Showing posts with label Muscat. Show all posts
Showing posts with label Muscat. Show all posts

Thursday, 17 May 2018

පන්නරය - 03

අපි හිත පතන විදියට උදේට කන්න රොටියක්වත් පුලුස්සාගන්න බැරි බව දන්නේ කීයෙන් කීදෙනාද...මට මෙහෙම හිතුනේ ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ ෆේස්බුක් සටහනකට ඉන්දි සමරජීව දීලා තිබිච්ච උත්තරයක් දැක්කම...ඔහු කියා තිබුනේ මරනෙන් පසු ලංකාවේ නොඉපිද සිවිලයිස්ඩ් සහ ඩීවෙලොප්ඩ් කන්ට්‍රියක ඉපදෙන්න ආසාය කියන එක...රොහාන් සමරජීව මහත්තයා ඔක්කොම කුදලගෙන ආපහු ගම් රට එන්න ඇත්තේ ඉන්දිලා ගැන හිතලා නෙවෙයි වෙන්නැති..නැත්තං උතුරු ඇමෙරිකාවෙ ඉපදිලා හැදිලා වැඩුන ඉන්දිව කුදලාගෙන මේ වහුතු රටට එන එකක් නෑ නෙව..ඉන්දි කියන්නේ කොත්තු ඩොත් ඔර්‍රග් එකේ නිර්මාතෘ සහ යමු ඩොට් කොම් එක හදපු කෙනා සහ මහාචාර්‍ය රොහාන් සමරජීවගේ පුත්‍ර රත්නය....මටත් ඒ ජාතියේම පුත්‍ර රත්නයක් ඉන්න නිසා ඉතිං ඉන්දිකියන් දේ තේරුම් යනවා....මොනා කරන්නද...අපේ නාකි පොලිටීෂියන්ස් ටික මැරෙනකනුයි, ටුක් ටුක් මෙන්ටලිටි එකෙන් එහා ගිය මහජනතවකුයි ( ඒ කිව්වේ ඡන්ද දායකයෝ) සෙට් එක්කුයි බිහි වෙනකන් ඉන්දිලාට ඉවසන්න බැරි කමයි, ඒක කරන්න ඉන්දිලාට වෙලාවක් නැතිකමයි නිසාවෙන් ඉතින් ඔහොමම යන් මචෝ කියලා තමා කියන්න තියෙන්නේ...!

ඕක ලියන්න නෙවෙයි මේ පටන් ගත්තේ..මාර්තු මාසෙ 20 වෙනිදා පබ්ලිෂ් කරන්න ඩ්‍රාෆ්ට් කර්පු පෝස්ට් එකක් අද එඩිට් කරලා පබ්ලිෂ් කරන්න උනේ ඇයි කියන එකට ප්‍රස්තූතයක් වගේ දෙයක් හැටියට...!


මේකයි කථාව........!


මෙය ලියා තැබිය යුතුය. කවුරුන් හෝ කියවනු ඇති. කියවා සතුටු වේවි හෝ නොසතුට පලකරාවි...

මින් පෙර දෙතුන් වතාවක් මගේ ජීවිතයෙන් සෑහෙන කාලයක් උදුරාගත් මේ දේ ගැන ලියා ඇත. එනමුදු මේ ලියන්නේ ඉතාමත් තුටු ( සමගම කැලඹුන ) හිතකින්..

මට මතකයි 2004 සැප්තැම්බර්  මාසය..ඕමාන් රාජ්‍යයේ ඉතා කුඩා (නමුත් සාර්ථක) ගෘහනිර්මාන ආයතනයක හවුල්කරුවන් වූ අප තිදෙනා, හත් දෙනෙකුන්ගෙන් සමන්විත අප කන්ඩායමට මාසයේ අන්තිම, කියන්නේ 28 වෙනිදාට වේතනයන් පුරුදු පරිදි ගෙවන්නේ කෙසේදැයි දහ අතේ කල්පනා කරමින් සිටිනාතුර තමා මජාන් ලේඩිස් ටෙක්නිකල් කොලේජ් ප්රොජෙක්ට් එකට පත්කෙරුනේ..ඉතාම අඩු ගාස්තුවකට අපි යාපෘතිය කිරීමට එකඟවුනේ ආයතනය වසා දමා ලංකාවට ඒම හැර වෙන විකල්පයක් නොමැති නිසා.

