Sunday, 26 April 2026

සිඟමන්

https://suno.com/s/amcjEWE1z8TJtc6v 


බක් මස ගෙවුනා

නොදැනිම කොවුලාට

අන්තිම කොකිස කෑවා

මම තනි කමට


කැවුමෙ රස දැනෙන්නෙත්
බක් මස ගෙවුනාම


අතිරස ආසමී අලුවා
ආගිය අත නැති සේම


හැඳි ගෑ දොදොලේ අන්තිම
අග මුඩු රස ඇයි

මුං කැරලි නාරං කැවුම් නං
තාම රසයි

නුඹ ඇඳි චීත්තේ මල් රටා හරි කදිමයි

කරල් දෙකට බැඳි කොන්ඩෙට මම ආසයි


වෙසක් පොසොන් ඇසල පෙරහර හිත පාරයි

බෝ ගහ පාමුලදි නුඹෙ මුව මට අකපැයි

ඉරට රටා මවමින් මම වැලි පීරයි

රටා දකින මගේ හිත සෙමින් නිවෙයි


නුඹ හෙට සිදාදියෙ ගියොතින් වෙනදාමෙන්

සත්තයි කරමි අභිනික්මන් නුඹේ නමින්

හෙට මුර දානේ පිලිගන්නට නුඹ නාවොත්

වඩිනෙමි පිඬු සිඟා නුඹ යන මග අවුරන්



පව් පුරවා ගන්නෙ දිග්ගස්සන්නද සංසාරේ

ලොකු හාමුදුරුවන්ගේ ඒ හඬ මට නං නොඇසේ

මුර බණ දාන පිංකං මට නොඇරේ

අවානට මුවාවෙමි මම සඟවා මගෙ සිත් සාරේ

බක් මස ගෙවුනා
නොදැනිම කොවුලාට

අන්තිම කොකිස කෑවා
මම තනි කමට

12 comments:

  1. දෙගිඩියාවකින් මක්කෙයි හිමි සඳුනේ
    සංසාරේ දිග්ගැහෙනා හැඩයි අනේ
    අබිනික්මනට හිත දුන්නොත් හෙම ඉතිනේ
    සිවුර දෙහි ගහක වනලද පිට වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අවානට මුවාවෙමි මම සඟවා මගෙ සිත් සාරේ

      Delete
  2. කියන තරම් පහසුවෙන් ක්ලේශ පිටුදැකීම පහසු නැති බව හොඳින් දක්වා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. හෑ! මටත් එහෙම කුකුසක් ආව නං තමයි. අනේ මන්දා අපේ හාංදුන්නේ?🤔

      Delete
  3. අන්තිම කොකිස කාපු එකේ ප්‍රතිඵල තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. කොකිස් විසි කරනවැයි එහෙම.....!

      Delete
  4. හ්ම් . . කොකිස් කුඩුත් හොයනවා අන්තිමට

    ReplyDelete
    Replies
    1. හේරත් කුඩු ගහන්න පුරුදු උනාද. සුවාරිස් නං රා අරක්කු බිව්වට කුඩු ගැහුවේ නෑ

      Delete
  5. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
  6. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කවිය රහයි මචං. අන්තිම කොකිස වගේමයි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....