේ වැඩේ කෙරිලා තියෙන ලස්සන දැකලා ඉක්මනටම මේ එයාර්පෝර්ට් එක නිමා කරන්නය කියලා තීරණ දීලා සුලතාන්වරයා... (සතුටු කඳුලු...)



සයීනා, චමින්ද සහ බ්‍රයන් ඇතුලු ලාසන් ආර්කිටෙක්ට් ටීම් එකට මගේ සුභපැතුම්......(සතුටු කඳුලු...)



Monday, 15 June 2015

නෙලුම් (නිල් මානෙල්) මලෙන් අරලිය කොලයට




ලෝකයේ අනර්ගතම ගුවන් තොටුපොල ලෙස විරුධාවලිය ලත් සිංගප්පූර්වේ චැන්ගි ගුවන් තොටුපොල එහි නවතම පර්යන්ත ගොඩනගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත්  ආරම්භ කර අති බැව් මාගේ මිතුරෙකු විසින් එවන ලද විද්‍යුත් ලිපියක සඳහන් වුනා.
මෙම පර්යන්ත ගොඩනැගිල්ල චැන්ගිහි ආභරණය ( Jewel Changi Airport ) ලෙස නම් කර ඇත්තේ, එය නිර්මානය කල මෝෂේ සෆ්දී ( Moshe Safdie ) නම් ඉතා ප්‍රසිද්ධ ගෘහනිර්මාන ශිල්පියාගේ නිර්මානය පසුබිම් කරගෙන.
Jewel Changi ගුවනට දිස්වෙන අයුරු
ශ්‍රී ලාංකික අපටත් දැන් මෙම ගෘහ නිර්මාන ශිල්පියාගේ නිර්මානයක ජීවත් වීමට මෙන්ම පාවිචිචිකරුවන් වීමට අවස්ථාවකුත් ලැබී තිබෙනවා.

altair tower colombo waterfront
එනම් දැනට කොළඹ නගරයේ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින, තට්ටු 68කින් යුත් මීටර 240ක් උසැති altair  නැමැති ඩොලර් මිලියන 250ක ආයෝජනයකින්, Indocean Developers. නමැති සමාගම විසින් හඳුන්වා දෙන යෝජනා ක්‍රමයයි.

ලොව උසම ගෘහස්ත දියඇල්ල-Jewel Changi Airport
Jewel Changi Airport පර්යන්ත ගොඩනැගිල්ල, පොලොවෙන් උඩට තට්ටු පහකුත්, පොලොවෙන් යට තට්ටු පහකිනුත් සමන්විත, ඩොලර් බිලියන 1.2ක ඇසතමේන්තුගත වියදමකිනුත් යුත් යෝජනා ක්‍රමයක්. මෙම පර්යන්ත ගොඩනැගිල්ල නිම වූ විට, එය ගොඩනැගිල්ලක් තුල ඉදිකර ඇති ලොව උසම දියඇල්ල, ලොව විසාලතම ගෘහස්ත උද්‍යානය යන අංගයන්ගෙන් සමන්විත ඉතාමත් අලංකාර සහ සිංගප්පූරුවේ වැසියන්ට ආඩම්බර විය හැකි නිර්මානයකි.
බිම් මහල් පහකුත් පොලොව මතුපිට මහල් පහකුත් ලොව විශාලතම ගෘහස්ත උද්‍යානයත් පෙන්නුම් කරන රස් කැපුමක්
Jewel Changi Airport

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලද, මේ දිනවල පර්යන්ත ගොඩනැගිල්ලේ තුන්වෙනි අදියර සඳහා සැලසුම් නිර්මානය කරමින් පවතිනවා. ජපාන ආධාර ඇතුව, ජපන් ගෘහ නිර්මාන ශිල්පීන් සහ ශ්‍රී ලාංකිකයන් එකතුව නිර්මාන කටයුතු කරමින් පැවතුනත්, ආංඩු පෙරලිය නිසා ඇතිවූ පෙර දැක්මේ වෙනස, මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාන අලංකරනයන්ටත් බලපා ඇතැයි යන්නයි ඉහත Jewel Changi ලිපිය මා හට එවූ මිතුරා පවසා සිටියේ..
නෙලුම් (නිල් මානෙල්) මලක හැඩයෙන් නිර්මානය වූ කටුනායක පර්යන්ත ගොඩනැගිල්ල