ඔක්තෝම්බර් හතරවෙනිදා ලැබුන දුරකථන ඇමතුම අප ජීවිත කෙතරම් වෙනස්කලාද...එම දුරකථන ඇමතුම ලැබුනේ ඕමාන් රාජ්‍යයේ ෆිනෑන්ස් ඇන්ඩ් නැශනල් ඉකොනොමි මිනිස්ටර්ගෙන්..නම කියනවනං හිස් එක්සලන්සි අහමඩ් අබ්දුල්මුනිම් මැකී..හැමෝම හිතුවෙ ඔහු අපේ ස්පොන්සර් කියලා..නමුත් ඔහු සැබෑ මිතුරෙක් පමනයි.

දුරකථන ඇමතුමෙන් දන්වා සිටියේ, ඕමාන් ගුවන් තොටුපොලවල් දෙක (මස්කට් සහ සලලා ) පවුද්ගලික සමාගමෙන් ( BAA - British Airports Authority - now known as Heathrow Airport Holdings Ltd) නැවතත් රජයට පවරාගත් බවත්  වහාම අලුතෙන් ගුවන් තොටුපොල දෙකක සංවර්ධන කටයුතු සඳහා ගෘහනිර්මාන ශිල්පීන් ලෙස රජය සමග එකතුවෙන ලෙසත්ය.

අප ගුවන්තොටුපළ නිර්මානයේ පරිනතබැව් ලැබූ ගෘහනිර්මාන ශිල්පීන් නොවන බව ඔවුන් දැන සිටියත්, අප එතෙක් ඔවුන් වෙනුවෙන් කල නිර්මාන සහ එම යාපෘති කලමනාකරණය කල විනිවිදභාවය ඔවුන් අපකෙරේ තැබූ විශ්වාශය විය යුතුය.

වයසෙන් මුහුකුරා නොගිහින් සිටීමත්, ජන්මයෙන්ම ආ නෑ බෑ නොකියන විලාසයත් මිස, එවන් කර්තව්‍යකට අත ගැසීම සිහිකල්පනාව ඇත්තෙක් කරන්නේ නැත..හේතුව, හත් අටදෙනෙක් ගෙන් සමන්විත කණඩායමකට හිතන්නවත් බැරි දෙයක් නිසා මිස වෙන දෙයක් නොවේ...එනමුදු අපි හා කිව්වෙමු...එතැන්සිට සිහිනය දිගඇරුනි...!

හත් දෙනාගෙ කොම්පැනිය 120 දෙනෙක්ගේ කොම්පැනියක් බවට පත්කරවන්න අවුරුදු එකහමාරක් ගිය මට, මගේ රැවුලේ ඇති අන්තිම කලු කෙස්ගහ සුදුවීමත් ඇතුලු තව තව විපිරියාස වලට මුහුන දෙන්නවීම අමතක කිරීමට රෑ දවල් දෙකේ 2012 දෙසැම්බර් වෙනකන් කිරීමට අනෝමයක් වැඩ රාජකාරිත්, මුදල්, බලය, සැපපහසුව, අලුත් මිතුරන් හමුවීම, පරන මිතුරන් නැවත එකතුවීම සහ තවත් බොහෝ දෑත් ලැබුනා නොවේම නොවේ...!

ඉතින් කොටින්ම කියනවනං..මේ ලියන්න හේතුව...ඒ විඳි දුක් නිසා හටගත් හෝ පිළිසිඳගත් දේ අද හැබෑවක් වී ඇති නිසාවෙනි...අට අවුරුද්දක් තිස්සේ දෙපාරක්ම ඩිසයින් කරලා දහ දුක් කන්දරාවක් විඳගෙන අපෙන් පස්සෙ 2012 ඉඳන් 2018 වෙනකන් අපි ඩිසයින් කරපු දේවල් ඒ ආකාරයටම හදපු මස්කට් ගුවන් තොටුපොල කොමර්ෂල් ඔපරේෂන්ස් වලට විවෘත වෙන දවස උනේ 2018 මාර්තු 20 වෙනිදා....අලුතෙන් ඉදිකරපු මස්කට් ගුවන් තොටුපොලෙන් පලමුවෙනි ගුවන් යානය පිටත් වීමත් ගොඩබෑමත් සිදුවූවා... !

