Tuesday, 4 August 2015

Foosa...ඔයාගේ නම









ඔය මුදු බැල්ම
මුවහත් කරන්නී
මගෙ වියලෙන කව්සිත
ආඩම්බරකාරී
අහිංසකී
හිතන්නෙපා අහිතක්
විහිලුවක් හෙම නෙමෙයි
මේ ආදරේ....!



Friday, 17 July 2015

ගල් බලකායේ තීම් ඩ්‍රින්ක් එක...





ගෑනු පිරිමි මල් පලතුරු..

ගෑනු එපා
මල් අරහං
පිරිමි පාවිච්චියක්ම නැහැ...
පලතුරු...හා..

ඇපල්

අන්නසි

චුටි චූටි කෑලි වලට කපලා

මිශ්‍ර පලතුරු කෝඩියල් 50යි

ගල් 50යි

ක්‍රෂ්ඩ් අයිස් ඇති තරමට...

උස වීදුරුවකට දා ගත්තම

ගල් බලකායේ තීම් ඩ්රින්ක් එක...

Photo Credit-Pub Sapthapadhi


නිර්මාතෘ
ලෙනින් මොරායස් නෙමෙයි
මෙන්න මෙයා...

Photo Credit-Pub Sapthapadhi




මේකේ රහ දන්නවනං
කවදාවත් ගල් අරක්කු සෝඩා (එපා) එක්ක බොන්නෙ නැහැ....
එහෙම කිව්වෙත් එයාමයි....

Monday, 15 June 2015

නෙලුම් (නිල් මානෙල්) මලෙන් අරලිය කොලයට




ලෝකයේ අනර්ගතම ගුවන් තොටුපොල ලෙස විරුධාවලිය ලත් සිංගප්පූර්වේ චැන්ගි ගුවන් තොටුපොල එහි නවතම පර්යන්ත ගොඩනගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත්  ආරම්භ කර අති බැව් මාගේ මිතුරෙකු විසින් එවන ලද විද්‍යුත් ලිපියක සඳහන් වුනා.
මෙම පර්යන්ත ගොඩනැගිල්ල චැන්ගිහි ආභරණය ( Jewel Changi Airport ) ලෙස නම් කර ඇත්තේ, එය නිර්මානය කල මෝෂේ සෆ්දී ( Moshe Safdie ) නම් ඉතා ප්‍රසිද්ධ ගෘහනිර්මාන ශිල්පියාගේ නිර්මානය පසුබිම් කරගෙන.
Jewel Changi ගුවනට දිස්වෙන අයුරු
ශ්‍රී ලාංකික අපටත් දැන් මෙම ගෘහ නිර්මාන ශිල්පියාගේ නිර්මානයක ජීවත් වීමට මෙන්ම පාවිචිචිකරුවන් වීමට අවස්ථාවකුත් ලැබී තිබෙනවා.

altair tower colombo waterfront
එනම් දැනට කොළඹ නගරයේ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින, තට්ටු 68කින් යුත් මීටර 240ක් උසැති altair  නැමැති ඩොලර් මිලියන 250ක ආයෝජනයකින්, Indocean Developers. නමැති සමාගම විසින් හඳුන්වා දෙන යෝජනා ක්‍රමයයි.

ලොව උසම ගෘහස්ත දියඇල්ල-Jewel Changi Airport
Jewel Changi Airport පර්යන්ත ගොඩනැගිල්ල, පොලොවෙන් උඩට තට්ටු පහකුත්, පොලොවෙන් යට තට්ටු පහකිනුත් සමන්විත, ඩොලර් බිලියන 1.2ක ඇසතමේන්තුගත වියදමකිනුත් යුත් යෝජනා ක්‍රමයක්. මෙම පර්යන්ත ගොඩනැගිල්ල නිම වූ විට, එය ගොඩනැගිල්ලක් තුල ඉදිකර ඇති ලොව උසම දියඇල්ල, ලොව විසාලතම ගෘහස්ත උද්‍යානය යන අංගයන්ගෙන් සමන්විත ඉතාමත් අලංකාර සහ සිංගප්පූරුවේ වැසියන්ට ආඩම්බර විය හැකි නිර්මානයකි.
බිම් මහල් පහකුත් පොලොව මතුපිට මහල් පහකුත් ලොව විශාලතම ගෘහස්ත උද්‍යානයත් පෙන්නුම් කරන රස් කැපුමක්
Jewel Changi Airport