නෙලුම් මලක  (නිල් මානෙල්) හැඩයෙන් යුක්තව නිර්මානය කොට තිබූ පර්යන්ත ගොඩනැගිලි වහලය ආංඩු පෙරලියත් සමග අරලිය කොලයක හැඩයට නිර්මානය වෙමින් පවතින්නේ ගෘහනිර්මාන ශිලිපීන්ගේ මහත් කනස්සල්ලට පාත්‍ර වෙමින්.
අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
BIA-Katunayake

අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
ගුවනට දිස්වෙන අයුරු

මා වසර 12ක් තිස්සේ ගෘහනිර්මාන අධ්‍යක්ෂක ලෙස නිර්මානයට අතදුන් ඕමාන් රාජ්‍යයේ මස්කට් සහ සලාලා ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් යුගලය කිසිසේත්ම දේශපාලන බලවේගයන්ට යටත්නොවී නිර්මානය කිරීමටත්, එම ගොඩනැගිලි අප නිර්මානය කල අන්දමටම ගොඩනැගිමටත්, 2012 අරාබි වසන්තයට හසුවීමෙන් වූ ආංඩු පෙරලිය බාධාවක් නම් නොවුනේය. අප නිර්මාන කටයුතු කල ආංඩුව වෙනස්වී ගොඩනැගීම් කටයුතු බාර වූ අලුත් කැබිනට් මඩුල්ල කිසිදා අප නිර්මාන කටයුතු වලට බධාවන් හෝ ඇඟිලි ගැසීම් හෝ කලේ නැහැ.
ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින සලාලා ගුවන් තොටුපොල
Salalah Airport-Oman

ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින මස්කට් ගුවන් තොටුපොල
Muscat International Airport-Oman

නිර්මාන කටයුතු වලට හවුල් වූ කැබිනට් මඩුල්ලේ සිටි ඇතැමුන් හිරගෙවල් වල ලැග්ගේ ඔවුන් කල දූෂණ කටයුතු ඉතා ඉක්මනින් නීතිමය මාර්ගයෙන් විසඳා තීරණ ගැනීමෙනි.

එනමුදු කිසියම්හෝ සංවර්ධන කටයුත්තකට දූෂණ විමර්ෂනයන් බාධාවක් නම් නොවිනි.

අප අවුරුදු 2500කටත් වඩා ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩමින් ගෝත්‍රවාදී යයි හංවඩු ගසා ගනිමින් මේ වලපල්ලට යන ගමන වෙනතකට හැරවීම සඳහා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෝත්‍රිකවාදීන් වන ඒකාධිපති රාජ්‍යයක් ලෙස පාලනය වන ඕමානයෙන්වත්, පොලිස් රාජ්‍යයක් වශයෙන් පාලනයවෙන සිංගප්පූරුවෙන්වත් ඉගෙන ගැන්මට දේවල් නැද්ද?

1982 වෙන විට අපටත් වඩා පසුබා සිටි සිංගප්පූරුව, කවදා හෝ කොළඹ වැනි නගරයක් කිරීම එකම ප්‍රාර්ථනය යැයි කියමින් ලී ක්වාන් යූ ඇරඹි සිංගප්පූරු විප්ලවය අද දවස වෙන විට ලොව අනගිතම ගුවන් තොටුපොල නිර්මානය සහ ඉදිකිරීම දක්වා ගෙනයන්නටත්, අප මත්තල වසා දමමින්, නෙලුම් මල් අරලිය මල් වලට හරවමින් චන්ද හිගමනේ යන විප්ලවයකට පන්සල් කෝවිල් තිරුපති අරපති පස්සේ දුවමින් හෙටක් නැති රටක් බවට පත්කරන්නේ කාගේ කරුමයකටදැයි අපට සිතේ.