පරන මස්කට් ගුවන් තොටුපොලෙන් පිටත් වෙන අන්තිම ගුවන් යානය 2018 මාර්තු 20 වෙනිදා හවස 3.00ට ඉරානය බලා පිටත් වීමෙන් එම ගුවන් තොටුපොල පර්යන්ත ගොඩනැගිල්ල අනාගතයේදී මියුසියම් එකක් විමත්, 2018 මාර්තු 20 වෙනිදා සවස 6.00 පමන අප විසින් නිර්මානය කොට ඉදිකෙරුන නව පර්යන්ථ ගොඩනැගිල්ලෙන් සහ ධාවන පතය ආධාරයෙන් සවුදි අරාබියේ සිට පැමිනෙන ගුවන් යානය ඕමාන් රාජ්‍යයට නවතම අර්ථයක් දුන්නා නිසැකැයි...!

ජීවිතය පන්නරය ලබාදෙන්නේ මහා ව්‍යාකූල අනදමට කියල තේරුනේ මාර්තු 19 වෙනිදා උදේ ආපු තවත් දුරකථන ඇමතුමකින්....එදාට දින හතරකට පෙර, 2018 ජූලි 23 වෙනිදා පැවැත්වෙන සෙරමෝනියල් ඕපනින් එකට යන ආකාරය දුරකථනයෙන් මා සමග සැලසුම් කල, ඉහත විස්තර කල ගුවන් තොටුපොලවල් දෙකේ මූලික නිර්මාතෘ, ප්‍රධාන ගෘහ නිර්මානි ශිල්පී, මා මිතුරු ඕලේ බ්‍රොගාර්ඩ් ලාසන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ වැලපෙමින් දුන් ඒ දුරකථන ඇමතුම කල සලිත වීම තවමත් මගෙන් දුරස් වී නැත...ඕපනින් එකට දවසක් තියලා මේ මනුස්සයා ගියානේ කියන එක නම් පුදුමාකරයි...!



ලිව්වා ඇති..ඉතිරිය කමෙන්ට් ආවොත් එහෙමයි කියලා හිතාගෙන පහල පින්තූරු ටික දාන්නං....! ]

මීට කලින් එලියෙන් පේන විදියේ පින්තුර දාලා තියෙන නිසා මේවා ඇතුලෙන් පර්යන්ත ගොඩනැගිල්ල විස්තර කරන පින්තූර බව කරුනාවෙන සලකන්න...!



transit hub

transit area



transit area



airline lounges



arrival lounge

transit hub



baggage claim area




transit desks




pier interior-arrival




pier from a contact bridge





north pier from apron




business class lounge

 Muscat Airport



Salalah Airport 


Muscat Pier


We will meet again when you least expect it...
One Day some far of place I will recognize your face...
I will not say good bye my friend...we will meet again ! 



REST IN PEACE MR. OLE B LARSEN






Tuesday, 9 August 2016

කේරළ පොරොටා, චිකන් මසාලා නවක වදය



Ruwi OK Centre
1992 ජූනි මස 12 වෙනිදා, සීබ් (මස්කට් ) එයාපොර්ට් එකෙන් ගොඩ බට මා කිලෝමීටර 40ක දුර ගෙවා කෙලින්ම රුවී වල ඕකේ සෙන්ටර් එක ගාව තියෙන තට්ටු හතේ බිල්ඩිමේ හතර වෙන තට්ටුවෙ තිබිච්ච අල් හට්මි ඉන්ජිනිරියන් ඇන්ඩ් කන්සල්ටන්සි ඔෆීසියට ගොඩ වැදුනේ සුට්ටං එලිවේටර් එකක නැගිලා...ඒක උඩට එනකොට හෙල්ලිච්ච හෙල්ලිල්ලට වඩා මගේ හිත හෙල්ලුනා ඔෆිස් කට්ට දැක්කම...හපොයි කිය උනා මගේ සරුවාංගෙටම...