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලද, මේ දිනවල පර්යන්ත ගොඩනැගිල්ලේ තුන්වෙනි අදියර සඳහා සැලසුම් නිර්මානය කරමින් පවතිනවා. ජපාන ආධාර ඇතුව, ජපන් ගෘහ නිර්මාන ශිල්පීන් සහ ශ්‍රී ලාංකිකයන් එකතුව නිර්මාන කටයුතු කරමින් පැවතුනත්, ආංඩු පෙරලිය නිසා ඇතිවූ පෙර දැක්මේ වෙනස, මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාන අලංකරනයන්ටත් බලපා ඇතැයි යන්නයි ඉහත Jewel Changi ලිපිය මා හට එවූ මිතුරා පවසා සිටියේ..
නෙලුම් (නිල් මානෙල්) මලක හැඩයෙන් නිර්මානය වූ කටුනායක පර්යන්ත ගොඩනැගිල්ල

නෙලුම් මලක  (නිල් මානෙල්) හැඩයෙන් යුක්තව නිර්මානය කොට තිබූ පර්යන්ත ගොඩනැගිලි වහලය ආංඩු පෙරලියත් සමග අරලිය කොලයක හැඩයට නිර්මානය වෙමින් පවතින්නේ ගෘහනිර්මාන ශිලිපීන්ගේ මහත් කනස්සල්ලට පාත්‍ර වෙමින්.
අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
BIA-Katunayake

අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
ගුවනට දිස්වෙන අයුරු

මා වසර 12ක් තිස්සේ ගෘහනිර්මාන අධ්‍යක්ෂක ලෙස නිර්මානයට අතදුන් ඕමාන් රාජ්‍යයේ මස්කට් සහ සලාලා ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් යුගලය කිසිසේත්ම දේශපාලන බලවේගයන්ට යටත්නොවී නිර්මානය කිරීමටත්, එම ගොඩනැගිලි අප නිර්මානය කල අන්දමටම ගොඩනැගිමටත්, 2012 අරාබි වසන්තයට හසුවීමෙන් වූ ආංඩු පෙරලිය බාධාවක් නම් නොවුනේය. අප නිර්මාන කටයුතු කල ආංඩුව වෙනස්වී ගොඩනැගීම් කටයුතු බාර වූ අලුත් කැබිනට් මඩුල්ල කිසිදා අප නිර්මාන කටයුතු වලට බධාවන් හෝ ඇඟිලි ගැසීම් හෝ කලේ නැහැ.
ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින සලාලා ගුවන් තොටුපොල
Salalah Airport-Oman

ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින මස්කට් ගුවන් තොටුපොල
Muscat International Airport-Oman

නිර්මාන කටයුතු වලට හවුල් වූ කැබිනට් මඩුල්ලේ සිටි ඇතැමුන් හිරගෙවල් වල ලැග්ගේ ඔවුන් කල දූෂණ කටයුතු ඉතා ඉක්මනින් නීතිමය මාර්ගයෙන් විසඳා තීරණ ගැනීමෙනි.

එනමුදු කිසියම්හෝ සංවර්ධන කටයුත්තකට දූෂණ විමර්ෂනයන් බාධාවක් නම් නොවිනි.

අප අවුරුදු 2500කටත් වඩා ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩමින් ගෝත්‍රවාදී යයි හංවඩු ගසා ගනිමින් මේ වලපල්ලට යන ගමන වෙනතකට හැරවීම සඳහා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෝත්‍රිකවාදීන් වන ඒකාධිපති රාජ්‍යයක් ලෙස පාලනය වන ඕමානයෙන්වත්, පොලිස් රාජ්‍යයක් වශයෙන් පාලනයවෙන සිංගප්පූරුවෙන්වත් ඉගෙන ගැන්මට දේවල් නැද්ද?

1982 වෙන විට අපටත් වඩා පසුබා සිටි සිංගප්පූරුව, කවදා හෝ කොළඹ වැනි නගරයක් කිරීම එකම ප්‍රාර්ථනය යැයි කියමින් ලී ක්වාන් යූ ඇරඹි සිංගප්පූරු විප්ලවය අද දවස වෙන විට ලොව අනගිතම ගුවන් තොටුපොල නිර්මානය සහ ඉදිකිරීම දක්වා ගෙනයන්නටත්, අප මත්තල වසා දමමින්, නෙලුම් මල් අරලිය මල් වලට හරවමින් චන්ද හිගමනේ යන විප්ලවයකට පන්සල් කෝවිල් තිරුපති අරපති පස්සේ දුවමින් හෙටක් නැති රටක් බවට පත්කරන්නේ කාගේ කරුමයකටදැයි අපට සිතේ.