Jewel Changi Photo Credits to Architect Moshe Safdie
BIA photo Credits to AASL
Muscat & Salalah Terminal Photo Credits to Larsen, A&CE

ප.ලි./
කොළඹ නව පර්යන්ත ගොඩනැගිල්ලේ මූලික නිර්මානය, ගෘහ නිර්මාන්ශිල්පීන් විසින් ජාතික පුෂ්පය වූ නිල් මානෙල් ( Nymphaea nouchali) මල පාදක කොට නිමවූවත්, නෙලුම් පොකුන නෙලුම් කුලුන ආදී පසුගිය ජනවාරි 8 වෙනිදාට පෙර රට කෙරවූ ඇත්තන් පිනවීම පිනිස නෙලුම් පුෂ්පය ඇඳෑ ගත්බවත්, පලමු නිර්මානය ගැන ගෘහනිර්මාන ශිල්පීන් විසින් ප්‍රචාරය කෙරූ ත්‍රිමාන රූප සහිත වීඩියෝවේ නිල් මානෙල් මල ගැන කිසිම දැනුවත් කිරීමත් නොවීමත් ජනතාව මෙය නෙලුම් මලේ ආකෘතියෙන් නිර්මානය වූ බව තේරුම්ගෙන තිබුනා යැයි තතු දත්තෙක් මා හට දන්වා තිබුනා..

එසේම, අරලිය යනු දකුනු ඇමෙරිකානු අර්ධද්වීප්යට අවේනික වූ පෲතිගීසි ආක්‍රමනිකයන් විසින් අප දූපතට හඳුන්වා දුන් පැලෑටියක් බැවින්, අරලිය කොලය අපේ ජාතික ස්මාරකයක්වන්වූ ගුවන් තොටුපොල ගොඩනැගිල්ලකට පසුබිමක් වීම කෙතරම් වටීද යන්නත් සංවාදයට ලක්විය යුතුයැයි අපට හැඟේ....

එබැවින් ඉහත ලිපියට යම් යම් සංස්කරනයන් කිරීමට සිදුවූ බැව් කියවන්නෝ දැනගනිත්වා...

Saturday, 4 October 2014

බුරන බල්ලන්ට - ThunderShirt අපට - Hug Machines





photo from www.thundershirt.com
 හිරු මගේ කොටියා (ඉත්තෑවා) කාපිය පෝස්ට් එකට දාපු කමෙන්ටුවකට උත්තර ලියන්න ගියාම ඒක පෝස්ට් එකක් උනා... මෙන්න මෙහෙමයි ඒ පෝස්ට් එක පටන් ගත්තේ.....

ඊයේ රෑ එලිවෙන ජාමේ ඉඳන් චූටි (මගේ බලු හාමි ) බුරනවා මට නිදාගන්නවත් විදියක් නැති විදියට

මම හිතුවේ විදුලි කොට කොටා වැස්ස නිසා වෙන්නැති කියලා.
මොකෝ, චූටි ඉපදුනේ සහ අවුරුදු 10ක් විතර හැදුනේ ලේසියෙන් වහින්නේ නැති ඕමාන් වල. අපි දෙමහල්ලෝත් එක්ක මේ මනුස්සයෙක් වගේ ඉන්න බලුගැත්තරයාත් ප්ලේන් එහෙක් නැගී මෙහේ ආවත් හරි වැස්ස නම් පායන්නේ නැහැ. එතකොටයි අපි දැන ගත්තේ චූටි විදුලි කෙටීම සහ ඒත් එක්කම එන හෙන පුපුරන ගිගිරුම් හඬට පුදුමාකාර විදියට බයය කියලා…..

මම හිතන්නේ අපේ චූටිට තියෙන්නේ Dog Thunderstorm Anxiety කියන කන්ඩිෂන් එක...මට තේරෙන විදියටනම් එයා පොඩිම කාලේ වෙච්ච සිද්ධි දෙකක් (trumatized events) හේතු කාරනා කරගෙන එයා මෙහෙම හැසිරෙනවාය කියලා.