මීට සතියකට කලියෙන් මම දහරාන් ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බෑමෙන් පසු සිදුවූ දේවල් මෙතන කෙටියෙන් ලියා ඇත...මට සිහි වූයෙ මා දහරාන් නගරයේ සේවය කල සමාගම තිබූ මහල් ගොඩනැගිල්ලත්, එහි දහ වන මහලේ මා සේවය් කල ඔෆීසියේ තිබූ සොෆිස්ටිකේෂන් එකත්ය...කාමර තුනක කුඩා අපාර්ට්මන්ට් එකක එහෙන් මෙහෙන් ඔෆිස් මේස පුටු අහුරා තිබූ මේ නව ඔෆීසිය මට හිරිගඩු ගෙනාවේ සුලු කාලයකට පමනි..ප්‍රධාන ඉන්ජිනේරුවා වූ අශෝක් දාස් මහතා බටහිර බෙන්ගාල ජාතික දෙකන් දිග (බුදු සාධු වගේ) පැහැපත් සොඳුරු මනුස්සයෙක් වීමයි එයට හේතුව.

Asok Das-Chief Engineer Al Hatmy Engineering

ආ ගිය තොරතුරු කතා කොට, අශෝක් දාස් මට සජී සමග මාගේ තාවකාලික නවාතැන, ඒ කියන්නේ මගේ ප්‍රිය බිරින්දෑත් දරු දෙදෙනාත් එනතුරා මා හට එන කල බැචුල ඇකම්ඩෙෂන් එක, වෙත ගොස් වෙහෙස නිවා ගෙන එන ලෙසත්, ඔහු පහුවෙනිදාම කල්කටා වෙත නිවාඩු පිණිස යන බැවින්, මට කලියෙන් මෙහි සේවය කල ආකිටෙක්ට් මහතා බාගෙට දමා ගිය රජයේ තට්ටු බිල්ඩිමක ඉතිරි වැඩ කටයුතු නිමා කොට ඔහු ආපසු පැමිනෙන විට ටෙන්ඩර් කිරීමට පිළියෙල කර තබන්නයැයි කී විට මා පැවසුවේ, නැත මට විඩාවක් නොමැත, ඔබ යෑමට කලියෙන් මට කිරීමට ඇති වැඩ ප්‍රමානය ගැන විස්තර කරන්නයැයි කී නිසා හැන්දෑ වෙනකන් ඔහු සමග ගැවසීමටත් අලුත් රටේ වැඩ කරනාකාරයේ දිග පළල යහමින් දැනගැනීමටත් හැකි විය...

කොළඹ සිට සීබ් ගුවන් තොටුපොලට ඇති පැය තුනහමාරක ගුවන් කාලයත්, පැය එක හමාරක් වූ කාලයේ වෙනසත් ජෙට් ලැග් නොගෙනා නිසා මා හට එතරම්ම මහන්සියක් නොදැනුනේ මා 31 වෙනි වියේ පසු වූ නිසාම විය යුතුය..දැන් නම් කොළඹ සිට හයිවේ එකේ මාතර පැත්තට යනවිට ගැලනිගමදීම නින්ද යයි...

Ruwi Civic Centre

සවස පහමාරට පමන රුවී නගරයේ තවත් ලෑන්ඩ්මාර්ක් එකක් වන ජෙනෙට්කෝ බිල්ඩිමේ තුන්වෙනි මහලේ තිබූ මාගේ තාවකලික නවාතැනට යනවිට (එය කාමර තුනකින්, සාලයකින් සහ මනාවට පිරිපුන් මුලුතැන්ගෙයකින් සමන්විත අපාර්ට්මන්ට් පොඩ්ඩක් විය )මාගේ ෆ්ලැට් සඟයන් වූ නන්දි නම් බටහිර බෙන්ගාලි ජාතික ආකියෙකුත්, පෝල් ථෙවකාන්තන් නම් යාපනයෙන් පැමිණි සිටි ශ්‍රී ලාංකික ස්ට්‍රක්චරල් ඉන්ජිනේරුවාත් මූණ කට සෝදා සරම් වලට ෂොර්ට් වලට බැස සිටියෝය.

