Showing posts with label sinhala awurudu. Show all posts
Showing posts with label sinhala awurudu. Show all posts

Tuesday, 5 April 2016

ඩි(ගි )ටල් අවුරුදු

photo credit Daniel Santini RBR



ඕවිටේ නොපිපි
රූප පෙට්ට්යේ පරවෙන
රතට රතේ
එරබදු මල් වැට දිගට

කපුටන්ගේ කූඩුවෙ
කොවුලන්ගේ බිජු
කාක් කාක් උඹ 
කොහෝ කොහෝ මම
එෆ් එම් කෝකිල නාදේ

පුහුලන් නෙක පාටින්
කෑමෙන් බැරැන්ඩි උගුර
කජු කිරි විස උන
වන උන ඇඟිලි

පලාපු කජු මද පදමින්
යූ බටේ රෙසිපියෙන්
හත්මාලුව රසට උයන්
නෑගං යමු ඇඟිලි වහන්