අපි ඕමාන් ඉන්න කාලේ මම චූටිව ගෙනාවෙ ලමයි දෙන්නා වැඩිදුර අධ්‍යාපනය සඳහා අපිව දාලා දුරු රට ගියාම ඇතිවෙච්ච පාලුව තනිකම මග හරවා ගන්න, ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක් ඒක, ඒ කිව්වේ චූටිව ගෙනාපු එක, නැතුව ලමයි ගෙදරින් ගිය එක එහෙම නෙවෙයි ඕන්..(උනුත් මේවා කියවනවාද දන්නේ නැහැනේ)... නැත්නම් අපි දෙන්නා වගේ වැඩ අධික වෘතිකයන් දෙදෙනකුට පිටරටක ජීවත්වෙන ගමන්, බල්ලෙක්ගේ වගකීම ගන්නතරම් ශක්තියක් නැහැ, ඒ වගේම බිරින්දෑ සත්තුන්ට එච්චරම කැමැති නැහැ (කියලායි මම හිතා හිටියේ චූටි ගෙදර එක්ක එන්න ඉස්සර වෙලා).

කොල්ලයි කෙල්ලයි එක ලඟම වගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන්න අපිව දාලා ගියාම අපි දෙන්නා හොඳටම අතරමං උනා. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ, අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුරම තමයි ඒ දෙන්නාත් අප අතරට ආවේ, ඒ නිසා අප අතර වයස පරතරය අවුරුදු 21යි 22යි. ඉතින් කියන්න ඕනි නැහැනේ කොච්චර අමාරු වෙන්න ඇතිද  කියලා හිත හදාගන්න. 

පලමුවෙනි සිද්ධිය...
එතකොට අපි හිටියේ ඕමාන්වල මදිනා ඛබූස්  (Madinat Al Qaboos) කියන මස්කට් අගනගරය ආශ්‍රිත උපනගරයක. මගේ කාර්‍යාලය පිහිටලා තිබුනේත් මේ උපනගරයේමයි. චූටිට දැන් අවුරුදු 11ක් වෙන නිසා අවුරුද්ද 2003 වෙන්න ඕනි. චූටි පොඩිකාලේ පුලුන් බෝලයක් වගේ හරි ලස්සනයි හුරතල්. සත්තුන්ට කැමති නැති කෙනා චූටිව ගෙදර ගෙනල්ල පැය දෙකක් යනකොට වඩාගෙන හුරතල් කරන්නයි කිරි පොවන්නයි තුවා දමාගෙන ඌට ඉන්න ගෙවල් හදන්නයි පටන් ගත්ත නිසා මටත් හරිම සන්තෝසයි. අපේ ගෙදර තිබුනේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය තිබුන වීදියේ ම ඊට ගෙවල් හතරක් පහක් මෙහාට වෙන්න. අපේ ගෙදර නැවතී සිටින ගෘහ සේවිකාවක් නොහිටි නිසා ඒ වගේ කෙනෙකුට වෙන් වෙලා තිබුන කාමරය සහ වැසිකිලිය චූටිගේ නිවහන උනා,මොකද ඒක පිහිටලා තිබුනේ අපේ මුලුතැන්ගෙයින්ම ඇතුල්වෙන්න පුලුවන් වෙච්ච කාමරයක් හැටියට පොඩි ලොබියකින් වෙන් වෙච්ච.

මට තාම මතකයි ඉස්සරවෙලා චූටිව ගෙදර ගෙනත් ඒ කාමරයට දාලා සුදු බත් වලට මැකරල් මාලු ටිකක් කටු ඇරලා දුන්නාම රස කර කර කාපු හැටි. ඒ එක්කම මම චූටිව තොරගත්තාද චූටි මාව තෝරගත්තාද කියලා හිතෙනෙවා. මොකද, මගේ යාලුවා, සරත් ගේ ගෙදර හිටපු බැල්ල පැටව් දාලා තිබුනා හය දෙනෙක් විතර, චූටියි එයාගේ සහෝදර සහෝදරියො සෙට් එක මම යනකොට හිටියේ ගෙදර ඉස්සරහා වැරෙන්ඩාවේ අම්මා එක්ක...ලස්සන සුදු පුලුන් බෝලයක් වගේ කෙනාට තමයි මගේ හිත ගියේ දැක්ක හැටියේම, ඒකට මම ගැන හිත ගිහින් තිබුනේ බේයිජ් කලර් පුලුන් බෝලෙට..මිනිහා දුවගෙන ආවා මල් පෝච්චියක් පිටිපස්සේ ඉඳලා මගේ සද්දේටද කොහෙද...