නන්දි අන්තිම කොනේ කොරිඩොරුවකිනුත් හැරීගියාට පසු හමුවෙන කාමරයකත්, එයට යාබද විශාල කාමරයක පෝලුත් ජීවත් වු අතර විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය අසල තිබූ අමුත්තන්ගේ නිදන කාමරය මට වෙන්කොට තිබුනේය.. මා එයට පෙම්බැන්දේ එහි තිබූ පළල අලුමිනියම් ජනේල වලින් මට රුවී මිටියාවතේ හොඳම දසුන් කෙරවලක් නොමැතිව සපයා දීමත්, මාගේ ආදරණීය මුලුතැන්ගෙය මා අසලම ගැවසීමත් නිසා වියයුතුය.

Ruwi Valley seen from Yeti

මේ කාමරය තුලත්, මේ කුඩා නිවහන තුලත් ඉදිරි මාස තුනක කාලයේදි රසවත් සිදුවීම් නේක රාශියක් සිදුවූ බැව් මා දැන් සිහිකරන්නේ පුදුමාකර ආත්ම තෘප්තියකිනි.

එනමුදු, තවමත් උත්තර හොයාගැණීමට නොහැකි වූ එකම එක පුද්ගලයෙක් වටා සිදුවූ  සිදුවීම් ජාලයක් මා පසු පස එලවයි. එය ලියා තැබිය යුතුය යන්න මා පෙලයි. මාගේ මේ ලියවිල්ල ඔහුත් කියවන බවත්, මෙය කියවු විට ඔහු දැන් මා මෙන් ජීවිතය විඳ ඇති නිසාත්, ඔහේ ලියාගෙන යමි.

එයට පසුව පිවිසෙමු. මිනිසුන් ගැන කීමේදී මට මතක් වෙන්නේ මා සීබ් ගුවන් තොටුපොලෙන් එකතු කරගැනීමට පැමිනි සජී නම් කේරළ ඉන්ජිනේරුවා සමග රුවී නගරය වෙත පැමිනෙමින් සිටිද්දී වු කුඩා සිද්ධියකි. මා දහරාන් නගරයේ ජීවත්වූ මාස 13ක කාලය තුලදී වාහනයක් පාවිච්චි කරේවත්, කුලී රථයක නොගිය බවත්, ඔෆීසියෙ සිට නවාතැනට කුඩා බසයකින් ගෙන ඇරලූ බවත් පැවසිය යුතුය. සීබ් ගුවන් තොටුපොලින් මා එකතු කිරීමට සජී පැමිණි සිටියේ ඔහුගේ නවතම කාරයෙනි. බෑග් මලු එකතු කොට ඩිකියේ දමා මා ඔහුගෙ කාරයේ ඉදිරි අසුනේ වාඩිකරගත් සජී සීබ් සිට රුවී දක්වා වාහනය පදවමින් සිටින අතර අපට සමාන්තරව ධාවනය වන කුළී රථයේ සිටි ඕමානි ජාතික රියදුරා අතින් පයින් ඔහු හට මා පෙන්න පෙන්නා මොනවාද පවසයි. මේ හස්ත මුද්‍රාව මට නම් තේරුම් ගත නොහැක. අපෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබුනු මේ ඕමානි ජාතික ටැක්සි රියදුරා අපට ඉදිරියෙන් ගොස් පාර හරස් කර වේගය සෙමින් අඩුකරමින් අපහට වාහනය නවත්තන තැනට වැඩ සිද්ධ කලේය...මා හිතුවේ රටට ගොඩ බැස්ස හැටියේම මට කෙළවෙන්න යනවා යන්නය...ඔහුගේ රථයෙන් බැස ඇවිත් ඔහු උරිස් කරට ඔහුගෙ අත තියමින් පහලට අදින ස්වභාවයක් පෙන්වමින් අරාබි බසින් යමක් පවසයි. එවිට අරාබි බස හොඳින් හසුරන සජී,
 "සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
 "අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.