Jewel Changi Photo Credits to Architect Moshe Safdie
BIA photo Credits to AASL
Muscat & Salalah Terminal Photo Credits to Larsen, A&CE

ප.ලි./
කොළඹ නව පර්යන්ත ගොඩනැගිල්ලේ මූලික නිර්මානය, ගෘහ නිර්මාන්ශිල්පීන් විසින් ජාතික පුෂ්පය වූ නිල් මානෙල් ( Nymphaea nouchali) මල පාදක කොට නිමවූවත්, නෙලුම් පොකුන නෙලුම් කුලුන ආදී පසුගිය ජනවාරි 8 වෙනිදාට පෙර රට කෙරවූ ඇත්තන් පිනවීම පිනිස නෙලුම් පුෂ්පය ඇඳෑ ගත්බවත්, පලමු නිර්මානය ගැන ගෘහනිර්මාන ශිල්පීන් විසින් ප්‍රචාරය කෙරූ ත්‍රිමාන රූප සහිත වීඩියෝවේ නිල් මානෙල් මල ගැන කිසිම දැනුවත් කිරීමත් නොවීමත් ජනතාව මෙය නෙලුම් මලේ ආකෘතියෙන් නිර්මානය වූ බව තේරුම්ගෙන තිබුනා යැයි තතු දත්තෙක් මා හට දන්වා තිබුනා..

එසේම, අරලිය යනු දකුනු ඇමෙරිකානු අර්ධද්වීප්යට අවේනික වූ පෲතිගීසි ආක්‍රමනිකයන් විසින් අප දූපතට හඳුන්වා දුන් පැලෑටියක් බැවින්, අරලිය කොලය අපේ ජාතික ස්මාරකයක්වන්වූ ගුවන් තොටුපොල ගොඩනැගිල්ලකට පසුබිමක් වීම කෙතරම් වටීද යන්නත් සංවාදයට ලක්විය යුතුයැයි අපට හැඟේ....

එබැවින් ඉහත ලිපියට යම් යම් සංස්කරනයන් කිරීමට සිදුවූ බැව් කියවන්නෝ දැනගනිත්වා...

Monday, 1 June 2015

ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා - Scruffy & Stella










ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...

ටුක් ටුක් එකෙන්
රාගම ඉඳන්
මාරි බිස්කට් පෙට්ටියෙන්
පහුරු ගගහා ආපු
ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...

ඇයි එකට තුරුලුවෙලා..
දුකෙන් වගේ බලන්නේ...
අම්මියාට කියලද ආවේ...

ඉන්ජෙක්ෂන් කටු හීනි මදිද...
පනු බෙහෙත් තිත්තයිද..
XERX ට බයයිද...
චූටිත් අම්මියා වගේම නේද...

ඉක්මනට ඇහරෙන්න
බයි කන්න කුක්කු බොන්න
දෙන්න එක්ක බෝල ගහන්න
ගෙනියන්න දෙන්නේ නම් නැහැ
නිල්වැල්ල බලාගන්න...












ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...


Monday, 11 May 2015

මුරකරුගේ පුතණ්ඩියා

තැටි පාන්
දිවුල් ජෑම්
අතින් කටට
හරිම රහයි

ඇයි තාත්තේ
අපි මේ රස
මෙතරම් යැයි
දන්නේ නැත්තේ

පිඟානේ දර පෝරණු පාන්
හැබැයි ඕන්
දිවුල් ජෑම්
විතරමයි මට නම්

ඇහේ නැගනේ
අද නෑ ඉස්කෝලෙ
තාත්තේ....ඕන්
හැමදාමත් මුර වැඩේට
මාවත් එක්ක යන්නකෝ


Friday, 10 April 2015

වසන්ත(යා)

Photo Credit- මටමයි අයියෝ
වසන්තය(යා)ත් දින සීයේ ආණ්ඩුව වගේ නොවේවා...

Wednesday, 1 April 2015

වෙරළු මල් සුවඳ



photo credit-sujitheie.blogspot.com/





වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?

කාලයක් තිබුනා.....
.
ඒ කියන්නේ ඉස් ඉස්සෙල්ලාම කාලේ....වෙරළු මල් සුවඳ එනකොට ලැජ්ජා හිතෙන...
ඇයි ඒ...අම්මට අහුවෙයි කියල වෙන්ටැති...

නංගිටනම් අතටම අහු උනා...
එදා තමයි තේරුනේ මොනා හරි එහෙම දෙයක් උනාම මුකුත් උනේ නෑ වගේ හිටියාම හැමෝම කූල් ඩවුන් වෙනවා කියලා...


පලවෙනිදා උදේම මෙහෙම හිතුනේ ඇයි.....

ඇයි හිනාවක්, චූටියට අතින් ඇල්ලීමක් ඔච්චර ගනන්....


දකින්නේ නැතුව ඉන්න පුලුවන් නම්, හිතෙන්නේ නැතිව ඉන්න පුලුවන් නම්...!




වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?




ඇත්තටම...!!