Showing posts with label COLOUR BLIND. Show all posts
Showing posts with label COLOUR BLIND. Show all posts

Monday, 4 December 2017

(සේපාලිකා) - Nilwella Blues






සිඹින්නට බැරි දුරක පිපුණු 
නිල්කටරොල්ල...
කිමද ඔච්චම්පපා
මේ හැටිම දැඟලිල්ල...

සේපාලිකා මලක්වී
අද හැන්දෑවට
පිපෙන්න මගේ කවුළුව ඇද්දර
සුවඳට...

පිපුණ කටරොළු මලෙක සුව අහිමි
මැදියමක...
නිවාලයි මහද ගිනි
සුවඳ සේපාලි
 කුසුම...


හිමිදිරි පාන්දරින් අහුලමි
එගිනි නිවු
සේපාලි කුසුමන්
නැමුනු 
සිතින්....


Friday, 12 August 2016

වර්ණ


වර්ණ
නොපෙනෙන
නිසාම
නොදැනෙන

නොදැනුනත්
දැනෙන
සංකීර්ණ
වර්ණ

පාට පාට
හීන
ගෙනෙනා ඔබ
දන්නා
සත්‍යයෙන්
එපිට සත්‍යය
වර්ණ

ජයගතිමි
ජයගනිමි
මා
වර්ණ

වර්ණාන්දභාවය ...මගේ ශක්තිය...