එහෙමම වඩාගෙන මම වාහනේට නැගලා ආවේ ඔෆීස් එකට..එදා බ්‍රහස්පතින්දා හැන්දෑවක් වෙන්න ඕනි මොකෝ මගේ ඩෙන්මාර්ක් පාර්ට්නර් විතරයි ඔෆ්ෆිස් එකේ හිටියේ...එයා ගාවට ගිහින් කථා කරලා චූටිව පෙන්නුවාම තමයි චූටිට ඇහැරුනේ...එයත් එක්ක සෙල්ලම් කර කර ඉඳලා ගෙදර එක්කන් ගිහින් තමයි මැකරල් මාලුයි බතුයි දුන්නේ...ඒ මතකය කොච්චර කියනවද නම්, ගැටයා කාලේ හිටපු ගමන්, වැරදිලා හරි ගේට්ටුව එහෙම ඇරලා තිබුනොත්, චූටි කෙලින්ම දුවන්නේ අල්ලපු බිල්ඩිමේ තිබ්ච්ච අපේ ඔෆිස් එකට, එතනිනුත් කෙලින්ම යන්නේ ඩෙන්මාර්ක් කාමරයට, එයා නැත්නම් කාමරේ කෙලින්ම උඩ තට්ටුවේ තිබුන අනුරගේ මේසේ හොයා ගෙන තමයි දුවන්නේ.

හා කොහොමහරි චූටි ගෙනල්ලා මාස දෙක තුනකට පස්සේ, ඒකියන්නේ චූටිව ගෙනාව අගොස්තු මාසෙක, එහෙනම් ඔක්තොබර් හරි නොවැම්බර් හරි වෙන්න ඕනෑ...අපි ඔෆිස් ගියාට පස්සේ අවුරුද්දට එක පාරක් වහින මහා මේඝ වර්ෂාව ඕමාන් වලට කඩා හැලුනා...හොඳටම විදුලි කොට කොටා ගෙරෙව්වා...මතක් හැටියට අපේ ඔෆිස් එකේ ඉස්සරහා තිබ්ච්ච මාර ගහකුත් කඩාගෙන වැටුනා... අපි ගෙදර යනකොට චූටි හොඳටම බයවෙලා, තනියම කාමරය ඇතුලේනේ හිටියේ, බුරනවා නවත්තන්නේම නැතුව..මාර කරදරයක් වෙලා තමයි නලවා ගත්තේ...එදා ඉඳං චූටිව කවදාවත් අර කාමරය ඇතුලේ තියන්න බැරි උනා. එදාට පස්සේ චූටිගේ නවාතැන උනේ අපේ වැරෙන්ඩා එක. ඒත් අපි හිතුවා සමර් එකට සෙල්සියස් 50ට විතර රත් වෙන නිසා ගෙට ගන්නම වෙයි කියලා...මාස හයක් යනවනේ ආයෙත් ඉතින් රත් වෙන්න..මිනිහා හොඳට පුරුදු උනා අවුට්ඩොර් ලිවින් වලට. 2013 ලංකාවට එනකන් එහෙම තමයි හිටීයෙ.... ඒ පලමුවෙනි හේතුව මේ කන්ඩිෂන් එක මතුවෙන්න...

ඔය අතරතුර තමයි දෙවෙනි සිද්ධිය උනේ.. 2007 ජූනි 6 වෙනිදා...එතකොට මල්ලි (පුතා) ආපහු ඕමාන් වලට ඇවිත් අපේ ඒයාර්පොර්ට් ප්‍රොජෙක්ට් එකේ ජූනියර් ආකියෙක් හැටියට වැඩකරනවා. කවද්දවත් අහලා නැති "ගෝනු" (GONU) කියලා සුපර් සයික්ලෝන් එකක් ඕමාන් වල නොර්ත් ඊස්ටර්න් ටිප් එක හරහා ගියා එදා...ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකක් තිබ්බට කවදාවත් සුළි සුළං ගං වතුර වගේ ආපදා වලට මැද පෙරදිග රටක් වන ඕමානය ලෑස්තිවෙලා නොතිබුනාට, යහ පාලනය නිසා ඉතාමත් අඩු මනුස්ස ජීවිත ගානක් අහිමිවෙච්ච අභාග්‍යයක් හැටියට ඒ දවස ඉතිහාස ගත උනා.