මේ ඕමානි ජාතික මිනිසා මෙසේ කලත්, එදාම හවස සිදුවූ තව සිදුවීමකින් තලා පෙලා දැමූ මගේ සිත තාමත් ඔද්දල්ය. අවුරුදු 24කට පසුත් ඔද්දල්ය..

තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...

දැන් මෙය මාගලක් වීමට මාන බලයි....

කෙටියෙන් ලියා අහවර කිරීම ඇඟට හොඳය..

අප අතර ඇතිවූ දෙබස....මෙය සිදුවුයේ මාගේ කාමරය තුලය..නන්දි සහ පෝල් මෙයට සම්බන්ධ නැත..හහ්..

මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?

ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...

අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...

දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.

මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...


කේරළ පොරොටා
චිකන් මසාලා

ඒ සැන්ඳෑව සතුටින් ගෙවූ අපි වෙන්ව ගියේ මා කෑමට රෙජිස්තර වූ තැනින් රෑ කෑමත් කෑමෙන් පසුවයි. ඒ කෑමේ ආදීනව දැන්නුනේ පහුවෙනිදාය...ඇසිඩ් ගිල්ලා වැනි දැවිල්ලත්, ඔලුව පිටුපසින් නැගී එන වේදනාවත් මා හට ගැස්ට්‍රයිටීස්වල හොඳ එක වැළඳී ඇති බැව් කියා පායි...හැන්දෑවේ අනුරයා පමනක් මා සොයා ආවේ පසුව අපගේ ප්‍රියතම පානයක් වූ ඉන්දියන් රම් බෝතලයක්ද සමගයි.

රහමෙර පානය කිරීමට තරම් හිතක් තිබුනත් අමාශයක් නැති නිසා ඒ බැව් අනුරට කී විටයි මට තේරුම් ගියේ මාහට සිදුවූ දේ....අප අතර ඇතිවූ දෙබස...

මම: මාර ගැස්ට්‍රික් මචං..මට ඉන්දියන් කෑම හුරු නෑ..ඔක්කොටම වඩා අර පොරොටායි චිකන් මසාලා එකයි මාර කේස්නේ..

අනුරයා: උඹ සවුදි ඉන්නකොට කෑවේ ඉන්දියන් නෙවෙයිද...?

මම: නෑ බං මම උයාගෙන කෑවේ...?

අනුරයා: උඹට උයන්නත් පුලුවන්ද..?

මම: හ්ම්ම්...

අනුරයා: ඇයි බං උඹ ඉන්දියන් කෑම මෙස් ෆැසිලිටි එකට ගෙව්වේ..ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකෙත් මෙස් ෆැසිලිටි එක තියෙනවනේ..මමයි ලලිතුයි කන්නේත් ඒකෙන්මනේ..ගානත් එකයි...මම මාර අප්සෙට් එකේ හිටියේ උඹ ඇයි ලංකාවේ කෑම කන්නේ නැත්තේ කියලා...

මම: හෑ...ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවද..? කොහෙද..ඈතද..?

අනුරයා: ඈත නෙවෙයි රුවී හයි ස්ට්‍රීට් එකේම උඹ කන තැනට පොඩ්ඩක් එහායින්...සුනිල් කියලා ලංකාවේ ඉංජෙක් කරන්නේ රෙස්ටෝරන්ට් එක...

මම: ඒ කියන්නේ ලලිත් ඕනකමින්මද මට කේරළ ස්පොට් එක සෙට් කරලා තියෙන්නේ..?

අනුරයා: ඒ වගේ නේ..ඌ උඹේ යාලුවෙක් කියලා නේද කිව්වේ...මේ ඒක නෙවෙයි තව එකක් තියෙනවා උඹට කියන්න...

මම: මොකක්ද..?

අනුරයා: ලලිත් මාර....!!!!!

මම: එපා එපා ඔයිට වඩා කියන්නෙපා..ඔය හොඳටම ඇති..!

දශක දෙකකටත් එහායින් සිදුවූ මේ සිදුවීම මට තාමත් ප්‍රහේලිකාවකි...ඇයි...ඇයි...???



නවක වදය හෙලා දකිමු...!