රූපවාහිනිය, රේඩියෝව, සමාජ ජාල, දුරකතන කෙටි පනිවිඩ යන මෙකී නොකී හැම ආකාරයකින්ම දැනුවත් වෙච්ච ජනතාව එකිනෙකාට සහයෝගයෙන් ජාති ජම්ම නොසලකා මේ අභාග්‍යයෙන් ගොඩ එන්න මනුස්සයෝ හැටියට මුහුන දුන්නා. 420ක් වෙච්ච් අපේ ඔෆිස් ජනගහනයත් මුහුදු මට්ටමින් මීටර් 20ක් වත් උඩ පිහිටි අපේ වාසස්ථාන වලට ඉවැකුවේට් කරලා සියලු දෙනාගේම විරුද්ධත්වය මැද මම තුමා, හාමිනේ, මල්ලි සහ චූටි මුහුදු මට්ටමෙන් මීටර් 5ක් වත් නොමැති අපේ ගෙදරම ඉන්න තීරනය කලා.මුලු ඔෆිස් ජනතාවම දන්න තරමින් තල්ලු කලත් මම නම් ගියේ නෑ..මම නිසා උන්ට මුකුත් කියන්නත් බෑ..හැබැයි යන්න බෑ කිව්වේ මොකද කියලා තාම මමවත් දන්නේනම් නැත.

ජූනි 6 වෙනිදා උදේ සිට පටන් ගත් ගස් ඇඹෙරෙන හුළඟත්, ධාරිනපාත වැස්සත් මාව ගත් තීරණයෙන් ආපහු අදින්න තැත් කළත් දැන් වෙලාව පැන්නා නේදයයි සිතමින් පැද්දෙන පුටුවකට වී සුළි සුළං නැරැඹූ හැටි මට තාම මතකයි. කෙසේ හෝ ගෝනු සිතූ තරම් මුහුද ඉස්සීමක් (sea surge) කලේ නැහැ, එනිසා මා ගත් තීරණය ඒච්චරම ගොං නැහැ.

 නමුත්…. කවදාවත් නැතිව චූටිගේ බිරීම ප්‍රශ්නයක්...වැරෙන්ඩා එකේ ඉන්න බය ඇතියයි සිතාත්, සුළි සුළඟකදී එයත් සමග එන මිසයිල වැනි පාවෙන දේවල් වලින් ආරක්ෂාවටත් යයි සිතා අපි චූටිව ගේ ඇතුලේ ඇති එයාගේ පරන කාමරයට දැම්මාම යයි සිතා, සාලයෙන් තියා ගත්තාත්, මගේ පස්සේන් බුර බුරා මේකා ගේ දේවනත් කරයි. එලියේ වහින නිසා කං කරච්චලය බලෙන් හෝ ඉවසීමට සිදුවිය.

නමුත්.....රාත්‍රී දහය පමන වන විට අප දෙදෙනා සීතලේ ගුලිවී නිදා සිටි කාමර‍යට පැමිනි මල්ලී....අම්මි...අම්මි..චූටි නැහැ..යයි සෙමින් කොඳුරනු මට ඇසුනේ ඇයටත් පෙර...
විදුලි පන්දමක් පමනක් අතට ගත් අපි දෙදෙනා ගෙදරින් එලියට ආවිට තමා දැනගත්තේ පාරේ වතුර මට්ටම...අපේ දනක් පමන උසට වතුර...

චූටී..චුටී..කියමින් අපි එම්බසිය දෙසට දිව්වේ ඔෆීස් එකේ චූටී නැති බව පෙරේරාගෙන් තහවුරු කරගෙනයි. එම්බසිය පසුකොට බ්‍රිටිෂ් කව්න්සිල් එක පාරට හැරී එතනින් උඩට ඇති මාර්ගය දෙස විදුලි පන්දම විදහූ සැනින් පාර මුදුනේ, අද තානාපති නිල නිවස පිහිටා ඇති ඉසව්වේ සිට චූටි අප දෙස බලා සිටී..හප්පා කොහෙද මනුස්සයෝ (බල්ලෝ) මහ රෑ දුවන්නේ යයි කියමින් අප ඒ දෙසට යද්දී, චූටි තව තවත් පාර උඩට දුව යයි... මට එවෙලේ තමයි තේරුනේ චූටි අපව මුහුදු මට්ටමින් පුල්වන් තරම් උඩට ගෙනියන්න තැත්කරන බව....
"මල්ලි ඔයා ආපහු දුවලා ගිහින් චේන් එක අරන් එන්න...මම හිමීට චූටිට කිට්ටු කරන්නම්..."

හෙමින් සීරුවේ බොහොම ආදරයෙන් කථා කරමින් මල්ලි චේන් එක ගෙනෙන තුරු සිටි මා කලබලයක් නොමැතිව චූටිව ගැටගසාගෙන, නැවත එම්බසි‍යට උඩින් ඇති අනිත් පාරෙන් ගෙදරට එන විටත් ඇය මග බලමින්....
චූටි හොඳටම බයවෙලා අම්මී....

එදා සිට අද වෙනතුරාවට විදුලියක් කෙටුවොත්, අහස් ගුගුරන හැමවෙලාවකමත්, රතිඤ්ඤා පත්තුකරන විටත්, මා දෙස බල බලා මොනවාදෝ කියනා අයුරින් චූටි බුරයි..

ඇත්තටම මේ රටේ මේ තරමටම රතිඤ්ඤා පත්තුකරන බව මමවත් දැනගෙන හිටියේ නැහැ..ඕමාන් වල රතිඤ්ඤා තහනම්...චූටිට ඒකත් එක හේතුවක්..ඒ කියන්නේ මගේ ගෝනු වලදි ගත් ගොන් තීරණයට අමතරව තවත් හේතුවක් තියෙනවා චූටිගේ කන්ඩිෂන් එකට...

 
photo from www.thundershirt.com
ලස්සන වැඩේ කියන්නේ ඔය කන්ඩිෂන් එකට බෙහෙතක් හැටියට ඔන්න ඔය පින්තුරේ තියෙන තන්ඩර් ෂර්ට් කියන ඇඳුම ඇන්දාම හීනියට හග් එකක් දෙනවා වගේ හැඟීමකින් බල්ලන්ව බළළුන්ව සනසන්න පුලුවන්ලු....ඔටාරට කිව්වානම් මේවයින් ෂර්ට් ටිකක් එම්බාර්ක් ලේබලෙන් විකුනන්න කියලා මට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි වහින වෙලාවට...

ලඟදි තුන්වෙනි වතාවටත් බලපු ක්ලෙයාර් ඩේන්ස් (Claire Danes) (හෝම්ලන්ඩ් සීරිස් ) රංගනයෙන් අතිෂය සාර්ථක දායකත්වයක් දෙන Dr. ටෙම්පල් ග්‍රැන්ඩින් ගේ ජීවිත කථාව ඇතුලත් ෆිල්ම් එකෙත්, ඕටිසම් ආතතියෙන් මිදෙන්න ඇය තනාගන්නා ලද හග් මැෂින් (Hug Machine) එක ගැන කියවෙනවා..මේ තන්ඩර් ෂර්ට් එකට මුල වෙන්නත් පුලුවන් එම සංකල්පයම...

 තව එකක් කියන්න ඕනි..මම ඕන කමින්ම චූටිගේ පින්තූරයක් දැම්මේ නැහැ..එයාගේ පෞද්ගලිකත්වය රකින්න ඕනි නිසා..අනික මිනිහා මේ දවස් වල ඔය ආතතිය පිටින් ඉන්නේ...ගොරව ගොරවා වහිනවා මදිවට ඉත්තෑවන් පස්සේ දුවන්නත් ඕනි නේ...